කෘත්‍රිම බුද්ධිය හමුවේ මීමැස්සන්ට යනඑන මං නැති වෙයිද ?

Farmers turn to tech as bees struggle to pollinate

ඊශ්‍රායල් ජාතික ගොවියෙකු වන තායි සාඩේ (Thai Sade) හිමිදිරි උදැසන තම අලි පේර වගාවේ නැවුම් මල් වේගයෙන් කෘතිමව පරාගනය කරයි.

මධ්‍යම ඊශ්‍රායලයේ සාමූහික ගොවිපළක හවුල් හිමිකරුවෙකු වන සාඩේ BloomX තාක්ෂණික සමාගමෙහි නිර්මාතෘවරයා ද වේ. මී මැස්සන්ට සමාන ආකාරයෙන් බෝග යාන්ත්‍රිකව පරාගනය කිරීමේ ක්‍රමයක් සමාගම විසින් සොයාගෙන ඇති බව ඔහු පවසයි.

“අපි මී මැස්සන් වෙනුවට යන්ත්‍ර ආදේශ කරන්නේ නැහැ… ඒ වෙනුවට, ගොවීන්ට වඩාත් කාර්යක්ෂම පරාගණ ක්‍රම ලබා දීම සහ වාණිජ මී මැස්සන් මත යැපීම අඩු කිරීම කරනවා” ඔහු පවසයි.

මිනිස් පරිභෝජනය සඳහා පලතුරු හෝ බීජ නිෂ්පාදනය කිරීම සඳහා ලොව පුරා වගා කරන සෑම බෝග හතරකින් තුනක්ම, අවම වශයෙන් අර්ධ වශයෙන් පරාගකාරක මත රඳා පවතී. තවද මී මැස්සන්, (ඔවුන්  ගොවිපොළ මී මැස්සන් / farmed honeybeesවේවා) නැතහොත් බම්බල් මී මැස්සන් (bumble bees) වැනි විවිධ වල් මී මැසි විශේෂ 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් බර ඉසිලීම සිදු කරයි.

  • Bumblebee (හෝ bumble bee , bumble – bee , or humble-bee) යනු මී මැසි පවුල් වලින් එකක් වන Apidae හි කොටසක් වන Bombus ගණයේ විශේෂ 250 කට වඩා වැඩි ගණනකි.

පෘථිවියේ ජීවයට කෘමීන් ඉතා වැදගත් වන්නේ ඇයි?

එක්සත් ජනපදයේ, සෑම වර්ගයකම මී මැස්සන් රටේ වගා කරන පලතුරු, ධාන්‍ය වර්ග සහ එළවළු පරාගණයෙන් 75%කට වගකිව යුතු යැයි කියනු ලැබේ. එය යුරෝපයේ සමාන ප්‍රතිශතයක් වන අතර, බඹරුන් සහ සමනලුන් වැනි අනෙකුත් කෘමීන්ගෙන් ඉතිරි ඉතිරි ප්‍රමාණය පරාගණය වේ.

අවාසනාවකට, දේශගුණික විපර්යාස, අඩු අත්දැකීම් හෝ අත්දැකීම් රහිත වීම සහ පළිබෝධනාශක භාවිතය වැනි සාධක හේතුවෙන් මී මැසි ගහනය පීඩනයට ලක්ව ඇත. varroa destructor නම් පරපෝෂිත කීඩෑවෙකු විසින් යුරෝපීය මී මැස්සන්ට ද දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතී.

වාසස්ථාන අහිමි වීම මී මැසි ගහනය පීඩනයට ලක් කරයි

BloomX හි තාක්‍ෂණය දැනට බෝග දෙකක් (බ්ලූබෙරීස් සහ අලිගැටපේර) ඉලක්ක කර ඇති අතර දේශීය මී මැසි සංඛ්‍යාව ඉතා අඩු වුවද ඒවා පරාගණය කිරීමට ඉඩ සලසයි.

සමාගමේ ප්‍රධාන නිෂ්පාදන “Robee” ලෙස හැඳින්වේ. එය බැලූ බැල්මට පෙනෙන්නේ විශාල තණකොළ කපන යන්ත්‍රයක් මෙන් ය. එහි දෙපැත්තට විහිදෙන යාන්ත්‍රික අත් දෙකකි.

මේවා කම්පනය වන අතර, බ්ලූබෙරි පැල මත මදින විට, ඒවා පරාග මුදා හැරීමට හේතු වේ. කම්පන මට්ටම සැලසුම් කර ඇත්තේ මල් කැළඹීමට තම පියාපත් භාවිතා කරන බ්ලූබෙරීස් වල වඩාත් ඵලදායී පරාග වාහකයන් වන බම්බල් මී මැස්සන් අනුකරණය කිරීමට බව පැවසේ.

