SUV රථ පැරණි මෝටර් රථවලට වඩා දේශගුණයට හානි කරන වායුව විමෝචනය කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ

අධික බර SUV රථවල ජනප්‍රියතාවය වැඩි වීම යන්නෙන් අදහස් වන්නේ 2013 දී මිලදී ගත් සාම්ප්‍රදායික එන්ජින් සහිත මෝටර් රථයක්, සාමාන්‍යයෙන් අද අලුතින් මිලදී ගත් එකකට වඩා අඩු කාබන් විමෝචනයක් ඇති බව යැයි නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත.

දේශගුණික ප්‍රචාරක කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයෙන් කියැවෙන්නේ ආදායම සහ විශාල SUV රථයක් හිමිකර ගැනීම අතර දැඩි සහසම්බන්ධයක් ඇති බවත්, එයින් අදහස් කරන්නේ ප්‍රමාණය මත වාහන විමෝචනය සඳහා “දූෂකයා ගෙවන / polluter pays” බදු සඳහා හොඳ තර්කයක් පවතින බවයි.

එංගලන්තයේ වාහන හිමිකාරිත්වය පිළිබඳ දත්ත පෙන්නුම් කළේ ඉහළම 20% ආදායම් කාණ්ඩයේ සිටින කුටුම්භ අනෙක් 80% කාණ්ඩය තුළ සිටින වාහන හිමිකරුවන්ට වඩා ඉහළ විමෝචනයක් ඇති මෝටර් රථයක් / highly emitting car  හිමිකර ගැනීමට 81% වැඩි ඉඩක් ඇති බවයි.

ඉහළම 20% ආදායම් කණ්ඩායම පහළ ආදායම් ලබන කණ්ඩායමට වඩා වසරකට 300% මොටර් රථ ධාවනය කරන බව අදාළ පර්යේෂණය මගින් හෙළිකර ගෙන ඇත.

“දුප්පත්ම අයට” වඩා ධනවත්ම මිනිසුන්ගේ රිය පැදවීමේ පුරුදු දේශගුණයට හානි කර ඇති බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

අධ්‍ය්‍යනය සිදුකළ ලන්ඩන් නගරයේ Kensington සහ Chelsea හි මෝටර් රථ හිමිකාරිත්වය පිළිබඳ දත්ත අනුව SUV රථයක් තිබීම ධනවත් ප්‍රදේශයක ජීවත් වීම හා සම්බන්ධ වී ඇති බව සොයා ගන්නා ලදී. නගරයෙහි ධනවත්ම කොටසෙහි මෝටර් රථවලින් හතරෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් මෙම වර්ගයට අයත් විය.

SUVs, බොහෝ විට සාමාන්‍යයෙන් ටොන් දෙකකට වඩා බර අතර එනිසාම ආරක්ෂාව සම්බන්ධ සහතිකයක් ද හිමිවේ. ඒ අනුව එක්සත් රාජධානියේ අලෙවි වන SUV මෝටර් රථ අනුපාතය මෑත වසරවලදී පහෙන් එකක සිට තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇත. පෙර පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ එක්සත් රාජධානියේ අලුතින් මිලදී ගත් SUV රථවලින් හතරෙන් තුනක් නාගරික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

SUV රථ අලෙවිය ඉහළ යාමේ බලපෑම සහ ඒවා කලින් මිල දී ගත් සාම්ප්‍රදායික මාදිලිවලට වඩා සැලකිය යුතු ලෙස බරින් වැඩි වීම යන්නෙන් අදහස් වන්නේ 2023 දී මිල දී ගත් සාමාන්‍ය සාම්ප්‍රදායික එන්ජින් සහිත මෝටර් රථයක් එහි 2013 ට සමාන කාබන් විමෝචනයට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

ලන්ඩනයේ පුළුල් කරන ලද අතිශය අඩු විමෝචන කලාපය පිළිබඳ මෑතකාලීන විවාදයේදී අවධානය යොමු වී ඇත්තේ වැඩි NOx විමෝචනය කරන මෝටර් රථ සෑම විටම පාහේ පැරණි ඒවා වන අතර සාමාන්‍ය පුද්ගලයින් විසින් අසමානුපාතික ලෙස භාවිතා කරන බවයි.

ඊට වෙනස්ව, වාර්තාව තර්ක කළේ, ඉහළ හරිතාගාර විමෝචනය බොහෝ විට ධනවත් මිනිසුන් විශාල SUV මිලදී ගැනීමේ නිෂ්පාදනයක් වී ඇති බවයි. කතුවරුන් පැවසුවේ කාබන් විමෝචනය පදනම් කරගත් වාහන නැවැත්වීම සහ මාර්ග භාවිතයේදී අයකිරීම සඳහා සමාජ සාධාරණ තර්කයක් ද පවතින බවයි.

SUVs වෙනත් සමහර රටවල ඊටත් වඩා ප්‍රචලිත වන අතර එක්සත් ජනපදයේ සියලුම විකුණුම් වලින් අඩක් පමණ වේ. මෙම වසරේ පැරිස් පදනම් කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පැවසුවේ ගෝලීය වශයෙන් SUV රථ එක්සත් රාජධානියේ සහ ජර්මනියේ ඒකාබද්ධ ජාතික එකතුවට සමාන විමෝචනයක් නිපදවූ බවයි.

එක්සත් ජනපදයේ SUVs, විශේෂයෙන් අති විශාල “ට්‍රක් රථ” වලින් පදිකයින්ට සහ පාපැදිකරුවන්ට ඇති ආරක්ෂිත බලපෑම පිළිබඳව වෙනම අවධානයක් යොමු කර ඇත.

දශක ගණනාවකට පසු එක්සත් ජනපදයේ පදික මරණ නැවත ඉහළ යාමට පටන් ගෙන ඇති අතර, දැන් එය වසරකට 7,500ක් වන අතර එය 1981 සිට වාර්තා වූ ඉහළම මට්ටමයි.

https://www.theguardian.com/environment/2023/oct/16/suvs-emit-more-climate-damaging-gas-than-older-cars-do-study-finds