පරිවර්තනය – මහේෂ් හර්ෂණ රාජපක්ෂ

ඉක්වදෝර මුර සංචාර කණ්ඩායමක් වන Yuturi Warmi ඇමේසන් වැසි වනාන්තර තුළ සිදුවන පතල් කර්මාන්ත දූෂණයෙන් තම ප්‍රජාවගේ භූමිය ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇති අතර මේ වන විට ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වී ඇති බව පෙනේ.

එය ඉක්වදෝරියානු ඇමේසන් වැසි වනාන්තරයේ මධ්‍යයේ ජීවත් වන සෙරීනා ප්‍රජාවට (Serena community) තවත් එක් නව දිනක උදාවකි. පසුව නැපෝ පළාතේදී ඇමේසන් ගඟට එක්වන ජතුනියාකු ගඟ (Jatunyacu River) ඉවුර දිගේ ගමන් කරමින් සිටින 43 හැවිරිදි ආදිවාසී කිච්වා (Kichwa) ගෝත්‍රික කාන්තාවක් වන එල්සා සර්ඩා (Elsa Cerda) වැසි වනාන්තරයට ආවේණික ශාකයක් වන ගුආයුසා කොළ (guayusa leaves) බඳුනකට එක් රැස් කරයි. එය ඇමසෝනියානු ආදිවාසීන් විසින් ඔවුන්ගේ දෛනික කටයුතු ආරම්භ කිරීමට පෙර සිදුකරනු ලබන චාරිත්‍රයක් වන Guayusa Upina හි ආරම්භය සනිටුහන් කරයි. මෙම සම්ප්‍රදාය පුරුද්දකට වඩා වැඩි දෙයකි. එය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආධ්‍යාත්මික සම්බන්ධයකි.

පළමු ආලෝක කිරණ ගස් වියන හරහා පෙරීමට පටන් ගන්නා විට, අවුරුදු 23 සිට 85 දක්වා වයස්වල පසුවන කාන්තාවන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උත්සව භූමිය වෙත පැමිණේ. ඔවුන් අතරින් වැඩිමහල් කාන්තාව වනකොරිනා ඇන්ඩි, “අබුයෙලා”, “ආච්චි” ලෙස ආදරයෙන් හඳුන්වනු ලබන අතර ඔවුන් ඖෂධීය ශාක භාවිතා කරමින් සාමූහික පවිත්‍ර කිරීමේ චාරිත්‍රයක් සිදු කරයි.

ඡායාරූපය – සෙරීනා ප්‍රජාවේ නායකයින් වන ලීලා සර්ඩා සහ එල්සා සර්ඩා ඔවුන්ගේ ප්‍රජාවේ හදවතෙහි පිහිටි ජතුනියාකු ගඟ අසල සිටගෙන සිටින අයුරු

මේ අතර, තරුණ කාන්තාවන් ඔවුන්ගේ මව් භාෂාව වන කිච්වා නාපෝ (Kichwa Napo) නම් සම්ප්‍රදායික ගීත  ගායනා කරමින් නර්තනයේ යෙදෙති.

“ශක්තිය, ශක්තිය!” Cerda කෑගසයි.

එහි දෝංකාරය දිගු වන විට කාන්තාවන් ඊට ප්‍රතිචාර දක්වමින් “ආරක්ෂක, ආරක්ෂක!”.යැයි කියමින් කෑගසයි.

ශක්තිමත් කුහුඹුවන්

මෙම කණ්ඩායමට කියන්නේ කියන්නේ “යුතුරි වර්මි / Yuturi Warmi” කියලා. Yuturi Warmi හි ලාබාලතම සාමාජිකාවක වන Elsie Alvarado කියයි. Kichwa භාෂාවෙන් “Yuturi” යනුවෙන් ඇමේසන් වනාන්තරයේ ඇති කුහුඹු විශේෂයක් ගැන සඳහන් වන අතර, “Warmi” යන්නෙන් අදහස් කරන්නේ කාන්තාව බව ද ඇය පැහැදිලි කරයි.

