ඉහළ ඡායාරූපය –  දැලිවල එකමුතු තරුණ ගොවි සමාජය විසින් තම කෘෂිකාර්මික නිෂ්පාධන අලෙවි කරන අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව බලාපොරොත්තුවක් එකතු කරමින් තරුණ ගොවි සමාජ ව්‍යාපාරය ගොවිතැනේ සශ්‍රීක අනාගතයක් බිහිකිරීමට  වෙර දරමින් සිටී. තරුණ ගොවීන්ගේ සමාජයක් ශ්‍රී ලංකාවේ මුල්වරට ස්ථාපිත කරන ලද්දේ 1950 දශකය තුළ ගරු ඩී. එස් සේනානායක මහතාගේ පාලනය යටතේදීය. 1958 දී ගරු කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා විසින් සභාගත කරන ලද තරුණ ගොවි සමාජ පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වීමෙන් පසු තරුණ ගොවි සමාජ ව්‍යාපාරය පිලිගත් ව්‍යාපාරයක් ලෙස තහවුරු කරන ලදී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ දැලිවල කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ වැලිගමුව  නම් වූ සුන්දර ගම්මානයේ තරුණයින් පිරිසක් 2022 අගභාගයේදී නව තාක්ෂණ දැනුමැති ගොවීන් පරපුරක් පෝෂණය කිරීම හා කෘෂිකර්මාන්තය නව තලයකට ඔසවා තැබීම පෙරටු කරගෙන දැලිවල එකමුතු තරුණ ගොවි සමාජය නමින් තරුණ ගොවි සමාජයක් පිහිටුවා ගන්නා ලදී. දැලිවල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක ලක්ෂාන් ඒකනායක මහතා විසින් ආරම්භ කරන ලද මෙම තරුණ ගොවි සමාජය පහළොස් දෙනකුගේ සාමාජිකත්වය සමගින් කෘෂිකර්මාන්තයේ නව පෙරළියක් සඳහා වූ උද්වේගකර ගමනක ආරම්භයක් සනිටුහන් කළේය.  මේ වන විට විසි හත් දෙනකුගේ සාමාජිකත්වය සමගින් එකමුතු තරුණ ගොවි සමාජය කෘෂිකර්මාන්තයේ  අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් සිදු කරමින් සිටී.

මෙම සමාජයේ සභාපති ලෙස නොසැලෙන කැපවීමෙන් සමාජය මෙහෙයවන කේ.ටී. චමිඳු නිවෙන්  එදිරිසිංහ කටයුතු කරයි.  එම්. ජී. ජයසංකනී  වසුන්දරා  ලේකම්වරිය ලෙස මෙම තරුණ ගොවි සමාජයේ පරිපාලන කටයුතු  සූක්ෂම ලෙස හසුරුවන අතර, මූල්‍ය අංශය අධීක්ෂණය කරමින් භාණ්ඩාගාරික තනතුර චරිත් සඳරුවන් බණ්ඩාර විසින් සිදුකරයි. එස්. නිලන්ත සංජීව සමාජ ජාලා පරිපාලනය  සඳහා සහාය වෙමින් කටයුතු කරයි.

දැලිවල එකමුතු තරුණ ගොවි සමාජය යනු හුදෙක්එක් රාමුවකට කොටු වූ තවත් එක් ගොවි සංගමයක් නොවේ. මී මැසි පාලනය, කාබනික සහල් වගාව, අපනයන බෝග වගාව, ජලජ පැලෑටි වගාව, පලතුරු වගාව හා එළවළු වගාව ඇතුළත් විවිධ කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වල මෙම තරුණ ගොවි සමාජය නියැලෙමින් සිටී. තිරසාර හා කාබනික ගොවිතැන වැඩි වැඩියෙන් අවධාරණය කරන ලෝකයක මෙම තරුණ ගොවීන් සෞඛ්‍ය සම්පන්න පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වැඩි නැඹුරුවක් ලබා දී තිබේ.

