දේශගුණික විපර්යාස අවධානම ඉහළ යාම හේතුවෙන් ලෝකය පුරා ලැව්ගිනි වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතරතුරු පසුගිය දා නිකුත් වූ නවතම පර්යේෂණ වාර්තාවක් හෙළි කළේ ලැව්ගිනි දුමාරය අනෙකුත් පරිසර දූෂණයන්ට වඩා මොළයේ සෞඛ්‍යයට හානිකර විය හැකි බවයි.

පසුගිය ජුනි මාසයේදී නිකුත් කරන ලද අධ්‍යයනයකින් හෙළිවූයේ කැලිෆෝනියාවේ අකල් මරණ 50,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් පසුගිය දශකයේ ලැව්ගිනි දුමාරයට නිරාවරණය වීම හේතුවෙන් සිදු වූ බවය. වෙනත් අධ්‍යයනයන් මගින් ලැව්ගිනි දුමාරයට නිරාවරණය වීම හෘදයාබාධ හා නොමේරූ දරු උපත් වැඩි වීමේ අවදානමට සම්බන්ධ කර ඇත.

එක්සත් ජනපදයේ සිදුකළ නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ලැව්ගිනි දුමාරය අනෙකුත් වායු දූෂණයට වඩා මොළයේ සෞඛ්‍යයට හානිකර විය හැකි අතර ඩිමෙන්ශියා අවදානම පවා වැඩි කරන බවයි. ෆිලඩෙල්ෆියා හි ඇල්සයිමර් සංගමයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී මෙම සොයා ගැනීම් ප්‍රකාශයට පත්විය.

ගැටලුව වන්නේ ලැව්ගිනි දුමාරයෙන් පිටවන සියුම් අංශු  (හෝ මිනිස් හිසකෙස් වල විෂ්කම්භයට වඩා 30 ගුණයකින් කුඩා කුඩා අංශු) ආශ්වාසය සමග පෙණහලුවල ගැඹුරට ගමන් කරමින් රුධිරය සමග මිශ්‍ර වීම ය. මෙම දූෂණය මගින් (රථවාහන, කර්මාන්තශාලා සහ ගින්නෙන්) හෘද හා පෙනහළු රෝග ඇති කිරීම හෝ ඒවා නරක අතට හැරිය හැකි අතර, නව අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ එය ඩිමෙන්ශියාවට ද සැලකිය යුතු බලපෑම් කළ හැකි බවය.

පර්යේෂකයන් 2009 සහ 2019 අතර දකුණු කැලිෆෝනියාවේ වැඩිහිටියන් මිලියන 1.2කගේ සෞඛ්‍ය වාර්තා නිරීක්ෂණය කළහ. ලැව්ගිනි දුම් හෝ වෙනත් හේතූන් නිසා වසර තුනක් පුරා (PM 2.5 ට) නේවාසික නිරාවරණය තක්සේරු කිරීමට ඔවුන් වාතයේ තත්ත්ත්ව නිරීක්ෂණ සහ වෙනත් දත්ත භාවිතා කළහ.

ලැව්ගිනි අංශුවල සාන්ද්‍රණයේ සෑම මයික්‍රොග්‍රෑම්යක ඉහළ යාමකින් නව ඩිමෙන්ශියා රෝග විනිශ්චය කිරීමේ සම්භාවිතාව 21% කින් පමණ වැඩි වන බව අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත. එය ලැව්ගිනි නොවන අංශුවල සෑම මයික්‍රොග්‍රෑම් 3ක ඉහළ යාමක් සඳහා 3% වැඩි අවදානමක් සමඟ සසඳන විට ‘බිහිසුණු‘ තත්ත්වයක් බව වොෂින්ටන් සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් නිගමනය කළහ.

මෙවැනි වෙනසක් ඇති වන්නේ මන්දැයි පැහැදිලි නැත. නමුත් ලැව්ගිනි වැඩි වීමත් සමඟ මේ සඳහා තවත් අධ්‍යයනයක් අවශ්‍ය බව ඇල්සයිමර් සංගමයේ ප්‍රධාන විද්‍යා නිලධාරිනී මාරියා කැරිලෝ පැවසීය. දූෂිත වායුවෙන් වැළකී සිටීමට අපහසු අඩු ආදායම්ලාභීන් සඳහා ඩිමෙන්ශියාවේ වඩාත් සුලභ ස්වරූපය වන ඇල්සයිමර් අවදානම වැඩි බව විශේෂයෙන් සලකා බලන බව ඇය පැවසුවාය.

සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මගින් වාතයේ ගුණාත්මක භාවය දුර්වල වූ විට ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින නමුත් “නිවසේ සිටීමට හෝ පිටත වැඩ කිරීමට විකල්පයක් නොමැති බොහෝ පුද්ගලයින් සිටිනවා” යැයි ඇය සඳහන් කළාය.

පසුගිය ජුනි මාසයේදී නිකුත් කරන ලද අධ්‍යයනයකින් හෙළිවූයේ කැලිෆෝනියාවේ අකල් මරණ 50,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් පසුගිය දශකයේ ලැව්ගිනි දුමාරයට නිරාවරණය වීම හේතුවෙන් සිදු වූ බවය. වෙනත් අධ්‍යයනයන් මගින් ලැව්ගිනි දුමාරයට නිරාවරණය වීම හෘදයාබාධ හා නොමේරූ දරු උපත් වැඩි වීමේ අවදානමට සම්බන්ධ කර ඇත.

https://www.theguardian.com/world/article/2024/jul/29/wildfire-smoke-dementia-risk ඇසුරිණි

සකස් කළේ – මධූ වික්‍රමසිංහ