බාබඩෝස් සිට බෙලීස් දූපත් දක්වා දේශගුණය සහ සංරක්ෂණය පිළිබඳ ක්‍රියාමාර්ග සඳහා රාජ්‍යයන් විසින් ණය හුවමාරු කර ගැනීමට පටන් ගෙන තිබේ. නමුත් ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැඹුරු ප්‍රතිසංස්කරණයකින් තොරව මෙය කොතරම් දුරට සාර්ථක විය හැකි ද ?

දකුණු ඇමරිකාවේ වෙරළට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් පිහිටි ‘ගැලපගොස්‘ (Galapagos) නම් ගිනිකඳු දූපත් පිහිටා ඇත. අසාමාන්‍ය ජීවීන්ගෙන් පිරී ඉතිරී යන ජීවී විවිධත්වයකින් පිරිපුන් මෙම දූපත් චාල්ස් ඩාවින්ගේ සුප්‍රසිද්ධ පරිණාමවාදී න්‍යාය ඉදිරිපත් කිරීමට පිටුබලය සපයා ඇත. ඩාවින් තම නවතම න්‍යාය මඟින් යෝජනා කළේ තම වටපිටාවට වඩාත් අනුවර්තනය වූ ජීවී විශේෂයන් නොනැසී පවතිනු ඇති බවයි. දැන් මෙම දූපත් ඉතා සමකාලීන අනුවර්තන අත්හදා බැලීමකට සත්කාරකත්වය දරයි.

මීට වසරට පෙර, Galapagos දූපත් වල හිමිකාරීත්වය ඇති ඉක්වදෝරය වාර්තා ගත ගනුදෙනුවක් නිවේදනය කළේය. ඒ අනුව පුද්ගලික Credit-Suisse ආයෝජන බැංකුවේ සහ එක්සත් ජනපද සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ඩොලර් බිලියන 1.6ක “නිල් බැඳුම්කර / blue bond ගනුදෙනුවට ඉක්වදෝරය පිවිසියේය. මෙම ලාභ ණය හරහා වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 12ක් ගැලපගොස් දූපත් සමූහයේ සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා යොදවනු ලැබේ.

ස්වභාවධර්මය සඳහා ණය හෝ දේශගුණය සඳහා ණය හුවමාරුව (debt-for-nature or debt-for-climate swaps) ලෙස හැඳින්වෙන මෙම නව මූල්‍ය මෙවලම් දැඩි ලෙස ණයගැති බාබඩොස් – බෙලීස් වැනි රටවල් විසින් භාවිත කරනු ලැබේ. තවද, පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට මුදල් නිදහස් කිරීමේදී, ඇතැමුන් විශ්වාස කරන්නේ ඔවුන් පුළුල් ප්‍රශ්නයකට පිළිතුරේ කොටසක් ලෙස හැඩගැසෙන බවයි.

  • දේශගුණික අරමුදල් පරතරය වසා දැමීම

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට (r Economic Cooperation and Development – OECD) අනුව, ඉදිරි වසරවල දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය කිරීමට සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 2.4ක් අවශ්‍ය වේ. එහෙත් දුප්පත් ජාතීන්ට උණුසුම් ලෝකයකට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ධනවත් රටවල් මේ දක්වා ප්‍රමාණවත් පියවර ගෙන නැත. නැතහොත් එම ප්‍රතිඥා ප්‍රමාද වී ඇත. නව “අලාභය සහ හානි / loss and damage fund ” අරමුදලට පසුගිය දා අවසන් වූ COP28 හිදී ඩොලර් මිලියන 400ක් ප්‍රදානය කරන බවට ධනවත් රටවල් විසින් ප්‍රතිඥා දෙන  ලදි. නමුත් දේශගුණික විපර්යාස නිසා සෑම වසරකම මෙම ප්‍රතිඥා දුන් මුදල මෙන් 1,000 ගුණයක් සංවර්ධන වෙමින් පවතින රටවලට අහිමි වන බව ඇස්තමේන්තු කර ඇත.

ඡායාරූප සටහන – Galapagos යෝධ කැස්බෑවා දූපත් සමූහයට ආවේණික බොහෝ විශේෂ වලින් එකකි. ඔවුන් දැන් ලෝකයේ විශාලතම ණය-ස්වභාවික හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබයි

ගංවතුරෙන් ආරක්ෂා වීමට කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම හෝ ආහාර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා / improve food system resilience කෘෂිකර්මාන්තය ප්‍රතිස්ථාපනය කිරීම වැනි ස්වභාවික ආරක්‍ෂාව ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා අලාභය හා හානි මුදලින් අරමුදල් සැපයිය හැකිය.

එහෙත් සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට ඉහත දක්වන ලද මාරුවීම් සඳහා මුදල් යෙදවීමට හැකි තත්ත්වයක නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල් දැනටමත් දැඩි ණය බරින් මිරිකී සිටින අතර එම ණය බර වාර්ෂිකව ඉහළ යමින් පවතී. දැනටමත් සමහර රටවල් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා වියදම් කරන මුදලට වඩා සුවිශාල මුදලක් ණය හිමිකරුවන් වන සංවර්ධිත රටවලට ගෙවමින් සිටී.

අද දවසේ බොහෝ ආර්ථික අවදානම් තත්ත්වයන් ඇති වන්නේ බාහිර කම්පන නිසා මිස දුර්වල සාර්ව කළමනාකරණයෙන් නොවන බව, දේශගුණික මූල්‍ය පිළිබඳ UN හි ස්වාධීන ඉහළ මට්ටමේ කණ්ඩායමේ සම සභාපති ( Co-chair of UN’s independent high level group on climate finance) Vera Songwe පෙන්වා දෙයි. Covid-19 වසංගතයේ සිට යුක්රේනයේ යුද්ධය ඇතුළු  දේශගුණික විපත් දක්වා වූ මෑත කාලීන ගෝලීය සිදුවීම් හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති අතර බොහෝ රටවල් පොලී අනුපාත ඉහළ නංවා ඇත. එහි ප්‍රතිඵලය වන්නේ බොහෝ දුප්පත් ජාතීන්ගේ ණය බර අහස උසට නැඟීමය. එහිදී ඔවුන් අත වරදක් නැත.

“අපි ණය ප්‍රශ්නය විසඳන්නේ නැත්නම් අපිට දේශගුණික ප්‍රශ්නය විසඳන්න බැහැ,” කෙන්යාවේ ජනාධිපතිවරයා මෑතකදී කතාව සාරාංශ කළේය.

ණයගැති ජාතීන්ට ණය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමට හැකි එක් මාර්ගයක් වන්නේ ඉන්ධන, වනාන්තර හෝ මාළු වැනි ප්‍රාථමික සම්පත් අපනයනය ඉහළ නැංවීමයි. නමුත් දේශගුණික ක්‍රියාමාර්ගයකින් තොරව ණය ස්ථාවර කළ නොහැකිය. මන්ද දේශගුණයට සම්බන්ධ ව්‍යසනයන් ඇති වූ විට ආර්ථිකයන් තවදුරටත් පීඩාවට පත් වේ. ඉතාම දරුණු ලෙස ණයගැති රටවල් අතරින් 28ක් දැනටමත් වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි අවදානමක සිටී.

ඉක්මනින් ණය සහන අවශ්‍ය වන්නේ “ගැඹුරු වන සංවර්ධන අර්බුදයක් වැළැක්වීම සඳහාය”එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මේ වන විටත් අනතුරු අඟවා ඇත.

  • සොබාදහම සමඟ බැඳීම

මෙම ඒකාබද්ධ ස්වභාවය දේශගුණ විපර්යාස සහ ජීවන වියදම් අර්බුද මධ්‍යයේ දුප්පත් ජාතීන් සඳහා ණය හුවමාරු කිරීමේ පිළිතුරක්ද ?

2015 දී සීෂෙල්ස් නව සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ 13ක් නිර්මාණය කිරීම සඳහා හිලව් වශයෙන් ඩොලර් මිලියන 22ක පමණ ණය කපා හැරීමක් ලබා ගත්තේය. එහිදී මසුන් ඇල්ලීම, තෙල් ගවේෂණය සහ අනෙකුත් සංවර්ධන කටයුතු තහනම් කර හෝ දැඩි ලෙස සීමා කර ඇත. බෙලීස් රාජ්‍යය 2021 දී ඩොලර් බිලියන භාගයක් පැහැර හැරීමට ආසන්නව සිටි නිල් බැඳුම්කරයක් හරහා එම ණය හිලව් කිරීමට පියවර ගත්තේය. මේ අතර කේප් වර්ඩ් වෙත ලැබිය යුතු ඩොලර් මිලියන 650ක් දූපත් සමූහයට නැවත ආයෝජනය කිරීමට පෘතුගාල රජය පොරොන්දු විය.

නව ලාභදායී ණය, රටවලට අර්ධ වශයෙන් සහතික කිරීම මගින් වඩා මිල අධික ණය හිමියන්ට ගෙවිය හැකි අතර ඉතිරිකිරීම් සමුද්‍ර ආරක්ෂාව සඳහා යෙදවිය හැකිය. මෙය “රාජ්‍ය නොවන සංවිධානයකට හරි අමුතු දෙයක් බව දේශගුණික මූල්‍ය විශේෂඥයෙකු වන පිලිප් බ්‍රවුන් කියයි.  ඔවුන් බැංකු නොවන බැවින් සහ ඔවුන්ගේ ශේෂ පත්‍රය සීමිත බැවින් එය සිදුවන බ්‍රවුන් කියයි. තවද, මෙම නව සංකල්පය සංරක්ෂණයට උපකාර වන බවට අදහස් තිබේ. සමාරම්භක බලපෑම් වාර්තාවකට අනුව බෙලීස් ගනුදෙනුව දැනටමත් එහි සාගර ආරක්ෂණ කලාපය පුළුල් කිරීමට සහ පොදු ඉඩම් කඩොලාන රක්ෂිත ලෙස නම් කිරීමට හේතු වී ඇත. මේ අතර, නව සංරක්ෂණ ප්‍රයත්නය දිගු කලක් ක්‍රියාත්මක වූ සීෂෙල්ස් හි, වර්ග කිලෝමීටර 400,000ක් දැන් ආරක්ෂා වී ඇති අතර නිල් තල්මසුන් නැවත පැමිණ ඇත.

ඡායාරූපය – 2021 දී, බෙලීස් විසින් ඉතිරිකිරීම් සංරක්ෂණය සඳහා වූ අරමුදලක් බවට පත් කරන ලද නිල් බැඳුම්කරයක් නිර්මාණය කිරීමෙන් එහි ණය හැකිලී ඇත

බෙලීස් හි නව අරමුදලේ පළමු ප්‍රතිලාභීන් අතර MarAlliance වේ. එය සමුද්‍ර සංරක්ෂණ විද්‍යාඥ රේචල් ග්‍රැහැම් විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන ආයතනයකි. ඔවුන්ට වසර තුනක් සඳහා ප්‍රදානය කර ඇති ඩොලර් 327,000ක මුදල Gladden Spit සහ Silk Cayes සමුද්‍ර රක්ෂිතය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරී වනු ඇත. මෙම සාගර ප්‍රදේශ වල බිත්තර දමන වරල් මාළුන්ගේ අසාමාන්‍ය ලෙස විශාල ජනගහණයක් වාසය කරන අතර, තල්මසුන් මෝරුන් නැරඹීම සඳහා පෝෂණ මධ්‍යස්ථානයක් විය. වසර 20කට පෙර, ග්‍රැහැම්ගේ පර්යේෂණ ප්‍රදේශය විශේෂ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපකාරී විය. එය තිරසාර නොවන දේශීය ධීවර රැකියා සංචාරක අවස්ථා සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට ද උපකාරී විය. කෙසේ වෙතත් (එතැන් සිට) කළමනාකාරිත්වය පහව ගොස් ඇති අතර දඩයම් කිරීම වැඩි වී ඇත.

