19 වන සියවසේදී යුරෝපීයයන් ඉන්කාවරුන් බොහෝ කලකට පෙර දැන සිටි දේ තේරුම් ගත්හ. කුරුළු අසූචි නොහොත් ‘ගුවානෝ’ / guano අපූරු පොහොරක් සෑදුවේය. ඒ නිසා ලතින් ඇමරිකානු කුරුළු ජනපදවලින් ගුවානෝ කැණීමට කැප වූ දැවැන්ත කර්මාන්තයක් ඇති විය. එසේම ගුවානෝ කර්මාන්තයක් පවත්වා ගෙන යාමට තරම් ප්‍රමාණවත් දැවැන්ත කුරුළු පොහොර කඳු ලතින් ඇමෙරිකාව පුරා තිබුණේය.

පොහොර නිෂ්පාදනයේ දී භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන ඇමෝනියා වලින් ගුවානෝ කෙතරම් පොහොසත්ද යත්, ඒවා මත සිදුකරන හුදු කම්පනයකින් පවා කැස්ස සහ කිවිසුම් යාම ඇති කළ හැකිය. එනිසාම එය ලොව පුරා ප්‍රවාහනය කිරීමට ප්‍රසන්න භාණ්ඩයක් ද නොවීය.

1900 ගණන්වල මුල් භාගයේදී පොහොර සඳහා ඉල්ලුම වැඩි වූ විට, “මේ ඉල්ලුම සපුරාලීමට වෙනත් මාර්ගයක් තිබේද?” යනුවෙන් බොහෝ අය සිතන්නට පටන් ගත්හ. පසු කලෙක කාල් බොෂ් ​​සමඟ එක්ව ඇමෝනියා සංස්ලේෂණය කිරීම සඳහා ‘හේබර්-බොෂ් ක්‍රියාවලිය’/ Haber-Bosch process දියුණු කළ ජර්මානු රසායන විද්‍යාඥ ෆ්‍රිට්ස් හේබර් / Fritz Haber ඒ අතර ප්‍රමුඛයෙකු විය.

අපි වසර 100කට වැඩි කාලයක් ‘හේබර්-බොෂ් ක්‍රියාවලිය’ (තාක්ෂණය) මත විශ්වාසය තබා තිබේ. මෙම තාක්ෂණය සොයා නොගත්තේ නම් ලෝක ජනගහනය අද පවතින ප්‍රමාණයෙන් අඩක් පමණක් විය හැකි බව ජනගහන විද්‍යාඥයින්ගේ අදහසයි. එබැවින් ඉහළ යන ආහාර ඉල්ලුම සඳහා ඇමෝනියා පොහොර / ammonia fertilizer ඉතා වැදගත් වේ. නමුත් සියවසකට පසු නැවතත් යමෙක් අසන්නේ ‘අප දේවල් වෙනස් ලෙස කළ යුතුද ?’ යන්නයි. මන්ද ෆොසිල ඉන්ධන මගින් බල ගැන්වෙන Haber-Bosch ක්‍රියාවලිය ප්‍රබල ලෙස පරිසරය දූෂණයට හේතුකාරක වන බැවිනි.

ඇමෝනියා නිෂ්පාදනය දැනට ගෝලීය CO2 විමෝචනයෙන් 2% කට ආසන්න වේ. දැන්, සමාගම් ගණනාවක් අපේක්ෂා කරන්නේ දේශගුණය විනාශ නොකර හරිත ඇමෝනියා / green ammonia හෝ විකල්ප සෑදිය හැකි බව ඔප්පු කිරීමටය.

ඡායාරූප සටහන – ජෝ බීච් විසින් කඩින් කඩ හරිත විදුලියෙන් ක්‍රියා කළ හැකි ඇමෝනියා බලාගාරයක් සංවර්ධනය කරමින් සිටී

“අප සතුව හොඳින් මුද්‍රා තැබූ පද්ධතියක් තිබෙනවා. ඔබට එහි සුවඳ දැනෙන්නේ නැහැ” ජෝ බීච් පවසන්නේ සැනසිලිදායක ලෙස ය. ඔහු පුනර්ජනනීය බලශක්තියෙන්, වාතයෙන් සහ ජලයෙන් ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ මාධ්‍යයක් සංවර්ධනය කරමින් සිටින එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් වන Starfire Energy හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක වේ. එසේම ඔහු තර්ක කරන්නේ, ඇමෝනියා වල තියුණු බව (කටුක ගන්ධය) ඇත්ත වශයෙන්ම ප්‍රතිලාභයක් බවයි.

‘ඇමෝනියා කාන්දුවක් තිබේ නම් ඔබට ඉක්මනින් ඒ බව දැන ගැනීමට මේ කටුක දුර්ගන්ධය හේතුවක් වෙනවා’ ඔහු පෙන්වා දෙයි.