“අපි කණ්ඩායම සඳහා මෙම නම තෝරා ගත්තේ එය ඔවුන්ගේ භූමියට ප්‍රතිරෝධය දක්වන සහ ආරක්ෂා කරන කුහුඹුවන් මෙන් අපගේ සටන සහ ශක්තිය සංකේතවත් කරන නිසා” ඇය පවසයි.

යුතුරි වර්මි කණ්ඩායම සාමාජිකයින් 154 දෙනෙකුගෙන් යුත් තම ප්‍රජාවට පතල් කැණීම හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති තර්ජනය දැඩි ලෙස නිරීක්ෂණය කරන්නේ විශාල භූමි ප්‍රදේශයක මුර සංචාරයේ යෙදෙමිනි. කාන්තාවන් ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම භූමිය වර්ග කිලෝමීටර් 7.8 සහ වර්ග කිලෝමීටර් 10 අතර වේ. ගංගාවේ ඉහළට සහ පහළට ලෝහ කැණීම් හේතුවන සිදුවන දූෂණය වාර්තා වුවද කාන්තාවන් පවසන්නේ ඔවුන්ගේ ඉඩම් සහ ගංගා තව දුරටත් ආරක්ෂාකාරීව පවතින බවයි.

“සෙරීනාහි ජලය පිරිසිදුයි. නමුත් මෙම අපිරිසිදු ජලයේ සශ්‍රීකව වැඩෙන කැටාචමාස් සහ බොකාචිකාස් වැනි දේශීය විශේෂ මසුන් ඇල්ලීමට අපට අවස්ථාව තිබෙනවා” ඇන්ඩි පවසයි.

ආදිවාසීන් වන අප ස්වභාවධර්මය අප සමඟ බැී සිටිනවා. අපි එකයි, සොබාදහම විනාශ කිරීම යනු අපටම හානි කර ගැනීමයි – Rosaura Alvarado

නැපෝ පළාතේ අගනුවර වන ටෙනා සිට පැයක ගමනක් යන විට ජතුනියාකු ගඟ දිගේ වාසය කරන ආදිවාසී ප්‍රජාවන් 50 අතර සෙරීනා ප්‍රජාව ද සිටී. ඇමසෝනියානු භාරකරුවන් ලෙස ඔවුන්ගේ කාර්යභාරයට පතල් කැණීම සහ වන විනාශය වැනි හානිකර ක්‍රියාවන්ගෙන් සිදුවන දූෂණයෙන් භූමිය ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය අනතුරේ හෙළන ක්‍රියාකාරකම් වලින් භූමිය සහ ගංගා ආරක්ෂා කිරීම ඇතුළත් වේ.

වොෂිංටන්හි විට්මන් විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු සහ සහකාර මහාචාර්යවරියක වන Andrea Sempértegui, “පතල් කර්මාන්තයට එරහිව ආදිවාසී කාන්තාවන්ගේ දිගුකාලීන නමුත් බොහෝ විට නොපෙනෙන සටන” ඉස්මතු කරයි. Yuturi Warmi වැනි කණ්ඩායම් මෙම අරගලය කරලියට ගෙන ඒම තුළින් අත්‍යාවශ්‍ය පිළිගැනීමක් ලබා ගනිමින් සිටිති.

‘‘Yuturi Warmi කාන්තාවන් Amazon හි ආදිවාසී කාන්තාවන් සතුව පවතින ඔරොත්තු දීමේ හැකියාව, අධිෂ්ඨානය සහ ශක්තිය මූර්තිමත් කරමින් ඉදිරි පෙළේ සිටිනවා” කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන Cerda පවසයි.

Yuturi Warmi පිහිටුවීමේ උත්ප්‍රේරකය 2020 දක්වා දිව යයි, ගොවීන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ශිල්පීන් සහ ශිෂ්‍යයින් ඇතුළු සෙරීනා ප්‍රජාවේ කාන්තාවන් 35 දෙනෙක් තම භූමිය සහ ගංගාව ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් විය. කාන්තාවන් ප්‍රජා යාවත්කාලීන කිරීම් සඳහා සතිපතා එක්රැස් වීමට පටන් ගත් අතර, හොඳම අධීක්ෂණ පිළිවෙත්, සොයා ගැනීම්, උත්සුකයන් සහ විසඳුම් සොයා ගියහ. ඔවුන් තවමත් ඔවුන්ගේ සතිපතා රැස්වීම් දිගටම කරගෙන යයි.

