ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් අප එක හා සමානව දොස් ඇසිය යුතු නැත.

ලෝකයේ කාබන් විමෝචනය කරන ධනවතුන් සහ තාප අවදානමට ලක්විය හැකි දුප්පතුන් අතර දේශගුණික පරතරය ප්‍රස්ථාර ගත කළ විට සංකේතාත්මක හැඩයක් සාදයි. දේශගුණය උණුසුම් හරිතාගාර වායු විමෝචනය පොහොසත් සුළුතරයක් අතර දැඩි ලෙස සංකේන්ද්‍රණය වී ඇති අතර එම රූපය පැරණි ෂැම්පේන් / Champagne coupe බඳුනකට සමානවේ.

එහි ඉහළින්ම ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ ධනවත්ම 10% දෙනාගේ පුළුල්, පැතලි, ඉතා නොගැඹුරු පාත්‍රයක් වන අතර එහි කාබන් රුචිය සියලු විමෝචන වලින් 50% ක් පමණ වේ. (පුද්ගල පරිභෝජනය / Personal consumption, ආයෝජන කළඹ / Investment portfolios, රජයේ සහනාධාර / Government subsidies සහ යටිතල පහසුකම් ප්‍රතිලාභ / infrastructure benefit)

මඳක් පහළින් ඇත්තේ එපිකියර් එකයි, එම ඩ්‍රෙග්ස් එකතු වන වීදුරුවේ පටු සන්ධියයි. මෙය සෑදී ඇත්තේ 40%ක් වන මධ්‍යම පංතියකින් වන අතර, එහි කාබන් පුරුද්ද දළ වශයෙන් එහි සංඛ්‍යාවට සමානුපාතික වන නමුත් වඩාත් භයානක දේශගුණික බිඳවැටීම් වළක්වා ගැනීමට ලෝකයට යම් අවස්ථාවක් තිබේ නම්, සෑම කෙනෙකුටම ඇලී සිටිය යුතු සාමාන්‍ය කාබන් අයවැය මෙන් දෙගුණයක් වේ.

තවත් පහළට යන්නේ, ලෝක ජනගහනයෙන් ඉතිරි 50% කින් සමන්විත දිගු, සිහින්, බිඳෙන සුළු කඳ වන අතර, එහි කාබන් භාවිතය ආදායමත් සමඟ අඩු වේ. පතුලේ සිටින්නේ අන්ත දරිද්‍රතාවයේ ජීවත් වන සහ හරිතාගාර වායු සම්බන්ධයෙන් යන්තම් දායක වන මිලියන සිය ගණනක් ය.

Champagne coupe යනු අප ජීවත් වන මහා කාබන් බෙදීම වටහා ගැනීම සඳහා සුදුසු රූපයකි. අවසන් වරට ධන අසමානතාවය දැන් මෙන් ප්‍රකාශ වූයේ 1920 ගණන්වලදී ය. ඉන්පසුව, එය සමාජ දුක්ඛිත හා ජාත්‍යන්තර අස්ථාවරත්වයට හේතුවක් ලෙස අපවාදයට ලක්විය. අද එය විවාදාත්මක ලෙස වඩාත් නරක අතට හැරෙන්නේ දේශගුණික අර්බුදයෙන් පීඩා විඳීමට සහ විසඳුමක් සෙවීමට දරන උත්සාහයට බාධා කරන ඇති හා නැති අය අතර පරතරය ඔවුන්ගේ කාබන් විමෝචනය දක්වා විහිදෙන බැවිනි.

මේ වසරේ අන්තයන් වෙන කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අනතුරු ඇඟවීම් නොතකා, දේශගුණය අස්ථාවර කරන පොසිල ඉන්ධන නිෂ්පාදනය පුළුල් කිරීමට තෙල් සමාගම් ඩොලර් ට්‍රිලියන ගණනක ලාභයක් උපයා ඇත.

