ප්ලාස්ටික් දූෂණ අර්බුදයට මුහුණ දීමේ පළමු ගෝලීය ගිවිසුම කුමක් විය හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට රාජ්‍ය නියෝජිතයන් අද (සඳුදා දින) කෙන්යාවේ නයිරෝබි නුවරට රැස් වනු ඇත.

සාකච්ඡා වලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වනු ඇත්තේ ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීමේ ඉලක්ක ඒකපාර්ශ්විකව තීරණය කළ යුතුද නැතහොත් රාජ්‍යයන් තමන්ගේම ඉලක්ක තෝරා ගත යුතුද යන්න ගැනය.

ජාත්‍යන්තර සාකච්ඡා කමිටුව (international negotiating committee – INC) විසින් පසුගිය මැයි මාසයේ පැරිසියේ පැවති අවසන් සාකච්ඡා වටයේ දී එක්සත් ජනපදය, සෞදි අරාබිය, ඉන්දියාව සහ චීනය “පැරිස් ආකාරයේ” ගිවිසුමකට කැමැත්ත පළ කළ අතර එහිදී රාජ්‍යයන්ට ඔවුන්ගේම කැපවීම් තීරණය කිරීමට නිදහස ඇත. අප්‍රිකාව සහ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ශක්තිමත් ගෝලීය කැපවීම් වලට වැඩි කැමැත්තක් දැක්වීය.

එහෙත්, සමහර නිරීක්ෂකයින් පවසන පරිදි මෙම ප්‍රධාන ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරයේ වෙනසක් පිළිබඳ ලකුණු ඇත. “INC2 [පැරිසියේ සාකච්ඡා] ට පසුව බොහෝ පාරිසරික කණ්ඩායම් වලට ඇති ප්‍රධානම අභියෝගය වූයේ පැරිස් විලාසිතාවේ ස්වේච්ඡා කැපවීම් අනුව එක්සත් ජනපදයේ ස්ථාවරය කෙතරම් නරකද යන්නයි,” ග්‍රීන්පීස් USA හි ගෝලීය ප්ලාස්ටික් ව්‍යාපාරයේ ප්‍රධානියා වන ග්‍රැහැම් ෆෝබ්ස් පැවසීය. ඔහු කියා සිටියේ මාරුවීමක් පිළිබඳ සංඥා ලැබී ඇති බවයි.

“එය සිදු වන්නේ කෙසේදැයි බැලීමට අපි ඉතා සමීපව බලා සිටිමු. අපි නීති රීති ගැන කතා කළ යුතු අතර රෙගුලාසි සකස් කළ යුතුයි. ”ෆොබස් පැවසීය.

2015 පැරිස් ගිවිසුමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ වැදගත්ම බහුපාර්ශ්වික ගිවිසුම ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා විස්තර කර ඇති දේ පිළිබඳ සාකච්ඡාවල පදනම ලෙස INC විසින් ප්‍රකාශයට පත් කරන ලද පාඨයේ “ශුන්‍ය කෙටුම්පත / zero draft” පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඉලක්කය වන්නේ 2024 අවසානය වන විට විධිමත් ගිවිසුමක් ඇති කර ගැනීමය.

“ශුන්‍ය කෙටුම්පත” විවිධ ආණ්ඩු වලින් විවිධ දෘෂ්ටිකෝණයන් විග්‍රහ කරයි. වර්ජින් ප්ලාස්ටික් නිෂ්පාදනයට අදාළ කොටසේ, කෙටුම්පත ප්‍රාථමික ප්ලාස්ටික් අඩු කිරීම සඳහා ක්‍රියා කිරීම සඳහා විකල්ප තුනක් දක්වා ඇත. පළමුවැන්න අඩු කිරීම සඳහා ගෝලීය වශයෙන් එකඟ වූ ඉලක්කයක් ඇතුළත් වේ, (මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලයට සමාන). දෙවැන්න පැරිස් ගිවිසුමට සමාන ජාතික වශයෙන් අධිෂ්ඨාන කර ඇති සීමාවන් සමඟ නිෂ්පාදන අඩු කිරීම සඳහා ගෝලීය ඉලක්ක ඇතුළත් වේ. තෙවනුව ජාතික වශයෙන් තීරණය කරන ලද ඉලක්ක සහ සීමා කිරීම් ඇතුළත් වේ.

