පසුගිය වසර 120,000 තුළ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කුරුළු විශේෂවලින් 12%ක් පමණ වඳ වී ගොස් ඇති බව විද්‍යාඥයින් පවසයි.

ලෝකයේ පක්ෂි විශේෂවලින් 12%ක් පමණ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී ගොස් ඇති බව නව පර්යේෂණයකින් සොයාගෙන ඇත. එය පෙර ඇස්තමේන්තු දෙගුණයක් වීම විශේෂත්වයකි.

පසුගිය දා Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය ඇස්තමේන්තු කර ඇත්තේ වසර 120,000කට පමණ පෙර ආරම්භ වූ ප්ලයිස්ටොසීන යුගයේ අවසාන කාලයේ සිට පක්ෂි විශේෂ 1,430 ක් පමණ වඳ වී ගොස් ඇති බවයි.

ෆොසිල හෝ වෙනත් වාර්තා භාවිතයෙන් හඳුනාගෙන ඇති පක්ෂි වඳවීම් විශේෂ 640ක් පමණ වේ. නව ඇස්තමේන්තුවට සිද්ධිය වාර්තා නොකර වඳ වී ගිය පක්ෂීන් ඇතුළත් වේ. (විද්‍යාඥයන් අඳුරු වඳවීමක් / dark extinction ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි)

“ඩොඩෝ (dodo) වැනි සංකේතාත්මක පක්ෂීන් අපට අහිමි වී ඇති බව අපි දන්නවා. නමුත් අපට අවශ්‍ය වූයේ අප නොදැන සිටි පක්ෂීන් වඳ වී යාම පිළිබඳ වඩා හොඳ තක්සේරුවක් ලබා ගැනීමටයි” යැයි අධ්‍යයනයේ කර්තෘවරයා වන, එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව සහ ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ පාරිසරික ආකෘති නිර්මාණකරුවෙකු වන ආචාර්ය රොබ් කුක් පැවසීය.

නොදන්නා වඳ වී ගිය (unknown extinctions) සංඛ්‍යාව ගණනය කිරීම සඳහා කුක් සහ ඔහුගේ කණ්ඩායම සංඛ්‍යානමය ආකෘතියක් භාවිතා කරමින් වඳ වී ගොස් ඇති බව දන්නා පක්ෂි විශේෂ 640ක් හඳුනා ගත්හ. මෙම ආකෘතිය නවසීලන්තය කුරුලු විශේෂ අහිමි වීම සඳහා මූලික පදනම ලෙස භාවිතා කළේ නවසීලන්තයයි. ඊට හේතුව වූයේ නවසීලන්තය තුළ නොදන්නා වඳ වී යාම ශුන්‍ය වීමය.

“අපේ මිනුම් ලකුණ වුණේ නවසීලන්තයයි. සොයාගත් පොසිල සහ පක්ෂි නිරීක්ෂණ මත පදනම් වූ වඩාත්ම සම්පූර්ණ පක්ෂි වාර්තාව ඔවුන් සතුව තිබෙනවා. එබැවින් එය ශුන්‍ය ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකියි. නවසීලන්තයේ නිරීක්ෂණය නොකළ කිසිවක් නැහැ” කුක් පැවසුවේය.

නවසීලන්ත දත්ත උපයෝගී කරගනිමින් කුක් ඇතුළු  කණ්ඩායම දූපතක ජීවී විශේෂ කීයක් ජීවත් වන්නට ඇත්දැයි ඇස්තමේන්තුවක් නිර්මාණය කළේය. පසුව ඔවුන් දන්නා වඳ වී ගිය සංඛ්‍යාව සහ ඉතිරි ජීවමාන පක්ෂීන් සංඛ්‍යාව අඩු කළහ. එහි ප්‍රතිඵලය වන්නේ සොයා නොගත් වඳ වී යෑම් සංඛ්‍යාවයි.

සංක්‍රමණික නොවන පක්ෂීන්ට පහසුවෙන් විසිර යා නොහැකි නිසා අධ්‍යයනයෙන් දූපත් කුරුළු ගහනය කෙරෙහි අවධානය යොමු විය. “වඳ වී යෑම් අධ්‍යයනය කිරීමට හොඳම ස්ථානය දූපත්. වඳ වී යාමෙන් 90%ක් දූපත් වල තිබෙනවා. ඊට හේතුව දූපත් පක්ෂීන්ට යාමට වෙනත් තැනක් නොමැති වීමයි” කුක් පැවසීය.

වන විනාශය, අධික ලෙස දඩයම් කිරීම, ලැව්ගිනි සහ ආක්‍රමණශීලී විශේෂ පක්ෂි විශේෂ නැතිවීමට ප්‍රධාන හේතු බව කුක් පැවසීය.

නව පක්ෂි විශේෂ වඳ වී යාමේ එකතුව 1,430 කට වඩා අඩුවිය හැකි බව කුක් පැවසීය. “අලාභ ඊටත් වඩා වැඩි විය හැකියි. සමහර විට 2,000 දක්වා විය හැකියි. නමුත් අපට ගතානුගතික වීමට අවශ්‍ය වුණා”

14 වැනි ශතවර්ෂයේ දී ප්‍රධාන වඳවීමේ සිදුවීම් සිදු වූ බව පර්යේෂකයින්ගේ නිගමනය විය.