මේ අතර, 2023 වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාව ගෝලීය උණුසුමේ සහ ආන්තික කාලගුණයේ ගොදුරු බවට පත් වී ඇත. කාන්තාරය තරණය කරමින් ධනවත් එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට තැත් කිරීමේදී තාප ආක්‍රමණයෙන් මියගිය දුසිම් ගණනක් මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයන්ගේ සිට, ගිනිදැල්වලින් වැසී ගිය ග්‍රීක වනාන්තර හරහා යාමට තැත් කිරීමේදී දරුවන් දෙදෙනෙකු ඇතුළුව පිලිස්සී මිය ගිය උතුරු අප්‍රිකානුවන් 18 දක්වා දුප්පතුන් ව්‍යසනවලට මුහුණ දෙමින් සිටිති.

හදිසි සරණාගත ස්ථානයක සිට කතා කරමින්, එල් බොස්ක් හි පදිංචි ග්වාඩලුපේ කොබෝස් පචෙකෝ පැවසුවේ තම අතුරුදහන් වන ගම දැකීමෙන් ඊට වගකිව යුතු තෙල් සමාගම් කෙරෙහි විශාල අමනාපයක් ඇති වූ බවයි.

“අපි ජීවත් වන්නේ සම්පූර්ණ දේශගුණික බිඳවැටීමක යි. එය නිරන්තර කනස්සල්ලක් … කුමක් කළ යුතු දැයි අපි දන්නේ නැහැ. මෙහි තෙල් කැණීමේ ප්‍රතිවිපාක ගෙවන්නේ අපියි” ඇය පැවසුවාය.

ඡායාරූපය – මෙක්සිකානු ධීවර ගම්මානයක් වන එල් බොස්ක් හි නටබුන් වූ ගොඩනැගිල්ලක්. ඡායාරූපය: Conexiones Climáticas

මේවා දේශගුණික බිඳවැටීම් පිළිබඳ තනි පුද්ගල කථාවලින් කිහිපයක් පමණි. මේ මස අගදී ඩුබායි හි පැවැත්වෙන UN Cop28 දේශගුණ සමුළුවේ න්‍යාය පත්‍රයේ දේශගුණ යුක්තිය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රතිපත්තිමය වශයෙන්, ධනවත් ජාතීන් දුප්පත් රටවලට අර්බුදයෙන් වෙන කවරදාටත් වඩා දරුණු කඩාවැටීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා “අලාභ හා හානි අරමුදලක්” සඳහා එකඟ වී ඇත. නමුත් අසමානතාවයේ එකම ආකාරය මෙය නොවේ. ආදායම් හිඩැස් (ඒ නිසා කාබන් හිඩැස්) රටවල් අතර අඩු වී ඇති නමුත් කාබන් හිඩැස් ඔවුන් තුළ පුළුල් වී ඇත. පවතින දේශගුණික අර්බුදයේ වගකීම වඩාත් සංකේන්ද්‍රණය වෙමින් පවතින අතර එහි බලපෑම් පැතිර යමින් පවතී.

කාබන් අසමානතාවය පුළුල් වන්නේ ඇයි? ධනවතුන්ගේ ජීවන රටාව සහ ආයෝජන තේරීම් මෙහෙයවන්නේ කුමක් ද? කාබන් අසමානතාවය අනෙකුත් පද්ධතිමය අසාධාරණයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද? සහ ඒ ගැන කුමක් කළ හැකිද? මෙම සතියේ, ගාඩියන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරනු ඇත්තේ මහා කාබන් බෙදීම පිළිබඳ විශේෂ විමර්ශනයක් සමඟිනි. පසුගිය මාස හය තුළ, අපගේ විශේෂඥ පරිසර සහ දේශගුණ යුක්ති විනිශ්චය වාර්තාකරුවන්ගේ කණ්ඩායමට ඔක්ස්ෆෑම්, ස්ටොක්හෝම් පරිසර ආයතනය සහ අනෙකුත් ප්‍රවීණයන් විසින් සිදු කරන ලද ගෝලීය කාබන් අසමානතාවය ගණනය කරන පර්යේෂණ පිළිබඳ සුවිශේෂී අභ්‍යන්තර වාර්තාවක් ඇත. අද, අපි ඔක්ස්ෆෑම් වාර්තාවේ ප්‍රධාන සොයා ගැනීම හෙළිදරව් කරන්නේමු. ගෝලීය ජනගහනයෙන් ධනවත්ම 1% විසින් ලෝකයේ දුප්පත්ම බිලියන 5ක ජනතාව වසරක් තුළ සිදුකරන කාබන් විමෝචනය සිදුකරන බව එම වාර්තාව හෙළිකරයි.

ඡායාරූපය – මගී ජෙට් යානා 2016 ජනවාරි මාසයේ ඩුබෙන්ඩෝෆ් හි ස්විට්සර්ලන්ත ගුවන් හමුදා කඳවුරේ නවතා ඇති අයුරු. ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගිවන්නන්ගේ පැමිණීම් සහ පිටවීම් සඳහා මෙම ගුවන් තොටුපළ භාවිතා වේ. ඡායාරූපය: Arnd Wiegmann / Routers

මෙය තනි පුද්ගල කාබන් භාවිතය සංසන්දනය කිරීමේ තවත් එක් ව්‍යායාමයක් නොවේ. වසර 20කට පමණ පෙර තෙල් සමාගමක් වන BP විසින් ප්‍රවර්ධනය කරන ලද කපටි උපායකි. දේශගුණික අර්බුදය විසින් එහි ආයතනික කීර්ති නාමයට සිදු වන හානිය ගැන කනස්සල්ලට පත් වූ BP, එහි ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා මහජන සම්බන්ධතා සමාගමක් කුලියට ගත්තේය. පොළවෙන් තෙල් සහ ගෑස් පොම්ප කිරීමෙන් ට්‍රිලියන ගණනක් උපයන නිෂ්පාදකයින් වෙනුවට, ඔවුන්ගේ හරිතාගාර වායු විමෝචනය සඳහා වගකීම දැරීමට පාරිභෝගිකයින් දිරිමත් කරන කාබන් පියසටහන් කැල්කියුලේටරයක් ​​(carbon footprint calculator) 2004 දී එළිදැක්වීම වඩාත් ඵලදායී උපාය මාර්ගයක් විය. විශාල දූෂකයන්ට දිගින් දිගටම දූෂණය කිරීමට නිදහසට කරුණක් වී ඇති කාබන් හිලව් වල සැක සහිත ගිණුම්කරණ උපක්‍රමය සඳහා ද මෙය පදනම විය. මෙම උගුල වළක්වා ගැනීම සඳහා, දේශගුණික ව්‍යාපාරය තේරුම්ගත හැකි පරිදි තනි පුද්ගල අඩිපාර අඩු කිරීමට සහ ඒ වෙනුවට දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වී ඇත.

ගාඩියන් පුවත්පත මීට පෙර විමෝචනයෙන් තුනෙන් එකක් පිටුපස ඇති ඉහළම පොසිල ඉන්ධන සමාගම් 20 ගැන අවධානය යොමු කර ඇත. දේශගුණික හදිසි අවස්ථා සඳහා විශාලතම ඓතිහාසික වගකීම ඇති ජාතීන් හෙළිදරව් කිරීම සඳහා අපි 1850 සිට රටවල්වල සම්පූර්ණ විමෝචනය විශ්ලේෂණය කර ඇත. නමුත් අපි මෙම නව ලිපි මාලාවෙන් පෙන්නුම් කරන පරිදි, මිනිසුන් අතර අසමානතාවය වැඩි වැඩියෙන් දේශගුණික යුක්තිය සහ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ව්‍යුහාත්මක බාධාවක් බවට පත්ව ඇත. උෂ්ණත්වය ඉහළ යාම, වඩාත් විනාශකාරී කුණාටු, දිගු නියඟ සහ දරුණු ලැව්ගිනි සඳහා මිනිසුන් වන අප සමානව දොස් ඇසිය යුතු නොවේ. එය හඳුනා ගැනීම ගැටලුවට හේතුව හඳුනාගැනීමේ වැදගත් පියවරක් වන අතර, ලබාදිය හැකි විසඳුම් සහ විපතට පත් වූවන් සඳහා සාධාරණ වන්දි ගෙවීමට එය ආධාර කරගත හැකිය.