ඡායාරූප විස්තරය ථ ලිවල එකමුතු තරුණ ගොවි සමාජය විසින් තම කෘෂිකාර්මික නිෂ්පාධන අලෙවි කරන අවස්ථාවක්

ඉතාම සුවිශේෂී කාරණය වන්නේ මෙම තරුණ ගොවි සමාජයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් හය දෙනෙකු සිටීමයි.  ඉන් 5 දෙනෙකු උසස් පෙළ හදාරන අතර අනිත් සාමාජිකයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී. සාමාජිකයින් දෙදෙනෙකු කෘෂි විද්‍යාව උසස් පෙළ සඳහා හදාරමින් සිටි.තවත් සාමාජිකයෙකු උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබයි.තවත් සාමාජිකාවක් දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මෙම සියලු සාමාජිකයින් කාල සටහනකට අනුව ගොවි තැනහි නිරත වන අතර සතියේ දිනවල උදේ 4.30 සිට 6.30දක්වාත් හවස 4.00සිට 5.00දක්වාත් වෙලාව කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කර ගෙන ඇත.තවත් සාමාජික මතත්මයෙක් හෙද සේවයේ නිරත වෙමින් අමතර ආදායමක් ලබාගැනීම සඳහා කෘෂි කර්මාන්තයේ නියැලෙමින් සිටී. මොවුන් පාසල් කටයුතු කෘෂිකාර්මික කටයුතු හා අනෙකුත් සියලුම බාහිර කටයුතු සඳහා මැනවින් කාලය කළමනාකරණය කර ගැනීම වඩාත් කැපී පෙනෙන ලක්ෂණයකි.

දැලිවල එකමුතු තරුණ ගොවි සමාජය යනු හුදෙක්එක් රාමුවකට කොටු වූ තවත් එක් ගොවි සංගමයක් නොවේ. මී මැසි පාලනය, කාබනික සහල් වගාව, අපනයන බෝග වගාව, ජලජ පැලෑටි වගාව, පලතුරු වගාව හා එළවළු වගාව ඇතුළත් විවිධ කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වල මෙම තරුණ ගොවි සමාජය නියැලෙමින් සිටී. තිරසාර හා කාබනික ගොවිතැන වැඩි වැඩියෙන් අවධාරණය කරන ලෝකයක මෙම තරුණ ගොවීන් සෞඛ්‍ය සම්පන්න පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වැඩි නැඹුරුවක් ලබා දී තිබේ.

මොවුන්ගේ ගමනේදී  මීමැසි පෙට්ටි, ඇඳුම් කට්ටල, වල් නෙලන යන්ත්‍ර ආදිය රජය විසින් ලබාදී ඇති අතර එමගින් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු තවදුරටත් පහසු කර ගැනීමට කරගැනීමට විශාල සහයෝගයක් ලැබී ඇත.

එකමුතු තරුණ ගොවි සමාජය කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට, සමාජ ප්‍රජා සත්කාර සඳහා ද දායකත්වය ලබා දෙයි.  මී මැසි පාලනය පිළිබඳව දැනුවත් කිරීම, රුක් රෝපණ වැඩසටහන් හා වී වගාවේ තවාන් පාලනය පිළිබඳව දැනුවත් කිරීම ආදී නොයෙකුත් වැඩසටහන් මොවුන්ගේ ප්‍රධානත්වයෙන් දැලිවල කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ සංවිධානය කරයි.

කෘෂිකර්මාන්තය නව තලයකට ඔසවා තැබීමට  මෙම තරුණ සංගමය දරන වෑයමේදී ඔවුන් නොයෙකුත් බාදක  කම්කටුලු රැසකට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරයි. නව තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නොමැතිවීම, නවීන මෙවලම් හිඟය, තාක්ෂණික දැනුම හා පුහුණු අවශ්‍යතාවය ඔවුන් මුහුණ දෙන අභියෝග අතරින් සමහරකි.

මොවුන්ගේ මෙහෙවර වන්නේ තාක්ෂණික දැනුමෙන් ගොවීන් සවිබල ගැන්වීමයි. නව දැනුමෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් ව්‍යවසායකයන් බවට පත්වීම සඳහා ඔවුන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස තරුණ ප්‍රජාවගෙන් ඔවුන් ඉල්ලා සිටියි.

තිරසාර කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික දැනුමැති ගොවියන්ගේ අවශ්‍යතාවය ගැන බහුලව අවධානය යොමු වී ඇති යුගයක මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා දැලිවල එකමුතු තරුණ ගොවි සමාජය මූලිකත්වය ගෙන ඇත. ඔවුන් ගොවිතැනේ අනාගතය වන අතර ඔවුන්ගේ කතාව තිරසාර කෘෂිකර්මාන්තයේ නවමු බලාපොරොත්තුවකට මං විවර කරනු ඇත.

සටහන –  පියුමාලි රත්නායක, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය