• සංවර්ධනය වෙමින් පවතින ලෝකය සඳහා පිරිනමන ආධාර ප්‍රමාණය පිළිබඳව නැවත සිතා ලබන ලෙස ලෝකයේ ප්‍රමුඛම දේශගුණ ආර්ථික විද්‍යාඥයා සංවර්ධිත රටවලින් ඉල්ලයි.

  • ප්‍රමුඛ දේශගුණික ආර්ථික විද්‍යාඥ අවිනාශ් පර්සෝඩ් පවසන්නේ සංවර්ධනය වන ලෝකයට විදේශ ආධාර බිලියන ගණන් නොව ට්‍රිලියන ගණන් පිරිනැමිය යුතු බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ඩොලර් බිලියන ගණන් වෙනුවට ඩොලර් ට්‍රිලියන ගණනක් ආයෝජනය කිරීමෙන් සහ විදේශීය ආධාර පිළිබඳ සාම්ප්‍රදායික අදහස් වලින් ඔබ්බට සිතා බැලීමෙන් දේශගුණ අර්බුදයට එහි ප්‍රවේශය ගැන ලෝකය නැවත සිතා බැලිය යුතු බව ලෝකයේ වඩාත්ම ප්‍රමුඛ දේශගුණික ආර්ථික විද්‍යාඥ අවිනාශ් පර්සෝඩ් අවධාරණය කරයි.

“දේශගුණය, ණය සහ සංවර්ධනය යන සමස්ත සම්බන්ධය ගැන අපට සම්පූර්ණ නැවත සිතා බැලීමක් අවශ්‍යයි. අද අප දකින දේ අලුත්. දේශගුණික විපත්තිවලට ගොදුරු වූ රටවල් වල බොහෝ දේ සිදු වෙමින් පවතිනවා. එම රටවල් දියේ ගිලෙමින් තිබෙන්නේ ” අවිනාශ් පැවසීයෙ

ඔහු ලෝක බැංකුවෙන් සහ ඒ හා සමාන ආයතනවලින් ලබා ගත හැකි ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කරන ලෙසත්, ආයෝජන වලට දැනට පවතින බාධක ඉවත් කිරීම සඳහා රාජ්‍ය අරමුදල් සහ රෙගුලාසි පරිස්සමින් භාවිතා කිරීමත් සමඟ පෞද්ගලික අංශයෙන් විශාල මුදල් ගලා ඒමක් ඉල්ලා සිටියේය.

“මෙය ලෝකයේ විශාලතම මූල්‍ය අවස්ථාවයි,” ඔහු පැවසීය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ මේ සතියේ ලෝක නායකයින්ගේ සමුළුවක සම සත්කාරකත්වය දරන බාර්බඩෝස් හි අගමැති මියා මොට්ලිගේ ආර්ථික උපදේශකවරයා වන්නේ පර්සෝඩ් ය. ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැරිසියේ පැවැත්වෙන සමුළුවට බ්‍රසීලයේ ලූලා ද සිල්වා, ජර්මනියේ ඔලාෆ් ෂෝල්ට්ස් සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වියාන්ග් ඇතුළු රාජ්‍ය නායකයින් 50 කට වැඩි පිරිසක් සහ රාජ්‍ය ප්‍රධානීන් සහභාගී වීමට නියමිත

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සමුළුවට සහභාගී නොවන අතර එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ඔහුගේ දේශගුණ නියෝජිත ජෝන් කෙරී සමුළුවට සහභාගී කරවන බව ප්‍රකාශ කර ඇත.

පැරිසියේදී, මොට්ලි සහ පර්සෝඩ් විසින් “බ්‍රිජ්ටවුන් න්‍යාය පත්‍රය” සකසනු ඇත. එය පසුගිය වසරේ ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද බාබඩෝස් අගනුවර අනුව නම් කරනු ලැබේ. දේශගුණික ව්‍යසනයට මුහුණ දෙන සමහර දුප්පත්ම ජාතීන් සඳහා ණය සහන, ලෝක බැංකුව ඇතුළු ලෝකයේ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ලැබෙන අරමුදල් තුන් ගුණයකින් වැඩි කිරීම සහ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම සඳහා නව බදු, නැව්ගත කිරීම සඳහා  නව බද්දක් ඇතුළුව සහන කිහිපයක් ඔවුන් විසින් ඉල්ලා සිටිනු ඇත.

එසේම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කරනු ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශයේ ආයෝජන “අවදානම ඉවත් කිරීම” පහසු කිරීම සඳහා ඇපකර හෝ දිගු කාලීන ණය ලබා දීම වැනි යෝජනා ද බ්‍රිජ්ටවුන් න්‍යාය පත්‍රය තුළ පවතින බව විශ්වාස කෙරේ.

“මෙම ක්‍රියාවලියට පෞද්ගලික අංශය සම්බන්ධ විය යුතුයි. අවශ්‍ය සංඛ්‍යා සංවර්ධනය වෙමින් පවතින රටවල ශේෂ පත්‍ර පුළුල් කරනු ඇති නමුත් පුද්ගලික සමාගම්වලට එය කළ හැකියි” පර්සෝඩ් පැවසීය.