ඡායාරූපය – පසුගිය මාසයේ බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ Careiro da Várzea හි Solimoes ගංගා කලාපයේ නියඟය හේතුවෙන් ජලය සහ ආහාර සැපයුම් ලබා ගැනීමට ජනතාව රැස්ව සිටිති. ඡායාරූපය: එඩ්මාර් බැරෝස් / ඒපී

ප්‍රකෝටිපතියන් සමීපව පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය පළමු පියවරයි. මෙම ආර්ථික ප්‍රභූව මෑත දශකවලදී වඩා වේගයෙන් පොහොසත් වී ඇති අතර, ඔවුන් සංඛ්‍යාව 2,600ක් පමණක් වුවද, ඔවුන්ගේ ඒකාබද්ධ ධනය එක්සත් ජනපදය සහ චීනයට වඩා වැඩිය.  එසේම ඔවුන්ගේ දේශගුණික බලපෑම අතිමහත් ය.

ආදායම් පරිමාණය පහළට යත්ම අසමානතාවයන් තවමත් අවුල් සහගතය. අවම වශයෙන් ඩොලර් 40,000ක් ගෙවනු ලබන ඉහළම 10% විමෝචනයෙන් 50%කට වගකිව යුතුය. ඔවුන්ට සුපිරි ධනවතුන්ට වඩා අඩු වරදක් දැනෙනු ඇති නමුත් ඔවුන්ගෙන් තවත් බොහෝ දෙනෙක් සිටිති/ එබැවින් ඔවුන්ගේ ඒකාබද්ධ බලපෑම සැලකිය යුතු ය.

“මෙම විමෝචන සඳහා හෝ ඒවායින් ඇති කරන හානිය සම්බන්ධයෙන් අප එක හා සමානව දොස් පැවරිය යුතු නැහැ. එක්කෝ අපි සියලුම අනාගත පරම්පරාවන් සඳහා ජීවන තත්වයන් ආරක්ෂා කරමු, නැතහොත් ඉතා ධනවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ විනාශකාරී ජීවන රටාව පවත්වා ගෙන යාමට සහ කෙටිකාලීන ආර්ථික වර්ධනයක් සහ කොටස් හිමියන්ගේ ලාභය සඳහා යොමු වූ ආර්ථික පද්ධතියක් ආරක්ෂා කිරීමට අපි ඉඩ දෙමු” යනුවෙන් දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ඔක්ස්ෆෑම් වාර්තාවේ පෙරවදනෙහි ලියයි.

ස්ටොක්හෝම් පරිසර ආයතනයේ Emily Ghosh පැවසුවේ නව දේශගුණ අසමානතා දත්ත වෙනස් ප්‍රවේශයක අවශ්‍යතාවය පෙන්නුම් කරන බවයි. “දේශගුණික ගැටලුවත් සමඟ ඉහළම 1% සහ 10% හි සිටින පුද්ගලයින් කරන දේ අපට නොසලකා හැරිය නොහැකියි. ඔවුන් ගෝලීය බලපෑමක් ඇති කරනවා. අපි මෙය ආමන්ත්‍රණය කළ යුතුයි. මන්ද එය දිගු කලක් අභියෝගයට ලක් නොවුණ දෙයක්. ආයෝජන අපව යම් යම් පරිභෝජන රටාවකට හිර කරන්නේ කෙසේද සහ එම තීරණ ගන්නේ කවුරුන්ද යන්න බැලීමට අප වඩාත් සමීපව බැලිය යුතුයි. ශක්තිමත් බල පෙරළියක් සිදුවිය යුතුයි.”

