අඩු කරන්න, නැවත භාවිතා කරන්න, ප්‍රතික්ෂේප කරන්න

සෑම වසරකම, අපි ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලයන 10ක් සාගරයට හෙළන අතර, ගැටලුව විසඳීම සඳහා නියාමන ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. නමුත් පාරිභෝගිකයින්ට ද මේ සඳහා උපකාර කළ හැකි ක්‍රම රැසක් තිබේ. කැපුම් පුවරු, non-stick pans, mixing bowls, තේ බෑග් පවා කුස්සියේ ප්ලාස්ටික් පැහැදිලිව පෙනෙන පරිදි සැඟවිය හැකිය.

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරියක වන ජෙසිකා බ්‍රින්ක්වර්ත් තම මුළුතැන්ගෙයෙහි ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රම සෙවීමට පටන් ගත් පසු බොහෝ දේ වටහා ගත්තාය. ඇයගේ රසායනාගාරයේ බොහෝ අපද්‍රව්‍ය නොවැළැක්විය හැකි වුව ද (ඔවුන් සිදු කරන වෛද්‍ය පර්යේෂණ සඳහා ප්ලාස්ටික් ප්‍රධාන වේ) ඒවා ඇයව අපහසුතාවයට පත් කළේය. ප්ලාස්ටික් “විශාල වශයෙන් පහසුවක්” බව ඇය දැන සිටි නමුත් එම පහසුව ඇයට විශාල හිසරදයක් බවට පත්ව තිබුණේය.

“ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලොව පුරා ප්‍රශ්නයක් වී ඇත්තේ අපි ඒවා වෙරළට විසි කරන නිසා. ප්ලාස්ටික් බෝතල් වැනි දේ වෙරළබඩ ජාතීන්ගේ ආහාර සඳහා ප්‍රවේශය අවහිර කරන අතර ගංවතුර, නායයෑම් සහ වෙනත් පාරිසරික තත්ත්වයන් හේතුවෙන් වසරකට මිනිසුන් මිලියනයක් පමණ මිය යනවා. සහල් ඇටයකට වඩා කුඩා වන ක්ෂුද්‍ර සහ නැනෝ ප්ලාස්ටික් වැනි ඉතා කුඩා ප්ලාස්ටික් වෙනත් මට්ටමේ ගැටලුවක් මතු කරනවා. ප්ලාස්ටික් වර්ග බොහොමයක් ජෛව පද්ධති අතර තුලනය කඩාකප්පල් කරන්නන් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉන්සියුලින් බැහැර කිරීම සහ භාවිතය කඩාකප්පල් කරනවා. එසේම ඒවා තරබාරුකමට සහ ප්‍රජනක සෞඛ්‍ය ආබාධවලට තුඩු දිය හැකියි“ මහාචාර්ය ජෙසිකා බ්‍රින්ක්වර්ත් පැහැදිලි කළාය.

සෑම වසරකම අපි ප්ලාස්ටික් ටොන් මිලියන 10ක් සාගරයට මුදා හරින අතර වාර්ෂිකව සාගර සතුන් මිලියනයක් මේ හේතුවෙන්ම මිය යති. එම ප්ලාස්ටික් අප ගන්නා මුහුදු ආහාර හරහා (අපගේ මුහුදු ආහාරවල බොහෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු වේ)සහ  අප කුස්සියේ පිසින ආකාරය දක්වා ක්‍රම කිහිපයක් ඔස්සේ අපගේ ශරීරයට ඇතුළු විය හැකිය.ෙ

“ප්ලාස්ටික් දූෂණය යනු අප මුහුණ දෙන පාරිසරික අර්බුදයේ වඩාත්ම දෘශ්‍යමාන සලකුණක් වන අතර එය උසම කඳුකරයේ මෙන්ම සාගර ගැඹුරේ ද සොයා ගන්නා ලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් සමඟ පොර බදමින් සිටිනව. අපි සෑම සතියකම ක්‍රෙඩිට් කාඩ්පතක් තරම් ප්‍රමාණයේ ප්ලාස්ටික් පරිභෝජනය කරන බවට ඇස්තමේන්තු සහිතව තහවුරු කර ගෙන තිබෙනවා. එසේම ඒවා අපගේ ශරීරවල ද සොයා ගෙන තිබෙනවා” ලෝක වනජීවී අරමුදලේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක පෝලා චින් පැවසුවාය.

