ශ්‍රී ලංකා රජයේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මඟින් මෙන්ම සංවර්ධකයා විසින් ද පැහැදිලි තක්සේරුවක් ඉදිරිපත් කර ඇති පසුබිමක යෝජිත මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය පිළිබඳ විරෝධය පළ කරන පිරිස සංක්‍රමණික පක්ෂී පියාසර මාර්ගය පිළිබඳ තවදුරටත් ගැටලු මතු කරමින් සිටියි. එම විරෝධතා හමුවේ අපගේ අසල්වැසි රටක් විසින් සාර්ථකව විසඳුම් සොයාගත් එවැනිම ගැටලුවක් සිහිපත් කළ හැකිය.

වසරේ දින 350කට අධික කාලයක් දැඩි හිරු එළියක් පතිත වන නිසරු බිම් රැසකින් යුත් ඉන්දියාවේ රාජස්ථාන කාන්තාර ප්‍රාන්තය පරිසරය සහ සංවර්ධනය අතර සමතුලිතතාවයේ අවශ්‍යතාවය පිළිබඳ පසක් කරන පරීක්ෂණ අවස්ථාවක් බවට පත් විය.මෙම ප්‍රදේශයේ ස්වභාවික පිහිටීම සහ දේශගුණික තත්ත්වය හේතුවෙන් මහා පරිමාණ සූර්ය ව්‍යාපෘති රැසක් ඒ අශ්‍රිතව ස්ථාපිත කරන ලදී.

වසරේ දින 350කට අධික කාලයක් දැඩි හිරු එළියක් පතිත වන නිසරු බිම් රැසකින් යුත් ඉන්දියාවේ රාජස්ථාන කාන්තාර ප්‍රාන්තය පරිසරය සහ සංවර්ධනය අතර සමතුලිතතාවයේ අවශ්‍යතාවය පිළිබඳ පසක් කරන පරීක්ෂණ අවස්ථාවක් බවට පත් විය.මෙම ප්‍රදේශයේ ස්වභාවික පිහිටීම සහ දේශගුණික තත්ත්වය හේතුවෙන් මහා පරිමාණ සූර්ය ව්‍යාපෘති රැසක් ඒ අශ්‍රිතව ස්ථාපිත කරන ලදී.

එහෙත් පසුකාලීනව රාජස්ථානයේ රාජ්‍ය පක්ෂියා ලෙස හැඳින්වෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂී විශේෂයක් වන Great Indian Bustard (GIB) පක්ෂියා මෙම ව්‍යාපෘතිවල ඉදිකර ඇති විදුලි සම්ප්‍රේෂණ කුළුණුවල ගැටී මිය යන බවට වාර්තා විය. මෙම ගැටලුව කෙරෙහි එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය ද යොමු වූ අතර එහි තීරණයට අනුව වර්ග කිලෝමීටර් 99,000 ක භූමි ප්‍රදේශයක් තුළ විදුලි සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම තහනම් කරමින් 2021 දී නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අනුව කඩිනමින් ශ්‍රී ලංකාව මෙන් 1.5 ගුණයක් පමණ විශාල භූමි ප්‍රදේශයක් විදුලිබල ව්‍යාපෘතිවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. මෙහි සූර්ය බලශක්ති කලාප බොහෝ දුරට ව්‍යාප්ත වී තිබූ අතර අධිකරණ නියෝගයට අනුව විදුලිය රැගෙන යාමට තිබූ එකම මාර්ගය අතිශයින්ම මිල

අධික භූගත කේබල් ක්‍රමය පමණක් වීම මෙහිදී මුහුණ දීමට සිදුවූ දැවැන්ත ගැටලුවක් විය. මෙම ගැටලු හමුවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති අසාර්ථක වූ අතර 25GW ක සූර්ය බලශක්ති ධාරිතාවක් උත්පාදනය කිරීම පිළිබඳ වූ රජයේ සැලැස්ම එමඟින් බිඳ වැටුණි.

