හවුල්කරුවන් 400කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සිදුකළ මහා පරිමාණ අධ්‍යයනයක දී ලොව පුරා පර්යේෂකයන් ගස් විශේෂ පිළිබඳ දත්ත රැස් කර ඇති අතර, Bayreuth හි විද්‍යාඥයන් කිලිමන්ජාරෝ කලාපය පිළිබඳ ඔවුන්ගේ දැනුම ලබා දී ඇත.

Nature Plants සඟරාවේ දැන් ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය මගින් ගස් පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කරන අතර එමඟින් පරිසර පද්ධති සහ CO2 චක්‍රය පිළිබඳ නිගමනවලට එළඹීමට අපට හැකියාව ලැබේ.

කාබන්, ජලය සහ පෝෂක ගතිකත්වය ඇතුළු භෞමික පරිසර පද්ධතිවල ඒවායේ භූමිකාව අවබෝධ කර ගැනීම සඳහා විවිධ පත්‍ර වර්ග පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වේ. කේතුධර කොළ ඒවායේ ජලය ඉතිරි කිරීමේදී පතනශීලී කොළ වලින් වෙනස් වන නමුත් එමඟින් ජෛව ස්කන්ධ ඵලදායිතාව අඩු වේ. පතනශීලී ගස් සෘතුමය දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වී ඇත. සදාහරිත ගස් වලට නොහැකි තැන, එනම් හිම හෝ නියඟයට ගොදුරු වන ප්‍රදේශවල ඒවා වර්ධනය විය හැකිය.

සිතියමේ විස්තරය – වනාන්තර පත්‍ර වර්ග ගෝලීය ව්‍යාප්තිය ඡායාරූපය – Nature Plants (2023). DOI:

“කෙසේ වෙතත්, වනාන්තරවල ශාක පත්‍ර වර්ග කෙරෙහි බලපාන සාධක පිළිබඳ අපගේ දැනුම තවමත් සීමිතයි. එබැවින් ලොව පුරා කේතුධර මෙන්ම සදාහරිත සහ පතනශීලී ගස්වල අනුපාතය කෙතරම් විශාලදැයි අපි හරියටම දන්නේ නැහැ,” Bayreuth විශ්ව විද්‍යාලයේ ශාක පද්ධති විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය Andreas Hemp පැවසීය.

මෙම පරතරය පියවා ගැනීම සඳහා ලොව පුරා පර්යේෂකයන් 400කට ආසන්න සංඛ්‍යාවක් දත්ත දායක කර ඇත. මෙය ජාත්‍යන්තර ශාක ගති දත්ත ගබඩාවේ  (Plant Trait Database -TRY) පත්‍ර හැඩය (පතනශීලී එදිරිව කේතුධර /deciduous vs. coniferous) සහ පුරුද්ද (සදාහරිත එදිරිව පතනශීලී / evergreen vs. deciduous) පිළිබඳ වාර්තා සමඟ වනාන්තර බිම් ප්‍රදේශ 10,000කට ආසන්න සංඛ්‍යාවක දත්ත ඒකාබද්ධ කිරීම මගින් වනාන්තර පත්‍ර වර්ගවල විචලනය පිළිබඳ ගෝලීය, බිම්-පාදක තක්සේරුවක් ඇති කර ඇත.

“පත්‍ර වල ආයුකාලයේ ගෝලීය විචලනය (පත්‍ර පුරුද්ද) ප්‍රධාන වශයෙන් සෘතුමය උෂ්ණත්ව විචලනය සහ පාංශු ගුණාංග මත රඳා පවතින අතර පත්‍ර හැඩය ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය අනුව තීරණය වන බව අපි සොයා ගත්තා” යනුවෙන් Hemp පවසයි.

පරිසර පද්ධතිය තුළ කොළ ඔවුන්ගේ වැදගත් කාර්යය ඉටු කිරීමට නම්, මෙම කොන්දේසි නිවැරදි විය යුතුය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පර්යේෂකයන් උපකල්පනය කරන්නේ ගෝලීය ගස් එකතුවෙන් 38%ක් සදාහරිත කේතුධර ශාක, 29%ක් සදාහරිත පතනශීලී ගස්, 27%ක් පතනශීලී පතනශීලී ගස් වන අතර 5%ක් පතනශීලී කේතුධර ගස්  වන බවයි. මේ අනුව මෙම ගස් වර්ග පිළිවෙළින් වනාන්තරවල භූ ස්කන්ධයෙන් 21%, 54%, 22% සහ 3% ට අනුරූප වේ. එය ගිගා ටොන් 18 සහ 335 අතර වේ.

“මීට අමතරව ශතවර්ෂයේ අවසානය වන විට වනාන්තර ප්‍රදේශවලින් අවම වශයෙන් 17%ක් සහ 38%ක් දක්වා ප්‍රමාණයක් දැනට පවතින වනාන්තරයට වඩා වෙනස් වනාන්තර වර්ගයකට හිතකර දේශගුණික තත්ත්වයන්ට නිරාවරණය වනු ඇතැයි අපි උපකල්පනය කර තිබෙනවා. එය දේශගුණයේ තීව්‍රතාවය පෙන්නුම් කරන අතර සමහර කලාපවල ගස් මත ආතතියමය .තත්ත්වයක් දැකගත හැකිව තිාබනවා. ස්වාභාවික වනාන්තර ප්‍රදේශවල, කෙනෙකුට ස්වභාවධර්මයේ අනුවර්තනය වීමේ හැකියාව මත විශ්වාසය තැබිය යුතුයි. යුරෝපයේ මෙන් වගා කරන ලද වනාන්තරවල, සමහර විට වනාන්තර පරිවර්තනය ගැන සිතිය යුතුයි. එය වෙනත් හේතූන් මත ද මෙහි කැඳවනු ලබනවා. මෙහිදී ගස් හා සම්බන්ධ සංස්කෘතිකමය සාධක දෙස අවධානය යොමු කිරීම ද අතිෂය වැදගත් කරුණක්’’

ගස් කොළ වර්ගවල ව්‍යාප්තිය සහ ඒවාට අනුරූප ජෛව ස්කන්ධ ප්‍රමාණය ගණනය කිරීමෙන් සහ දේශගුණික විපර්යාස වත්මන් පත්‍ර වර්ග මත වැඩි පීඩනයක් ඇති කරන ප්‍රදේශ හඳුනා ගැනීමෙන්, මෙම සොයාගැනීම් මගින් භෞමික පරිසර පද්ධතිවල අනාගත ක්‍රියාකාරිත්වය සහ කාබන් චක්‍රය පිළිබඳ වඩා හොඳ පුරෝකථනයක් ලබා දෙනු ඇත.

CO2 චක්‍රය වායුගෝලයේ, ජෛවගෝලයේ සහ අපගේ දේශගුණයේ තත්වයෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ගස් කොළ හරහා CO2 අවශෝෂණය කර ගබඩා කරන බැවින් ගස් වඩාත් වැදගත් කාබන් සින්ක් වේ. අනෙක් අතට, මිනිසුන් මූලික වශයෙන් ෆොසිල ඉන්ධන භාවිතයෙන් CO2 විමෝචනය කරන අතර CO2 ගබඩා කරන ගස් ඉවත් කිරීමෙන් සංවර්ධනය උග්‍ර කරයි.

https://phys.org/news/2023-10-importance-tree-carbon-dioxide-storage.html