ජෙසිකා බ්‍රින්ක්වර්ත් පවසන්නේ අපගේ ප්ලාස්ටික් ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ද ඇතුළුව රටවල් විසින් ගන්නා වූ දැවැන්ත නියාමන ක්‍රියාමාර්ග සහ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන නමුත් පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු වෙනසක් කළ හැකි වැදගත් ක්‍රම ඇති බවයි.

“අපගේ මුළුතැන්ගෙය තුළින් අපි පරිසරයට අනතුරුදායක බොහෝ දේ නිෂ්පාදනය කරනවා. නමුත් එය අපේ මුළුතැන්ගෙයි තිබෙන්නට හේතුව එය අපට ලබා දී ඇති නිසායි. ප්ලාස්ටික් සහ ඛනිජ තෙල් කර්මාන්තයේ එක් විශිෂ්ට ක්‍රියාවක් නම් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පුද්ගලික වගකීමක් බව අපට ඒත්තු ගැන්වීමයි” ජෙසිකා බ්‍රින්ක්වර්ත් පවසන්නීය.

දේශගුණික අර්බුදය දැන් සිදුවෙමින් පවතින බව බ්‍රින්වර්ත් පවසන අතර දවස ඉතිරි කර ගැනීම සඳහා නව්‍ය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ විසඳුම් බලාපොරොත්තුවෙන් බොහෝ මිනිසුන් නොනැසී පවතිනු ඇති බව ද පවසයි. ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයින් අඩු කිරීමට, නැවත භාවිතා කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇය උනන්දු කරයි. නමුත් වඩාත්ම වැදගත් දෙය නම්, ඔවුන්ට හැකි විට එය ප්‍රතික්ෂේප කිරීම ය.

 “ආණ්ඩු වෙනසට බලපෑම් කිරීමට උත්සාහ කිරීමෙන් පාරිභෝගිකයින්ට වඩාත් ඵලදායී ආකාරයෙන් වගකීම භාර ගත හැකියි”ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඔබේ මුළුතැන්ගෙයෙහි ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රම පිළිබඳ බ්‍රින්ක්වර්ත් සහ අනෙකුත් ප්‍රවීණයන්ගේ උපදෙස් අප දැන් ඔබට ඉදිරිපත් කරමු. (මේවා බටහිර සංකල්ප වුව ද ලංකාවේ අපට ද අදාළ කරගත හැකිය)

ප්ලාස්ටික් සිල්ලර වෙළඳසැලේදී ඔබව ආකර්ෂණය කරන අතර එවා ඔබ සමග නිවසට පැමිණෙන බව ද සහතික කරනු ඇත. සකස් කරන ලද හතු,  කිරි පෙට්ටි සහ පෙර පෙති කපන ලද මස් ආවරණය කිරීමට භාවිතා කරන සෙලෝපේන් ගැන සිතන්න. ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම දුෂ්කර නමුත් “කපා හැරීමට ක්‍රම තිබෙන බව” ජෙසිකා බ්‍රින්ක්වර්ත් පවසයි.

  • සාප්පු සවාරි

ප්ලාස්ටික් සිල්ලර වෙළඳසැලේදී ඔබව ආකර්ෂණය කරන අතර එවා ඔබ සමග නිවසට පැමිණෙන බව ද සහතික කරනු ඇත. සකස් කරන ලද හතු,  කිරි පෙට්ටි සහ පෙර පෙති කපන ලද මස් ආවරණය කිරීමට භාවිතා කරන සෙලෝපේන් ගැන සිතන්න. ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම දුෂ්කර නමුත් “කපා හැරීමට ක්‍රම තිබෙන බව” ජෙසිකා බ්‍රින්ක්වර්ත් පවසයි.

එය කළ හැකි පළමු හා වැදගත්ම ක්‍රමය නම් අඩුවෙන් මිල දී ගැනීම බව ඇය පවසයි.

