ලොව පුරා වඩා හොඳ ගොවිතැන් ක්‍රම මගින් වසරකට කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් 31ක් ගබඩා කර ගත හැකි බව නවතම පර්යේෂණ දත්ත පෙන්වා දෙයි.

ලොව පුරා කෘෂිකාර්මික පසෙහි ආන්තික වැඩිදියුණු කිරීම් ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ක සීමාව තුළ රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් කාබන් ගබඩා කරන බව නව පර්යේෂණයක් යෝජනා කරයි.

මෙම දත්ත එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හිටපු ප්‍රධාන විද්‍යාඥ සහ යුරෝපීය පරිසර ඒජන්සියේ හිටපු විධායක අධ්‍යක්ෂ ජැකලින් මැක්ග්ලේඩ් (Jacqueline McGlade) විසින් ඇස්තමේන්තු සිදු කර ඇත.

දැනට පස දිරාපත් වී ඇති බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මික පසෙහි ඉහළම සෙන්ටිමීටර 30ක කාබන් වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම කළ හැකි බව ඇය උපකල්පනය කර ඇත.

දිගුකාලීන සාරවත් බව සහ අස්වැන්න වැඩි දියුණු කරන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම පසෙහි කාබන් වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට උපකාරී වන නමුත් හරිතාගාර වායු විමෝචනය වැඩි කළ හැකි කෘත්‍රිම පොහොර විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම හේතුවෙන් මෙහි ඍණාත්මක ප්‍රතිඵල නිර්මාණය වේ.

නව දත්ත වලට අනුව ලෝකයේ කෘෂිකාර්මික පස්වලින් අඩක් පමණ කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් 31ක් පමණ අවශෝෂණය කර ගැනීමට වඩා හොඳ කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම (better farming techniques) භාවිතා කරමින් 1% වැඩි කාබන් ප්‍රමාණයක් ගබඩා කිරීම ප්‍රමාණවත් වේ. එම අගය වාර්ෂිකව ගෝලීය වශයෙන් දැනට සැලසුම් කර ඇති හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ 1.5C තුළ රැඳී සිටීමට 2030 වන විට කපා හැරිය යුතු කාබන් ප්‍රමාණය වන ගිගා ටොන් 32ක අගයට සමීප වේ.

McGlade මේ වන විට ගොවීන්ට පාංශු දත්ත අලෙවි කරන වාණිජ සංවිධානයක් වන Downforce Technologies වෙත නායකත්වය දෙයි. ඩවුන්ෆෝර්ස් ටෙක්නොලොජීස් පසෙහි කොපමණ කාබන් ප්‍රමාණයක් ගබඩා කර ඇත්ද යන්න විස්තරාත්මකව තක්සේරු කිරීමට ප්‍රසිද්ධියේ පවතින ගෝලීය දත්ත, චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරයි. එය දැන් තනි ක්ෂේත්‍ර මට්ටම දක්වා සිදු කළ හැකිය.

“කෘෂිකාර්මික අංශයෙන් පිටත දේශගුණයට පස කොතරම් වැදගත්ද යන්න මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. කෘෂිකාර්මික කටයුතු වෙනස් කිරීමෙන් පස කාබන් ඍණ බවට පත් කළ හැකි අතර, ඒවා කාබන් අවශෝෂණය කර, ගොවිතැන් පිරිවැය අඩු කරනවා” මැක්ග්ලේඩ් පැවසුවාය.

කෘත්‍රිම පොහොර අධික ලෙස භාවිත කිරීමෙන් වැළකී ගොවීන් තම ක්‍රම වෙනස් කිරීමේදී කෙටි කාලීන පිරිවැය ඉහළ යාමකට මුහුණ දිය හැකි නමුත් වසර දෙක තුනක සංක්‍රාන්ති කාලයකින් පසු ඔවුන්ගේ අස්වැන්න වැඩි දියුණු වන අතර ඔවුන්ගේ පස වඩාත් සෞඛ්‍ය සම්පන්න වනු ඇතැයි ඇය පැවසුවාය.

මිනිසුන් 300,000ක් පමණ වාසය කරන ප්‍රදේශයක් වන කෙන්යාවේ දැනට දරුණු ලෙස හායනයට ලක්ව ඇති ගොවිබිම්වලින් හෙක්ටයාර 40,000ක් ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් මිලියනයක් වැය වනු ඇතැයි ඇය ගණන් බලා ඇත.

ඩවුන්ෆෝර්ස් දත්ත ගොවීන්ට තම ක්ෂේත්‍රවල අමතර කාබන් ඩයොක්සයිඩ් කොපමණ ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේද යන්න මත පදනම්ව කාබන් ණය විකිණීමට ඉඩ දිය හැකිය. පස යනු පෘථිවියේ විශාලතම කාබන් ගබඩාවලින් එකක් ලෙස බොහෝ කලක සිට දන්නා නමුත් නිශ්චිත ප්‍රදේශවල කාබන් පස කොපමණ ප්‍රමාණයක් අගුළු දමා තිබේද සහ ඒවා කොපමණ ප්‍රමාණයක් විමෝචනය කරන්නේද යන්න සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමට මෙතෙක් නොහැකි වී තිබේ. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ලෝකයේ ගොවිබිම්වලින් 40%ක් පමණ දැන් හායනයට ලක්ව ඇත.

ලෝකය ගෝලීය උණුසුම ඉහළ යාමේ තීරණාත්මක සීමාව වන 1.5 වෙත ළං වෙමින් සිටින බැවින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම (Carbon dioxide removal) උනන්දුව වැඩි වන ක්ෂේත්‍රයකි.

වගා කළ හැකි ගොවීන්ට ශෂ්‍ය මාරුවෙන් (Crop rotation), Clover වැනි ආවරණ බෝග සිටුවීමෙන් හෝ Direct drilling භාවිතයෙන් තම පස තුළ වැඩි කාබන් ප්‍රමාණයක් වෙන් කර ගත හැකි අතර එමඟින් සීසෑමකින් තොරව බෝග වගා කිරීමට ඉඩ සලසයි. පශු සම්පත් ගොවීන්ට දේශීය තෘණ වර්ග වැඩි වශයෙන් වගා කිරීමෙන් තම පස වැඩිදියුණු කළ හැකිය.

ජීව වැටවල් (Hedgerows) පසෙහි කාබන් වෙන් කිරීමට ද උපකාරී වේ. මහා පරිමාණ ගොවිතැන පහසු කිරීම සඳහා ගොවීන් දශක ගණනාවක් තිස්සේ වැටවල් ඉවත් කර ඇත. නමුත් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සහ පවතින වැටවල් නඩත්තු කිරීම, ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට, මතුපිට පාංශු ඛාදනය අඩු කිරීමට සහ ගංගාවලට ප්‍රධාන දූෂකයක් වන හානිකර කෘෂිකාර්මික ගලායාම නැවැත්වීමට ද උපකාරී වේ.

https://www.theguardian.com/environment/2023/jul/04/improving-farming-soil-carbon-store-global-heating-target