“අපි පැටවුන් බිහිකිරීම් වල තත්වය තක්සේරු කිරීමට සහ මෝරුන් නොපැමිණෙන්නේ මන්දැයි අධ්‍යයනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දේශීය සහ ජාතික සංරක්ෂණ ඉලක්ක සපුරාලීමට උපකාර කිරීම සඳහා අපි ආරක්ෂිත ප්‍රදේශය පුළුල් කළ යුතුද? ප්‍රජා සහභාගීත්වය, වෙබ් අඩවිය කළමනාකරණය කිරීම සහ ආරක්ෂාව බලාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයට සහාය වීමට අපට උදවු කළ හැකිද? දේශගුණික විපර්යාස වාසස්ථාන සහ මත්ස්‍ය සම්පතට බලපාන්නේ කෙසේද? මේ අප විසඳන ප්‍රශ්න කිහිපයක්” ග්‍රැහැම් පවසයි.

නව අරමුදල් මෙම අභියෝගවලට පිළිතුරු සෙවීමට උපකාර විය යුතුය. නමුත් දැනට පවතින යාන්ත්‍රණයේ අඩුපාඩු ද ඇති බව ග්‍රැහැම් අවධාරණය කරයි. නිරන්තරයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතා හේතුවෙන් වැඩ ප්‍රමාද කරන අතර අමතර පරිපාලන වියදම් දැරීමට නොහැකි කුඩා ලාභ නොලබන ආයතනවලට ප්‍රදාන සඳහා ඉල්ලුම් කළ හැකි අවස්ථා සීමා කරයි.

“අපට කාලය ඉවරයි: අපි දැන් විසඳුම් ක්‍රියාත්මක කළ යුතුයි.” ග්‍රැහැම් පවසයි.

  • අසාධාරණය අවලංගු කිරීම

කෙසේ වෙතත්, එවැනි ණය හුවමාරුව හොඳ ප්‍රවේශයක් යැයි සෑම දෙනාම සිතන්නේ නැත. පරිපාලනමය ගැටලු පසෙක තබා, ඒවායේ බලපෑම පිළිබඳව පුළුල් ප්‍රශ්න තවමත් පවතී.

ගනුදෙනුවලට ඉහළ ගණුදෙණු පිරිවැයක් තිබිය හැකි අතර ජාතියක ණය ගැටලුවලට ඔවුන් විසින්ම පිළිතුරු නොදෙන බව එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයති ගෝෂ් අනතුරු අඟවයි. රටට ලැබෙන ණය සහන ප්‍රමාණය ආන්තික වන අතර, ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැති අතර, රටකට පාඩු හා හානි වියදම් සමඟ කටයුතු කිරීමට හෝ නිසි දේශගුණික අවම කිරීමකට පවා ඉඩ දීමට තරම් මුදල් ප්‍රමාණවත් නොවන බව ඇය පවසයි.

නමුත් ග්‍රැහැම් පෙන්වා දෙන්නේ ඔවුන්ට මෙතෙක් සිදු නොකළ වෙනත් මැදිහත්වීම් කිහිපයක් කළ හැකි බවයි. “සංරක්‍ෂණ හෝ දේශගුණික මූල්‍ය යාන්ත්‍රණයක් ලෙස මෙම ණය-ස්වභාවධර්ම හුවමාරුව වෙළඳපොලේ පවතින විකල්ප සමඟ සසඳන විට ඇත්ත වශයෙන්ම අසාමාන්‍ය ලෙස කාර්යක්ෂම බෙදා හැරීමේ යාන්ත්‍රණයක්”  ඔහු පෙන්වා දෙයි.

ඡායාරූප සටහන – බෙලීස් හි ස්වභාවධර්මය සඳහා වූ ණය ගනුදෙනුවක් දැනටමත් රටේ සාගර ආරක්ෂණ කලාපය පුළුල් කිරීමට හේතු වී තිබේ

තවත් විකල්පයක් වන්නේ ණයවලින් සැලකිය යුතු කොටසක් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමයි. 1950 ගණන්වල ජර්මනිය ජාතික ණය වලින් අඩක් අතුගා දැමීමෙන් නාසිවාදයට නැවත පැමිණීම වැළැක්වීමට පියවර ගත්තේය. නමුත් සමහර ප්‍රචාරකයින් තර්ක කරන ආකාරයට ණය අවශ්‍ය රටවල ණය අවලංගු කළ යුතු අතර, ආධාර ණය නොව ප්‍රදාන ආකාරයෙන් ලබා දිය යුතුය. ආර්ථික විද්‍යාඥයින්, දේශගුණ විශේෂඥයින් සහ ක්‍රියාකාරීන් 500කට වැඩි පිරිසක් මෑතකදී විවෘත ලිපියක් අත්සන් කරමින් මේ බව අවධාරණය කර ඇත.