“ඔබට අවශ්‍ය නොවන නිෂ්පාදන මිලදී ගැනීමෙන් වැළකීම සඳහා දැනුවත් තේරීමක් කරන්න. ඔබ එසේ කරන විට ස්වභාවික ද්‍රව්‍ය වලින් සාදන ලද නිෂ්පාදන සොයන්න. ඔබට ඔබේ ආහාර පිස ගැනීමට හැකි නම් බොහෝ දේ ඇසුරුම් කර එවන ප්ලාස්ටික් භාවිතය අවම කරගත හැකිවනු ඇත. (ශීත කළ එළවළු එතීමට, කැඩුණු නිෂ්පාදන ආවරණය කිරීමට සහ ශීත කළ රාත්‍රී ආහාර ඇසුරුම් කිරීමට භාවිතා කරන සියලුම ප්ලාස්ටික් ගැන සිතන්න).

සිල්ලර බඩු සඳහා පමණක් නොව මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා ද සාප්පු සවාරි යන විට ඔබට යමක් අවශ්‍යද යන්න ප්‍රථමයෙන් ප්‍රශ්න කිරීමත්, පසුව ඔබ සතුව ඇති දේ නැවත භාවිතා කිරීමට උත්සාහ කිරීමත්, අවසානයේ “ප්‍රතිචක්‍රීකරණය කළ අන්තර්ගත ඇතුළත් විකල්ප සඳහා” යොමු වීමත් වැදත් බව ජෙසිකා පවසයි. එමඟින් ප්ලාස්ටික් භාවිතයේ සෞඛ්‍ය අවදානම් ඔබට ඉතිරි නොවනු ඇත. නමුත් එය සැලකිය යුතු පාරිසරික බලපෑමක් ඇති කළ හැකිය. ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවකට අනුව, ප්ලාස්ටික් නිෂ්පාදන වලින් 10%ක් පමණක් නැවත භාවිතා කිරීමෙන් වාර්ෂික ප්ලාස්ටික් සාගර අපද්‍රව්‍යවලින් අඩක් පමණ වළක්වා ගත හැකිය.

ඔබ දැනටමත් ඔබේම බෑග් සිල්ලර වෙළඳසැලට ගෙන යාමේ පුරුද්දක් ඇතිකර ගෙන නොමැති නම් එය වහාම ආරම්භ කරන්න. ඔබ එහි සිටින අතරතුර, ඔබේම නැවත භාවිතා කළ හැකි නිෂ්පාදන බෑග් එකතු කිරීම ගැන සලකා බලන්න. නමුත් සාම්ප්‍රදායික සිල්ලර වෙළඳසැල් වල සාප්පු සවාරි යාම ඔබේ එකම විකල්පය නොවේ. රට පුරා අපද්‍රව්‍ය නැති කඩ වැඩි වෙමින් පවතී (ඔබට ඔබේම බහාලුම් ගෙන ඒමට හෝ ගබඩාවෙන් පරිප්පු හෝ මිටි ප්‍රමාණයට ගෙන යාමට ප්ලාස්ටික් නොවන ඒවා භාවිතා කළ හැකිය). බොහෝ ගොවි වෙළඳපොළවල් පාරිභෝගිකයින්ට ඔවුන්ගේම වීදුරු භාජන ගෙන ඒමට හෝ බෑග් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසයි. එවිට ඔබ නිවසේ ප්ලාස්ටික් පෙට්ටි ගොඩ නොගැසෙයි. ඔබ ජීවත් වන ස්ථානය අනුව, ඔබට කිරි බෙදා හැරීමේ සේවාවක් තෝරා ගැනීමෙන් වීදුරු බෝතල් සඳහා ප්ලාස්ටික් කිරි පෙට්ටි මාරු කිරීමට හැකි වනු ඇත.

