ජාත්‍යන්තර නැව්ගත කිරීමේ සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙම සියවසේ මැද භාගය වන විට නැව්ගත කිරීමේ අංශයෙන් සිදුවන කාබන් විමෝචනය 86% දක්වා අඩු කළ හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

මෙම අංශය තුළ සිදුවන විවිධ මැදිහත්වීම් සහ ඉන්ධන ආදේශන කිහිපයක් මෙම වෙනසට හේතුවන බව එම වාර්තාව පෙන්වා දෙයි. ජාත්‍යන්තර නැව්ගත කිරීමේ අංශයෙන් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීමේ විභවය තීරණය කිරීම සඳහා පර්යේෂකයන් ඒකාබද්ධ තක්සේරු ආකෘති භාවිතා කර ඇත.

නෞකා ඉන්ධන ලෙස හරිත ඇමෝනියා, ජෛව ඉන්ධන සහ පුනර්ජනනීය මධ්‍යසාර වැනි අඩු කාබන් ඉන්ධන භාවිතය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර නැව්ගත කිරීමේ අංශයේ කැපී පෙනෙන කාබන් විමෝචනය අඩු වීමක් සිදුවන බවයි එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අනුව ජාත්‍යන්තර නෞවුක සංවිධනාය විසින් 2018 දී නියම කරන ලද ඉලක්ක ජය ගැනීමට ජාත්‍යන්තර නැව් කර්මාන්තයට හැකියාව ඇත.

“හැකි ඉක්මනින් අඩු කාබන් ඉන්ධන, නව මෝටර් රථ සහ යටිතල පහසුකම් (ගබඩා සහ බංකරින්) සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි” එම වාර්තාව වැඩිදුරටත් පවසයි