“ගෝලීය විමෝචන සඳහා අවම දායකත්වයක් ඇති, අධික ලෙස සූරාකෑමට ලක් වූ ජාතීන් මත දේශගුණික විපර්යාසවල අසමාන බර පිළිගැනීම සඳහා දේශගුණික ණය ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. යටත් විජිත උරුමයන් හරහා දිගටම පවතින බරපතල අසමානතාවයට අපි මුහුණ නොදුන්නේ නම් දේශගුණික අර්බුදයට එරෙහිව අපට අවස්ථාවක් නොලැබෙනු ඇත.” දේශගුණික ක්‍රියාකාරිනියක වන අනුනා ඩි වෙවර් පවසයි.

එහෙත් ජාතියක ණය එකහෙළාම අවලංගු කිරීම දැන් පවතින ණය හිමියන්ගේ විවිධත්වය මගින් සංකීර්ණ වේ. ඊට අමතරව, එය වළක්වා ගත හැකි අය සඳහා, පැහැර හැරීම හෝ ණය අවලංගු කිරීම වඩාත් කැමති විකල්පය නොවන බවට Songwe අනතුරු අඟවයි. බොහෝ අප්‍රිකානු රටවල් ඔවුන්ගේ සාර්ව කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට සහ වෙළඳපළ ප්‍රවේශය ලබා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ඔවුන්ට එය නැති කර ගැනීමට අවශ්‍ය නැති බව වෙවර් පෙන්වා දෙයි.

‘අවලංගු කිරීම ප්‍රයෝජනවත් සහ වැදගත් දෙයක්. ඇත්ත වශයෙන්ම අරගල කරන සමහර ජාතීන් සඳහා එය වැදගත් විය හැකියි. නමුත් සියල්ලන්ටම එය කළ හැකි හෝ වැදගත් නැහැ‘ ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි.

  • තරඟකාරීත්වය නොව සහයෝගිතාව

ඒ වෙනුවට, පුළුල් ප්‍රතිසංස්කරණ මෙනුවක් ණය වඩාත් දැරිය හැකි බවට පත් කිරීමට සහ ඒ සමඟම දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතනවලට ප්‍රාග්ධන වෙළඳපොළවලට වඩා අඩු මිලට ණය දීමට හැකිය. තවද මෙම වසරේ පැරිසියේ පැවති ගෝලීය මූල්‍ය සමුළුවේදී බෙලිස් අගමැති මියා මොට්ලි (Mia Mottley) ලෝක නායකයින්ට මතක් කළ පරිදි, ඔවුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී ලෝකයට උපකාර කිරීම සඳහා වහාම කටයුතු කළ යුතුය.

ඡායාරූප විස්තරය – දේශගුණික විපත්තියක් ඇති වුවහොත් ණය ආපසු ගෙවීමේ ස්වයංක්‍රීය විරාමයක් සහ ණය කාලය දීර්ඝ කරන ලෙස බාර්බඩෝස් අගමැති මියා මොට්ලි ඉල්ලා ඇත.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතනවලට ප්‍රාග්ධන වෙළඳපොළවලට වඩා අඩු මිලට ණය දීමට හැකිය. තවද මෙම වසරේ පැරිසියේ පැවති ගෝලීය මූල්‍ය සමුළුවේදී බෙලිස් අගමැති මියා මොට්ලි (Mia Mottley) ලෝක නායකයින්ට මතක් කළ පරිදි, ඔවුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී ලෝකයට උපකාර කිරීම සඳහා වහාම කටයුතු කළ යුතුය.

“දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට අප සිටින්නේ දෙවන ලෝක යුද්ධයට සමාන මොහොතකයි” ඇය ලෝක නායකයින්ට පෙන්වා දුන්නාය.

