හරිතාගාර වායු විමෝචනය අඩු කරන තුරු වන සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා විශාල දායකත්වයක් ලබා දිය හැකි බව නවතම අධ්‍යයනක් මගින් හෙළිකරගෙන ඇත.

සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතිවල පවතින ගස් වැවීමට ඉඩ දීමෙන් සහ හායනය වූ ප්‍රදේශ ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන්, 2022 සඳහා වසර 50කට ආසන්න එක්සත් ජනපද විමෝචනයකට සමාන කාබන් ගිගා ටොන් 226ක් වෙන් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.

මිනිසුන් පෘථිවියේ වනාන්තරවලින් අඩක් පමණ එළි පෙහෙළි කර ඇති අතර ලෝකයේ වායුගෝලය නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ඇමසන් වනාන්තරය සහ කොංගෝ ද්‍රෝණිය වැනි ස්ථාන විනාශ කිරීම දිගටම කරගෙන යයි.

ප්‍රමුඛ වන පරිසරවේදීන් සිය ගණනක් අතර සහයෝගීතාවයේ කොටසක් ලෙස නේචර් සඟරාවේ පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ  අඩු මිනිස් පිය සටහන් සහිත ස්වභාවික වනාන්තර වලට නාගරික කෘෂිකාර්මික ප්‍රදේශවල පවතින වනාන්තරවලට වඩා විශාල කාබන් ප්‍රමාණයක් ඇද ගත හැකි බවයි.

විභවයෙන් 61%ක් පමණ සාක්ෂාත් කර ගත හැක්කේ ස්ථාවර වනාන්තර ආරක්ෂා කිරීමෙනි. ඒවා පෝලන්තයේ සහ බෙලරුස් හි Białowieża වනාන්තරය හෝ කැලිෆෝනියාවේ sequoia වතු වැනි පැරණි වර්ධන පරිසර පද්ධති බවට පරිණත වීමට ඉඩ සලසයි. ඛණ්ඩනය වූ වනාන්තර සහ දැනටමත් එළි පෙහෙළි කර ඇති ප්‍රදේශ ප්‍රතිස්ථාපනය කිරීමෙන් ඉතිරි 39% ලබා ගත හැකිය.

දේශගුණික අර්බුද අවම කිරීම සඳහා ස්වභාවධර්මයේ භූමිකාව පිළිබඳ හරිත සේදීමේ උත්සුකයන් මධ්‍යයේ, පර්යේෂකයන් ජෛව විවිධත්වයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, තනි විශේෂ විශාල ප්‍රමාණයක් සිටුවීමට මෙම අරමුණ ජය ගැනීමට උපකාරී නොවන බවත් පොසිල ඉන්ධන විමෝචනය සඳහා හදිසි කප්පාදුවක් අවශ්‍ය බවත් වාර්තාව අනතුරු ඇඟවීය.

දේශගුණික අර්බුදය හේතුවෙන් ලැව් ගිනි වැඩි වීම සහ උෂ්ණත්වය ඉහළ යාම විභවය අඩු කිරීමට ඉඩ ඇති බව ඔවුහු පවසති. “ලෝකයේ බොහෝ වනාන්තර විශාල ලෙස හායනය වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, බොහෝ මිනිසුන් පෘථිවියේ ඉතිරිව ඇති පැරණි වර්ධන වනාන්තර කිහිපයෙන් එකක කිසි දිනෙක ජීවත් වී නැහැ. ගෝලීය ජෛව විවිධත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන විනාශය අවසන් කිරීම ප්‍රමුඛස්ථානයක් විය යුතුයි” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයකු වන ලිඩොං මෝ පැවසීය.

2021 දී Cop26 හි දී, රටවල් දැනට මග හැර ඇති බව දත්ත පෙන්වා දුන්නද, මෙම දශකය අවසන් වන විට වන විනාශය නතර කිරීමට සහ ආපසු හැරවීමට ලෝක නායකයින් පොරොන්දු විය. කෙසේ වෙතත්, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව ප්‍රගතියක් ලබන රටවල් අතර වේ. පර්යේෂකයන් පැවසුවේ මෙම ඉලක්කය සපුරා ගැනීමත් සමඟම එක්සත් ජාතීන්ගේ දේශගුණය සහ ජෛව විවිධත්ව ගිවිසුම් යහපත් කර ගැනීම වනාන්තර ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට ඉතා වැදගත් බවයි.

