තිරසාර ආහාර පද්ධති වෙත මාරු වීමෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10ක ප්‍රතිලාභයක් ලබා ගත හැකි බව නවතම අධ්‍යයනයක් මගින් හෙළිකර ගෙන ඇත

වඩාත් තිරසාර ගෝලීය ආහාර පද්ධතියක් / more sustainable global food system වෙත මාරු වීමෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10ක් දක්වා ප්‍රතිලාභයක් නිර්මාණය කළ හැකි බව වඩාත් පුළුල් ආර්ථික අධ්‍යයනයක් මගින් හෙළිකර ගෙන ඇත. එමගින් මානව සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර දේශගුණික අර්බුදය ලිහිල් කළ හැකි බව ද හඳුනා ගෙන ඇත.

සැඟවුණු පාරිසරික සහ වෛද්‍ය වියදම් හේතුවෙන් පවතින ආහාර පද්ධති නිසා ඇති වූ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් අහිමි වී ඇති බව ද අධ්‍යයනය මගින් සොයා ගෙන ඇත.

ආහාර පද්ධති ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් එකකට දායකත්වය සපයයි.

මෙම සියවස අග වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර  මෙය විෂම චක්‍රයක් නිර්මාණය කරයි. ඉහළ උෂ්ණත්වයන් වඩාත් ආන්තික කාලගුණික තත්ත්වයන් හා අස්වැන්නට විශාල හානියක් ගෙන එන බව හඳුනා ගෙන ඇත.

ආහාර අනාරක්ෂිත බව සෞඛ්‍යමය ගැටලු සහ මූල්‍ය පිරිවැයක් නිර්මාණය කරයි. මෙම අධ්‍යයනය පුරෝකථනය කළේ 2050 වන විට මිලියන 640 ක ජනතාවක් අඩු බරින් සිටින අතර තරබාරුකම 70% කින් වැඩි වනු ඇති බවයි.

ආහාර පද්ධතිය යළි හරවා යැවීම දේශපාලනික වශයෙන් අභියෝගාත්මක නමුත් විශාල ආර්ථික සහ සුබසාධන ප්‍රතිලාභ ගෙන එනු ඇති බව අධ්‍යයනය පිටුපස සිටින ජාත්‍යන්තර කතුවරුන් කණ්ඩායම ප්‍රකාශ කළේය.

දේශගුණික බලපෑම් පර්යේෂණ සඳහා වන පොට්ස්ඩෑම් ආයතනයේ / Potsdam Institute for Climate Impact Research සහ අධ්‍යයනයේ කතුවරයෙකු වන ජොහාන් රොක්ස්ට්‍රෝම් / Johan Rockström පැවසුවේ “ගෝලීය ආහාර පද්ධතිය පෘථිවියේ මානව වර්ගයාගේ අනාගතය තම අතේ තබාගෙන සිටී” යනුවෙනි.

දේශගුණික බලපෑම් පර්යේෂණ සඳහා වන පොට්ස්ඩෑම් ආයතනයේ / Potsdam Institute for Climate Impact Research සහ අධ්‍යයනයේ කතුවරයෙකු වන ජොහාන් රොක්ස්ට්‍රෝම් / Johan Rockström පැවසුවේ “ගෝලීය ආහාර පද්ධතිය පෘථිවියේ මානව වර්ගයාගේ අනාගතය තම අතේ තබාගෙන සිටී” යනුවෙනි.

පොහොර, පළිබෝධනාශක සහ වනාන්තර නිෂ්කාශනය මත රඳා පවතින විනාශකාරී මහා පරිමාණ ඒක බෝග වගාවන්ගෙන් සහනාධාර සහ බදු දිරිගැන්වීම් මාරු කිරීම අධ්‍යයනය යෝජනා කරයි. ඒ වෙනුවට, වන සතුන් සඳහා වැඩි ඉඩක් සහිත ගොවිපළ කාබන් සින්ක් බවට පත් කළ හැකි කුඩා වතු හිමියන් වෙත මූල්‍ය දිරිගැන්වීම් යොමු කළ යුතුය.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ විමෝචනය අඩු කිරීමට තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමත් සමඟ ආහාර වේල වෙනස් කිරීම තවත් ප්‍රධාන යෝජනාවකි.

