ලෝකයේ කඩොලාන වනාන්තරවලින් අඩක් මිනිස් හැසිරීම් හේතුවෙන් අවදානමට ලක් වෙලා – IUCN පවසයි.

ලෝකයේ කඩොලාන පද්ධතියෙන් අඩක් පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතින බව ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (International Union for Conservation of Nature – IUCN) නවතම වාර්තාවක් පවසයි.

කඩොලාන පරිසර පද්ධති සහ කාබන් ගබඩා පිළිබඳ ප්‍රථම IUCN විශේෂඥ තක්සේරුවට අනුව ලෝකයේ සියලුම කඩොලාන වනාන්තරවලින් අඩක් විනාශ වීමේ අවදානමක පවතී. IUCNවිශ්ලේෂණයට අනුව කඩොලාන පරිසර පද්ධතියේ පරිහානියට මූලික හේතුව මිනිස් හැසිරීමයි.

දකුණු චීන මුහුදේ, මධ්‍යම පැසිෆික් සාගරයේ සහ මැලේසියාව, පැපුවා නිව්ගිනියාව සහ පිලිපීනය අවට නැගෙනහිර කොරල් ත්‍රිකෝණයේ පද්ධති වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

පරිසර පද්ධති කළමනාකරණය පිළිබඳ IUCN කොමිසමේ සභාපති ඇන්ජෙලා ඇන්ඩ්‍රේඩ් මෙසේ පැවසුවාය: “කඩොලාන පරිසර පද්ධති වෙරළබඩ ආපදා අවදානම් අවම කිරීම, කාබන් ගබඩා කිරීම සහ වෙන් කිරීම සහ ධීවර කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට ඇති හැකියාව තුළ සුවිශේෂී භූමිකාවක් ඉටුකරනවා. ඔවුන්ගේ පාඩුව ස්වභාවධර්මයට සහ ලොව පුරා සිටින මිනිසුන්ට විනාශකාරී වනු ඇති බවට සැකයක් නැහැ“

නිවර්තන වෙරළ තීරයේ වැඩෙන සුවිශේෂ පරිසර පද්ධතියක් වන කඩොලාන ජෛව විවිධත්වය තුළ වැදගත් භූමිකාවක් ඉටුකරයි. කඩොලාන පරිසර පද්ධති මසුන්, කුරුල්ලන්, ක්ෂීරපායින් සහ උරගයින් ද ඇතුළත් සංකීර්ණ ජෛව විවිධත්ව නියෝජනයක් දරයි. ඒවා මාළු සඳහා තවාන් ලෙස ක්‍රියා කරන අතර කොටි, අප්‍රිකානු වල් බල්ලන් වැනි විවිධ ක්ෂීරපායින් සඳහා ආහාර සපයයි.

නිවර්තන වෙරළ තීරයේ වැඩෙන සුවිශේෂ පරිසර පද්ධතියක් වන කඩොලාන ජෛව විවිධත්වය තුළ වැදගත් භූමිකාවක් ඉටුකරයි. කඩොලාන පරිසර පද්ධති මසුන්, කුරුල්ලන්, ක්ෂීරපායින් සහ උරගයින් ද ඇතුළත් සංකීර්ණ ජෛව විවිධත්ව නියෝජනයක් දරයි. ඒවා මාළු සඳහා තවාන් ලෙස ක්‍රියා කරන අතර කොටි, අප්‍රිකානු වල් බල්ලන් වැනි විවිධ ක්ෂීරපායින් සඳහා ආහාර සපයයි.

කඩොලාන පරිසර පද්ධති ඒවායේ ප්‍රමාණය හා සසදන විට අසමානුපාතික කාබන් ප්‍රමාණයක් ගබඩා කරන අතර, එම ප්‍රමාණයේම නිවර්තන වනාන්තර මගින් ගබඩා කර ඇති කාබන් මෙන් තුන් ගුණයක් පමණ කාබන් උරා ගනී. ලෝකයේ වෙරළ තීරයෙන් 15%ක් පමණ කඩොලාන වලින් වැසී ඇත. නමුත් අධ්‍යයනයෙන් හෙළි වූයේ මුහුදු මට්ටම ඉහළ යාම, කෘෂිකර්මාන්තය, වෙරළ තීරයේ සිදුවන සංවර්ධන කටයුතු, තෙල් කාන්දුවීම් වැනි දූෂණයන් සහ වේලි ඉදිකිරීම මගින් ඒවා වඩ වඩාත් තර්ජනයට ලක්ව ඇති බවයි.

ඉස්සන් ගොවිපළවල්, වෙරළාසන්න සංවර්ධනය සහ ගංගාවල වේලි, අවසාදිත ගලා යාම වෙනස් කිරීම යන සියල්ලම පර්යේෂකයන් විසින් අලාභයට පෙර හේතු ලෙස තහවුරු කර ඇත. නමුත් මුහුදු මට්ටම ඉහළ යාම සහ දේශගුණික අර්බුදය හේතුවෙන් වර්ධනය වන සුළි කුණාටු වල වාර ගණන සහ දරුණු බව නිසා කඩොලානවල පැවැත්මට තර්ජනයක් එල්ල වේ.

පර්යේෂකයන් IUCN හි පරිසර පද්ධතිවල අවදානම තක්සේරු කිරීම සඳහා මෙවලම් භාවිතා කරන ලද අතර පර්යේෂණ සිදු කිරීම සඳහා ලොව පුරා විශේෂඥයින් 250කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගෙන ඇත.

“පරිසර පද්ධතිවල රතු ලැයිස්තුව මගින් කඩොලාන විනාශය ආපසු හැරවිය හැකි ආකාරය සහ අනාගතය සඳහා මෙම සියුම් පරිසර පද්ධති ආරක්ෂා කර ගත හැකි ආකාරය පිළිබඳ පැහැදිලි මාර්ග සපයයි. ජෛව විවිධත්වය සුරැකීමට, දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මුහුණ දීමට සහ ගෝලීය ජෛව විවිධත්ව රාමුව සාක්ෂාත් කර ගැනීමට කඩොලාන පරිසර පද්ධතිවල  සහාය අත්‍යවශ්‍ය සාධකයක් ” Andrade පැවසුවාය.

හවායි සහ ගිනිකොනදිග පොලිනීසියාවේ කඩොලාන ස්වභාවිකව පරිසර පද්ධතිවල කොටසක් නොවන බැවින් තක්සේරුවට ඇතුළත් කර නොමැත.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