ධනවත්ම රටවල් වැඩි නිෂ්පාදනයක් සමඟ ‘අපගේ අනාගතය අත්සන් කරමින්’ සිටින බව පැවසූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පොසිල ඉන්ධන ක්‍රමයෙන් ඉවත් කරන ලෙස ධනවත් රටවලින් ඉල්ලා සිටියේය.

නරක අතට හැරෙන තාප තරංග සහ බිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කරන අනෙකුත් දේශගුණික බලපෑම්වලට උත්තේජනයක් වන ෆොසිල ඉන්ධන ක්‍රියාකාරකම් ප්‍රසාරණය කරමින් ලොව ධනවත්ම රටවල් “අපගේ අනාගතය” වනසමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය ඊයේ (බ්‍රහස්පතින්දා) රටවල් වලින් ඉල්ලා සිටියේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් වලට ලෝකයේ “ඇබ්බැහි වීමේ රෝගයට එරෙහිව සටන් කරන” ලෙසයි.

“ලෝකයේ ධනවත්ම රටවල් කිහිපයක අප දකින පොසිල ඉන්ධන ප්‍රසාරණ රැල්ල ගැන මම කතා කළ යුතුයි. මෙවැනි නව තෙල් සහ ගෑස් කැණීම් නව බලපත්‍රවලට අත්සන් කිරීමේදී, ඔවුන් අත්සන් කරන්නේ අපේ අනාගතය නැති කර දැමීමටයි. මේ අවස්ථාවේ ඉහළම හැකියාවන් ඇති අයගේ නායකත්වය අත්‍යවශ්‍යයි. වේගවත්ව හා සාධාරණය ධනවත් රටවල් ෆොසිල ඉන්ධන ඉවත් කළ යුතුයි” ගුටරෙස් නිව් යෝර්ක් හි දේශනයකදී පැවසීය.

ෆොසිල ඉන්ධන මත අඩු ආර්ථික යැපීමක් ඇති එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි ධනවත් රටවල් මෙම චෝදනාවට නායකත්වය දී ඇති අතර පසුගිය වසරේ වාර්තාගත ලෙස තෙල් සහ ගෑස් කැණීම් බලපත්‍ර 825ක් ලබා දී ඇත.

ලෝකයේ ධනවත්ම රටවල් පොසිල ඉන්ධන සහනාධාර ඉවත් කිරීම, නව ගල් අඟුරු ව්‍යාපෘති අවසන් කිරීම සහ තාප තරංග, ගංවතුර සහ නියඟ වැනි දේශගුණික බලපෑම්වලින් සංවර්ධනය වෙමින් පවතින, අවදානමට ලක්විය හැකි රටවලට සහාය විය යුතු බව ගුටරෙස් පැවසීය. මහලේකම්වරයා පැවසුවේ, ධනවත් රටවල  නායකයින් අවදි වී නැගී සිටිය යුතු බවයි.

දේශගුණික අර්බුදයේ වැඩිවන විපත් සංඛ්‍යාව මේ සතියේ අවධානයට යොමු කර ඇති අතර, ලෝකය අඛණ්ඩව මාස 13ක වාර්තාගත තාපයක් අත්විඳ ඇති අතර, මේ වසරේ 2023 දී පිහිටුවන ලද වාර්ෂික උෂ්ණත්ව වාර්තාව අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනටමත් මෙම ග්‍රීෂ්ම සෘතුවේදී දැඩි තාප තරංග එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය පුරා පැතිරී ඇති අතර, සෞදි අරාබියේ මක්කම වෙත වාර්ෂික වන්දනාවේ යෙදෙන පුද්ගලයන් 1,300 දෙනකු පමණ මිය ගොස් ඇත.