BloomX හි අනෙක් නිෂ්පාදනය වන්නේ අලිගැට පේර ගස් අතර ඇලෙන සුළු පරාග එකතු කිරීම සහ පැතිරීම සඳහා අතේ ගෙන යා හැකි මෙවලමක් වන “Crossbee” ය. අද වන විට උපකරණ දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන රටවල භාවිතා කරන අතර BloomX පවසන්නේ මෙම තාක්ෂණය භාවිතයෙන් පලතුරු අස්වැන්න 30% කින් වැඩි කළ හැකි බවයි.

නිෂ්පාදන දෙකම ජංගම දුරකථන යෙදුමකට සම්බන්ධ කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ මෘදුකාංග පද්ධතියකින් පාලනය වන අතර, එක් එක් GPS මෙවලමක් සවි කර ඇති අතර එමඟින් ගොවිපළ සේවකයින් ක්ෂේත්‍රයක කුමන ප්‍රදේශවල පරාගණය කර ඇත්දැයි දැන ගනී.

එසේම පරාගණය ප්‍රශස්ත දිනවල සිදු වන පරිදි සංවේදක ද ස්ථානගත කළ හැකි වීම ද මෙහි විශේෂත්වයකි.

කැලිෆෝනියාවේ ආමන්ඩ් වගාව විශාල ව්‍යාපාරයකි. ලෝකයේ ආමන්ඩ් වලින් 80%ක් කැලිෆෝනියාවේ  නිෂ්පාදන වන අතර කර්මාන්තය වසරකට ඩොලර් බිලියන 10.4ක් පමණ වේ.

කැලිෆෝනියාවේ අක්කර මිලියන 1.3ක් පමණ වන ආමන්ඩ් වගාව සාරවත් කිරීම සඳහා, ඒහි මල් පිපෙන කාලය සඳහා වාණිජ මී මැස්සන් කැලිෆෝනියාවට ගෙන යනු ලැබේ. සමහර වාර්තා පවසන්නේ  එක්සත් ජනපදයේ වාණිජ මී මැස්සන්ගෙන් 70% ක් මේ සඳහා ගෙන යන බවයි.

Washington State University හි උද්‍යාන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Lisa Wasko DeVetter පවසන්නේ වණිජ මී මැස්සන් මේ ආකාරයෙන් කැලිෆෝනියාවේ ආමන්ඩ් මල් පරාගණයට රැගෙන ඒම වෙනත් බෝග සඳහා මී මැස්සන්ගේ හිඟයක් නිර්මාණය කළ හැකි බවයි. නමුත් කෘතිම පරාගනය මගින් මෙම හිඩැස පිරවීමට උපකාර විය හැකිය.

“ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගමන් කිරීම හේතුවෙන් මී මැස්සන් ආතතියට පත් විය හැකි අතර ජනපද දුර්වල කළ හැකියි. නමුත් ආමන්ඩ් පරාගණය කිරීමේ ව්‍යාපාරය වාණිජ මීමැසි පාලකයන්ගේ ආදායමට සහ ඔවුන්ගේ මෙහෙයුම් ආර්ථික වශයෙන් ශක්‍යව තබා ගැනීමට ඉතා වැදගත්. කෙසේ වෙතත් මෙමගින් අනෙකුත් බෝග වලට ඇති බලපෑම නම්, කැලිෆෝනියා ආමන්ඩ් කර්මාන්තය සමග සමපාත වන කාලයකදී වෙනත් බෝග වල මල් පිපී ඇත්නම් ඒවා පරාගණයට අවශ්‍ය වාණිජ මී මැස්සන් හිඟ විය හැකි වීමයි” මහාචාර්ය Lisa Wasko DeVetter පවසයි.

ඡායාරූපය – BloomX හි තාක්ෂණය දැන් ලෝකයේ විවිධ ප්‍රදේශවල ගොවිපලවල භාවිතා වේ

අනෙකුත් විචාරකයින් පෙන්වා දෙන්නේ ආමන්ඩ් ක්ෂේත්‍රවල මීමැස්සන්ගේ ඉහළ මරණ අනුපාතිකය, මීමැසි පාලකයන් පළිබෝධනාශකවලට නිරාවරණය වීම සහ ඔවුන්ගේ වද වල ආතතිය වාණිජ මීමැසි පාලනයට ඍණාත්මක බලපෑමක් කරන බවයි.

මීට අමතරව සාඩේ මහතා පවසන්නේ මී මැස්සන් මෙතරම් දැඩි ලෙස භාවිතා කිරීම “ආහාර සඳහා තරඟ කිරීමට බල කෙරෙන සහ නව රෝගවලට නිරාවරණය වන දේශීය මී මැස්සන්ට තර්ජනයක්” බවයි.

