ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තීරණය කරන්නේ ශුද්ධ ශුන්‍යයේ වේලාව නොව, ඔබ එහි යන මාර්ගයයි. කාලයත් සමඟ කාබන් ඩයොක්සයිඩ් සමුච්චිත විමෝචනය ප්‍රධාන සාධකය වෙනවා. ඔබ ක්‍රියා කිරීම කල් තබන තරමට, වායුගෝලයට ගොස් ඇති සමුච්චිත CO 2 විමෝචනය වැඩි වන අතර එම නිසා උණුසුම් වීමේ මට්ටම ඉහළ යනවා. ගෝලීය කාරණය එයයි. ගෝලීය උණුසුම ඉහළ යන සෑම අංශකයක්ම වැදගත් වෙනවා. අපි සිටින තත්වය හදිසියි, අපි ඉන්නේ දරුණු තත්ත්වයක. නමුත් අපි එසේ කිරීමට තීරණය කළහොත් අපටත් ඒ සම්බන්ධයෙන් යමක් කළ හැකියි.

ක්‍රියාමාර්ගය කල් දැමීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සඳහා මන්දගාමී මාර්ගයක් ගැනීම හේතුවෙන් දේශගුණ අර්බුදය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (Intergovernmental Panel on Climate Change – IPCC) නව සභාපති  මහාචාර්ය Jim Skea අනතුරු අඟවා තිබේ.

IPCC යනු දේශගුණික විපර්යාස පිළිබඳ ලොව ප්‍රමුඛතම අධිකාරිය වන අතර, ඒ යටතේ ලොව හොඳම විශේෂඥයින් දහස් ගණනක් ආයතනය ආරම්භ කළ ජාතීන් 195ට උපදෙස් ලබා දේ. එය තනි රාජ්‍යවල දේශගුණික ප්‍රතිපත්ති ගැන අදහස් දක්වන්නේ නැත. නමුත් මහාචාර්ය Skeaගේ ප්‍රකාශයන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, IPCC විද්‍යාඥයින් ජීවත්වීමට සහ තිරසාර පැවැත්මක් ලබා ගැනීමට ඇති අවස්ථාව සීඝ්‍රයෙන් වැසී යන බවට අනතුරු අඟවා තිබියදීත්, එක්සත් රාජධානියේ ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාවන් දේශගුණික ක්‍රියාකාරකම් මන්දගාමී කර ඇති බවයි.

Rishi Sunak 2030 සිට 2035 දක්වා නව පෙට්‍රල් මෝටර් රථ විකිණීමේ තහනම පසුපසට තල්ලු කිරීම ඇතුළු හරිත ක්‍රියාමාර්ග ගණනාවක් දුර්වල කර හෝ අහෝසි කළේය. එක්සත් රාජධානිය පසුගිය දා ෂෙට්ලන්ඩ් අසල විශාල රෝස්බෑන්ක් තෙල් නිධියේ කැනීම් කටයුතු අනුමත කළේය.

මෙම වෙනස්කම් ගැන විමසූ විට සභාපතිවරයා මෙසේ පැවසීය: “අපි තනි තනි රටක ප්‍රතිපත්ති ගැන අදහස් දක්වන්නේ නැහැ. නමුත්, පැහැදිලිවම ඔබ සංචිතවලට වැඩි වැඩියෙන් තෙල් සහ ගෑස් එකතු කරන තරමට, ඔබට කාබන් අයවැය තුළ රැඳී සිටීමට භූමියේ ඉතිරි වීමට අවශ්‍ය ප්‍රතිශතය වැඩි වෙනවා. IPCC හි 2022 වාර්තාවේ නිගමනය වූයේ ගෝලීය උණුසුම් වීම 2C දක්වා සීමා කිරීමට [පූර්ව කාර්මික මට්ටමට වඩා], තෙල්වලින් 30%, ගෑස් සංචිතවලින් 50% සහ දැනට පවතින ගල් අඟුරු සංචිතවලින් 80% ක් භූමියේ පැවතිය යුතු බවයි. ” ඔහු පැවසීය.

2021 වාර්තාවකට අනුව, සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට සහ නරකම දේශගුණික බලපෑම් වළක්වා ගැනීමට, තෙල් හා ගෑස් වලින් 60% ක් සහ ගල් අඟුරු සංචිතවලින් 90% ක් නොදැවී පැවතිය යුතුය.

දේශගුණික ක්‍රියාකාරකම් කල් දැමීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විශාල වැඩිවීමකට තුඩු දෙයි.

මහාචාර්ය  Skea මෙසේ පැවසීය: “ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තීරණය කරන්නේ ශුද්ධ ශුන්‍යයේ වේලාව නොව, ඔබ එහි යන මාර්ගයයි. කාලයත් සමඟ කාබන් ඩයොක්සයිඩ් සමුච්චිත විමෝචනය ප්‍රධාන සාධකය වෙනවා. ඔබ ක්‍රියා කිරීම කල් තබන තරමට, වායුගෝලයට ගොස් ඇති සමුච්චිත CO 2 විමෝචනය වැඩි වන අතර එම නිසා උණුසුම් වීමේ මට්ටම ඉහළ යනවා. ගෝලීය කාරණය එයයි. ගෝලීය උණුසුම ඉහළ යන සෑම අංශකයක්ම වැදගත් වෙනවා. අපි සිටින තත්වය හදිසියි, අපි ඉන්නේ දරුණු තත්ත්වයක. නමුත් අපි එසේ කිරීමට තීරණය කළහොත් අපටත් ඒ සම්බන්ධයෙන් යමක් කළ හැකියි.” දේශගුණික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් “හදිසිභාවය සහ නියෝජිතායතනය” යන දෙකම අවධාරණය කරමින් මහාචාර්ය Skea පැවසීය