මෙම වසරේ මුල් කාලයේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ පෙර නියෝගය නැවත සලකා බලා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයන් සංරක්ෂණය කිරීම ඉන්දියාවේ දේශගුණික විපර්යාසයන් සමඟ තුලනය කරමින් සුවිශේෂී අධිකරණ තීන්දුවක් ලබා දෙන ලදී. ඒ අනුව අධිකරණය විසින් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලින් නිදහස් වීමට මූලික අයිතිවාසිකමක් ඇති බව පිළිගත්හ. එමෙන්ම ඇතැම් විට මෙය පිරිසිදු හා ස්ථාවර පරිසරයක ජීවත්වීම සහ ඒ ගැන ඇති සමාන අයිතිවාසිකම් පිළිබඳව විධිමත්ව සම්බන්ධ වූ පළමු අවස්ථාව විය හැකිය. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලින් නිදහස් වීම යන්න සැබවින්ම ප්‍රබල ප්‍රකාශයක් වන අතර එය ශ්‍රී ලංකාව තුළ ද ගැඹුරින් ඇගයීමට ලක් කළ යුතුය.

පසුකාලීනව රාජස්ථානයේ රාජ්‍ය පක්ෂියා ලෙස හැඳින්වෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂී විශේෂයක් වන Great Indian Bustard (GIB) පක්ෂියා මෙම ව්‍යාපෘතිවල ඉදිකර ඇති විදුලි සම්ප්‍රේෂණ කුළුණුවල ගැටී මිය යන බවට වාර්තා විය. මෙම ගැටලුව කෙරෙහි එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය ද යොමු වූ අතර එහි තීරණයට අනුව වර්ග කිලෝමීටර් 99,000 ක භූමි ප්‍රදේශයක් තුළ විදුලි සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම තහනම් කරමින් 2021 දී නියෝගයක් නිකුත් කෙරිණි

මෙම සිදුවීමේ කරුණු විමසීම ශ්‍රී ලංකාවේ 500 MWක සුළං බල ව්‍යාපෘතියක් පිහිටුවීම සඳහා ඩොලර් බිලියනයකට වඩා ඉහළ ආයෝජනයක් සිදුකිරීමට සංවර්ධකයෙකු වන ඉන්දියාවේ අදානි සමූහය යෝජනා කර ඇත. වාර්ෂිකව පොසිල ඉන්ධන සඳහා වැයවන පිරිවැයෙන් මිලියන 270කට අධික ප්‍රමාණයක් මෙමඟින් ඉතිරි කරන අතර කාබන් විමෝචනය ද ටොන් මිලියන 1.6කින් අවම කරයි. පිරිවැය පිළිබඳ අවධානය යොමු කිරීමෙදී රජය විසින් මෙහි ඒකක පිරිවැය ලෙස ඇමරිකානු ඩොලර් ශත 8.26ක් හෝ ශ්‍රී ලංකා රුපියක් 24.78 ක් වැනි තරඟකාරී මිලක් සාකච්ඡා කර ඇති බව පසක් කර ගත හැකිය.

එය ලංවිම විදුලි උත්පාදක මිලසහ මිලට ගනු ලබන අනෙකුත් විදුලි ප්‍රභවයන්ට වඩා මිලෙන් අඩු වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන මෙමඟින් මෙරට බලශක්ති විවිධත්වය ඉහළ නැංවේ. එමෙන්ම පොසිල ඉන්ධන මත යැපීම අවම කරමින් රටේ ස්වයං විශ්වාසය වර්ධනය කිරීමට ද මෙය ඉවහල් වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය රටේ සෑම අංශයක් ඔස්සේම රටේ අභිවෘද්ධිය කෙරෙහි උපකාරී වන බව පැහැදිලිවම අවබෝධ කර ගත හැකිය. එහෙත් සංක්‍රමණික පක්ෂීන්ගේ පියාසර මාර්ගය මෙම ව්‍යාපෘති ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති බව සඳහන් කරමින් ඇතැම් පුද්ගලයන් මෙම ව්‍යාපෘතියට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

දැනට පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ සුළං ව්‍යාපෘතිය ආරක්ෂිත නම්, ඊට සමාන්තරව පිහිටා තිබෙන යෝජිත අදානි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුව කුමක්ද යන කරුණ ඔවුන් නොසලකති. මේ පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයකු විසින් සිදුකළ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මඟින් පක්ෂීන් පියාසර කිරීමේ මාර්ගයේ ව්‍යාපෘති භූමිය පිහිටා නොමැති බව පැහැදිලිවම සඳහන් කර තිබේ.

