අපි දේශගුණික ක්‍රියාවන් විශ්වාස කරමු

මැඩගස්කරය ලෝකයේ දේශගුණික විපර්යාසවල බලපෑමට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් අතර තුන්වන ස්ථානයේ පසුවන රටයි. මැඩගස්කරයේ ගොවීන් දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්වන ප්‍රජාවන් අතර පෙරමුණේ සිටිති. ඔවුන් සෑම දිනකම විනාශකාරී යථාර්ථයන්ට මුහුණ දෙති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන කුඩාම කාබන් පියසටහන් තිබියදීත්, ඔවුන් අනුවර්තනය වීමට උත්සාහ කරන අතර උදව් කිරීමට සූදානම්ව සිටිති.

දේශගුණික විපර්යාස මැඩගස්කරයේ ආර්ථිකයට සහ සමස්ත සමාජයට ව්‍යුහයට දැවැන්ත බලපෑමක් ඇති කරයි. මෙයට ඇතුළත් වන්නේ:

  • උෂ්ණත්වය ඉහළ යාම
  • නියඟය
  • සුළි සුළං, නාය යෑම්, වන විනාශය
  • ගංවතුර
  • බෝග, ඉඩම් සහ යටිතල පහසුකම් විනාශ කිරීමො
  • පළිබෝධ සහ බෝග රෝග වැඩි වීම, උදා: පළඟැටි උවදුරෙ

අනපේක්ෂිත හා විශ්වාස කළ නොහැකි කාලවලදී, ගොවීන් තුළ වගා කළ යුත්තේ කවදා ද ? සහ කුමක් සිටුවිය යුතු ද ? යන්න පිළිබඳව අවිශ්වාසයක් වර්ධනය වී ඇත. කෘෂිකර්මාන්තය තුළ සිදුවන මෙම ඍණාත්මක තත්ත්වය හේතුවෙන් නිෂ්පාදනය සීමා වී ඇති අතර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව ද දැඩිව පීඩාවට පත්ව ඇත. දැනටමත් මංමුලා සහගත තත්වයක් තුළ දිළිඳුකම, ආහාර අනාරක්ෂිතභාවය සහ සාගතය වැඩි වීම දැකගත හැකිය.

දේශගුණික ක්‍රියා මිනිසුන්ට සහ සොබාදහමට ප්‍රයෝජනවත් වේ. ධනාත්මක දේශගුණික ක්‍රියාවන්ට සහාය වීම දේශගුණික විපර්යාස පිටුදැකීමට හා අවම කිරීමට  විවිධ ආකාරවලින් උපකාරී වේ. මෙම දේශගුණික ක්‍රියාවලට ඇතුළත් වන්නේ:

  • බෑවුම්වල ගස් හා පඳුරු සිටුවීමෙන් ජල පෝෂක ආරක්ෂා කිරීම සහ ජල මූලාශ්‍ර අවට ඉඩම් පරිහරණය පිළිබඳ කළමනාකරණය සහ නීති ශක්තිමත් කිරී‍ම.
  • පාංශු ඛාදනය ස්ථාවර කිරීම සහ වැළැක්වීම සඳහා සමෝච්ඡ රෝපණ, මිශ්‍ර බෝග සහ කෘෂි වන වගාව වැනි නව රෝපණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම,
  • පාංශු ජල කළමනාකරණය, භාවිතයට නොගත් බෑවුම් සෙවන සහ ප්‍රතිසංස්කරණය කිරීම
  • බතල, අල, කෙසෙල් වැනි විවිධ කාලවලදී වේගයෙන් වර්ධනය වන සහ සශ්‍රීක වන බෝග ඇතුළු බෝග විවිධාංගීකරණය කිරීම
  • සුළි කුණාටු සහ ගංවතුර ඇතිවීමට පෙර හෝ පසු ප්‍රවාහන යටිතල පහසුකම් යළි ගොඩනැගීමට සැලසුම් සකස් කර ඇති බැවින් හදිසි සැලසුම් ආරම්භ කිරීම
  • සුළි සුළඟට ඔරොත්තු දෙන පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සුළි කුණාටු වලදී නවාතැන් සපයන නාගරික ගොඩනැගිලි ගොඩනැගීම සහ සිදුවීම් වලින් පසු ආයතනවලට හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් විය හැකි බවට සහතික කිරීම.
  • පාසල් ළමුන් සඳහා ආහාර පිළියෙල කිරීම සඳහා ඉන්ධන කාර්යක්ෂම ලිප් භාවිතා කිරීම

අපට එක්ව දේශගුණික විපර්යාස මන්දගාමී කළ හැකිය. මැඩගස්කරයේ වනාන්තරය අවට ජීවත් වන ජනගහනය ලෝකයේ දුප්පත්ම මිනිසුන් අතර සිටියද, ඔවුන් දේශගුණික ක්‍රියාමාර්ග ගනිමින් පෘථිවියේ යහපැවැත්මට දායක වන අතර බාහිර සහාය ඇතිව ද දායක විය හැකි තත්වයක සිටී.

