ෆොසිල ඉන්ධන වෙනුවට පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට දරන උත්සාහයේදී උණ බම්බු ආකර්ශනීය සම්පතක් විය හැකි යැයි නවතම පර්යේෂණයක් ඉඟි පළ කරයි.

GCB Bioenergy හි මේ පර්යේෂණය සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත.

පර්යේෂකයින් සඳහන් කරන්නේ උණ බම්බු වේගයෙන් වර්ධනය වන අතර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් විශාල ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරින බවයි. ඒවායේ අමුද්‍රව්‍ය ජෛව එතනෝල්, ජීව වායුව සහ අනෙකුත් ජෛව බලශක්ති නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා සිදු කළ හැකි පැසවීම සහ පයිරොලිසිස් වැනි විවිධ ක්‍රියාවලීන් පර්යේෂණය මගින් විස්තර කරයි. විවිධ ජෛව බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා වඩාත් සුදුසු උණ බම්බු විශේෂ තෝරා ගැනීම සඳහා සීමාවන් සහිත මෙවලමක් දැනට පවතී.

“අපි උණ බම්බු ජෛව ස්කන්ධ සඳහා බලශක්ති පරිවර්තන ක්‍රම පිළිබඳ සමාලෝචනයක් සිදු කළා. විවිධ විශේෂ හරහා උණ බම්බු වල රසායනික සංයුතිය වෙනස් වෙනවා. එබැවින් පිරිවැය අවම කිරීම සඳහා වාසිදායක විශේෂයන් තෝරා ගැනීම සඳහා වඩාත් පුළුල් පර්යේෂණ සිදු කළ යුතුයි.” යනුවෙන් හංගේරියානු කෘෂිකර්ම හා ජීව විද්‍යා විශ්ව විද්‍යාලයේ ආචාර්ය Zhiwei Liang පැවසීය.

https://techxplore.com/news/2023-06-bamboo-source-renewable-energy.html