සකස් කළේ -මහේෂ් හර්ෂණ රාජපක්ෂ

ශතවර්ෂ දෙකකට පමණ පෙර වඳ වී ගොස් ඇති බවට ප්‍රකාශ කළ ගසක් බ්‍රසීලයේ නැවත හමු වී ඇති අතර එය විද්‍යාඥයන් “ඇදහිය නොහැකි සොයා ගැනීමක්”  ලෙස හැඳින්වීය.

Pernambuco holly (Ilex sapiiforumis) නම් මෙම ශාකය විද්‍යාඥයින් විසින් බ්‍රසීලයේ Igarassu නගරයේ දින හයක් ගත කළ ගවේෂකයින් පිරිසක් විසින් සොයා ගන්නා ලදී. දැඩි ලෙස නාගරීකරණය වී ඇති මෙම නගරයේ විද්‍යාඥයින් කළ අධ්‍යයනයකදී අහඹු ලෙස මෙම ශාකය හමුවී ඇති අතර එම ශාක මත වූ කුඩා සුදු මල් හඳුනා ගැනීමත් සමග අදාළ ශාකය Pernambuco holly  බව හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.

“ලෝකය නතර වී ඇති බවක් පෙනෙන්නට තිබුණා. සොබාදහම අපව පුදුමයට පත් කරනවා. සියවස් දෙකකට ආසන්න කාලයක් තිස්සේ අසා නැති විශේෂයක් සොයා ගැනීම සෑම දිනකම සිදු නොවේ. එය ඇදහිය නොහැකි මොහොතක් ” ව්‍යාපෘති කණ්ඩායමේ සාමාජික ජූලියානා ඇලෙන්කාර්  පැවසුවාය.

කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු සඳහන් කළේ මෙම අත්දැකීම “පැරණි ඡායාරූපවලින් පමණක් දන්නා දිගු කලක් තිස්සේ නැතිවූ සහ දිගු කලක් බලා සිටි ඥාතියෙකු සොයා ගැනීමක් හා සමාන වූ ” බවයි.

Pernambuco holly යනු “වඩාත්ම අවශ්‍ය” නැතිවූ විශේෂයයි / most wanted” lost species එය රටවල් 160ක් පුරා විශේෂ 2,000කට වඩා සමන්විත ලැයිස්තුවකි. ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය වැනි කණ්ඩායම් එක්ව මෙම වඩාත්ම අවශ්‍ය විශේෂ සොයා ගැනීමට උත්සාහ කර ඇති අතර, Pernambuco holly සොයා ගැනීම එක් කුඩා ජයග්‍රහණයක් පමණි.

ගවේෂණ නායක Gustavo Martinelli පවසන්නේ වැඩ තවමත් අවසන් නැති බවයි. පර්යේෂකයින් ගස සඳහා කෘත්‍රිම අභිජනන වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Pernambuco holly මෑත වසරවලදී නැවත පැමිණීමට හැකි වූ එකම විශේෂය නොවේ. පතල් කැණීම් සහ ඉඩම් වෙනස්වීම් හේතුවෙන් බලපෑමට ලක් වූ විශේෂයක් වන සැන්ටා කෲස් කැන්ගරු මීයා කලාපය තුළ නැවත හිස ඔසවමින් සිටින බවට විද්‍යාඥයින් සාක්ෂි සොයා ගෙන ඇත. මේ අතර නවසීලන්තයේ විද්‍යාඥයින් විසින් වඳ වී යාම සඳහා මුලින් දඩයම් කරන ලද කකාපෝ පක්ෂීන් සඳහා විකල්ප වාසස්ථාන සංවර්ධනය කිරීමට ක්‍රම සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, කුරුල්ලන් සහ ක්ෂීරපායින් වැනි චමත්කාරජනක සත්ත්ව විශේෂවලට සමාන මාධ්‍ය අවධානයක් ගස් හා ශාක විශේෂවලට ලැබෙන්නේ කලාතුරකිනි.

Pernambuco holly වැනි ශාක විශේෂ ඔවුන්ගේ කලාපවල වාසස්ථාන සහ පරිසර පද්ධතිවල කාර්යභාරයක් ඉටු කරන අතර එම අවධානයට ලක්විය යුතුය. කෙසේ වෙතත්, බ්‍රසීලයේ මෙම ප්‍රධාන සොයාගැනීම සියලු වර්ගවල “වඳ වී යාමට ආසන්න” විශේෂ සඳහා බලාපොරොත්තුවක් ඇති බවට උදාහරණයකි.

https://www.thecooldown.com/outdoors/pernambuco-holly-brazil-peru/

සකස් කළේ -මහේෂ් හර්ෂණ රාජපක්ෂ