ගුටරෙස් තවදුරටත් මෙසේ පැවසීය: “මෙම සියලු රෝග ලක්ෂණ සමඟ කටයුතු කිරීම සඳහා, අපි රෝගයට එරෙහිව සටන් කළ යුතුයි. රෝගය යනු අපගේ එකම නිවස පුළුස්සා දැමීමේ පිස්සුවයි. රෝගය යනු පොසිල ඉන්ධන වලට ඇබ්බැහි වීමයි. රෝගය දේශගුණික අක්‍රියතාවයයි. ”

2000 සිට 2019 දක්වා සෑම වසරක ම මිනිසුන් 489,000ක් පමණ තාපය ආශ්‍රිත මරණ වලින් මිය යන බව පෙන්වන දත්ත පෙන්වා දෙන අතර, අධික උණුසුම් තත්ත්වයෙන් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා රටවල් වැඩි යමක් කළ යුතු යැයි පසුගිය දා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ නව වාර්තාව අවධාරණය කරයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නව දත්ත පෙන්වා දෙන්නේ ගෝලීය ශ්‍රම බලකායෙන් 70%කට වැඩි ප්‍රමාණයක් (ආසන්න වශයෙන් බිලියන 2.4 ක ජනතාවක්) දැන් දැඩි උණුසුමෙන් අවදානමට ලක්ව ඇති බවයි.

එජ මහ ලේකම්වරයා පහත සඳහන් පියවර ගන්නා ලෙස ධනවත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය,

  • අඩු කාබන් සිසිලනය සඳහා ප්‍රවේශය වැඩි කරන්න.
  • අධික තාපයට මුහුණ දීම සඳහා නගර ප්‍රතිනිර්මාණය කරන්න.
  • එළිමහන් සේවකයින්, ගර්භනී කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්න. හදිසි ආපදා සම්බන්ධ අවධානම් ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ගොඩනඟන්න.

“වේගයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය අසමානතාවය වැඩි කරන අතර ආහාර අනාරක්ෂිතභාවය අවුලුවයි. එය මිනිසුන් තව දුරටත් දරිද්‍රතාවයට තල්ලු කරයි,” ඔහු පැවසීය.

“අපගේ බෙදුණු ලෝකය එක්සත් කරන එක් දෙයක් තිබේ නම්, එය අප සියල්ලන්ටම වැඩි වැඩියෙන් උණුසුම දැනීමයි. පෘථිවිය උණුසුම් වෙමින් පවතින අතර සෑම කෙනෙකුටම සෑම තැනකම භයානක වෙමින් පවතී‘ එජා මහලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ගුටරෙස් තවදුරටත් මෙසේ පැවසීය: “මෙම සියලු රෝග ලක්ෂණ සමඟ කටයුතු කිරීම සඳහා, අපි රෝගයට එරෙහිව සටන් කළ යුතුයි. රෝගය යනු අපගේ එකම නිවස පුළුස්සා දැමීමේ පිස්සුවයි. රෝගය යනු පොසිල ඉන්ධන වලට ඇබ්බැහි වීමයි. රෝගය දේශගුණික අක්‍රියතාවයයි. ”

ධනවත් රටවල් ඔවුන්ගේ දේශගුණික අක්තපත්‍ර ආරක්ෂා කර ඇත. නමුත් තෙල් හා ගෑස් නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම භයානක ගෝලීය උණුසුම සීමා කිරීමට ලෝකය කළමනාකරණය කරන තත්වයක් සමඟ නොගැලපෙන බව වැඩෙන පිළිගැනීමක් ඇත.

බලශක්ති සුරක්‍ෂිතතාව මෙන් ම දේශගුණික අර්බුදයට මුහුණ දීම ද අත්‍යාවශ්‍ය ය. එක්සත් රාජධානිය වැනි රටවල් “ෆොසිල ඉන්ධනවලින් ඉවත් වන” ලෙස ඉල්ලා සිටින බව එක්සත් රාජධානියේ බලශක්ති සුරක්ෂිතතාව සහ ශුද්ධ ශුන්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් එඩ් මිලිබෑන්ඩ් පසුගිය දා BBC වෙත පැවසීය.

“ඔබ ලෝකය වටා බලන්න, සංවර්ධනය වෙමින් පවතින රටවල්, සංවර්ධිත රටවල් හඳුනා ගන්නා නව තර්කය මෙයයි. අපි පිරිසිදු බලශක්තිය සඳහා ගමන් නොකළහොත් අපට නිරාවරණය වේ. අපි එම නිරාවරණය අවසන් කරනවා” මිලිබෑන්ඩ් අවධාරණය කළේය.

https://www.theguardian.com/environment/article/2024/jul/25/un-speech-fossil-fuel-climate-crisis ඇසුරිණි.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