නැවත ගොඩනැංවීමේ හැකියාව අඩු හෝ දේශගුණික අර්බුදයට අවම වශයෙන් දායක වූ රටවල් දේශගුණික අර්බුදයෙන් වඩාත් දරුණු ලෙස පීඩා විඳින බව පර්යේෂණ හෙළි කරයි

2023 වසරේ මිල අධිකම දේශගුණික විපත් 20ක ලැයිස්තුවක විශ්ලේෂණයකට අනුව වැඩිම හානියක් සිදුව ඇත්තේ දුප්පත් රටවල බව වාර්තා වේ.

Christian Aid found නම් පුණ්‍යායතනය විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වූයේ විනාශකාරී ලැව්ගිනි සහ විනාශකාරී ගංවතුර හානිවලට බහුලවම ගොදුරු වූයේ දේශගුණ අර්බුදයට අවම වශයෙන් දායක වූ රටවලට බවයි. පේරු හි ගංවතුර හේතුවෙන් හා හවායි ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකුට ඩොලර් 4,000 කට වඩා වැඩි මුල්‍ය හානියක් සිදුව ඇති බවට වාර්තාව විසින් ගණන් බලා ඇත.

පසුගිය වසර තුළ රටවල් 14කට බලපෑ දේශගුණික බිඳවැටීම් හේතුවෙන් උග්‍ර වූ ස්වභාවික විපත් 20ක් පර්යේෂණය මගින් විමර්ශනය කරන ලදී. ඉහළම ඒක පුද්ගල පිරිවැය වූයේ අගෝස්තු මාසයේ හවායි හි ඇති වූ ලැව්ගිනි වන අතර, එය මැයි මාසයේ ගුවාම්හි කුණාටු හේතුවෙන් එක් පුද්ගලයෙකුට ඩොලර් 1500කට ආසන්න වියදමක් දැරූ දෙවන වියදම් ඉක්මවා යයි.

පසුගිය 26 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණ පෙන්වා දෙන්නේ වඩාත් නරක යටිතල පහසුකම් සහ දුර්වල නිවාස ඇති රටවල් විශාල මූල්‍ය පිරිවැයකට මුහුණ දෙන බවයි. මිනිසුන් වැඩිම පිරිවැයකට මුහුණ දුන් ප්‍රදේශ බහුලව කෘෂිකාර්මික කටයුතු සිදුවන ප්‍රදේශ වේ. කෘෂිකර්මාන්තය පහසුවෙන්  ආන්තික කාලගුණයට ගොදුරු විය හැකි අතර හානි වැළැක්වීමට හෝ නැවත ගොඩනැගීම සඳහා රජය ආයෝජනය කිරීමට ඇති ඉඩකඩ ද සැලකිය යුතු ලෙස අඩුය.

Christian Aid found හි ප්‍රධාන විධායක පැට්‍රික් වොට් මෙසේ පැවසීය: “දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ගත් කල, දුප්පතුන්ට එරෙහිව ක්‍රියාත්මක වන දුෂ්ඨ චක්‍රයක් තිබෙනවා. දුප්පත් රටවල මිනිසුන් බොහෝ විට දේශගුණය ආශ්‍රිත ව්‍යසනයන් සඳහා අඩුවෙන් සූදානම් වන නමුත් සිදුවන ව්‍යසනයකදී නැවත ගොඩනැගීමට ඔවුනට ඇති හැකියාව සීමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ මිනිසුන් වැඩි ප්‍රමාණයක් මිය යාම, ප්‍රකෘතිමත් වීම මන්දගාමී සහ අසමාන වීමයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන් ගැටලුවට සුළු වශයෙන් දායක වී තිබීම ද්විත්ව අසාධාරණයක් ලෙස ද සැලකිය හැකියි. කාබන් විමෝචනය කපා හැරීමට සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීමට, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු කඩිනම් පියවර ගත යුතුයි. මිනිසුන්ට අනුවර්තනය විය හැකි ප්‍රමාණයෙන් ඔබ්බට යන බලපෑම්, දුප්පත්ම රටවලට ඔවුන් විසින් සිදු නොකරන අර්බුදයක ප්‍රතිවිපාක සඳහා වන්දි ගෙවීම සඳහා පාඩු හා හානි අරමුදලට සම්පත් ලබා දීමට ධනවත් රටවල් පියවර ගත යුතුයි”

අඩු පොසිල ඉන්ධන විමෝචනය කරන නමුත් දේශගුණික බිඳවැටීමේ බර උසුලන රටවලට ධනවත්, දූෂිත රටවලින් ගෙවන පාඩු සහ හානිය මෑත වසරවල දේශගුණ සාකච්ඡාවල කොටසක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් නිවැරදි කිරීමට අතිශයින් මිල අධික වූ ආපදාවලට මුහුණ දීමෙන් පසු දේශගුණික යුක්තිය ඉල්ලා ඇත. මේ වසරේ ඩුබායි හි පැවති Cop28 දේශගුණ සමුළුවේදී, දේශගුණික හදිසි අවස්ථා සඳහා වඩාත්ම වගකිව යුතු ධනවත් රටවල් අලාභ හා හානි අරමුදලට ඩොලර් මිලියන 700කට වැඩි එකතුවක් පොරොන්දු වූ නමුත් එය මෙම අරමුදලට අපේක්ෂා කළ ප්‍රතිපාදනවලින් 0.2%කට නොවැඩි වේ.  සෑම වසරකම ගෝලීය උණුසුම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ආර්ථික නොවන පාඩුවලට ද මුහුණ දෙති.

ඒක පුද්ගල පිරිවැය අනුව 2023 දී ඉහළම දේශගුණික විපත් 20 (පිරිවැය එක්සත් ජනපද ඩොලර් වලිනි)

  1. හවායි ලැව්ගින්න – 4,161

2 ගුවාම් කුණාටුව – 1,455

3 වනුවාටු කුණාටුව – 947

4 නවසීලන්තය, කුණාටුව – 468

5 නවසීලන්තය, ගංවතුර – 371

6 ඉතාලිය, ගංවතුර – 164

7 ලිබියාව , ගංවතුර – 105

8 – පේරු – 66

9 ස්පාඤ්ඤය, නියඟය – 50

10 මියන්මාරය, කුණාටුව – 41

11 චිලී, ගංවතුර -39

12 හයිටි, ගංවතුර – 36

13 මෙක්සිකෝව, කුණාටුව – 35

14 චිලී, ලැව්ගින්න – 30

15 US, කුණාටුව – 25

16 චීනය, ගංවතුර – 23

17 පේරු, කුණාටුව – 20

18 මලාවි, කුණාටුව – 17

19 US, කුණාටුව – 16

20 පේරු, ගංවතුර – 9

https://www.theguardian.com/environment/2023/dec/27/2023-costliest-climate-disasters-poor-lose-out-global-postcode-lottery