ඡායාරූපය – ඩුබායි හි ජුමෙයිරා වෙරළ ඡායාරූපය: Giuseppe Cacace/AFP/Getty Images

Cop28 හි නියෝජිතයින්ට කාබන් බෙදීම දැකීමට අවශ්‍ය වන්නේ ඩුබායි හි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ආරක්ෂක ගේට්ටුවෙන් පිටතට යාම පමණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ වඩාත්ම අසමාන රාජ්‍යයන්ගෙන් එකකි. බොහෝ දුරට එහි පාලකයන් කාන්තාරයෙන් තෙල් හා ගෑස් පොම්ප කිරීමෙන් රැස් කරගත් ධනය සහ 80%ක් වන සංක්‍රමණික කම්කරුවන්ගේ දුප්පත් තත්වයන් හේතුවෙන් මෙම දැවැන්ත විෂමතාව පැහැදිලිව දැකගත හැකිය.

එහි පාලකයා වන Sheikh Mohamed bin Zayed Al Nahyan යනු පෘථිවියේ ධනවත්ම පවුල ලෙස තර්ක කළ හැකි වංශය පවුලේ ප්‍රධානියා වේ. එක් ඇස්තමේන්තුවකට අනුව, ලෝකයේ තෙල් සංචිතවලින් 6%කට හිමිකම් කියන Al Nahyan පවුලේ වටිනාකම ඩොලර් බිලියන 300කට වඩා වැඩිය. ආයෝජන වලින් පවුලේ දේශගුණික අඩිපාර ද ඒ හා සමානව දර්ශනීය ය. මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජය, ෆෝමියුලා වන් ධාවන පථය, ෆෙරාරි වර්ල්ඩ් ගෘහස්ථ තේමා උද්‍යානය, අභ්‍යවකාශ යානා නිෂ්පාදක ස්පේස්එක්ස්, ලන්ඩනයේ බර්ක්ලි චතුරශ්‍රයේ විශාල කොටස් සහ දුසිමක කොටස් හිමි වන ඉන්ටර්නැෂනල් හෝල්ඩින් සමාගම අල් නහියන් රාජකීයයන් පාලනය කරයි.

2006 දී ඩුබායි හි Burj Khalifa කුළුණේ ඉදිකිරීම් කටයුතු. ඡායාරූපය: Dan Chung/The Guardian

වර්ණාවලියේ අනෙක් අන්තයේ දේශගුණික අවදානමට ලක්විය හැකි සංක්‍රමණික ශ්‍රම බලකාය, (වැඩි වශයෙන් ඉන්දියාව, පිලිපීනය සහ උතුරු අප්‍රිකාවෙන්) ඔවුන් ඉදිකිරීම් ස්ථානවල, ආපනශාලාවල සහ කාර්යාල පිරිසිදු කරන්නන් ලෙස වැඩ කරන අතර, මාසික ආදායම ඩොලර් 300 සිට ඩොලර් 750 දක්වා වේ. එය යන්තම් කුලිය ආවරණය කිරීමට ප්‍රමාණවත් වේ. ඔවුන්ගේ කාබන් පරිභෝජනය ආන්තික වන අතර ඔවුන්ගේ දේශගුණයට නිරාවරණය වීම අනතුරුදායක ලෙස ඉහළ ය. Cop28 සූදානමේ කොටසක් ලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන විට පවා කම්කරුවන් එළිමනේ සේවය කරන අතර, ඔවුන් නිරන්තරයෙන් අධික තාපයට නිරාවරණය වේ. ගෝලීය උෂ්ණත්වය පෙර කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 3C දක්වා ඉහළ ගියහොත් ඩුබායිහි සෑම වසරකම අතිශය උණුසුම් දින ගණන දෙගුණයක් වනු ඇත.