ආමන්ඩ් ක්ෂේත්‍රවලට කෘත්‍රිම පරාගණය හඳුන්වා දීම මෙම සියලු ගැටලුවලට පිළිතුර විය හැකිය.

“අපි මී මැස්සන් සැබෑ ජීවිතයේ නොසිටිය යුතු තැන්වලට තල්ලු කරනවා” යැයි පවසන Eylam Ran ගේ මතය එයයි.

රාම් මහතා කෘතිම පරාගණය පිළිබඳ විශේෂඥතාවක් ඇති තවත් ඊශ්‍රායල තාක්ෂණික ආයතනයක් වන Edete හි ප්‍රධානියා වේ. එහි තාක්ෂණයේ හරය වන්නේ පරාග නරක් නොවී වසර කිහිපයක් ගබඩා කිරීමේ හැකියාවයි. මෙය සිදු කිරීම සඳහා ඔවුන් පරාග එකතු කර පසුව යෙදීම සඳහා යන්ත්‍රෝපකරණ නිපදවා ඇත.

“මල ගර්භණිය වෙන්න හොඳම වෙලාවට හොඳම පරාග ගෙනත් දෙන්න පුළුවන්. අපට ඇපල්, ආමන්ඩ්, පිස්ටා සඳහා එය කළ හැකි අතර අපගේ යන්ත්‍රවලට නිරවද්‍යතාවයෙන් පොහොර යෙදිය හැකියි.” රාම් මහතා පවසයි.

මේ වන විට Edete තාක්ෂණය ප්‍රධාන වශයෙන් කැලිෆෝනියාවේ pistachio ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන නමුත් ඒවා දැන් ආමන්ඩ් වගාව තුළ ද භාවිත වේ.

රාම් මහතා පවසන්නේ එය මී මැස්සන්ට හොඳ ආරංචියක් බවයි. “කාර්මික ඒකව වගාව  කෘමීන්ට  සුදුසු ස්ථානයක් නොවේ. එය ඔවුන්ට විනාශ ළගා කරනවා.”

ඔහු තවදුරටත් මෙසේ කියයි: “මී මැස්සන් ස්වභාවිකව පෝෂණය නොකරන බෝගවලට බල නොකිරීමෙන් ඔවුන් මත ඇති පීඩනය ලිහිල් වන අතර, පලතුරු සහ එළවළු සඳහා අපගේ අවශ්‍යතාවය ලබා ගැනීමට අපට ඉඩ සලසන අතරම, ස්වභාවිකව අස්වැන්න ලබා ගත යුතු මාර්ගයට ආපසු යාමට ඔවුන්ට ඉඩ සලසනවා”

ඡායාරූපය – Lisa Wasko DeVetter මී වදයක් පරීක්ෂා කරයි

බ්‍රිතාන්‍ය මීමැසි පාලකයන්ගේ සංගමයේ (British Beekeepers Association – BBKA) ඩයෑන් ඩ්‍රින්ක්වෝටර් ප්‍රකාශ කරන්නේ “මී මැසි සෞඛ්‍යය සහ සුභසාධනය ප්‍රමුඛත්වය දෙන්නේ නම්, කෘතිම පරාගණයේ අවශ්‍යතාවය බොහෝ දුරට අනවශ්‍ය බවයි”.

“මී මැස්සන් වසර මිලියන ගණනක් තිස්සේ පරාගණය කරන්නේ නොමිලේ. ඔවුන් ඒ වෙනුවෙන් ලබා ගන්නේ මල් පැණි පමණයි. කෙසේ වෙතත් සමහර අධික ඝනත්ව බෝග බොහෝ වාණිජ මීමැසි පාලකයන්ගේ ජීවනෝපාය සඳහා උපකාර වන සංක්‍රමණික පරාගණයෙන් ප්‍රතිලාභ ලබනවා. BBKA සියලුම පරාග කාරකයන්ට, විශේෂයෙන්ම මී මැස්සන්ට සහය දක්වනවා. ඔවුන් පරිපූර්ණ පරාග කාරකයන් වන අතර, අස්වැන්න වැඩි කළ හැකි මුල් බෝග පරාගණය සඳහා විශාල සහායක් සපයනවා. එසේම මී මැස්සන් තම ගහනය පෝෂණය කිරීමට සහ සීත ඍතුවේදී ආහාර ලබා ගැනීමට මල් පැණි එකතු කරනවා. ඒ් හරහා අපට නොමිලේ පරාගණය හිමිවෙනවා. මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමිවන කටයුත්තක්.”

https://www.bbc.com/news/business-66807456