ගෝලීය මීතේන් විමෝචනය වාර්තාගත වේගයකින් ඉහළ යන බව විද්‍යාඥයින් අනතුරු අඟවයි

පර්යේෂකයන් මීතේන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික අර්බුදයේ භයානක උත්සන්න වීම වැළැක්වීමට ඉක්මන් පියවරක් ඉල්ලා සිටියි

ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන ප්‍රධාන වායුවක් වන මීතේන් ගෝලීය විමෝචනය “ශීඝ්‍රයෙන් ඉහළ යමින්” පවතින අතර දේශගුණික අර්බුදයේ භයානක උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව නවතම අධ්‍යයනයක් අනතුරු අඟවා තිබේ.

දැනටමත් අත්විඳින ලද ගෝලීය උණුසුමෙන් අඩකට මීතේන් විමෝචනය වගකිව යුතු අතර, (මීතෙන් විමෝචනය 2006 පමණ සිට සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින අතර) මෙම දූෂණය මැඩලීමට නව පියවර නොගතහොත් තව දුරටත් එය වර්ධනය වනු ඇති බව අදාළ පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

මෙම පර්යේෂණය ලොව පුරා විසිරී සිටින විද්‍යාඥයින් දුසිමකට වැඩි පිරිසක් විසින් රචනා කර ඇති අතර එය පසුගිය ජූලි 31 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ මූලික ධාවකය ලෙස කාබන් ඩයොක්සයිඩ් (CO2) කෙරෙහි ලෝකය “නිවැරදිව ” අවධානය යොමු කර ඇති අතර, Frontiers in Science හි පළ වූ පත්‍රිකාවේ සඳහන් වන්නේ මීතේන්  වායුගෝලයට ළඟා වීමෙන් පසු පළමු වසර 20 තුළ CO2 හි උණුසුම් බලය මෙන් 80 ගුණයක් තිබියදීත් ඒ ගැන නිසි අවධානයක් යොමු නොවීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

ඩියුක් විශ්ව විද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයෙකු සහ අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ Drew Shindell මෙසේ පැවසුවේ ය, “මීතේන් වර්ධන වේගය වේගවත් වන අතර එය කනස්සල්ලට කරුණක්. වසර 20 කට පමණ පෙර එහි වර්ධන වේගය තරමක් සමතලා වූ අතර පසුගිය වසර කිහිපය තුළ එය යළි වේගයෙන් වර්ධනය වුණා. එය මානව උණුසුම් වීම් වලට මුහුණ දීමේ කාර්යය වඩාත් අභියෝගාත්මක කර තිබෙනවා“

ගෝලීය මීතේන් විමෝචනය පසුගිය දශකය තුළ සෑම වසරකම ටොන් මිලියන 30කින් පමණ වැඩි වී ඇති අතර, මීතේන් විමෝචනය පිළිබඳ වාර්ෂික වාර්තා 2021 දී සහ 2022 දී බිඳ වැටුණි. මේ සඳහා පැහැදිලි හේතුවක් නොමැති වුව ද විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඒ සඳහා බලපාන සාධක ගණනාවක් පවතින බවයි.

මීතේන් වායුව පැමිණෙන්නේ තෙල්, ගෑස් සහ ගල් අඟුරු කැණීමෙන් සහ සැකසීමෙන් වන අතර, මෙම ශතවර්ෂයේ නව ගෑස් ව්‍යාපෘතිවල විශාල වර්ධනයක් වාර්තා කරයි. පශු සම්පත් වලින් ද මීතේන් වායුව විමෝචනය වන අතර (මූලික වශයෙන් ගවයින්ගේ ගොම සහ මුත්‍රා හරහා) ගව පාලනයේ වර්ධනය සහ වී වගාවේ වර්ධනය (සුළු) ගෝලීය මීතේන් විමෝචනය ඉහළ යාමට දායක වී ඇත. මේ අතර, ඉහළ යන ගෝලීය උණුසුම තෙත් බිම්වල කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය වීමට හේතු වන අතර එමඟින් ද  මීතේන් විශාල ප්‍රමාණයක් මුදා හැරේ.

2021 දී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් ගෝලීය මීතේන් ප්‍රතිඥාව / Global Methane Pledge නමින් නව මුලපිරීමක් දියත් කරන ලද අතර, එය 2030 වන විට මීතේන් විමෝචනය සාමූහිකව 30%කින් කපා හැරීමට කැපවී ඇත. මෙම යෝජනා ක්‍රමය දැන් රටවල් 155කට ව්‍යාප්ත වී ඇති නමුත් විමෝචනයෙන් 13%ක් පමණක් ආවරණය වී ඇත. වත්මන් ප්‍රතිපත්ති අනුව සහ නව පත්‍රිකාවට අනුව මීතේන් විමෝචනය කපා හැරීමට යන්නේ ගෝලීය දේශගුණික මූල්‍යකරණයෙන් 2% ක් පමණි.