ඇමෝනියා නොහොත් NH3 යනු නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වලට වඩා වැඩි යමක් නොවේ. ඒවා පෘථිවිය තුළ ඉතාම බහුල මූලද්‍රව්‍ය දෙකක් වේ. පෘථිවි වායුගෝලයෙන් වැඩි ප්‍රතිශතයක් නයිට්‍රජන් වන අතර ජලය හයිඩ්‍රජන් වලින් පිරී ඇත. ස්ටාර්ෆයර් බලශක්තිය ජලයෙන් හයිඩ්‍රජන් බෙදීමට විද්‍යුත් විච්ඡේදක භාවිතා කරන අතර පසුව එය නයිට්‍රජන් සමඟ ප්‍රතික්‍රියාකාරකයක් තුළට ඇතුළු කර ඇමෝනියා නිපදවයි.

අමුද්‍රව්‍ය උත්ප්‍රේරකයක් සහිත ව්‍යුහයක් හරහා ගලා යයි. මෙම උපකරණය නයිට්‍රජන් හයිඩ්‍රජන් සමඟ බන්ධනය කිරීමට දිරිමත් කරන අතර ක්‍රියාවලිය අවසානයේ දියර ඇමෝනියා එකතු වේ.

තීරණාත්මක ලෙස, සමස්ත පද්ධතියම සුළං සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්තියෙන් ධාවනය කළ හැකි බව බීච් මහතා පවසයි. “සාම්ප්‍රදායික ඇමෝනියා ශාකයක් සීතලේ සිට සම්පූර්ණ ප්‍රතිදානය දක්වා ගමන් කිරීම දින දෙක තුනක ක්‍රියාවලියක් වන නමුත් අපට එය පැය දෙකක ක්‍රිවලියක් පමණයි” ජෝ බීච් පවසයි.

නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වූ පසු, පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ වෙනස්වීම් අනුව මිනිත්තු කිහිපයකින් චක්‍ර සක්‍රිය සහ අක්‍රිය කළ හැකිය. 2025 දී දිනකට ඇමෝනියා ටොන් එකක් නිපදවිය හැකි එහි පළමු වාණිජ පරිමාණ උපාංග බෙදා හැරීමට Starfire Energy සැලසුම් කර ඇත.

පොදුවේ ගත් කල, හරිත ඇමෝනියා ආරම්භකයින්ට අවශ්‍ය වන්නේ ඇමෝනියා නිෂ්පාදනය පිරිසිදු කිරීමට සහ පාලනය කිරීමට පහසු කිරීමට හැකි බව පෙන්වීමටයි. තවද, Starfire Energy ඇතුළු බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ නැව්ගත කිරීමේ බහාලුමක් තරම් කුඩා ඉඩක අවශ්‍ය තාක්‍ෂණය ඇසුරුම් කිරීමටයි. එවිට එය භාවිතයට ආසන්නව ස්ථාපිත කළ හැකිය. ( අද ක්‍රියාත්මක වන අතිවිශිෂ්ට Haber-Bosch කම්හල් මෙන් නොව)

“අපට අවශ්‍ය වන්නේ කුඩා පරිමාණයෙන් පොහොර නිපදවීමටයි. එවිට අපට එය වඩාත් කාර්යක්ෂමව භාවිතා කළ හැකියි” යනුවෙන් යේල් විශ්ව විද්‍යාලයේ ලී වින්ටර් පවසයි. ඇමෝනියා පොහොර දිගු දුර ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය කපා හැරීමෙන් විමෝචනය තවදුරටත් අඩු කළ හැකි බව ඇය සඳහන් කරයි.

ඡායාරූප සටහන – Helga Flosadóttir තර්ක කරන්නේ ඇමෝනියා හරිත ඉන්ධනයක් විය හැකි බවයි

තවත් සමාගමකට (Atmonia in Iceland) නැව්ගත කිරීමේ බහාලුම් තුළට ගැලපෙන කුඩා ඇමෝනියා කර්මාන්තශාලා විකිණීමට ද අවශ්‍ය වේ. Atmonia in Iceland හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Helga Flosadóttir පෙන්වා දෙන්නේ පොහොර නිෂ්පාදනය නිර්කාබනීකරණය (decarbonize) කිරීම වැදගත් වන අතර ඊටත් වඩා විශාල ඉලක්කයක් වන්නේ ඉන්ධන ලෙස භාවිතා කිරීමට ප්‍රමාණවත් ඇමෝනියා නිපදවීම බවයි.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ඩග්ලස් මැක්ෆාර්ලේන් Jupiter Ionics හි ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ද වේ. ඉන්ධනයක් ලෙස ඇමෝනියා සඳහා විශාල උනන්දුවක් ඇති බවට ඔහු එකඟ වේ. නමුත් අපේක්ෂිත ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු බව ඔහු පවසයි. “එම ශාක අවසානයේ ගිගාවොට් පරිමාණයෙන් නිෂ්පාදනය විය යුතුයි” ඔහු පවසයි.