අඩු ආහාර අනාරක්ෂිත භාවයක් සමඟින්, 2050 වන විට මන්දපෝෂණය තුරන් කළ හැකි බවත්, අකල් මරණ මිලියන 174ක් අඩු කර ගත හැකි බවත්, ගොවි කම්කරුවන් මිලියන 400කට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බවත් වාර්තාව පවසයි. යෝජිත සංක්‍රාන්තිය ගෝලීය උණුසුම පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5C දක්වා සීමා කිරීමට සහ කෘෂිකර්මයෙන් නයිට්‍රජන් ගලායාම අඩකින් අඩු කිරීමට උපකාරී වේ.

සමස්තයක් වශයෙන්, ඔවුන් වසරකට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% සහ 0.4% අතර පරිවර්තනයේ පිරිවැය ඇස්තමේන්තු කරයි.

මුල් පර්යේෂණවලදී, රොක්ස්ට්‍රෝම් සහ ඔහුගේ සගයන් සොයා ගත්තේ ආහාර ලෝක සීමාවන් උල්ලංඝනය කරන ආර්ථිකයේ විශාලතම අංශය බවයි. දේශගුණික බලපෑමේදී මෙන්ම, එය ඉඩම් පරිහරණ වෙනස්වීම් සහ ජෛව විවිධත්වය පිරිහීමේ ප්‍රධාන ධාවකයක් වන අතර, මිරිදිය ජලය බැසයාමෙන් 70%කට වගකිව යුතුය.

Potsdam Institute, Food and Land Use Coalition සහ Stockholm Resilience Centre, Wellcome Trust සහ Strawberry Foundation හි පරිපූර්ණ ආහාර පද්ධති ඒකාබද්ධයක් වන EAT විසින් පිහිටුවන ලද ආහාර පද්ධති ආර්ථික විද්‍යා කොමිෂන් සභාව / Food System Economics Commission විසින් වාර්තාව සම්පාදනය කළේය. අධ්‍යයන හවුල්කරුවන්ට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල ඇතුළත් වේ.

එය දේශගුණික විපර්යාස, මානව සෞඛ්‍යය, පෝෂණය සහ ස්වභාවික සම්පත් ඇතුළු ආහාරවල සැඟවුණු පිරිවැය ඩොලර් ට්‍රිලියන 15ක් ලෙස ඇස්තමේන්තු කළ අතර, මානව වර්ගයාගේ වෙනස් වීමේ හැකියාව මත පදනම්ව මෙම සැඟවුණු වියදම් කාලයත් සමඟ වර්ධනය විය හැකි ආකාරය ප්‍රක්ෂේපණය කිරීමට නව ආකෘතියක් නිර්මාණය කළේය. ඔවුන්ගේ ගණන් බැලීම් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පසුගිය වසරේ වාර්තාවකට අනුකූල වූ අතර, එය 2020 දී ගෝලීය වශයෙන් ඩොලර් ට්‍රිලියන 10කට වඩා වැඩි මුදලක් පොත් වලින් බැහැර කෘෂි ආහාර පිරිවැය ඇස්තමේන්තු කර ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාරිසරික විපර්යාස ආයතනයේ ආචාර්ය ස්ටීවන් ලෝඩ් ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය: “මෙම විශ්ලේෂණය ආහාර පද්ධති පරිවර්තනය කිරීමේ කලාපීය සහ ගෝලීය ආර්ථික අවස්ථාව පිළිබඳ පළමු රූපය නිර්මාණය කර තිබෙනවා. පහසු නොවූවත්, පරිවර්තනය ගෝලීය පරිමාණයෙන් දැරිය හැකි වන අතර, කිසිවක් නොකර අනාගතයට එකතු වන පිරිවැය සැලකිය යුතු ආර්ථික අවදානමක් මතු කරනවා

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාරිසරික විපර්යාස ආයතනයේ ආචාර්ය ස්ටීවන් ලෝඩ් ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය: “මෙම විශ්ලේෂණය ආහාර පද්ධති පරිවර්තනය කිරීමේ කලාපීය සහ ගෝලීය ආර්ථික අවස්ථාව පිළිබඳ පළමු රූපය නිර්මාණය කර තිබෙනවා. පහසු නොවූවත්, පරිවර්තනය ගෝලීය පරිමාණයෙන් දැරිය හැකි වන අතර, කිසිවක් නොකර අනාගතයට එකතු වන පිරිවැය සැලකිය යුතු ආර්ථික අවදානමක් මතු කරනවා”.