“තවමත් එම ඉලක්කයට සැබවින්ම ළඟා විය නොහැකි යැයි මම සිතන්නේ නැහැ. නමුත් එහි යාමට අපගේ උත්සාහය දෙගුණ කළ යුතුයි. රටවල් තෙල් සහ ගෑස් රෙගුලාසි සමඟ පෙරමුණ ගෙන ඇති නමුත් නීති රීති ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වන අතර බොහෝ රජයන්ට නොගැලපෙන පශු සම්පත් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ට එය ස්පර්ශ කිරීමට අවශ්‍ය නැහැ.” ෂින්ඩෙල් පැවසීය

නමුත් CO2 වලට වසර සිය ගණනක් හෝ දහස් ගණනක් වායුගෝලයේ රැඳී සිටිය හැකි නමුත් (ඉවත් නොකළහොත්) මීතේන් ඉතා කෙටිකාලීන තර්ජනයකි. සියලුම මීතේන් විමෝචනය වහාම කපා හරිනු ලැබුවහොත්, සමුච්චිත මීතේන් වලින් 90%ක් වසර 30ක් ඇතුළත වායුගෝලයෙන් පිටව යනු ඇත. එය කාබන් ඩයොක්සයිඩ් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ගෝලීය උණුසුම අඩු කිරීමට වේගවත් ක්‍රමයක් සපයයි.

“මීතේන් යනු දැන් සිට 2050 දක්වා කාලය තුළ ගෝලීය උණුසුම් වීම අඩු කිරීම සඳහා අපට ඉක්මනින් ඇද ගත හැකි ශක්තිමත්ම ලීවරයි. එය කපා හැරීමට එතරම් වේගවත් ප්‍රතිචාරයක් තිබෙනවා. පෘථිවිය කෙතරම් උණුසුම් වී ඇත්ද යත්, නරක බලපෑම් වළක්වා ගැනීමට නම් අප මීතේන් අඩු කළ යුතුයි. CO2 අඩු කිරීම අපගේ මුණුබුරන් ආරක්ෂා කරන අතර මීතේන් අඩු කිරීම වර්තමානයේ ජීවත් වන අපව ආරක්ෂා කරනවා” ෂින්ඩෙල් පැවසීය.

මීතේන් වායුව පැමිණෙන්නේ තෙල්, ගෑස් සහ ගල් අඟුරු කැණීමෙන් සහ සැකසීමෙන් වන අතර, මෙම ශතවර්ෂයේ නව ගෑස් ව්‍යාපෘතිවල විශාල වර්ධනයක් වාර්තා කරයි. පශු සම්පත් වලින් ද මීතේන් වායුව විමෝචනය වන අතර (මූලික වශයෙන් ගවයින්ගේ ගොම සහ මුත්‍රා හරහා) ගව පාලනයේ වර්ධනය සහ වී වගාවේ වර්ධනය (සුළු) ගෝලීය මීතේන් විමෝචනය ඉහළ යාමට දායක වී ඇත. මේ අතර, ඉහළ යන ගෝලීය උණුසුම තෙත් බිම්වල කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය වීමට හේතු වන අතර එමඟින් ද  මීතේන් විශාල ප්‍රමාණයක් මුදා හැරේ.

CO2 වඩා හොඳින් සම්බන්ධ කිරීම සහ මීතේන් අඩු කිරීමේ ප්‍රයත්නයන් සහ යම් යම් තත්ත්වයන් යටතේ වඩාත් ඵලදායී මීතේන් කැපීමේ ව්‍යාපෘති හඳුනා ගැනීම ඇතුළුව රටවල් විසින් ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් නව පත්‍රිකාවේ දක්වා ඇත.

පසුගිය සතියේ ධවල මන්දිරය මීතේන් ඇතුළත් “අති දූෂක” කපා හැරීම පිළිබඳ සමුළුවක් පැවැත්වීය. යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානාවල මීතේන් සංවේදක ස්ථානගත කිරීම ඇතුළුව වැඩිදියුණු කළ අධීක්‍ෂණය වැනි ක්‍රියාමාර්ග, විමෝචනය අඩු කිරීම අරමුණු කරගත් පරිත්‍යාගශීලී සහ නියාමන වැඩසටහන් මිශ්‍රණයක් වැනි ක්‍රියාමාර්ග මෙම සමුළුවේදී දක්වා ඇත.

බිල් ක්ලින්ටන්ගේ ධවල මන්දිරයේ දේශගුණ උපදේශකයෙකු වූ පෝල් බ්ලෙඩ්සෝ පැවසුවේ “මේ වන තෙක් එය තරමක් නොසලකා හැර ඇති නමුත් මීතේන් ඇත්ත වශයෙන්ම දේශගුණ ආරක්ෂණයේ වැදගත්ම සාධකයයි. අපට ආසන්න කාලීන උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට අවශ්‍ය නම්, අපි මීතේන් පාලනය කළ යුතුයි.”

https://www.theguardian.com/environment/article/2024/jul/30/methane-emissions-study ඇසුරිණි.

සකස් කළේ – මධූ වික්‍රමසිංහ