ඡායාරූපය – Iluculin ගඟ සමග එක්වන පිරිසිදු ගංගාවක්

“අපගේ දූෂණය නොවූ ගංගා ආරක්ෂා කිරීම සාමූහික වගකීමක් ලෙස අපට හැඟී ගියා. ඒවා පරම්පරා ගණනාවක් පුරා පැවත එන මුතුන් මිත්තන්ගේ තෑග්ගක්. ආදිවාසීන් වන අප ස්වභාවධර්මය සමඟ අන්තර් සම්බන්ධිතයි; අපි එකයි, ස්වභාවධර්මය විනාශ කරනවා කියන්නේ අපටම හානි කර ගැනීමයෙක්” Rosaura Alvarado පවසයි. මෙම විශ්වාසය තම ප්‍රජාවගේ භූමිය නිරීක්ෂණය කිරීමට පියවර ගැනීමට ඇය පෙලඹවූ බව ඇය පවසයි.මුලදී, කණ්ඩායමට ඔවුන්ගේ ප්‍රජාවේ පිරිමින්ගෙන් බලපෑමක් එල්ල විය. සර්ඩාගේ සැමියා මුලදී සැක සහිත විය. කෙසේ වෙතත්, ඇය පවසන්නේ ඔහුගේ අදහස වෙනස් වී ඇති බවත්, “ඔහු දැන් සහාය දෙන” බවත්ය.

  • ඇමසන් පතල් කැණීම

ඇමේසන් වෙත තර්ජන (දකුණු ඇමරිකානු රටවල් නවයක් පුරා විහිදෙන සහ වර්ග කිලෝමීටර මිලියන 6.5 ආවරණය වන පුළුල් කලාපයක්) දිගටම වර්ධනය වෙමින් පවතින බැවින්, ස්වදේශික ආරක්ෂකයින්ගේ පැමිණීම වඩ වඩාත් වැදගත් වෙමින් පවතී . යුටුරි වර්මි සහ බ්‍රසීලයේ ෂික්‍රින් කාන්තාවන් වැනි ආදිවාසී කාන්තා කණ්ඩායම් මෙහිදී වඩාත් ප්‍රමුඛ වෙමින් සිටිති.

ඇමේසන් කලාපයේ අනෙකුත් ස්වදේශික ආරක්ෂක කණ්ඩායම්වලට කාන්තාවන් සම්බන්ධ වන අතර, Yuturi Warmi පමණක් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වන බව මෙහෙයවනු ලබන Sempértegui පවසයි.

ඉක්වදෝරයේ ඇමේසන් හි නැගෙනහිර කලාපයට පතල් කර්මාන්ත සමඟ දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන් නැපෝ පළාතේ වන විනාශය, තෙල් සහ පතල් කැණීම් මෙම පොහොසත් ජෛව විවිධත්වය සහිත කලාපය මත නොමැකෙන සලකුණක් තබා ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කළේ 2015 සහ 2021 අතර ඉක්වදෝරියානු ඇමේසන් හි පතල් කැණීම් වර්ග කිලෝමීටර් 56කින් වැඩි වී ඇති බවයි. Andean Amazon ව්‍යාපෘතියේ සහ Ecociencia පදනමේ අධීක්‍ෂණයට අනුව Napo පළාතේ විශාලතම වැඩි වීමක් දක්නට ලැබුණි. (එම කාල රාමුව තුළ වර්ග සැතපුම් වර්ග කිලෝමීටර් 11ක නව පතල් ක්‍රියාකාරකම් සිදුවිය) එය 316%ක වැඩිවීමකි. මෙම වැඩිවීමෙන් 17% නීත්‍යානුකූලව නම් කරන ලද පතල් කලාපවලින් ඔබ්බට ගිය බව එම සංවිධාන වාර්තා කළේය.