උෂ්ණත්වය සමාජ තත්වයේ සලකුණක් බවට පත්ව ඇති ලෝකයේ බොහෝ ප්‍රදේශවල එය සමාන කතාවකි. ඉන්දියාවේ මුම්බායි හි, විශාල ධරාවි මුඩුක්කු මධ්‍යම පන්තියේ අසල්වැසි ප්‍රදේශවලට වඩා සෙල්සියස් අංශක පහක් පමණ උණුසුම් වේ. බ්‍රසීලයේ සාඕ පවුලෝහි, දුර්වල වාතාශ්‍රය සහ නියඟයෙන් පීඩාවට පත් Paraisópolis (Paradise City) favela තුළට රිංගාගත් දස දහස් සංඛ්‍යාත නිවැසියන් ඔවුන්ගේ ධනවත් මධ්‍යම පාන්තික අසල්වැසියන්ගේ සුපිරි මහල් නිවාස දෙස බලයි. එහි සෑම මහල් 12කම බැල්කනියක් සහ පිහිනුම් තටාකයක් ඇත.

ඡායාරූපය – ඉන්දියාවේ මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණය අවට ප්‍රදේශය රටවල් කිහිපයක කොන්සල් ජනරාල්වරුන්, ආයතනික මූලස්ථාන සහ ජාතික කොටස් හුවමාරුව ඇතුළුව අන්ත ධනය සහ අන්ත දරිද්‍රතාවයේ මිශ්‍රණයකි. ඡායාරූපය: ජොනී මිලර්

දේශගුණික අර්බුදය උග්‍ර වීමත් සමග දේශගුණික අසමානතාවය ද නරක අතට හැරෙමින් පවතී. එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් භාවිතා කරන ලද සූත්‍රයට අනුව, වාතයට පොම්ප කරන සෑම කාබන් ටොන් මිලියනයකින් ලොව පුරා අතිරික්ත මරණ 226ක් සිදු වේ. මෙම “මරණ පිරිවැය” සූත්‍රය මත පදනම්ව, ඔක්ස්ෆෑම් ගණනය කරන්නේ එක් වසරක් තුළ ධනවත්ම 1%කගේ විමෝචනය අතිරික්ත තාපය සහ අනෙකුත් දේශගුණික බලපෑම් හේතුවෙන් ඉදිරි දශක කිහිපය තුළ මිලියන 1.3ක මරණ ඇති කිරීමට ප්‍රමාණවත් බවයි. නැතහොත් ආහාර සැපයුම් ගන්න, ඔක්ස්ෆෑම් ඇස්තමේන්තු කරන පරිදි පසුගිය වසර 30 තුළ 1%ක කාබන් විමෝචනයේ ඒකාබද්ධ බලපෑම යුරෝපා සංගමයේ ඉරිඟු, එක්සත් ජනපද තිරිඟු, බංග්ලාදේශ සහල් සහ චීන සෝයා බෝංචි වල මුළු වසරක අස්වැන්න අතුගා දැමීමට සමාන වේ.

එමෙන්ම එයින් පීඩාවට පත්වන්නේ දුප්පත් රටවල් පමණක් නොවේ. කාබන් අසමානතාවය සහ දේශගුණික අසාධාරණය ලිංගිකත්වය, වර්ගවාදය, ස්වදේශික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සහ අසමානතාවයේ අනෙකුත් අංශ සමඟ බැඳී ඇත. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිව් යෝර්ක්හි කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා තාපය ආශ්‍රිත රෝගවලින් මිය යාමේ සම්භාවිතාව දෙගුණයක් බවයි. නිව් ඕර්ලියන්ස් සහ හූස්ටන්හි කළු අසල්වැසි ප්‍රදේශවලට කැත්‍රිනා සුළි කුණාටුවෙන් සහ හාවි සුළි කුණාටුවෙන් විශාලතම පාඩු සිදු කළේය.

