මේ වසරේ ආරම්භයේ සිට ඉන්දියාව අසාමාන්‍ය කාලගුණයක් අත්විඳිමින් සිටී. සාමාන්‍යයෙන් සෞම්‍ය මාසයක් වන පෙබරවාරි මාසයේදී උෂ්ණත්වය 1901 සිට මේ දක්වා වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා විය. මාර්තු සාමාන්‍යයට වඩා බෙහෙවින් තෙත් විය. අප්‍රේල් මාසයේ ද අසාමාන්‍ය ලෙස සිසිල් සහ තෙත් කාලගුණයක් තිබුණි. මැයි සුවිශේෂී ලෙස සිසිල් සහ සුවඳවත් විය.

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන නැගෙනහිර උත්තර් ප්‍රදේශ් සහ බිහාර් යන ප්‍රාන්ත පුරා ඇති වූ තාප තරංග හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 96 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මරණ සියල්ල බාලියා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

පසුගිය දින කිහිපය තුළ මෙම ප්‍රාන්තවල ආර්ද්‍රතාවය සමඟ සෙල්සියස් අංශක 45ක උෂ්ණත්වයක් වාර්තා විය.

මෝසම් වර්ෂාව පැමිණීමට පෙර ගිම්හාන තාපය උපරිම තීව්‍රතාවය දක්වා ඉහළ යන ජුනි මාසයේදී තාප තරංග බහුලව දක්නට ලැබේ. ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) විද්‍යාඥයෙකු වන අතුල් කුමාර් සිං කියා සිටියේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය පුරා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින බවයි.

නැගෙනහිර උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය බ්‍රජේෂ් පතක් පැවසුවේ බලියා හි “විශාල පිරිසක් මිය යාමට හේතුව” පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සමහර වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝග ලක්ෂණ සම්භාව්‍ය තාපය හා සම්බන්ධ රෝග ලක්ෂණ නොවන බවයි. නමුත් බලියා හි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා කියා සිටියේ තාප තරංග හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.

ප්‍රාන්ත රජය විසින් බලියා වෙත යවන ලද විශේෂඥයින් කණ්ඩායමක් පවසා ඇත්තේ මරණ වෙනත් සාධක නිසා සිදු වන්නට ඇති නමුත් ඒවා කුමක් විය හැකිද යන්න තවමත් පැහැදිලි නැති බවයි.

“මේවා තාප තරංග ආශ්‍රිත මරණ ලෙස පෙනෙන්නේ නැහැ. ආරම්භක රෝග ලක්ෂණ බොහෝ දුරට පපුවේ වේදනාව බව කියනවා. එය තාප තරංගයකින් පීඩාවට පත් වූ කෙනෙකුට ඇති පළමු රෝග ලක්ෂණය නොවෙයි”කණ්ඩායමේ සාමාජිකයෙකු වන වෛද්‍ය ඒකේ සිං NDTV ප්‍රවෘත්ති නාලිකාවට පැවසීය.

අපවිත්‍ර ජලය හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇති බව ඔහු පැවසීය. පුද්ගලයන් 400ක් පමණ බලියා හි රෝහලේ රැඳී සිටිති. රෝහල් වාට්ටු පිරි ඉතිරි ගොස් ඇත. අධික උණ, වමනය, පාචනය සහ හුස්ම ගැනීමේ අපහසුතා ගැන පැමිණිලි කරන රෝගීන්ගේ පැමිණීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට අමතර ඇඳන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සපයා ඇති බව වාර්තා පවසයි.

බලියා දිස්ත්‍රික්කයේ ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොමැතිකම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට චෝදනා කර ඇත.

“ප්‍රාන්ත රජයේ නොසැලකිලිමත්කම නිසා ප්‍රාන්තය පුරා බොහෝ මිනිසුන්ට ජීවිත අහිමි වී තිබෙනවා. උෂ්ණ තරංගය ගැන ජනතාවට අනතුරු ඇඟවීමක් කළ යුතුව තිබුණා. පහුගිය අවුරුදු හයේ එක දිසා රෝහලක්වත් හදලා නැහැ. නියමිත වේලාවට ආහාර, බෙහෙත් සහ ප්‍රතිකාර නොලැබීම නිසා දුප්පත් ගොවීන්ගේ ජීවිත අහිමි වුණා”සමාජ්වාඩි පක්ෂයේ නායක අඛිලේෂ් යාදව් පැවසීය.

මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස ලොව පුරා ආන්තික කාලගුණය අධි ආරෝපණය කරයි. තාප තරංගවල සිට ගංවතුර සහ ලැව්ගිනි දක්වා නිතර නිතර සිදුවන අතර එමගින් මාරාන්තික විපත් ඇති කරයි. උෂ්ණ තරංග සමයේදී ඉන්දියාව සාමාන්‍යයෙන් උග්‍ර ජල හිඟයකින් පෙළෙන අතර එහි බිලියන 1.4 ක ජනගහනයෙන් මිලියන ගණනකට පිරිසිදු පානීය ජලය නොමැත.

ඉන්දියාවේ කාන්තාර ප්‍රාන්තයක් වන රාජස්ථානයට ධාරානිපාත වර්ෂාවක් ඇති වී තිබේ. ගම්මාන, මාර්ග, දුම්රිය මාර්ග ජලයෙන් යටවී ඇත. රෝහල් කොරිඩෝ හරහා ඉණට ඉහළින් ජලය ගලා යන අයුරු රූපවාහිනී දර්ශනවල දැක්විණි.

මේ වසරේ ආරම්භයේ සිට ඉන්දියාව අසාමාන්‍ය කාලගුණයක් අත්විඳිමින් සිටී. සාමාන්‍යයෙන් සෞම්‍ය මාසයක් වන පෙබරවාරි මාසයේදී උෂ්ණත්වය 1901 සිට මේ දක්වා වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා විය. මාර්තු සාමාන්‍යයට වඩා බෙහෙවින් තෙත් විය. අප්‍රේල් මාසයේ ද අසාමාන්‍ය ලෙස සිසිල් සහ තෙත් කාලගුණයක් තිබුණි. මැයි සුවිශේෂී ලෙස සිසිල් සහ සුවඳවත් විය.

theguardian.com