පාරිසරික සහ මානව හිමිකම් සඳහා උද්ඝෝෂනය කරන Napo කලාපයේ ආදිවාසී සහ ආදිවාසී නොවන සාමාජිකයින්ගේ සාමූහිකයක් වන Napo Resiste හි නියෝජිතයින්ට අනුව, පතල් කැණීමේ ක්‍රියාකාරකම්වල මෙම සැලකිය යුතු ප්‍රගමනය ආර්ථික අභියෝගවල මූලයන් සොයා ගනී. ඉක්වදෝරයේ ඇමේසන් හි ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ දරිද්‍රතාවයේ ය. මූලික රාජ්‍ය සේවා කිහිපයක් ඇති ප්‍රදේශයක පතල් කැණීම අත්‍යවශ්‍ය ආදායම් මාර්ගයක් සපයන බව ඔවුන් පවසයි.

2019 දී, ඉක්වදෝර රජය විසින් ඇමසන් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් තෙල් සහන සඳහා විකිණීමට තැබූ විට ඉක්වදෝරියානු වෝරානි ජනයාගේ නිදහස්, පූර්ව සහ දැනුවත් උපදේශන සඳහා ස්වදේශික අයිතිය නොසලකා හැර ඇති බව සොයා ගන්නා ලදී. ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජාත්‍යන්තර ගිවිසුම්වල ද මෙම අයිතිය පිළිගෙන ඇත. ඉක්වදෝරියානුවන් තෙල් කැණීමට එරෙහිව පසුපසට තල්ලු කර ඇත. යසුනි ජාතික වනෝද්‍යානයේ තෙල් කැණීම අවසන් කිරීමට රටේ ජනගහනයෙන් 60%ක් 2023 දී ඡන්දය ප්‍රකාශ කළහ. නමුත් රටේ වෙනත් තැන්වල තෙල් කැණීම් දිගටම සිදු වේ.

ඡායාරූපය – Ana Maria Buitron හි පතල් කැණීමට සෙරීනා ප්‍රජාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරයි

Napo පළාතේ, රජය 2007 සිට වර්ග කිලෝමීටර් 32ක් ආවරණය වන පරිදි නීත්‍යානුකූල කැණීම් සහන 153ක් ලබා දී ඇත.

ඉක්වදෝර ඇමසන් වනාන්තරයේ නීත්‍යානුකූල සහ නීති විරෝධී කැණීම් පරිසරයට සහ මානව යහපැවැත්මට බලපෑම් ඇති කරයි. ස්පාඤ්ඤයේ, මෙක්සිකෝවේ සහ ඉක්වදෝරයේ විශ්ව විද්‍යාලවල විද්‍යාඥයින් විසින් 2022 දී කරන ලද අධ්‍යයනයකින් ඉහළ නැපෝ ගංගා ද්‍රෝණියේ විෂ සහිත ලෝහවල ඉහළ සාන්ද්‍රණයක් හඳුනා ගන්නා ලදී. මෙම අධ්‍යයනයෙන් රන් කැණීම සහ ඉහළ නැපෝ ගංගා ද්‍රෝණියේ ලෝහ කැණීම් අතර සෘජු සම්බන්ධයක් ඇති කර ඇති අතර එය “දැඩි පරිසර දූෂණයට” හේතු වන අතර අවට ප්‍රජාවන්ට නිරාවරණය වීමේ අවදානම වැඩි කරයි. පතල් කැණීමෙන් දූෂිත ස්ථාන අසල ජීවත් වූ වැඩිහිටියන්ට සහ ළමයින්ට විෂ ශරීරගත වීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම සහ මරණය වැඩි වී ඇති බව පර්යේෂකයන් සොයාගෙන ඇත.

“අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ තක්සේරු කරන ලද සියලුම අඩවි වල නිදන්ගත විෂ විද්‍යාත්මක අවදානම් සහ බොහෝ අඩවි වල ඇති විය හැකි පිළිකා කාරක අවදානම්” යැයි විද්‍යාඥයන් ලියා ඇත.