මෙම වසර මුලදී, උතුරු ඩැකෝටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ආහාර කැපීමට ප්ලාස්ටික් කැපුම් පුවරු භාවිතයෙන් සෑම වසරකම මිලියන ගණනක් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුදා හැරිය හැකි බව සොයා ගන්නා ලදී. අනෙකුත් මෑත කාලීන පර්යේෂණ මගින් ප්ලාස්ටික් මිශ්‍ර භාජන, බ්ලෙන්ඩර්, කේතල සහ non-stick pans භාවිතයෙන් නිකුත් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයට ඉතා ඉහළ බව සොයා ගෙන ඇත.

  • ආහාර පිසීම

ඔබ පැහැදිලි ඇසුරුම් ගැන පමණක් සිතන්නේ නම් ඔබේ මුළුතැන්ගෙයෙහි ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ඇතැයි ඔබ නොසිතනු ඇත. නමුත් සෑම නිවසකම පාහේ මුළුතැන්ගෙය තුළ අවම වශයෙන් ප්ලාස්ටික් උපකරණ කිහිපයක් තිබේ. ඔබේ cutting board, mixing bowls, non-stick (Teflon-coated) pans, spatulas, blender හෝ food processor ගැන සිතන්න. ප්ලාස්ටික් උපකරණවලට ඉහළ මට්ටමේ ක්ෂුද්‍ර සහ නැනෝප්ලාස්ටික් මුදා හැරිය හැකි බව ජෙසිකා පවසයි. විශේෂයෙන් අපි ඒවා සමඟ රත් කරන්නේ නම්, ඒවා කපන විට හෝ මිශ්‍ර කරන්නේ නම් එය වඩාත් වේගවත්ව සිදුවන බව ඇය පෙන්වා දෙයි.

මෙම වසර මුලදී, උතුරු ඩැකෝටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ආහාර කැපීමට ප්ලාස්ටික් කැපුම් පුවරු භාවිතයෙන් සෑම වසරකම මිලියන ගණනක් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුදා හැරිය හැකි බව සොයා ගන්නා ලදී. අනෙකුත් මෑත කාලීන පර්යේෂණ මගින් ප්ලාස්ටික් මිශ්‍ර භාජන, බ්ලෙන්ඩර්, කේතල සහ non-stick pans භාවිතයෙන් නිකුත් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයට ඉතා ඉහළ බව සොයා ගෙන ඇත.

එය වළක්වා ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද ?

‘‘හැකි සෑම විටම ඔබේ ප්ලාස්ටික් උපකරණ ලෝහ, වීදුරු හෝ ලී සඳහා මාරු කරන්න. නමුත් ලී හෝ උණ බම්බු උපකරණ දෙස බලන විට ඒවා එකට තබා ගැනීමට භාවිතා කරන මැලියම් ගැනත් සලකා බලන්න. තේ බෑගයක් මුද්‍රා තැබීමට භාවිතා කරන මැලියම් වලින් පවා බිලියන ගණනක් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුදා හැරිය හැකියි“ ජෙසියා පෙන්වා දෙයි.

හැකි සෑම විටම ඔබේ ප්ලාස්ටික් උපකරණ ලෝහ, වීදුරු හෝ ලී සඳහා මාරු කරන්න. නමුත් ලී හෝ උණ බම්බු උපකරණ දෙස බලන විට ඒවා එකට තබා ගැනීමට භාවිතා කරන මැලියම් ගැනත් සලකා බලන්න. තේ බෑගයක් මුද්‍රා තැබීමට භාවිතා කරන මැලියම් වලින් පවා බිලියන ගණනක් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුදා හැරිය හැකියි

  • ගබඩා කිරීම

ප්ලාස්ටික් එතුම පරිසරයට ඇති විශාලතම බලපෑමෙන් එකකි. අප එය භාවිතා කරන්නේ එක් වරක් පමණක් වන අතර ගොඩකිරීම් වල දිරාපත් වීමට වසර 1,000කට ආසන්න කාලයක් ගත විය හැකිය. සිතන්න සැන්ඩ්විච් බෑග් සහ මස් හෝ එළවළු  දවටන, සාගරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අඩක් පමණ මේවා නියෝජනය කරයි. නැවත භාවිතා කළ හැකි cling wrap වල මිල ඉහළ බව ඇත්තය. ඒ නිසා ජෙසිකා සහ ඇගේ පවුලේ අය තමන්ගේම cling wrap සාදා ගත්හ. එය ඉතා සරලය. ජෙසිකා පවසන්නේ නැවත භාවිත කළ හැකි cling wrap එක පිරිසිදු කිරීමට පහසු නමුත් අවසානයේ එය පිපිරීමට පටන් ගන්නා බවයි.