“වනාන්තර සංරක්ෂණය කිරීම, වන විනාශය අවසන් කිරීම සහ එම වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ජනතාව සවිබල ගැන්වීම තුළින් අපගේ ශක්‍යතාවයෙන් 61%ක් අත්පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක අති විශාලයි. එයට වන සංරක්ෂණය නැවත සකස් කළ හැකියි. එමගින් දැවැන්ත කාබන් අඩුවීමක් ද වෙනවා. ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කරන මිලියන සංඛ්‍යාත ප්‍රාදේශීය ප්‍රජාවන්ට, ආදිවාසී ප්‍රජාවන්ට, ගොවීන්ට සහ වනාන්තරකරුවන්ට එය සාක්ෂාත් කරගත හැකියි. එය කොකෝවා, කෝපි හෝ කෙසෙල් සඳහා කෘෂි වන වගාව, ස්වභාවික පුනර්ජනනය, නැවත සකස් කිරීම හෝ වාසස්ථාන කොරිඩෝව නිර්මාණය කිරීම විය හැකියි. ස්වභාවධර්මය ආර්ථික තේරීම බවට පත් වූ විට ඒවා සාර්ථක වෙනවා. එය පහසු නැති නමුත් එය කළ හැකි යි” ETH Zurich හි Crowther Lab හි ප්‍රධානී Tom Crowther පැවසීය.

වනාන්තර සංරක්ෂණය හා පුනර්ජීවනය සඳහා විවිධ ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම දහස් ගණනක් අවශ්‍ය බව ඔහු පැවසීය.

මෙම පර්යේෂණය පරිසරවේදීන් අතර දැඩි විද්‍යාත්මක විවාදයක් අවුලුවාලූ Crowther විසින් සම-කර්තෘ ද වන දේශගුණ අර්බුදය අවම කිරීම සඳහා වනාන්තරවල විභවය පිළිබඳ මතභේදාත්මක 2019 පත්‍රිකාවක් අනුගමනය කරයි. පර්යේෂකයා වනාන්තර පිළිබඳ ආයතනික ක්‍රියාමාර්ගවලට අනුබල දුන් අතර ගස් සිටුවීමේ යෝජනා ක්‍රම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීය.

නමුත් විද්‍යාඥයින් කිහිප දෙනෙකුට හැඟුනේ දේශගුණික ඉලක්ක සපුරාලීමට ස්වභාවධර්මයට ඇති හැකියාව අධික ලෙස ප්‍රකාශ කර ඇති බවත්, හරිත සේදීමේ අවශ්‍යතා ඇති කිරීම සඳහා පත්‍රිකාව ගස් සිටුවීම යෝජනා කර ඇති බවත්ය.

2019 පත්‍රිකාවේ ප්‍රමුඛ විවේචකයෙකු වූ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි මහාචාර්ය සයිමන් ලුවිස් පැවසුවේ නව ඇස්තමේන්තුව වඩා සාධාරණ සහ ගතානුගතික බවයි.

“ගස්වලට පරිසරයට කළ හැකි දේ ගැන බොහෝ කතා තිබෙනවා. දේශගුණය සඳහා ගස්වලට කළ හැකි දේ පිළිබඳ විවාදය දිගටම පවතිනු ඇති බවට සැකයක් නැහැ. එහෙත් තවමත් වනාන්තර සඳහා කැප කිරීමට ඇත්තේ සීමිත භූමි ප්‍රමාණයක් පමණක් වන අතර කාබන් අනුක්‍රමණය කිරීමට ගස්වලට ඇති හැකියාව සීමිතයි. යථාර්ථය නම් පැරිස් ගිවිසුමට අනුකූලව දේශගුණය ස්ථාවර කිරීම සඳහා ෆොසිල ඉන්ධන විමෝචනය කප්පාදු කිරීම, වන විනාශය අවසන් කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම අවශ්‍යයි” මහාචාර්ය ලුවිස් පැවසුවේය.

https://www.theguardian.com/environment/2023/nov/13/conserving-restoring-forests-sequester-carbon-study-trees