පැරිස් සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස කිසිදු ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් සිදු නොවීය. නමුත් ප්‍රධාන පරිත්‍යාගශීලී පදනම් රාශියක් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් බ්‍රිජ්ටවුන් මුලපිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය සංඥා කර ඇත. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලයක් ඇතුළු සභාග සහ ආයතන සමූහයක් දැන් සමාන යෝජනා ඉදිරිපත් කරමින් සිටිති.

මෙම යෝජනාවලින් එකක් වන්නේ කෙටි කාලීන ද්‍රවශීලතා බෆර / liquidity buffers නිර්මාණය කිරීමය. උදාහරණයක් ලෙස ණය සේවා යාන්ත්‍රණයක් හරහා ඔවුන්ගේ ණය ප්‍රතිප්‍රෝෆයිල් කරන බවත්, එවිට ණයගැති ජාතීන්ට ඉතිරිකිරීම් නැවත වර්ධනයට ගෙන ඒමට සහ ඔවුන්ගේ ණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට ගෙන ඒමට හැකි වන පරිදි ණය ආපසු ගෙවීම පහසු කරවන බව Songwe පවසයි. තවත් දෙයක් නම්, ජාතීන්ට ණය නිරාකරණයට ප්‍රවේශ විය හැකි කාලය වේගවත් කිරීමය.

තවත් යෝජනාවක් වන්නේ UN’s ජාත්‍යන්තර මූල්‍ය අරමුදල special drawing rights  නිකුත් කරන ආකාරය ප්‍රතිසංස්කරණය කිරීමට දිරිමත් කිරීමයි. මෙම සංචිත වත්කම් කෝටා වලින් මුදා හරින අතර IMF හි අඩු පොලී අනුපාතයට දෘඪ මුදල් සඳහා වෙළඳාම් කළ හැකිය. ඒවා දේශගුණික තර්ජනවලට මුහුණ දෙන හෝ ආපදාවලින් පසුව දුක් විඳින රටවලට නිතිපතා සහ තෝරා බේරා නිකුත් කරනු ලැබුවහොත්, ඒවා වඩාත් ඵලදායී විය හැකි බව Ghosh තර්ක කරයි.

ඉතින් මේ සියල්ල ස්වභාවධර්මය සඳහා ණය හුවමාරු කර ගන්නේ කොහේද?

“සංරක්‍ෂණය වැනි සාම්ප්‍රදායිකව අඩුවෙන් අරමුදල් සපයන ප්‍රදේශ වෙත ඔවුන් සම්පත් නිදහස් කරන බැවින්, ඒවා වැදගත් මෙවලමක් විය හැකියි. නමුත් ඒවා ස්වෛරී ණය පියවීම සඳහා යෙදවිය යුතු උපකරණ පරාසයක එක් මෙවලමක් පමණි.” බොස්ටන් විශ්ව විද්‍යාලයේ Global Economic Governance Initiative හි සහකාර අධ්‍යක්ෂ Rishikesh Bhandary පවසයි.

මෙම වසරේ COP28 හිදී කොලොම්බියාව, කෙන්යාව සහ ප්‍රංශය දේශගුණය සහ ස්වභාවය මත විශේෂඥ ණය සමාලෝචනයක් ප්‍රකාශයට පත් කළේය. යෝජනා පරාසය ක්‍රියාවක් බවට පත් කිරීමට තවමත් ක්‍රමයක් තිබෙන අතර, ප්‍රතිසංස්කරණ සඳහා වන විවිධ ඉල්ලීම් සියල්ලම යෝජනා කරන්නේ ණය සහ දේශගුණික අර්බුද වෙන්වීමට වඩා එකට විසඳා ගැනීමට වඩා හොඳ අවස්ථාවක් බවයි.

ඩාවින්ගේම වචන වලින් කිවහොත් “මනුෂ්‍ය වර්ගයාගේ (සහ සත්ව වර්ගයාගේ ද) දිගු ඉතිහාසය තුළ සහයෝගීව කටයුතු කිරීමට සහ වඩාත් ඵලදායී ලෙස වැඩිදියුණු කිරීමට ඉගෙන ගත් අය ජයගෙන ඇත”.

https://www.bbc.com/future/article/20231212-what-if-the-world-cancelled-debt-for-climate-and-nature