අපි දැන් ම්ලේච්ඡ ග්‍රීෂ්ම සෘතුවකින් ගොඩ ආවා. එක්සත් ජනපදය සහ ලෝකය පුරා තාප තරංග, කැනඩාව පුරා ලැව් ගිනි, සුළි කුණාටු, ධ්‍රැවීය අයිස් දියවීම, සාගර තාප තරංග කොරල්පර මරා දමනවා.

දේශගුණික විපර්යාස ගැන මිනිසුන් සමඟ කතා කරන විට, මට බොහෝ විට අසන්නට ලැබෙන්නේ බලාපොරොත්තු සුන්වීමයි. හරියට අපි දැනටමත් පැරදිලා වගේ. මිනිස්සු අත උස්සනවා විතරයි. ඒකට ඔබ මොකද කියන්නේ?

මම ජූලියා සයිමන්, NPR හි දේශගුණ විසඳුම් වාර්තාකරු. මම දන්නවා දැන් දේවල් නරකයි කියලා. නමුත් අපි සංවාදය නැවත සකස් කළහොත් කුමක් කළ යුතුද? දේශගුණික විපර්යාස සමඟ, මෙය උල්කාපාතයක් පෘථිවිය දෙසට කඩා වැටෙනවාක් මෙන් නොවේ, අපට ඒ ගැන කළ හැකි කිසිවක් නැහැ.

මිනිසුන් ගෝලීය උණුසුම වැඩි කරනවා. එයින් අදහස් වන්නේ මිනිසුන් වන අපට අපගේ ගමන් පථය වෙනස් කිරීමට විසඳුම් සෙවිය හැකි බවයි. අපට දැනටමත් බොහෝ විසඳුම් තිබෙනවා.

අභියෝගයෙන් ඉවත් වීමට දැන් කාලය නොවෙයි. ටෙක්සාස් සදර්න් විශ්වවිද්‍යාලයේ නාගරික සැලසුම් සහ පාරිසරික ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය රොබට් බුලර්ඩ්, මේ මොහොත එක්සත් ජනපදය වහල්භාවය වැනි අතීත අසාධාරණයන්ට මුහුණ දුන් අවස්ථාවට සමාන කරනවා.

“හොඳයි, අපට මෙම අභියෝගය සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැක” යනුවෙන් පවසන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානවලට එරෙහිව මම පසුබසිනවා. අපට ඒ ගැන යමක් කළ හැකියි, නමුත් එයින් අදහස් වන්නේ මෙය සමාජ පදනමක් සහ ගෝලීය පදනමක් මත අප විසින් ආමන්ත්‍රණය කළ යුතු අභියෝගයක් බව අපගේ මනස සකස් කළ යුතු බවයි. අපි දේශගුණික විපර්යාස සම්මතය ලෙස පිළිගත යුතු නැහැ. එසේම එය පිළිගත නොහැකියි” මහාචාර්ය රොබට් පවසනවා.

  • අපි දේශගුණික විසඳුම් නිර්වචනය කරන්නේ කෙසේද?

පුළුල් ලෙස කථා කරන විට, දේශගුණික විසඳුම් යනු හරිතාගාර වායූන් අඩු කරන දේවල් ලෙස දැක්විය හැකියි. සූර්ය හා සුළං බලශක්තිය බැටරි සමඟ ඒකාබද්ධ කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව, වනාන්තර විනාශය අවම කිරීම වැනි ඉඩම් පරිහරණය ද මෙහිදී ප්‍රධාන වෙනවා.

මෙහිදී පුද්ගලයන්ට ද තනි තනිව සැලකිය යුතු භූමිකාවක් ඉටු කළ හැකියි. නිදසුනක් වශයෙන් මස් අනුභව කිරීම අඩු කිරීම, පුද්ගලික මෝටර් රථ භාවිතය අඩු කිරීම හෝ කාබන් පියසටහන අඩු කිරීම ඔවුනට පහසුවෙන් කළ හැකියි.

දේශගුණික විපර්යාස සාමාන්‍ය දෙයක් ලෙස අප පිළිගත යුතු නැත සහ පිළිගත නොහැක. -රොබට් බුලර්ඩ්, ටෙක්සාස් දක්ෂිණ විශ්වවිද්‍යාලයේ නාගරික සැලසුම් පිළිබඳ මහාචාර්ය

නමුත් විසඳුම් සියල්ල පුද්ගලයන් මත නොවන බව අපි ජනතාවට මතක් කර දිය යුතුයි. බොහෝ විසඳුම් සමාගම් සහ රජයන් විසින් සොයාගත යුතු ඒවායි. නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ ජනාධිපති බිඩෙන් උද්ධමනය අඩු කිරීමේ පනතට අත්සන් තැබීය. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම වැදගත් දේශගුණික ප්‍රතිපත්තිය එයයි.