එපමණක් නොව, පක්ෂීන්ට පියාසර කිරීම සඳහා කිලෝමීටර 2ක භූමි පරාසයක් නිදහස් ව තබා ඇති බව රජය විසින්ද පෙන්වා දී තිබේ.
තවද, AI තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට පැමිණෙන පක්ෂීන් පහසුවෙන්ම හඳුනාගනිමින් ටර්බයින කඩිනමින් අක්‍රීය කර දැමීම මෙන්ම පක්ෂීන්ට හඳුනාගැනීමට පහසුවන පරිදි තලවල වර්ණ ගැන්වීම වැනි කරුණු අනුගමනය කරමින් වාසස්ථාන ආරක්ෂාව සහ අනෙකුත් සංරක්ෂණ ප්‍රවේශයන් වෙනුවෙන් සිය දායකත්වය සැපයීමට සංවර්ධකයා විසින් පියවර ගෙන තිබේ.

සීමිත භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වු දූපත් රාජ්‍යයක් ලෙස මුහුදු මට්ටමේ ඉහළ යාමසහ දේශගුණික විපර්යාස හමුවේ අපේ අනාගත පරපුර යම් අවදානමකට ලක්ව සිටියි. පුනර්ජනනීය බලශක්තිය වෙත අපි කඩිනමින් යොමු විය යුතු වේ. 2030 වසර වන විට 70%ක් දක්වා පුනර්ජනනීය බලශක්ති ජනනය ඉහළ නැංවීම සහ 2050 වන විට කාබන් විමෝචනය ශූන්‍ය කිරීම පිළිබඳ දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව සතුව ඇත.

එහෙත් මෙම කිසිදු වැඩපිළිවෙළක් පිළිබඳ විරුද්ධ මතධාරීන් සෑහීමකට පත් වන්නේ නැත. ලාභදායි හරිත බලශක්තියේ ප්‍රතිලාභ සියල්ලම එය ප්‍රතික්ෂේප කරන සුළුතරයක් නිසා අහිමිවීම හරහා පුරවැසියන් වශයෙන් අපට දේශගුණික විපර්යාස නිසා මුහුණ පෑමට සිදුවන අහිතකර බලපෑම්වලින් නිදහස් වීමට ඇති අයිතිවාසිකම් පිළිබඳ තවදුරටත් විමසීමට අපව යොමු කරනු ඇත.

සීමිත භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වු දූපත් රාජ්‍යයක් ලෙස මුහුදු මට්ටමේ ඉහළ යාමසහ දේශගුණික විපර්යාස හමුවේ අපේ අනාගත පරපුර යම් අවදානමකට ලක්ව සිටියි. පුනර්ජනනීය බලශක්තිය වෙත අපි කඩිනමින් යොමු විය යුතු වේ. 2030 වසර වන විට 70%ක් දක්වා පුනර්ජනනීය බලශක්ති ජනනය ඉහළ නැංවීම සහ 2050 වන විට කාබන් විමෝචනය ශූන්‍ය කිරීම පිළිබඳ දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව සතුව ඇත. ඉදිරි වසර 25 තුළ මෙරට බලශක්ති ඉල්ලුම තුළ වාර්ෂිකව~5% ක වර්ධනයක් අපේක්ෂා කරන අතර අපගේ තිරසාර අරමුණු සපුරා
ගැනීමටද අපේක්ෂා කෙරේ. ඒ අනුව 2050 වසර වන විට නැවුම් පුනර්ජනනීයබලශක්ති ධාරිතාව මඟින් ~7,000 MWක් උත්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් මතු වනු ඇත.

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අප රට විසින්අත්සන් කර ඇති අතර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා රටේ පුරවැසියන්
ලෙස අපට අයිතියක් ඇත. අපට සමබර මුලපිරීමක් අවශ්‍ය වේ. වඳවීමේතර්ජනයට ලක්ව ඇති විශේෂයන් ආරක්ෂා කිරීමට දරන උත්සහයන් ඔස්සේ
කාබන් විමෝචනය අවම කිරීමට සහ පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණයවීම කෙරෙහි පවතින මෙරට කැපවීම අඩාල නොවන බව සහතික කළ යුතු වේ.

මෙම සිදුවීමේ මූලික ගැටලුවේ ස්වභාවය අනුව, සාධාරණ සංක්‍රාන්ති රාමුවක්භාවිතා කිරීම වඩාත් යෝග්‍ය ප්‍රවේශයක් වන අතර එමඟින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් , සාධාරණ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සලසනු ලැබේ.

මූලාශ්‍රය – දිනමිණ අන්තර්ජාල පුවත්පත