සහයෝගය, හවුල්කාරිත්වය සහ ප්‍රවේශමෙන් සැලසුම් කිරීම මගින් ඔවුන් ඉතිරි වනාන්තර සඳහා විකල්ප වනාන්තර හිතකාමී ජීවනෝපායන් සොයා ගනිමින් සිටී. එසේම‍ ඔවුන් වන විනාශය වළක්වා ගැනීමට ද හැකි සෑම ආකාරයකින්ම පියවර ගනිමින් සිටී.

රුක් රෝපණය තුළ, පලතුරු ගස් හෝ දැව හා ඉන්ධන සඳහා ගස් වැවීම, ස්ථිර වන වැස්ම වැඩි කිරීම සඳහා දේශීය ශාක විශේෂ රෝපණය කිරීම, වන ආවරණය ව්‍යාප්ත කිරීම, හිස් පැල්ලම් පිරවීම සහ ගස් දූපත් එකතු කිරීම මේ අතර වේ.

අප්‍රිකාවේ නිවර්තන නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මැඩගස්කරය ඉන්දියන් සාගරය හරහා සහ දකුණු ඇන්ටාක්ටික් ජලයෙන් නිතර නිතර ඇතිවන සුළි කුණාටු වල මාවතේ පිහිටා ඇත. මේවා බිහිසුණු සුළි සුළං සහ විනාශ කාරී ගංවතුර ගෙන එයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ඒවා වඩාත් තීව්‍ර වෙමින් පවතී. 2023 දී මෙවැනි බිහිසුණු ස්වභාවික ව්‍යසනවලට මැඩගස්කරය අවස්ථා ගණනාවකදී මුහුණ දුන් අතර බරපතළ ආර්ථික, පාරිසරික හා සමාජයීය හානිවලට ද මුහුණ දුන්නේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් සෘතු වෙනස් වෙමින් පවතින අතර අවිනිශ්චිත නියඟයන් සහ අනපේක්ෂික අධික වර්ෂාපතනයන් සිදුවේ.  දූපත්වාසීන්ට අනුවර්තනය වීමට විකල්ප නොමැති අතර සැහැල්ලුවෙන් ඉදිකරන ලද ගොඩනැගිලිවල ජීවත් වන ගොවි ජනතාවට එය නිරන්තර ව්‍යසනයකි.

“වැස්ස වහින කොට ඇති තරම් වහිනවා, වියළෙන කොට කල්ප ගණන් වියළියි. තවදුරටත් අපේ බෝග වගා කරන්නේ කවදාදැයි අපි දන්නේ නැහැ‘  83 හැවිරිදි ගොවියෙක් වන ජෝනා පැහැදිලි කරයි.

83 හැවිරිදි ගොවියෙකු වන ජෝනා දේශගුණික විපර්යාසවල බලපෑමට මුහුණ දෙයි. සතුන් සහ පරිසර පද්ධති වලට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වය ඊටත් වඩා දුෂ්කර ය. සාමාන්‍ය උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වෙනස් වීම ශාක සහ සතුන් අතර ඇති සංකීර්ණ සහජීවනය බිඳ දමයි. පලතුරු සහ අලුත් කොළ නොතිබූ විට, සීතල හා තෙත් බිමෙහි පැටවුන් මිය යයි, සමහර ශාක විශේෂ වර්ධනය වී අනෙක් ඒවා විනාශ කරයි. සුළං, නියඟ සහ ගංවතුර ගස් හා සතුන් මරා දමයි.

  • අපට වෙනස් කළ හැක්කේ කුමක්ද?

මිනිසුන්ට ජීවත් වීමට නම්, පළමු දෙය වන්නේ බෝග විවිධාංගීකරණය කිරීමයි. ප්‍රධාන දෙය නම් ඉක්මනින් වර්ධනය වන බෝග වලට යොමු වීමයි. නිෂ්පාදනවල අතිරික්තය ගබඩා කිරීම ද වැදගත් පියවරකි. බෑවුම් සමෝච්ඡයන් හරහා කෘෂි වන වගාව ද වැදගත් පියවරකි.

සුළි කුණාටු වලදී මිනිසුන්ට නවාතැන් ගත හැකි සහ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි, සුළි කුණාටු වලට ඔරොත්තු දෙන පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන තවදුරටත් ගොඩනැගීම ඉතා වැදගත් වේ. මෙවැනි ඉදිරිකිරීම් මගින් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අතර දරුවන්ට පාසලේදී ඔවුන්ගේ දෙමාපියන් සමග නැවත ජීවිත ගොඩනඟා ගත හැකිය.

  • අපට දේශගුණික විපර්යාස නතර කළ හැකිද?

ඔව්. ගස් තමයි උත්තරේ. තවමත් පවතින වටිනා වනාන්තරය ආරක්ෂා කර හැකි සෑම තැනකම පැල සිටුවන්න. වන වැස්ම ඒකාබද්ධ කිරීමට හැකි තරම් ගස් සිටුවන්න.

“දේශගුණික විපර්යාස ඉතා සැබෑ බවත් මෙහි රැඳී සිටීමටත් අපි දැන් දන්නවා. අපි කරන දේ වෙනස් කළ යුතුයි” ගොවියෙකු වන රපීරා පවසයි.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

https://www.feedbackmadagascar.org/climate-change?gad_source