2021 දී සිදු කරන ලද තවත් අධ්‍යයනයක දී, පර්යේෂකයන් විසින් Napo ගඟේ ඉහළ ද්‍රෝණියේ, Jatunyacu ගඟ අසල ජල සාම්පල එකතු කරන ලද අතර, රත්‍රන් කැණීම නිසා ඇති වූ අධික ලෝහ සාන්ද්‍රණය හේතුවෙන් නිරීක්ෂණය කරන ලද ජල සාම්පලවලින් 63%ක් දුර්වල ජල ගුණාත්මක බවකින් යුක්ත බව සොයා ගත්හ. දුර්වල ජලයේ ගුණාත්මක භාවය ඇමසෝනියානු ප්‍රජාවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කරව බව අධ්‍යයනයෙන් සොයා ගෙන ඇති අතර එමගින් කලාපයේ මත්ස්‍ය ගහනයට ද බලපෑම් ඇති විය.

ඉක්වදෝරයේ ටෙනා හි Universidad Regional Amazónica Ikiam හි ඉක්වදෝරියානු ජලජ පරිසර විද්‍යා මහාචාර්යවරයෙකු වන Rodrigo Espinosa 2021 අධ්‍යයනයේ කතුවරයා විය. “කලක් පළිඟු මෙන් පැහැදිලි වූ ගංගා දැන් අඳුරු වී තිබෙනවා. ගඟක වර්ණය නිරීක්ෂණය කිරීමෙන් ප්‍රදේශයේ පතල් කැණීම් ඇති බව අපට පැවසිය හැකියි” ඔහු පැවසුවේය.

මෙය මිනිස් සෞඛ්‍යයට ඇති කළ හැකි ප්‍රතිවිපාක ගැන Espinosa අනතුරු අඟවයි. “අපි දකින ක්ෂණික බලපෑම් සම මට්ටමින් වර්ධනය වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ලෝහ වායුගෝලයට මුදා හරින විට පිළිකාකාරක විය හැකි රසායනික ද්‍රව්‍ය නිපදනවා” ඔහු පෙන්වා දෙයි.

ඡායාරූපය – Ana Maria Buitron ස්වදේශික ආරක්ෂකයින් සහ ප්‍රජාව ස්වර්ණාභරණ නිෂ්පාදනය කරයි, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ආභාසය ලත් මෝස්තර ඇතුළත් කර දේශීය ශාක තන්තු වලින් ඒවා නිර්මාණය කර ඇත.

  • මුර සංචාරයේ

Yuturi Warmi මාසයකට වරක් කලාපය නිරීක්ෂණය කරයි. ඔවුන් ආවරණය කරන්නේ කුමන භූමියද යන්න ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරයි. Cerda විසින් මෙහෙයවනු ලබන, ඔවුන් ගං ඉවුර දිගේ සහ අවට වනාන්තරවලට ගැඹුරට ගමන් කරයි. කැමරා උගුල් සහ ඩ්‍රෝන වලින් සමන්විත වන අතර ඒවා ප්‍රජා පරිත්‍යාග වශයෙන් සහ අත්කම් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් මිලදී ගෙන ඇත.

සාමාන්‍යයෙන් දින දෙක තුනක් පුරා විහිදෙන ඔවුන්ගේ මුර සංචාර අතරතුර, පතල් කැණීම් ආක්‍රමණයක හෝ පාරිසරික පරිහානියක කිසියම් හෝ සලකුණක් ගැන විමසිලිමත් වෙයි. මුර සංචාරයේ යෙදී සිටින විට, ඔවුන් ඔවුන්ගේ සොයා ගැනීම් ලේඛනගත කරයි, ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි ග්‍රහණය කර ගනිමින් ඔවුන් ආපසු පැමිණීමෙන් පසු ලැයිස්තුගත කර විශ්ලේෂණය කරයි. මෙම දත්ත ඔවුන්ගේ උපදේශන ප්‍රයත්නයන්හිදී සහ සමාජ මාධ්‍ය හරහා දේශීය සහ ජාත්‍යන්තර ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස ක්‍රියා කරයි.