දිනකට ටොන් එකක් නිපදවිය හැකි මෙගාවොට් පරිමාණයෙන් ඇමෝනියා නිෂ්පාදන මොඩියුලයක් තැනීමට Jupiter Ionics දැනට සැලසුම් කරයි.

Jupiter Ionics’s තාක්‍ෂණය Starfire Energy සහ Atmonia වලින් වෙනස් වන්නේ එය ලිතියම් නයිට්‍රයිඩ් සෑදීමට නයිට්‍රජන් පරමාණුවල දැඩි ලෙස බන්ධිත යුගල ලෙස පවතින නයිට්‍රජන් අණු වෙන් කිරීමට මැදිහත්කරුවෙකු ලෙස ලිතියම් භාවිතා කරන බැවිනි. මෙය හයිඩ්‍රජන් සමඟ ප්‍රතික්‍රියා කර ඇමෝනියා නිපදවයි.

ඉදිරි මාස 12-18 ඇතුළත, Jupiter Ionics විසින් දිනකට ඇමෝනියා කිලෝග්‍රෑම් එකක් නිපදවිය හැකි වන පරිදි එහි උපකරණ විශාල කර ගැනීමට ඉලක්ක කරයි. තම ඉඩමේ සූර්ය පැනල ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ මිදි ගොවියෙකු මෙම ක්‍රමය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය මැක්ෆාර්ලේන් පවසයි.

මහාචාර්ය වින්ටර් සඳහන් කරන පරිදි, මෙම තාක්‍ෂණයන්හි සාර්ථක පරිමාණය මෙම සමාගම් සඳහා විශාලතම අභියෝගය ඉදිරිපත් කරනු ඇත.

වෙනත් විකල්ප තිබේ. එක්සත් ජනපදයේ  Nitricity හි සභාපති සහ ප්‍රධාන විධායක ජොෂ් මැක්එනානි / Josh McEnaney පැහැදිලි කරන පරිදි, ක්ෂේත්‍රවල ඇමෝනියා පැතිරීම හරිතාගාර වායු විමෝචනයට හේතු වන අතර, ශාක වර්ධනය ප්‍රවර්ධනය කරන තීරණාත්මක මූලද්‍රව්‍යය වන නයිට්‍රජන් යෙදීම සඳහා වඩාත් සෘජු ප්‍රවේශයක් ගතහොත් එය වළක්වා ගත හැකිය.

ඔහුගේ සමාගම වාතයෙන් නයිට්‍රජන් සවි කිරීමට සූර්ය බලයෙන් ක්‍රියා කරන ප්ලාස්මා සෛල භාවිතා කරන පද්ධතියක් සංවර්ධනය කරමින් සිටී. මෙය පසුව නයිට්‍රික් අම්ලය සෑදීමට භාවිතා කරයි. එය පසට යෙදිය හැකිය. තක්කාලි පැල සමඟ මුල් අත්හදා බැලීම් සාර්ථක වූ අතර සමාගම දැන් එක්සත් ජනපද ක්ෂණික ආහාර දාමයක් වන Chipotle සඳහා සැපයුම්කරුවන් සමඟ එහි තාක්ෂණය අත්හදා බලයි.

ඡායාරූප සටහන – ඇමෝනියා නිෂ්පාදනය ගෝලීය CO2 විමෝචනයෙන් 2% ක් පමණ වේ

“අපට කිසිදු හයිඩ්‍රජන් නිෂ්පාදනයක් අවශ්‍ය නෑ. අපි කෙලින්ම පොහොර වලට යමු.” ආචාර්ය McEnaney පවසයි

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බිල් ඩේවිඩ් පෙන්වා දෙන්නේ ඇමෝනියා ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා ලොව පුරා දැනටමත් යටිතල පහසුකම් රාශියක් නිර්මාණය කර ඇති බවයි.

ගිගාවොට් 2.4ක සුළං ශක්තියෙන් වසරකට ඇමෝනියා ටොන් 454,000ක් පිට කරන බව වාර්තා වන උස්බෙකිස්තානයේ ව්‍යාපෘතිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ විශාල ව්‍යාපෘති වලට ඔහු ප්‍රශංසා කරයි.

ඇමෝනියා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි අතර, එය ඉන්ධනයක් ලෙස දහනය කළ හැකි හයිඩ්‍රජන් මුදා හැරීමට ද හේතුවිය හැකි බව තෙල් හා ගෑස් කර්මාන්තය සමඟ කටයුතු කරන තාක්‍ෂණ සමාගමක් වන Darcy Partners හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක Lindsey Motlow පෙන්වා දෙයි.

“ඇමෝනියා ක්‍රැකිං තාක්ෂණය දියුණු කිරීමේ සැබෑ ප්‍රගතියක් අපි දකිනවා” ඇය පවසයි.

‘’ඒ ඔක්කොම කුරුළු අසූචිවලට ගොඩක් දුරයි නේද?’’ ඇය වැඩි දුරටත් විමසයි.

https://www.bbc.com/news/business-68230697