ඡායාරූපය – ලාගෝස් හි වික්ටෝරියා දූපතේ වෙරළ සමාජ ශාලාවක් සහ නගරයේ ධනවතුන්ගේ ක්‍රීඩා පිටියක්.

දූෂක ප්‍රභූව

දේශගුණික කනස්සල්ල විවිධ ආදායම් කණ්ඩායම් සඳහා විවිධ දේ අදහස් කරයි. බිම් මට්ටමේදී (පතුලේදී) එය තාපය හා ගංවතුර බියෙන් අදහස් වේ. ඉහළින්, එයින් අදහස් කරන්නේ වඩ වඩාත් මංමුලා සහගත මිනිසුන්ට ඇති බියයි. ප්‍රකෝටිපතියන් බොහෝ විට ජීවත් වන්නේ ඩොලර් සහ විමෝචනවල සැලකිය යුතු වියදමකින් නඩත්තු කරන ආරක්ෂිත බුබුළු තුළ ය. සමහරු නවසීලන්තය, නෙවාඩා සහ අනෙකුත් දුරස්ථ ප්‍රදේශවල බංකර් ගොඩනගමින් ලෝක විනාශයට මුහුණ දීමට සැලසුම් සහිතව සූදානම් වෙමින් සිටිති. තවත් සමහරු පුද්ගලික රොකට් වලින් ලෝකය පුපුරවා හරිමින් අභ්‍යවකාශය යටත් විජිතයක් බවට පත් කිරීම ගැන කතා කරති. විමෝචනය අඩු කිරීමට සෑම උත්සාහයක්ම ගන්නවා වෙනුවට, ධනවතුන් තමන් සහ ජනතාව අතර වැඩි දුරක් තැබීමෙන් ඔවුන්ගේ කාබන් පියසටහන වැඩි කරයි.

Cop28 හි ආධිපත්‍යය දරන තීරණ ගැනීමේ පන්ති (එක්සත් ජනපද සෙනෙට් සභිකයින්, බ්‍රිතාන්‍ය ඇමතිවරුන් සහ යුරෝපීය කොමසාරිස්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්) ආදායම් ලබන්නන්ගෙන් ඉහළම 1% අතර සිටින බව ඔක්ස්ෆෑම් වාර්තාව හෙළි කරයි. ආයතනික ප්‍රධාන විධායක නිලධාරීහු, ඔවුන්ගේ ලොබිකරුවන් ද කොප් සමුළු වෙත ඇදී එති. ඔවුන් බොහෝ විට ධනවතුන් වන අතර කාබන් වත්කම්වල වැඩි වශයෙන් ආයෝජනය කරති. සමුළු මණ්ඩල කාමර කොටස් විකල්ප සහ ප්‍රසාද ව්‍යුහයන් තෙල් සමාගම් විධායකයින්ට දේශගුණික ක්‍රියාවන්ට ප්‍රතිරෝධය දැක්වීමට දිරිගැන්වීමක් ලෙස නිර්මාණය කර ඇත.

Carbon Inequality හි කතුවරයා වන ඩාරියෝ කෙනර්, “දූෂක ප්‍රභූ / polluter elite ” ලෙස හඳුන්වන දේ නිර්වචනය කර ඇත. ඩොලර් මිලියනයකට වඩා වැඩි ශුද්ධ වටිනාකමක් ඇති ඕනෑම අයෙකු තම ඉහළ කාබන් පරිභෝජනය, දූෂක සමාගම්වල ආයෝජන සහ වඩාත් වැදගත් ලෙස පොසිල ඉන්ධන තාක්ෂණය භාවිතය ශක්තිමත් කරයි.