කාන්තාවන් මෙම දුරකථන කැමරා සහ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන ආකාරය වැඩිහිටි සාමාජිකයින්ට උගන්වමින්, තරුණ කාන්තාවන් නිතිපතා පුහුණු සැසිවලට භාජනය වේ. සෑම මුර සංචාරයකටම සාමාජිකයින්ගේ භ්‍රමණයක් ඇතුළත් වේ, විශේෂයෙන් තරුණයින්, මූලික වශයෙන් භූමියේ මුර සංචාරයේ යෙදෙන, අඛණ්ඩ පැවැත්ම සහ නිරීක්ෂණ සහතික කරයි. කාන්තාවන් කිසිදු ආයුධයක් රැගෙන නොයන අතර ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සාමූහික පැවැත්ම මත රඳා පවතී. නීතිවිරෝධී පතල් කැණීම් දකින විට, බලධාරීන් සම්බන්ධ කර ගැනීම සහ සාක්ෂි එකතු කිරීම වැනි අවිහිංසාවාදී ක්‍රියාමාර්ගවලට කාන්තාවන් ප්‍රමුඛත්වය දෙයි.

ඡායාරූපය – Ana Maria Buitron Piedad Alvarado සහ Rosaura Alvarado ප්‍රජා ශාලාවේ එම්බ්‍රොයිඩර් කරන අතර ඔවුන්ගේ දරුවන් සෙල්ලම් කරති

යුතුරි වර්මි තම භූමිය පුද්ගලිකව ආරක්ෂා කර ගැනීමට අමතරව, ඔවුන්ගේ සටන අධිකරණයට ද ගෙන ගොස් ඇත.

එක් සිද්ධියක් 2022 පෙබරවාරි මාසයේ සිදු වූ ” මනති මෙහෙයුම ” ලෙස හැඳින්වේ. එය සෙරීනා කාන්තාවන්, Napo හි ස්වදේශික සංවිධාන සම්මේලනයේ උපදේශක කණ්ඩායම සහ පුරවැසියන්ගේ පැමිණිලි විසඳීම සඳහා වගකිව යුතු ඔම්බුඩ්ස්මන් කාර්යාලය අතර සහයෝගී උත්සාහයකි. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ සෙරීනාට අසල්වැසි Napo හි Yutzupino ප්‍රජාවේ පාරිසරික හානිය හෙළි කිරීමයි. 2021 ඔක්තෝම්බර් සහ 2022 පෙබරවාරි අතර, සහයෝගිතාව විසින් හෙක්ටයාර 103ක (අක්කර 256) ප්‍රදේශයක රත්‍රං නිස්සාරණ ක්‍රියාකාරකම්වල නියැලී සිටින බලපත්‍ර රහිත පතල් කම්කරුවන් 700කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස Jatunyacu ගඟේ ප්‍රධාන ජල ද්‍රෝණිවලින් වර්ග සැතපුම් 0.2 (වර්ග කිලෝමීටර 0.42) පමණ ප්‍රමාණයකට හානි සිදු කරමින් නීතිවිරෝධී පතල් කැණීම සඳහා භාවිතා කරන ලද කැණීම් යන්ත්‍ර 107ක් රාජසන්තක විය . 2022 අප්‍රේල් 13 දින, ස්වභාවධර්මයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පළාත් අධිකරණය තීන්දුවක් නිකුත් කළේය; බලපෑමට ලක් වූ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීම සහ නැවත වන වගා කිරීම සඳහා සැලැස්මක් සැකසීම සඳහා පරිසර අමාත්‍යාංශය වගකිව යුතු බව තීන්දුවේ නියම කරයි.

උසාවියේ තීන්දුව තිබියදීත්, අභියෝග පවතින බව එස්පිනෝසා පවසයි. හානියට පත් ප්‍රදේශ නැවත වන වගා කිරීමේ සැලැස්මක් වැනි නියෝග ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති අතර පාරිසරික හානිය දිගටම පවතී. ප්‍රජාව නැවත වන වගා ප්‍රයත්නවල නියැලීමට උනන්දු වුවද, එස්පිනෝසා තවදුරටත් කියා සිටින්නේ, විශාල බහුජාතික සංවිධානයක විධිමත්, ඒකාබද්ධ සැලැස්මක් නොමැතිව එය අභියෝගාත්මක බවය. ඔහු පවසන්නේ පතල් කැණීමෙන් බලපෑමට ලක් වූ ජතුනියාකු ගංගාවේ ප්‍රදේශය නැපෝ වෙතට ගලා යන අතර අවසානයේ ඇමේසන් වෙතට ගලා යන විට හානිය “මුළු කලාපයටම බලපාන” බවයි.