“ඔබ ආර්ථික විද්‍යාඥයින්ගෙන් අදහස් විමසන්නේ නම් ඔවුන් දක්ෂ, අලංකාර සහ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික නොවන අදහස් අනන්ත ගණනක් ඉදිරිපත් කරනු ඇත,” ඔහු පැවසීය.

බොහෝ ප්‍රවේශයන් උත්සාහ කර හෝ සාකච්ඡා කර ඇති බව ඔහු පෙන්වා දෙයි. දේශගුණික විපත්ති අවදානම් සහිත රටවල් සඳහා රක්ෂණය, කාබන් ඕෆ්සෙට් වලින් මුදල් රැස් කිරීම, “මේ කිසිවකට පිළිතුරක් නොවේ” ඔහු පැවසීය.

බොහෝ ප්‍රචාරකයන්ගේ ප්‍රියමනාප පරමාදර්ශ සමහරක් ද පූජා කිරීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි. දේශගුණික මූල්‍ය සඳහා ණය භාවිතයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන දොස් පවරන අතර , ඒ වෙනුවට ආපසු නොගෙවිය යුතු ප්‍රදාන ලබා දිය යුතු බව පවසති. නමුත් පර්සෝඩ්ට අනුව මෙය කළ නොහැක්කකි.

“ධනවත් රටවලින් ලැබෙන ප්‍රදානයන් දෙස බලා සිටීම ගොඩෝ එනතුරු බලා සිටීම හා සමානයි,” ඔහු පැවසීය.

සාම්ප්‍රදායික විදේශීය ආධාර කිසි විටෙකත් ප්‍රමාණවත් නොවනු ඇත, පර්සෝඩ් පැවසීය. “මෙම මුදල ඉතා විශාලයි, අපි ඉන් ඔබ්බට සිතිය යුතුයි.”

එක්සත් රාජධානියේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥ Nicholas Stern සහ Vera Songwe විසින් සිදු කරන ලද පර්යේෂණ වලින් පසුගිය වසරේ සොයාගනු ලැබුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් විමෝචනය කපා හැරීමට සහ ආන්තික කාලගුණික බලපෑම් සමඟ කටයුතු කිරීමට ඔවුන්ට හැකි වන පරිදි වසරකට ඩොලර් ට්‍රිලියන දෙකක් පමණ අවශ්‍ය වනු ඇති බවයි. මෙම මුදල විශාල ලෙස පෙනුනද, එය දැනට පොසිල ඉන්ධන සහ අධි කාබන් යටිතල පහසුකම් සඳහා  පොම්ප කර ඇති ආයෝජනයට වඩා විශාල නොවේ.

දිළිඳු රටවල හරිත පරිවර්තනය සඳහා ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශයෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 1.4ක් පමණ අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කරමින්  අවිනාශ් පර්සෝඩ්  මෙය තවදුරටත් බිඳ දමයි. දේශගුණික අර්බුදයේ බලපෑමට අනුවර්තනය වීමට සංවර්ධනය වන රටවලට උපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 300ක් පමණ අවශ්‍ය වනු ඇති අතර වසරකට ඩොලර් බිලියන 100ක් පමණ “අලාභ හා හානිය” වෙත යා යුතුය.

දුප්පත් රටවලට දේශගුණික අර්බුදයේ විනාශකාරී බලපෑම් සමඟ කටයුතු කිරීමට හැකි වන පරිදි ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණ සඳහා වූ ඉල්ලීම් ද පසුගිය වසර තුළ තීව්‍ර වී ඇත. හිටපු ජනාධිපති, ට්‍රම්ප් විසින් ලෝක බැංකු සභාපතිවරයා ලෙස පත් කළ ඩේවිඩ් මැල්පාස්, ඔහුගේ පැහැදිලි දේශගුණික සංශයවාදී අදහස් ආරක්ෂා කිරීමට අරගල කිරීමෙන් පසු මේ වසර මුලදී ඉල්ලා අස් වූ අතර, ඔහු වෙනුවට හිටපු බැංකුකරුවෙකු වූ අජේ බංගා පවත්ව සිටී. ඔහු වෙනසක් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.

පර්සෝඩ් අද සංවර්ධනය වෙමින් පවතින රටවලට ලෝක බැංකුව සලකන ආකාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් එහි මුල් දිනවල එකඟ වූ කොන්දේසි සමඟ සංසන්දනය කළේය.

“දෙවන ලෝක යුද්ධයට වගකිව යුතු වූ පරාජිත ජර්මනියට එහි ණය ආපසු ගෙවීම කිසිවිටෙකත් එහි අපනයනවලින් 3.5% නොඉක්ම විය යුතු බව එදා ලෝක බැංකුව විසින් දන්වා තිබුණා. ඒවා අද සංවර්ධනය වෙමින් පවතින ලෝකය දැකීමට කැමති දේවල් බව අප අමතක නොකළ යුතුයි” අවිනාශ් පර්සෝඩ් වැඩි දුරටත් පැවසීය.

https://www.theguardian.com/environment/2023/jun/18/countries-are-drowning-climate-expert-calls-for-urgent-rethink-on-scale-of-aid-for-developing-world