නාගරික කෘෂිකර්මයෙන් / urban agriculture ලැබෙන ආහාරවල කාබන් පියසටහන් / carbon footprintසාම්ප්‍රදායික නිෂ්පාදනවලට වඩා හය ගුණයකින් වැඩි බව  නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

මිචිගන් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද නව ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ නාගරික ගොවිපළවල සහ උද්‍යානවල වගා කරන පලතුරු සහ එළවළු වල සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව වගා කරන නිෂ්පාදනවලට වඩා හය ගුණයකින් වැඩි කාබන් පියසටහනක් ඇති බවයි.

Nature Cities සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ අඩු තාක්‍ෂණික නාගරික කෘෂිකාර්මික ස්ථානවල නිපදවන ආහාරවල කාබන් පියසටහන් සාම්ප්‍රදායික බෝග සමඟ සංසන්දනය කිරීමෙන් දැනුමේ හිඩැස් පිරවීමයි. එය රටවල් පහක නාගරික ගොවිපළවල් සහ උද්‍යාන 73ක දත්ත භාවිත කර ඇති අතර නාගරික සහ සාම්ප්‍රදායික කෘෂිකර්මයේ කාබන් පියසටහන් සංසන්දනය කිරීම සඳහා ප්‍රකාශිත විශාලතම අධ්‍යයනය වේ.

කෙසේ වෙතත්, නගරයේ වගා කරන ලද බෝග කිහිපයක් යම් යම් කොන්දේසි යටතේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට සමාන හෝ එහි කාබන් පියසටහන් අභිබවා ගියේය. සාම්ප්‍රදායික හරිතාගාරවල වගා කරන තක්කාලිවලට වඩා එළිමහන් නාගරික බිම්වල පසෙහි වැවෙන තක්කාලිවල කාබන් තීව්‍රතාවය අඩු වූ අතර, ඇස්පරගස් වැනි බෝග සඳහා සාම්ප්‍රදායික හා නාගරික කෘෂිකර්මාන්තය අතර විමෝචන වෙනස අතුරුදහන් විය.

“අපගේ අධ්‍යයනයෙන් හෙළිදරව් වූ ව්‍යතිරේකවලින් පෙනී යන්නේ නාගරික කෘෂිකාර්මික වෘත්තිකයන්ට සාමාන්‍යයෙන් හරිතාගාර තුළ වගා කරන බෝග වගා කිරීමෙන් ඔවුන්ගේ දේශගුණික බලපෑම් අවම කර ගත හැකි බවයි. ඊට අමතරව අඩවි සැලසුම් සහ කළමනාකරණයේ වෙනස්කම් කිරීම ද වැදගත් වේ” අධ්‍යයනයේ සම-ප්‍රධාන කතුවරයා වන ජේසන් පැවසීය.

“නාගරික කෘෂිකර්මාන්තය විවිධ සමාජ, පෝෂණ සහ ස්ථාන මත පදනම් වූ පාරිසරික ප්‍රතිලාභ ලබා දෙනවා. එය අනාගත තිරසාර නගරවල සිත් ඇදගන්නා අංගයක් බවට පත් කරනවා. නාගරික කෘෂිකර්මාන්තය දේශගුණයට මෙන්ම මිනිසුන්ට සහ ස්ථානවලට ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කිරීමේ ක්‍රම පිළිබඳව මෙම සොයා ගැනීම් සේවයක් සලසයි” ජේසන් වැඩි දුරටත් පැවසුවේය.

නාගරික කෘෂිකර්මාන්තය, නගරයක සීමාව තුළ ගොවිතැන් කිරීමේ පුරුද්ද ලොව පුරා වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින අතර නගර සහ නාගරික ආහාර පද්ධති වඩාත් තිරසාර බවට පත් කිරීමේ මාර්ගයක් ලෙස හුවා දක්වයි. සමහර ඇස්තමේන්තු වලට අනුව, ගෝලීය නාගරික ජනගහනයෙන් 20% ත් 30% ත් අතර ප්‍රමාණයක් නාගරික කෘෂිකර්මාන්තයේ නියැලී සිටිති.

නාගරික කෘෂිකර්මයේ සමාජීය සහ පෝෂණීය ප්‍රතිලාභ පිළිබඳ ප්‍රබල සාක්ෂි තිබියදීත්, එහි කාබන් පියසටහන තවමත් අධ්‍යයනය කර නොමැත. බොහෝ කලින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයන්ට අනුව, නාගරික ගොවිපළවල් වලින් අතිමහත් බහුතරයක් අඩු තාක්‍ෂණික ඒවා වුවද, සිරස් ගොවිපළවල් සහ වහල හරිතාගාර වැනි අධි-තාක්ෂණික, බලශක්ති-අධික ආකාර කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම පර්යේෂණයේදී නාගරික කෘෂිකාර්මික ස්ථාන වර්ග තුනක් විශ්ලේෂණය කරන ලදී: නාගරික ගොවිපළ (වෘත්තීයව කළමනාකරණය සහ ආහාර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කර ඇත), තනි උද්‍යාන (තනි ගෙවතු හිමියන් විසින් කළමනාකරණය කරන කුඩා බිම්) සහ සාමූහික උද්‍යාන (උද්‍යාන හිමියන්ගේ කණ්ඩායම් විසින් කළමනාකරණය කරනු ලබන වාර්ගික අවකාශයන්).

සෑම වගා බිමක් සඳහාම, පර්යේෂකයන් විසින් ගොවිපළෙහි ජීවිත කාලය පුරාවට ගොවිපළ ද්‍රව්‍ය හා ක්‍රියාකාරකම් හා සම්බන්ධ දේශගුණ වෙනස් කරන හරිතාගාර වායු විමෝචනය ගණනය කරන ලදී. එක් ආහාරයක් සඳහා කාබන් ඩයොක්සයිඩ් සමාන කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශිත විමෝචනය පසුව සාම්ප්‍රදායික ක්‍රම මගින් මතු කරන ලද ආහාර සමඟ සංසන්දනය කරන ලදී.

https://phys.org/news/2024-01-food-urban-agriculture-carbon-footprint.html