ප්‍රතිඥා දී ඇත්තේ අපේක්ෂිත මුදලින් 0.2% ට වඩා අඩු ප්‍රමාණයක් 

මෙම සාකච්ඡා වලදී අප දුටු කුහකකම තමයි අලාභ සහ හානිය සඳහා මූල්‍යමය වගකීමක් ලෙස නොව පුණ්‍යකර්මයක් ලෙස සැලකීමේ සීමාවන් ගැන මෙය කථා කිරීම. බිලියන සිය ගණනක් මෙම අරමුලදට අවශ්‍ය වෙනවා. මෙය හිඟ වන තාක් කල් අපට මෙම අලාභ හා හානි අරමුදල සාර්ථක ලෙස හැඳින්විය නොහැකියි

දේශගුණික හදිසි අවස්ථා සඳහා වඩාත්ම වගකිව යුතු ධනවත් රටවල් මේ වන විට අලාභ හා හානි අරමුදලට ඩොලර් මිලියන 700කට වඩා වැඩි මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එය අපේක්ෂිත ආධාරවලින් 0.2% ට වඩා අඩු අගයකට සමාන බවයි දේශගුණික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඓතිහාසික පියවරක් ලෙස, ඩුබායි හි පැවති Cop28 සමුළුවේ පළමු දිනයේ ආරම්භක පූර්ණ රැස්වීමේදී අලාභ හා හානි අරමුදල එකඟ විය. ඒ සමග සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් දුෂ්කර ජයග්‍රහණයක් ලබා ගත් නමුත් සමස්තයක් ලෙස ඔවුන්ගේ අපේක්ෂා ඉටු වී නැත. ඊට හේතුව වන්නේ අලාභ හා හානි අරමුදලට අපේක්ෂා කළාට වඩා බෙහෙවින් අඩු මුදලක් සංවර්ධිත රටවල් විසින් ලබාදීමට ප්‍රතිඥා දීමය.

එක් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඇස්තමේන්තු කර ඇති පිරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල අලාභය සහ හානිය වසරකට ඩොලර් බිලියන 400 කට වඩා වැඩි වන අතර (එය ඉහළ යමින් පවතී) හානියේ වාර්ෂික පිරිවැය ඇස්තමේන්තු ඩොලර් බිලියන 100 සිට ඩොලර් බිලියන 580 දක්වා වෙනස් වී ඇත.

Cop28 සත්කාරක රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අලාභ හා හානි අරමුදලට ඩොලර් මිලියන 100ක් ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර ජර්මනිය විසින් ද එවැනිම මුදලක් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. පසුව ඉතාලිය සහ ප්‍රංශය මඳක් ඉහළට ගිය අතර, ඒ දෙරටම ඩොලර් මිලියන 108 ක් පොරොන්දු විය. ඓතිහාසික වශයෙන් නරකම හරිතාගාර වායු විමෝචකයා වන සහ මේ වසරේ විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා වන එක්සත් ජනපදය මේ වන විට ඩොලර් මිලියන 17.5ක් පමණක් පොරොන්දු වී ඇති අතර ජපානය ඩොලර් මිලියන 10ක් ඉදිරිපත් කර ඇත. ඩෙන්මාර්කය ඩොලර් මිලියන 50ක්, අයර්ලන්තය සහ යුරෝපා සංගමය ඩොලර් මිලියන 27ක්, නෝර්වේ ඩොලර් මිලියන 25ක්, කැනඩාව ඩොලර් මිලියන 12ක් සහ ස්ලෝවේනියාව ඩොලර් මිලියන 1.5ක් පොරොන්දු වී ඇත.

දේශගුණික කණ්ඩායම් 2000කට ආසන්න එකමුතුවක් වන Climate Action Network International හි ගෝලීය දේශපාලන උපාය මාර්ග ප්‍රධානියා වන හර්ජීත් සිං මෙසේ පැවසීය: “වාර්ෂිකව බිලියන සිය ගණනින් ඇස්තමේන්තු කර ඇති අරමුදලක් සඳහා වන දැවැන්ත අවශ්‍යතාවයට සාපේක්ෂව ඩොලර් මිලියන 700ක මූලික පොරොන්දු වඩාත් විහිළු සහගතයි. මෙම අරමුදල පිහිටුවීමේ වසර 30කට අධික කාලයක් ප්‍රමාද වුණා. ධනවත් ජාතීන්ගෙන්, විශේෂයෙන්ම විශාලතම ඓතිහාසික දූෂකයා වන එක්සත් ජනපදයෙන් ලැබෙන සොච්චම් දායකත්වය සමඟින් එහි අරමුණු සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ නිරන්තර නොසැලකිල්ලක් මේ හරහා සංඥා කරනවා’

මෙම ගිවිසුම අලාභ හා හානි අරමුදල් විධිවිධාන ස්ථාපිත කිරීමේ පළමු පියවරක් පමණි. ගෝලීය උණුසුම 1.5C දක්වා සීමා කිරීමේ බලාපොරොත්තුව සජීවීව තබා ගැනීමට ලෝකයට හැකි වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන ගෝලීය තොග ගැනීම (Global StockTake – GST) සමුළුව තුළ විස්තර දැන් සාකච්ඡා කෙරේ.