පාරිසරික විමර්ශන ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නීතීඥ Tim Grabiel පැවසුවේ එය විකල්ප එක සහ දෙක අතර යමක් බලාපොරොත්තු වන බව ය. “මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ලෝකයේ හොඳම බහුපාර්ශ්වික පාරිසරික ගිවිසුම ලෙස සාමාන්‍යයෙන් එකඟ වෙනවා. ඒ වගේම අපි දන්නවා පැරිස් ගිවිසුමෙන්, එම විකල්පය අංක දෙක ක්‍රියා නොකරන බව. ගෝලීය කොටස් ගැනීම දෙස බැලුවහොත් පැරිස් ගිවිසුමේ අඩුපාඩු පැහැදිලි වෙමින් තිබෙනවා. මෙය අභිලාෂය සඳහා උත්තේජනයක් වන අතර රටවල් වැටෙන තැන අපට ලබන සතියේ දැකගත හැකියි. මෙම ගැටලුව සම්බන්ධයෙන් භූ දේශපාලනය ඉතා දුෂ්කර යි. විශාල තෙල් හා රසායනික සමාගම් කිසිසේත් පසුපසට යන්නේ නැහැ”. Tim Grabiel පැවසීය.

2022 ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධන සංවිධානයේ වාර්තාවකට අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේගයෙන් ඉහළ යමින් පවතින අතර, 2060 වන විට තුන් ගුණයකින් පමණ වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එයින් අඩක් පමණ කුණු ගොඩවල්වලින් අවසන් වන අතර පස්වන ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කෙරේ.

හරිතාගාර වායු විමෝචනය සෙල්සියස් අංශක 1.5C වාතාවරණයක් තුළ තබා ගැනීම සඳහා 2040 වන විට අවම වශයෙන් ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 75%ක් අඩු කරන ලෙස Greenpeace ඉල්ලා සිටී.

WWF හි ගෝලීය ප්ලාස්ටික් ප්‍රතිපත්ති ප්‍රධානියා වන Eirik Lindebjerg පැවසුවේ “ශුන්‍ය කෙටුම්පත” වෙනසක් ඇති කළ හැකි “හොඳ සංයුක්ත පියවරයන්” ග්‍රහණය කර ගන්නා බවත්, සමහර නොපැහැදිලි, ස්වේච්ඡා සහ නොබැඳි වගන්ති එහි ඇති බවයි.

“ වැදගත් ලෙස එය ගොඩනගා ගත හැකි ගෝලීය තහනම් කිරීම් පිළිබඳ සාකච්ඡාව සඳහා මාර්ගයක් නිර්මාණය කරනවා. පසුබැසීම් තිබියදීත්, රටවල් වලින් පැහැදිලි බහුතරයක් ඔවුන්ට බැඳීම් නීති සමඟ ශක්තිමත් ගිවිසුමක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් විසින් ප්ලාස්ටික් ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා ගෝලීය පදනමක් යෝජනා කර තිබීම අපව දිරිමත් කරන සුළුයි. තත්ත්වය පවත්වා ගැනීම සඳහා විශාල ආර්ථික අවශ්‍යතා තිබෙනවා. නමුත් ඔබට එම අවශ්‍යතාවලට එරෙහිව දැඩි මහජන විරෝධයක් සහ මහජන පීඩනයක් ද තිබෙනවා. අපි බලමු අන්තිමට කවුද දිනන්නේ කියලා.” Eirik Lindebjerg පැවසුවේය.

2040 වන විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීමට සහ ප්ලාස්ටික් වල සම්පූර්ණ ජීවන චක්‍රය මත පදනම් වූ ගිවිසුමක් සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කරමින්, ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමේ අධි අභිලාෂක සන්ධානයේ අමාත්‍යවරුන් 60 දෙනා මේ මාසයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. ප්ලාස්ටික් පද්ධතියෙන් හරිතාගාර වායු විමෝචනය 60%කින් වැඩිවීමට තුඩු දෙන වැරදි ලෙස කළමනාකරණය කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය දෙගුණ කිරීමට ආසන්න ප්‍රක්ෂේපණය සහ නිෂ්පාදනයේ වැඩි වීම පිළිබඳව ඔවුන් “ගැඹුරු කනස්සල්ලක්” ප්‍රකාශ කළහ.

https://www.theguardian.com/environment/2023/nov/12/countries-meeting-nairobi-kenya-global-plastic-pollution-treaty