වෙනත් බොහෝ අධ්‍යයන මගින් ශාක පදනම් වූ ආහාර වේලක් වෙත මාරුවීමේ සෞඛ්‍ය සහ දේශගුණික ප්‍රතිලාභ පෙන්නුම් කර ඇත. පසුගිය වසරේ දේශගුණ නිරීක්ෂණාගාරය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව බ්‍රසීලයේ හරක් මස් කර්මාන්තය (සහ ඒ ආශ්‍රිත වන විනාශය) දැන් ජපානයේ සියලුම මෝටර් රථ, කර්මාන්තශාලා, වායු සමීකරණ, විදුලි උපකරණ සහ අනෙකුත් විමෝචන ප්‍රභවයන්ට වඩා විශාල කාබන් පියසටහනක් තබා ඇත.

නව අධ්‍යයනය නිර්මාංශත්වය පිළිබඳ නිර්දේශිත නොවන නමුත් සැඟවුණු සෞඛ්‍ය සහ පාරිසරික පිරිවැය මිලට ඇතුළත් කළහොත් හරක් මස් සහ අනෙකුත් බොහෝ මස් සඳහා ඇති ඉල්ලුම පහත වැටෙනු ඇතැයි රොක්ස්ට්‍රෝම් පැවසීය.

අද ආහාර පද්ධතියේ ආර්ථික විද්‍යාව කනගාටුදායක ලෙස, අලුත්වැඩියා කළ නොහැකි ලෙස බිඳ වැටී තිබෙනවා. එහි ඊනියා ‘සැඟවුණු වියදම්’ අපගේ සෞඛ්‍යයට හානි කරන අතර අපගේ ග්‍රහලෝකය පිරිහීමට ලක් කරන අතරම ගෝලීය අසමානතාවයන් ද නරක හරවනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම සඳහා අප ආහාර නිෂ්පාදනය කරන සහ පරිභෝජනය කරන ආකාරය වෙනස් කිරීම ඉතා වැදගත් වෙනවා. රැඩිකල් වෙනසකට කාලයයි මේ

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි දේශගුණික විපර්යාස සහ පරිසරය පිළිබඳ ග්‍රන්තම් පර්යේෂණ ආයතනයේ සභාපති නිකලස් ස්ටර්න් / Nicholas Sternමෙම අධ්‍යයනය පිළිගත්තේය: “අද ආහාර පද්ධතියේ ආර්ථික විද්‍යාව කනගාටුදායක ලෙස, අලුත්වැඩියා කළ නොහැකි ලෙස බිඳ වැටී තිබෙනවා. එහි ඊනියා ‘සැඟවුණු වියදම්’ අපගේ සෞඛ්‍යයට හානි කරන අතර අපගේ ග්‍රහලෝකය පිරිහීමට ලක් කරන අතරම ගෝලීය අසමානතාවයන් ද නරක හරවනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම සඳහා අප ආහාර නිෂ්පාදනය කරන සහ පරිභෝජනය කරන ආකාරය වෙනස් කිරීම ඉතා වැදගත් වෙනවා. රැඩිකල් වෙනසකට කාලයයි මේ.”

යෝජිත ආහාර සංක්‍රමණයේ ප්‍රධාන අභියෝගය වන්නේ ආහාර මිල ඉහළ යාමයි. රොක්ස්ට්‍රෝම් පැවසුවේ මෙය දේශපාලන දක්ෂතාවයෙන් සහ සමාජයේ දිළිඳු කොටස් සඳහා සහයෝගයෙන් හැසිරවිය යුතු බවත් එසේ නොමැතිනම් ප්‍රතිඵලය පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රංශයේ පවත්වන ලද gilets jaunes (කහ කබා) විරෝධතා වැනි විරෝධතා විය හැකි බවත්ය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ හිටපු විධායක ලේකම් ක්‍රිස්ටියානා ෆිගර්ස් / Christiana Figueresවාර්තාවේ ඉදිරි දැක්මේ ස්වභාවය මෙසේ අවධාරණය කළාය: “මෙම පර්යේෂණය … වෙනස් යථාර්ථයක් විය හැකි බව ඔප්පු කරන අතර ආහාර පද්ධතිය හැරවීමට ගත යුතු දේ අපට පෙන්වා දෙනවා. මෙම අවස්ථාව පෘථිවියට සහ මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සුරක්ෂිත කිරීමට කැමති ඕනෑම ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ අවධානය දිනා ගත යුතුයි”

https://www.theguardian.com/environment/2024/jan/29/sustainable-food-production-economic-benefits-study