“අවංකවම, බොහෝ විට සරල විසඳුමක් වනුයේ වීදුරු භාජන (mason jars) භාවිතා කිරීමයි. ඔබට බොහෝ සකසුරුවම් වෙළඳසැල් වලින් වීදුරු බෝතලයක් අඩු මිලකට මිලදී ගත හැකියි. පොදුවේ ගත් කල, වීදුරු භාජන (හෝ වීදුරු ගබඩා බහාලුම්, ඒවා ඔබේ අයවැයේ තිබේ නම්) වෙත මාරු වීම පරිසරයට සහ ඔබේ ශරීරයට වඩා හොඳයි. ප්ලාස්ටික් බහාලුම් මගින් පිළිකා ඇති කරන සහ හෝමෝන කඩාකප්පල් කරන රසායනික ද්‍රව්‍ය ඔබේ ආහාරවලට ඇතුල් කළ හැකියි“ ජෙසිකා පෙන්වා දෙයි.

  • පිරිසිදු කිරීම

ඔබ ඔබේ මුළුතැන්ගෙය ප්ලාස්ටික් වලින් ඉවත් කර ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබේ පිරිසිදු කිරීමේ පුරුද්ද තුළ ප්ලාස්ටික් බහුලව තිබීම ඔබව පුදුමයට පත් කළ හැකිය. පිඟන් සෝදන සබන් නරකම ප්ලාස්ටික් එතුම්වලින් ආවරණය කර ඇත. (පොලිවයිනයිල් ඇල්කොහොල් එතීම ජල පිරිපහදු යන්ත්‍රවල බිඳ වැටෙන්නේ නැත ), නමුත් ඔබේ පිඟන් සෝදන යන්ත්‍රයේ අභ්‍යන්තරය ප්ලාස්ටික් වලින් සාදා ඇත්නම්, එය සෑම සේදීමකින්ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිකුත් කරයි. පිඟන් සෝදන යන්ත්‍ර වර්ග කීපයක ප්ලාස්ටික් නොමැති බව ජෙසිකා පවසයි. නමුත් ඔබට එය දැරිය හැකි නම් මල නොබැඳෙන වානේ අභ්‍යන්තරයක් සහිත පිඟන් සෝදන යන්ත්‍රයක් වෙත මාරු වන ලෙස ඇය නිර්දේශ කරයි.

අත් සේදීමෙන් ඔබේ මුළුතැන්ගෙයෙහි ඇති සියලුම ප්ලාස්ටික් ඉවත් නොවනු ඇත. ඔබ දියර සබන් භාවිතා කරන්නේ නම්, එය ප්ලාස්ටික් බෝතලයක ඇසුරුම් කර ඇත. වාසනාවකට මෙන්, වෙළඳ නාම කිහිපයක් කාඩ්බෝඩ්වල ඇසුරුම් කරන ලද සබන් බාර් සහ දියර සබන් විකිණීම ආරම්භ කර ඇත. බොහෝ ස්පොන්ජ් ප්ලාස්ටික් වලින්ද සාදා ඇත, නමුත් ඉල්ලුම වැඩි වන විට තවත් වෙළඳසැල් ස්වභාවික ස්පොන්ජ් සහ පිඟන් කෝප්ප අලෙවි කරයි. ඔබේ ශරීරය අභ්‍යන්තරයට ප්ලාස්ටික් නොයන බවට වග බලා ගැනීමට සහ පරිසරය දූෂණය නොකිරීමට මේවා සියල්ලම සරල සහ පහසු, එසේම තිරසර පියවර බව මතක තබා ගන්න.

https://www.theguardian.com/environment/2024/jan/04/how-to-reduce-plastic-use-kitchen-shopping-cooking-tips