GST යනු පැරිස් සම්මුතියේ මූලික අංගයක් වන අතර, ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ සාමූහික ප්‍රගතිය ඇගයීම සඳහා පුළුල් සහ සවිස්තරාත්මක තක්සේරුවකි. මෙම ප්‍රතිඵලය රටවල් විසින් ඔවුන්ගේම පස් අවුරුදු දේශගුණ සැලසුම් මඟ පෙන්වීමට සහ වැඩිදියුණු කිරීමට භාවිතා කරනු ඇත. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල් අලාභ හා හානි සඳහා කොපමණ දායක විය යුතුද යන්න පිළිබඳව ශක්තිමත් සහ පැහැදිලි මග පෙන්වීමක් සඳහා තල්ලු කරයි.

පර්යේෂකයන්, නීතීඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්‍රියාකාරීන්ගේ ගෝලීය ජාලයක් වන Loss and Damage Collaboration හි Julie-Anne Richards මෙසේ පැවසුවාය: “වැඩිවෙන පාඩුව සහ හානිය පැරිස් ගිවිසුම ක්‍රියාත්මක නොවන බවටත් රටවල් පියවර නොගන්නා බවටත් පැහැදිලිවම පෙන්නුම් කරයි”

GST පිළිබඳ පළමු කෙටුම්පත පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලදී. කෙටුම්පතෙහි අලාභ හා හානිය පිළිබඳ වැදගත් භාෂාවක් ඇතුළත් විය. එය අනාගත අවශ්‍යතාවය දේශගුණය අවම කිරීම සහ අනුවර්තනය සඳහා අරමුදල් සමඟ සම්බන්ධ කළේය. අවසාන පාඨය බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ එනු ඇත.

Powershift Africa හි අධ්‍යක්ෂ මොහොමඩ් ඇඩෝ මෙසේ පැවසීය: “මෙහි පිහිටුවා ඇති අලාභ හා හානි අරමුදලත් සමඟ එම කතාව අවසන් වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර හොඳින් කළ කාර්යයක් සමඟ රටවලට තම පිටට තට්ටු කළ හැකියි. කෙසේ වෙතත්, අලාභය සහ හානි සඳහා බිල වැඩි වනු ඇත්තේ අනුවර්තනය වීමට ප්‍රමාණවත් ලෙස අරමුදල් නොලබන්නේ නම් සහ විමෝචනය හදිසියේ කපා නොදැමුවහොත් පමණයි. ඒවා ගෝලීය කොටස් ගැනීම තුළ සාකච්ඡා කෙරෙන ප්‍රහේලිකාවේම කොටසක්. එය හරියට තරාදි සමතුලිත කිරීම හා සමානයි. පොහොසත් ජාතීන් අනුවර්තනය සහ අවම කිරීම සඳහා වැඩි ආයෝජනයක් කරන්නේ නම්, එය පාඩු හා හානි වියදම් පාලනය කරනු ඇතැයි සිතිය හැකියි ” ඔහු තවදුරටත් පැවසීය.

කෙටුම්පත මේ මොහොතේ ඉතා දිගු වන අතර සමහර දේශගුණ විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවලට වැදගත් තොරතුරු මිරිකා ගත හැකි බවයි. “දැනට තියෙන භාෂාව හොඳයි. අපට එය නැති කර ගැනීමට හැකියාවක් නැහැ ”සිං පැවසීය.

ජාත්‍යන්තර පාරිසරික නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රචාරකයෙකු වන Lien Vandamme මෙසේ පැවසීය: “අලාභ හා හානිය අරමුදල් ලබා ගැනීම සහ ප්‍රජාවන් වෙත ළඟා වීමට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ පදනම මත, සංවර්ධිත රටවල් දෝෂ සහිත ව්‍යුහයක් හරහා තල්ලු කර තිබෙනවා. නමුත් මිලියන ගණනක් පොරොන්දු තිබුණා. මෙම සාකච්ඡා වලදී අප දුටු කුහකකම තමයි අලාභ සහ හානිය සඳහා මූල්‍යමය වගකීමක් ලෙස නොව පුණ්‍යකර්මයක් ලෙස සැලකීමේ සීමාවන් ගැන මෙය කථා කිරීම. බිලියන සිය ගණනක් මෙම අරමුලදට අවශ්‍ය වෙනවා. මෙය හිඟ වන තාක් කල් අපට මෙම අලාභ හා හානි අරමුදල සාර්ථක ලෙස හැඳින්විය නොහැකියි” ඇය තවදුරටත් පැවසුවාය.

https://www.theguardian.com/environment/2023/dec/06/700m-pledged-to-loss-and-damage-fund-cop28-covers-less-than-02-percent-needed