දේශගුණ ප්‍රතිපත්ති සඳහා න්‍යාය පත්‍රය සකස් කිරීමට රජයන්ට හැකියි. අපි මෙය සිදුවන ආකාරය දැක්කේ බ්‍රසීලයේ දීයි. වත්මන් ජනාධිපති ලුලා ඩි සිල්වා ඇමසන් වනාන්තරයේ වන විනාශය මර්දනය කරමින් සිටිනවා. ඔහුගේ පූර්වගාමියා වූ ජෙයාර් බොල්සොනාරෝ යටතේ බ්‍රසීලයේ වන විනාශය ඉහළ යමින් තිබුණා. මෙම තත්ත්වය තුළ සමහර උපදේශකයින් ඡන්දය ප්‍රකාශ කිරීම බලගතු දේශගුණික විසඳුමක් ලෙස සලකනවා.

අපගේ උණුසුම් වන ලෝකයට අනුගත වීම ද දේශගුණික විසඳුමක් ලෙස සැලකිය හැකියි.

මුහුදු මට්ටම ඉහළ යාම සහ නව වර්ෂාපතන රටාවන් සඳහා යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමට අපට අවශ්‍ය විය හැකියි. දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම යනු අප අත්හැරීම නොවෙයි. දේශගුණික විපර්යාසවල හානිය අවම කිරීම සඳහා අනුවර්තනය වීම අත්‍යවශ්‍ය අංගයක්. ඒ වගේම උණුසුම් වන නගරවල ගස් සිටුවීමෙන් සෙවණ ලැබෙනවා වගේම අපිව සිසිල් කරනවා. ගස් පෘථිවිය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඩ් ගබඩා කර ගන්නවා.

“සම-ප්‍රතිලාභ / co-benefits” නම් වචනයක් තිබෙනවා. හරිතාගාර වායූන් මැඩලීමේ ක්‍රම මගින් ජීවිතය යහපත් කළ හැකියි. ගල් අඟුරු සහ ගෑස් බලාගාර වෙනුවට පුනර්ජනනීය බලාගාර ඉදිකිරීම මගින් පෘථිවිය උණුසුම් කරන හරිතාගාර වායු අඩු කළ හැකියි. එසේම අපි වෙනත් ආකාරයේ වායු දූෂණයන් ද අඩු කර අපගේ පරිසරය වඩාත් යහපත් එකක් කර ගනිමු.

පරිසර දූෂණයේ බර දරන්නේ දුප්පතුන්, සුළු වාර්ගිකයින්, කාන්තාවන් ඇතුළු ආන්තික ප්‍රජාවන් විසිනුයි. එබැවින් පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම ප්‍රජාවන්ට යහපතක් උදා කරයි.

  • දේශගුණික විසඳුම් සඳහා සාධාරණ සංරචකයක් ඇත

දේශගුණික විසඳුම් අතීතයේ සිදු වූ අසමානතා සහ අසාධාරණයන් නැවත නැවත සිදු නොවන ඒවා විය යුතුයි. අපි වැඩිපුර බැටරි සහ විදුලි වාහන නිපදවන විට, උදාහරණයක් ලෙස, එම තාක්ෂණයන්හි ප්‍රධාන ලෝහ සඳහා කැණීම් සදාචාරාත්මකව සිදු කරන බව සහතික කරන්නේ කෙසේද? ජලය අපවිත්‍ර කරන පතල් කැණීම හෝ ආදිවාසී ප්‍රජාවන්ගෙන් ඉඩම් උදුරා ගැනීම වළක්වා ගන්නේ කෙසේද ?

දේශගුණික විපර්යාස සඳහා සමහර පුද්ගලයින් සහ සමාගම් අනෙක් අයට වඩා වගකිව යුතු බව අප මතක තබා ගත යුතුයි. ඉතින් අපි කොහොමද එයාලට වග කියන්නේ?  පසුගිය දා මොන්ටානා හි තරුණ පැමිණිලිකරුවන් 16 දෙනෙකු මොන්ටානා ප්‍රාන්තයේ ෆොසිල සංවර්ධනයට එරෙහිව තර්ක කරමින් දේශගුණික නඩුවක් දිනුවේය. පසුගිය මාසයේදී කැලිෆෝනියාව ලොව විශාලතම තෙල් සමාගම් කිහිපයකට එරෙහිව නඩු පැවරුවේය. මෙම සිද්ධීන් එක්සත් ජනපදය පුරා විශාල බලපෑම් ඇති කළ හැකියි. වගවීම දේශගුණික විසඳුමක් ද විය හැකියි.

https://www.npr.org/2023/10/02/1197590139/climate-change-solutions