කැරිබියන් සංවර්ධන බැංකු ප්‍රධානියා සංවර්ධනය වෙමින් පවතින නමුත් දුප්පත්ම රටවල් ලෙස වර්ග කර ඇති රටවල් සඳහා උපකාර ඉල්ලා සිටී

විනාශකාරී දේශගුණික විපත්වලින් පීඩාවට පත් මධ්‍යම ආදායම් ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලට ගලවා ගැනීමේ අරමුදල් (Risk losing out on climate funds) මග හැරීමේ අවදානමක් ඇති බව කැරිබියන් සංවර්ධන බැංකුවේ සභාපති හයිජිනස් ලියොන් අනතුරු අඟවා තිබේ.

කැරිබියන් සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පැවසුවේ මධ්‍යම ප්‍රමාණයේ ඒක පුද්ගල ආදායමක් ඇති සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමහර විදේශීය ආධාර සඳහා නුසුදුස්සන් වන හෙයින් දේශගුණ අරමුදල් සඳහා ද නුසුදුස්සන් කළ හැකි බවයි.

එවැනි බොහෝ රටවල් දේශගුණික අර්බුදයේ විනාශකාරී බලපෑමට ලක්ව ඇති බැවින් එය වැරැද්දක් වනු ඇතැයි ඔහු පැවසීය. දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම සඳහා මුදල් වෙන් කළ යුත්තේ ඔවුන්ගේ පවතින ආදායම මත පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතා සහ අවදානම් පදනම මත බව ද ඔහු පැවසීය.

“අවශ්‍යතා සහ විවිධ කණ්ඩායම් [රටවල] ස්ථානගත කිරීමේදී සැලකිය යුතු විෂමජාතියක් හෝ වෙනස්කම් තිබෙනවා. අපි කතා කරන්නේ ඉහළ දළ දේශීය නිෂ්පාදිතයක් ඇති නමුත් ඉහළ අවදානමක් ඇති, ස්වාභාවික උපද්‍රව නිසා හෝ අඩු ඔරොත්තු දීමේ හැකියාවක් ඇති රටවල් ගැනයි. එබැවින් කම්පනයකින් හෝ අර්බුදයකින් පහසුවෙන් ගැලවිය නොහැකියි.” ඔහු පැවසීය.

දේශගුණික විපත්තිවලට ගොදුරු වූ රටවලට, ආර්ථිකයන් සහ සමාජයන් ගලවා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා ගෙවන “පාඩු සහ හානි” අරමුදලක් සඳහා රජයන් සැලසුම් සකස් කරමින් සිටී. මෙම නොවැම්බරයේ Cop28 UN දේශගුණ සමුළුවේදී රටවල් මෙම අරමුදලට මුදල් සොයා ගැනීමේ ක්‍රම සාකච්ඡා කරනු ඇත.

එය සාකච්ඡාවේ අවසානය නොවිය යුතු බව කී ලියොන් මෙසේ ද පැවසීය: “අපි කතා කරන මූල්‍යකරණය රැස් කිරීමෙන් හෝ බලමුළු ගැන්වීමෙන් පසු, අපට මුහුණ දීමට සිදුවන විශාල ප්‍රශ්නය වන්නේ ඔබ එම මුදල් වෙන් කරන්නේ කෙසේද යන්නයි – අපි තවමත් මේ ගැන කතා කර නැහැ ”

සමහර රටවල් “අළු කලාපයේ” පවතින අතර, සංවර්ධනය වෙමින් පවතින නමුත් ඉතා දුප්පත්ම, නමුත් තවමත් අවදානමට ලක්විය හැකි රටවල් ලෙස වර්ගීකරණය කර ඇත. එබැවින් දේශගුණික මූල්‍ය ලබා ගන්නා රටවල් සඳහා විධිවිධාන නම්‍යශීලී විය යුතු බවට ඔහු තර්ක කළේය.

“ඔබට එය සකස් කිරීමට හැකි විය යුතුයි. එක් ප්‍රමාණයේ මිනුමක් එය හැකි තරම් ඵලදායී නොවිය හැකියි. අපි එක් මෙවලමකින්, සෑම කෙනෙකුටම එක කෝකටත් තෛලයකින් අවසන් කළහොත් අවසානයේ තෘප්තිමත් වන්නේ ස්වල්ප දෙනෙක් පමණයි’’ ඔහු පැවසුවේය.