 “මේ දක්වා වාර්තා වී ඇති විශාලතම මිනිසා විසින් මෙහෙයවනු ලබන පෘෂ්ඨවංශික වඳවීමේ තරංගය ආරම්භ වුණේ 14 වැනි ශතවර්ෂයේදීයි. නැඟෙනහිර පැසිෆික් කලාපයේ ස්වභාවික වඳවීමේ අනුපාතය මෙන් 100 ගුණයකින් පමණ විශේෂ විනාශ වීමට මිනිස් මැදිහත් වීම් හේතු වී තිබෙනවා. වන විනාශය සහ ආක්‍රමණශීලී විශේෂ හඳුන්වාදීම නිසා වඳ වී යාම වේගවත් වූ අතර මානව ජනාවාස විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවා” කුක් පෙන්වා දුන්නේය.

කුරුළු විශේෂ වඳ වී යාම කුරුළු විශේෂ වල ස්වභාවය, පාරිසරික විවිධත්වය සහ පරිණාමීය ඉතිහාසය පිළිබඳ අපගේ අවබෝධය සඳහා පාඩුවක් බව අදාළ වාර්තාව පවසයි.

කුක් මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය, “අපි තේරුම් ගන්නවාට වඩා ලෝකය හිස්ව තිබෙනවා. මෙම අතුරුදහන් වූ කුරුල්ලන් අපගේ පරිකල්පනයට පාඩුවක්”

පර්යේෂණවලින් පෙනී යන්නේ, දේශගුණික අර්බුදය, ආහාර ප්‍රභවයන් අඩුවීම සහ වන විනාශය හේතුවෙන් වැඩිවන පීඩනයකට මුහුණ දෙන විශේෂයන් සමඟ, ඉදිරි වසර සිය කිහිපය තුළ තවත් පක්ෂි විශේෂ 669 සිට 738 දක්වා ලෝකය අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

පුළුල් පරිසරය තුළ මෙම පක්ෂීන් ඉටු කළ යුතු වැදගත් භූමිකාවන් ද මේ සමග අතුරුදහන් වේ. පෘථිවි පරිසර පද්ධතිවල බීජ ව්‍යාප්ත කිරීම, ශාක පරාගණය කිරීම, මළකුණු පිරිසිදු කිරීම සහ කොරල්පර සහ ඒවායේ අසූචිවලින් ගොඩබිම සාරවත් කිරීමට කුරුල්ලන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

දන්නා පක්ෂි විශේෂ අලාභයන් අතර “ශාක ව්‍යුහයට, විවිධත්වයට සහ පරිසර පද්ධතියේ ගතිකත්වයට බලපෑ මැඩගස්කරයේ අලි කුරුල්ලන් (Aepyornithidae) වැනි වඳ වී ගිය මහා ශාක භක්ෂකයින්, Haast’s eagle  වැනි වඳ වී ගිය ගුවන් විලෝපිකයින් සහ Seychelles parakeet වැනි වඳ වී ගිය බීජ විසුරුවන්නන් ඇතුළත් වේ.

පර්යේෂණයට සම්බන්ධ නොවූ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ජෛව විවිධත්වය පිළිබඳ ආචාර්ය ඇලෙක්සැන්ඩර් ලීස් මෙසේ පැවසීය: “අපි කුරුළු විශේෂ වඳවීමේ අර්බුදය වැරදි ලෙස මැනිය හැකි බව අධ්‍යයනයෙන් හෙළිදරව් වීම මා පුදුමයට පත් කරන්නේ නැහැ. බොහෝ පක්ෂීන්ට ඉතා කුඩා අස්ථි ඇති අතර පහසුවෙන් පොසිල බවට පත් වන්නේ නැහැ. බොහෝ දූපත් පොසිල සෑදීමට තරම් හිතකර නැහැ. බොහෝ තැන්වල කිසිවෙක් ෆොසිල ගැන සොයා බැලුවේ ද නැහැ”

ඇස්තමේන්තුගත පක්ෂි වඳවීමේ අනුපාතය මොලස්කාවන් වඳ වී යාමේ මෑත ඇස්තමේන්තු සමඟ සමපාත වන අතර, “වඳවීමේ අර්බුදය ආසන්න කිරීමට සහ අපට අහිමි වී ඇති දේ තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් ක්‍රමයක්” බව ආචාර්ය ඇලෙක්සැන්ඩර් ලීස් පැවසීය.

ලෝකය සාමාන්‍ය පරිදි පැවතුනහොත් අනාගත වඳවීම් දිගටම පවතිනු ඇතැයි කුක් පැවසීය. එම විද්‍යාඥයින් කණ්ඩායම විසින් කරන ලද පෙර පර්යේෂණවලින් පෙනී යන්නේ, දේශගුණික අර්බුදය, ආහාර ප්‍රභවයන් අඩුවීම සහ වන විනාශය හේතුවෙන් වැඩිවන පීඩනයකට මුහුණ දෙන විශේෂයන් සමඟ, ඉදිරි වසර සිය කිහිපය තුළ තවත් පක්ෂි විශේෂ 669 සිට 738 දක්වා ලෝකය අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

“මෑතකාලීන සංරක්ෂණ වැඩසටහන් සමහර පක්ෂි විශේෂයන් ඉතිරි කර ඇති අතර, ප්‍රාදේශීය ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වාසස්ථාන ප්‍රතිසාධනය සමඟ කුරුල්ලන් ආරක්ෂා කිරීමට අපි දැන් උත්සාහයන් වැඩි කළ යුතුයි. පක්ෂි විශේෂ සඳහා අනාගතය අපට භාරයි”,ඔහු තවදුරටත් පැවසීය.

https://www.theguardian.com/environment/2023/dec/19/human-driven-extincition-of-bird-species-twice-as-high-as-thought-study-says-aoe