“දූෂක ප්‍රභූව ආන්තික කාලගුණික සිදුවීම් අවම කිරීම සහ වායු දූෂණය අඩු කළ හැකි විකල්ප ඉතිහාසයක් අවහිර කර තිබෙනවා” ඔහු පැවසීය.

ජාත්‍යන්තර දේශගුණ සාකච්ඡා කිරීමේ ක්‍රියාවලිය සුපිරි ධනවතුන්ගේ වැඩෙන බලය සමඟ වේගයෙන් ගමන් කිරීමට අසමත් වී ඇත. මීට වසර තිස් එකකට පෙර, රියෝ ද ජැනයිරෝ පෘථිවි සමුළුවේදී දේශගුණය සහ ජෛව විවිධත්ව ගැටලු විසඳීමට ලෝකය ප්‍රථම වරට එක් වූ විට, බිලියන සංඛ්‍යාත මිනිසුන් සහ පෘථිවියේ අසංඛ්‍යාත අනෙකුත් ජීවීන් වෙනුවෙන් විසඳුමක් සඳහා ශුභවාදී අදහස් තිබුණි. එතැන් සිට සිදුවී ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙයයි. ආණ්ඩු ගැඹුරින් බෙදී ඇති අතර, 60%ක් වැඩි විමෝචන වායුගෝලයට පොම්ප කරනු ලබන අතර, වැඩි වැඩියෙන් මුදල්, කාබන් සහ බලය සංකේන්ද්‍රණය වන්නේ සුළු පිරිසක් අතය.

මේ සියල්ලටම විසඳුම සංකීර්ණ නමුත් ඉතා සරල ය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ දේශගුණික ප්‍රශ්නය ශක්තිමත් නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති සමඟින් දේශපාලඥයින් හරහා පාලනය කර ගැනීමට හැකි බවයි. ඔක්ස්ෆෑම් විසින් ධන බද්දක් ඉල්ලා සිටින අතර, “දූෂකයන් ගෙවයි” මූලධර්මය මත පදනම් වූ සංගත මත  බද්දක් ඉල්ලා සිටින්නේ, වඩාත්ම වගකිවයුතු සහ වඩාත්ම ගෙවීමට හැකි අය මත ඉහළම බර පටවමිනි.

“දේශගුණික අර්බුදයේ ප්‍රධාන ධාවකයන් වන්නේ ධනවතුන් සහ ධනවාදය බව පිළිගන්නා පන්ති සවිඥානික දේශපාලන කතිකාවක් අපට අවශ්‍යයි” යනුවෙන් ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ආර්ථික මානව විද්‍යාඥයෙකු සහ The Divide: A Brief හි කතුවරයා වන ජේසන් හිකල් පැවසීය.

දේශගුණික අර්බුදය මාරාන්තික අවධියකට පිවිසීමත්, මිලියන සංඛ්‍යාත ජීවිත සහ ජීවනෝපායන් අනතුරේ හෙළීමත් සමඟ, එවැනි තර්ක ඝෝෂාකාරී ලෙස වර්ධනය වීමට ඉඩ ඇත. ගෝලීය උණුසුම ඉහළ දමන සෑම අංශකයක්ම පාලනය කිරීම වැදගත් බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. සමානාත්මතා උද්ඝෝෂකයින් තර්ක කරන්නේ අඩු කළ හැකි සෑම ආදායම් පරතරයක් සඳහාම සටන් කිරීම වැදගත් වන බවයි. ශීඝ්‍රයෙන් පුළුල් වන දේශගුණික විපර්යාස නම් අගාධයෙහි කොපමණ සංඛ්‍යාවක් වැටේදැයි එවිට දැකගත හැකිවනු ඇත.

2023 නොවැම්බර් 20 වැනි දින The Gradian වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක සම්පූර්ණ පරිවර්තනයකි.

https://www.theguardian.com/environment/ng-interactive/2023/nov/20/the-great-carbon-divide-climate-chasm-rich-poor