තාප තරංග පසුගිය සති කිහිපය තුළ ලොව පුරා උෂ්ණත්ව වාර්තා බිඳ දමා ඇති අතර, අනාවැකිකරුවන් තවදුරටත් උණුසුම් කාලගුණයක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කරයි. ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ වැසියන් ඉවත් කර ඇති අතර ඉතාලිය සහ ස්පාඤ්ඤය ඉහළ උෂ්ණත්වයකට මුහුණ දී ඇති අතර සමහර අවස්ථාවලදී හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

මධ්‍යධරණී උණුසුම් කාලගුණය ඇල්ජීරියාවට සහ මොරොක්කෝවට ද බලපාන අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට ද උණුසුම දැනෙමින් පවතී. උණුසුම් කාලගුණය අස්වැන්නට බලපානු ඇතැයි යන බිය නිසා ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති අතර චීනය තාප ආඝාතය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ලෝකයේ දුප්පත්ම ජනගහනයෙන් හතරෙන් එකක් අධික උණුසුමෙන් පීඩා විඳීමට ඉඩ ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. නමුත් මධ්‍යම ආදායම් ලබන රටවල් ද දේශගුණික විපත් අත්විඳිමින් සිටින අතර බොහෝ කුඩා ජාතීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමට ලක්ව සිටිති.

ලියොන් මෙසේ පැවසීය: “රටවල් වශයෙන් අපගේ ආදායම ODA වර්ගයේ සීමාවන්ට වඩා බෙහෙවින් වැඩි වන අතර, එබැවින් අපව අවශ්‍යතා පදනම මත මනින්නේ නැහැ. අපව මනිනු ලබන්නේ අතීත ආදායම් පදනම මත යි. එමගින් කිසිසේත් යථාර්ථයය පිළිබිඹු වන්නේ නැහැ. අප මුහුණ දෙන කම්පන, දුර්වලතා, යථා තත්ත්වයට පත්වීමේ දුෂ්කරතා ඒ තුළ නියෝජනය වන්නේ නැහැ‘‘

සමහර කැරිබියානු රටවල් සුළි කුණාටු වලින් හානිවීමේ දැඩි අවදානමකට ලක්ව ඇත. දේශගුණික අර්බුදය හේතුවෙන් සුළි කුණාටු නිතර නිතර ඇති විය හැකිද යන්න විද්‍යාඥයින්ට විශ්වාස නැති අතර ඒවායේ වාර ගණන අඩු විය හැකිය. නමුත් ඒවා සැලකිය යුතු ලෙස වඩාත් තීව්‍ර වීමට ඉඩ ඇති අතර, වඩාත් හානිකර වනු ඇත.

අනාගතයේදී දුප්පත් රටවලට ලබා දීමට ඉඩ ඇති දේශගුණික මූල්‍යවලින් වැඩි ප්‍රමාණයක් ණය සහ ප්‍රදාන ආකාරයෙන් විය හැකි බව ලියොන් පැවසීය. සමහර උද්ඝෝෂකයින් තර්ක කර ඇත්තේ බොහෝ රටවල් දැනටමත් ණය වී ඇති බවත්, වායු විමෝචනය කපා හැරීමට සහ දේශගුණික අර්බුදයේ බලපෑමට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා ණය ලබා දීමෙන් ඔවුන් ණය අර්බුදයේ ගැඹුරට තල්ලු කළ හැකි බවයි.

කෙසේ වෙතත්, ලියොන් පැවසුවේ ප්‍රදාන ආකාරයෙන් සියලු මූල්‍ය ලබා ගැනීමට නොහැකි බවයි. “අද වන විට උරුම ණය බරින් තොරව, නව ණය අප දකින ආකාරය වෙන් කිරීම ප්‍රයෝජනවත් ව්‍යායාමයක් බව මම සිතනවා. ආපසු ගෙවීම පවතින ණය මත පදනම්ව එක් ආපසු ගෙවීමේ ධාරාවක් සහ නව ණය මත පදනම් වූ තවත් ආපසු ගෙවීමේ ධාරාවක් ලෙස වෙන් කිරීමේ ප්‍රතිපත්තිමය වශයෙන් මම වරදක් දකින්නේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ එය කොටස් දෙකක් ලෙස සිතීමයි”

ණය සහ ප්‍රදාන මිශ්‍රණයක් තිබිය යුතු බව ඔහු පැවසීය. “ඉදිරියට යන ඔබගේ සියලු අවශ්‍යතා සඳහා ශුන්‍ය වියදම් සඳහා ප්‍රදාන අරමුදල් ලබා ගැනීමට ඔබට කිසිදා නොහැකි වේවි. ඔබට, යම් අවස්ථාවක දී, ඔබ භාර ගැනීමට කැමැත්තෙන් සිටින හොඳ ණය ප්‍රමාණය කොපමණ දැයි පැවසීමට අවශ්‍ය වනු ඇත. වැදගත් වන්නේ රටවල සංවර්ධන ප්‍රතිඵලයි”

https://www.theguardian.com/environment/2023/jul/28/mid-income-developing-countries-risk-losing-out-on-climate-rescue-funds-banker-warns