දුප්පත් රටවල වරායවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩබෑමේ නැව් නැවැත්වීමට යුරෝපා සංගමය ගිවිසුමකට එළඹ තිබේ.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 2026 මැද භාගයේ සිට දුප්පත් රටවලට ප්ලාස්ටික් කසළ අපනයනය තහනම් කිරීමට පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ තිබේ. ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගෝලීය ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් කෙන්යාවේ නයිරෝබි හි රැස්වන විට මෙම තීරණාත්මක පියවර ගෙන ඇත.

” ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට (Organisation for Economic Co-operation and Development – OECD) අයත් නොවන රටවලට අපද්‍රව්‍ය ප්ලාස්ටික් අපනයනය කිරීම තහනම් කිරීම මගින් යුරෝපා සංගමය අවසානයේ එහි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා වගකීම භාර ගනු ඇත. නැවත වරක්, අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරන විට සම්පතක් වන නමුත්, කිසිම අවස්ථාවක පරිසරයට හෝ මිනිස් සෞඛ්‍යයට හානියක් නොවිය යුතුය යන අපගේ දැක්ම අපි අනුගමනය කරමු.” යනුවෙන් යෝජනාව භාරව සිටි යුරෝපීය පාර්ලිමේන්තුවේ ඩෙන්මාර්ක මන්ත්‍රී පර්නිල් වයිස් පැවසීය.

ඒවා බලාත්මක වීමට පෙර යුරෝපීය කවුන්සිලය සහ පාර්ලිමේන්තුව විසින් විධිමත් ලෙස අනුමත කළ යුතු නීති, පොහොසත් රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කිරීමේදී දැඩි පාලනයක් ඇති කර OECD නොවන රටවලට අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි. වසර පහකට පසු, යුරෝපා සංගමයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීමට කැමති රටවලට ඔවුන් හොඳින් සලකන බව ඔප්පු කළහොත් ඔවුන් සඳහා වූ තහනම ඉවත් කිරීමට කොමිසමෙන් ඉල්ලා සිටිය හැකිය.

යුරෝපයේ ඉවත දමන ප්ලාස්ටික් බොහෝමයක් පුළුස්සා දමන අතර තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය වේ. ප්‍රතිචක්‍රීකරණය සඳහා පිටරටට යවන ඇතැම් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩකිරීම් සහ ජල මාර්ගවල අවසන් වන බවට ප්‍රචාරකයින් කනස්සල්ල පළ කර ඇත.

පාරිසරික විමර්ශන ඒජන්සියේ නියෝජිතයෙකු වන ලෝරන් වීර් මෙසේ පැවසීය: “මෙය වර්තමාන බැඳීම්වල වැඩිදියුණු කිරීමක් වන අතර, සම්පූර්ණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තහනමක හානිය සහ අවශ්‍යතාවය පිළිබඳ සාක්ෂි පැහැදිලියි. මෙය ගෝලීය ප්ලාස්ටික් දූෂණ හදිසි අවස්ථා වලදී යුරෝපා සංගමය සිය භූමිකාව සඳහා වගකීම භාර ගැනීමට පටන් ගෙන ඇති බවට සංඥාවක් ලෙස සැලකිය හැකියි”

නීතිරීතිවලින් අදහස් කරන්නේ යම් යම් සමාජ සහ පාරිසරික නිර්ණායක සපුරාලන්නේ නම්, ප්ලාස්ටික් නොවන අපද්‍රව්‍ය සමහර ආකාර OECD නොවන රටවලට නැව්ගත කළ හැකි බවයි.

තුර්කිය වැනි OECD රටවලට යවන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීමට ද නීතිය හේතු විය හැකිය.

තුර්කියේ Çukurova විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පර්යේෂකයෙකු වන Sedat Gündoğdu මෙසේ පැවසුවේය, “OECD නොවන රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය තහනම් කිරීම සැලකිය යුතු තීරණයක්. කෙසේ වෙතත්, යුරෝපා සංගමයේ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කරන්නා සහ OECD සාමාජිකයෙකු වන තුර්කියට නැව්ගත කිරීම් සඳහා සම්පූර්ණ අපනයන තහනමක් නොපැනවීම බලාපොරොත්තු සුන් කරවන්නක් ලෙස සැලකිය හැකියි. පාර්ශ්වික තහනම් කිරීම් සහ අකාර්යක්ෂම අන්තර්ගත පාලනයන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස සංසරණය වීම වැළැක්විය නොහැකි බව අතීත භාවිතයන්ගෙන් අපි වටහා ගෙන තිබෙනවා”