Yuturi Warmi හි සාමාජිකයින් විශ්වාස කරන්නේ රජය ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම ආරක්ෂාව සහ සහයෝගය සඳහා ඔවුන්ගේ ප්‍රජා සංවිධානය මත විශ්වාසය තැබීමට ඔවුන් පොළඹවන බවයි. ඔවුන් තරයේ කියා සිටින්නේ “සැබෑ ප්‍රගතිය සිදුවිය හැක්කේ ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයන් තුළින්” බවයි.

  • පුරෝගාමී නායකත්වය

කාන්තාවන් පවසන්නේ ඔවුන්ගේ පුරෝගාමී කාර්යය මූලික වශයෙන් ගොඩබිම් මුර සංචාරයේ යෙදෙන අනෙකුත් පිරිමි ආරක්ෂක කණ්ඩායම්වලට වඩා වෙනස් බවයි. මැහුම්, ශිල්පීය ආභරණ වැනි ක්‍රියාකාරකම්වලට ද යොමු වන අතරම ඔවුන් තම භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම අවධාරණය කරයි. පතල් කැණීම නැවැත්වීමට මෙය ඉතා වැදගත් බව Sempértegui පවසයි. එසේම මෙම ශිල්පීය ක්‍රියාකාරකම් ප්‍රජාව සඳහා විකල්ප ආදායම් මාර්ගයක් සපයයි.

“එය අනෙකුත් ප්‍රජාවන්ට ආස්වාදයක් ලබා දිය හැකි කාන්තා ස්වදේශික නායකත්වයේ පුරෝගාමී ආකෘතියක්,” Sempértegui පවසයි.

Yuturi Warmi සහ අනෙකුත් Amazonian කාන්තා නායිකාවන්ගේ බලපෑම පාරිසරිකවාදයෙන් ඔබ්බට විහිදෙන බව ඇය පවසයි. “සංස්කෘතික, අනන්‍යතාවය සහ පාරිසරික සංරක්ෂණය වැලඳ ගන්නා කැලේ මුල් බැසගත් පාරිසරික ප්‍රතිපත්තියක් සඳහා ඔවුන් ක්‍රියාකාරීව පෙනී සිටිනවා. ඔවුන්ගේ දැක්ම භූමියට සහ එහි ජනතාවට ගෞරව කරන තිරසාර අනාගතයක් හැඩගස්වා ගනිමින් පරිපූර්ණ ඉදිරිදර්ශනයක් ඒකාබද්ධ කිරීමට උත්සාහ කරනවා” ඇය පෙන්වා දෙයි.

තරුණ මවක් වන Paola Cerda පවසන්නේ කණ්ඩායම තුළ බලගැන්වීමේ වාතාවරණයක් පවතින බවයි.

“මම මෙහි සිටින්නේ මගේ ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට මට උපකාර වූ සම්පත් බෙදා ගැනීමට, සිනාසීමට, ඉගෙනීමට සහ උත්පාදනය කිරීමටයි. අපගේ වර්තමාන ඉලක්කය වන්නේ මෙම පරිවර්තනීය ආකෘතිය අනෙකුත් ප්‍රජාවන් වෙත ව්‍යාප්ත කිරීම, ආදිවාසී කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය ලබා දීමයි.” ඇය වැඩි දුරටත් පවසයි.

ඇමේසන්හි ඉරණමට ගෝලීය වැදගත්කමක් ඇති බව Yuturi Warmi තරයේ තර්ක කරයි. සමෘද්ධිමත් ඇමේසන්  ලෝකය ආරක්ෂිත තැනක් බවට පත්කරයි.

පරිවර්තනය – මහේෂ් හර්ෂණ රාජපක්ෂ

https://www.bbc.com/future/article/20240503-the-indigenous-women-fighting-mining-in-ecuadors-amazon