යුනෙස්කෝ සංවිධානය විසින් මහා බාධක පරය ලෝක උරුම අඩවි ලැයිස්තුවක (world heritage sites) “අවදානම්” කාණ්ඩයට ඇතුළත් නොකරන ලෙස නිර්දේශ කර ඇති නමුත් එය ගෝලීය උණුසුම හා ජල දූෂණය හේතුවෙන් “බරපතළ තර්ජනයකට” ලක්ව පවතින බව අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියානු රජය මහා බාධක පරය ආරක්ෂා කිරීමට ධනාත්මක පියවර ගෙන ඇති බව ද යුනෙස්කෝ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම වාර්තාව මගින් යුනෙස්කෝ විසින් ඕස්ට්‍රේලියාවට දැනුම් දී ඇත්තේ මහා බාධක පරජය 2024 දී නැවත “අනතුරේ” යන කාණ්ඩගත ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන සලකා බැලීමට පෙර මහා බාධක පරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද ප්‍රගති වාර්තාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසය.

මේ අතර ඕස්ට්‍රේලියානු රජය යුනෙස්කෝ වාර්තාව සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ යුනෙස්කෝ වාර්තාව තමන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කරන බවත් මහා බාධක පරය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බවත්, එය සෙසු ලෝකයේ අවධානයට ලක්ව ඇති බවත් සනාථ කරන බවයි.

මෙම වාර්තාවේ නිර්දේශ (කෙටුම්පත් තීරණ මාලාවක් ඇතුළුව) ලෝක උරුම කමිටුවේ සැප්තැම්බර් රැස්වීමේදී සලකා බලනු ඇත.

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල වාර්තාව, ජල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, ප්‍රාන්තයේ තිරසාර ධීවර උපාය මාර්ගයට වේගවත් ව්‍යාප්තියක් සහ උද්‍යානයෙන් Gillnets ඉවත් කිරීම ඇතුළුව, ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් කොරල්පරය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර කිහිපයක් ලැයිස්තුගත කර ඇත.

  • Gillnets; ගිල්නෙට් යනු ජලයේ එල්ලෙන දැල් බිත්තියක් හෝ තිරයකි.

“ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5C දක්වා සීමා කිරීමට අවශ්‍ය ප්‍රයත්නයන්ට අනුකූලව” හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට “පැහැදිලි කැපවීම්” රජයට තිබිය යුතු බව එම වාර්තාව පවසයි.

මෙම වාර්තාව පවසන්නේ 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හැරීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟාවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය වැඩිදියුණු කළ ඉලක්කයක් නීතිගත කර ඇති බවයි.

නමුත් ප්‍රවීණයන් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ නවතම 2030 ඉලක්කය ගෝලීය උණුසුම 1.5C දක්වා තබා ගැනීමේ ගෝලීය ඉලක්කයට අනුකූල නොවන බවයි.

ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩුව විසින් දරන ප්‍රයත්නයන් “අගය සහිතව සටහන් කළ යුතු” බව පැවසුවද, වාර්තාව පවසන්නේ කොරල්පරය “බරපතළ තර්ජනයකට ලක්ව පවතින අතර හදිසි සහ තිරසාර ක්‍රියාමාර්ගයක්” අවශ්‍ය වූයේ [කොරල්පරයේ] දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට” බවයි.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (International Union for Conservation of Nature) නිර්දේශ ද ඇතුළත් මෙම වාර්තාව මහා බාධක පරයේ තිරසාරභාවය සඳහා ඩොලර් බිලියන 1.2ක් වැය කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් පියවර අගය කර ඇත.

නමුත් සියුම් අවසාදිත සහ ද්‍රාවිත නයිට්රජන් සඳහා ජල තත්ත්ව ඉලක්ක කරා ළඟා වීමට “දැඩි මාරුවක්” අවශ්‍ය බවත්, ජල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රගතිය මන්දගාමී බවත් වාර්තාව පවසයි.

ක්වීන්ස්ලන්තය මෙම වසර අවසන් වන විට එහි තිරසාර ධීවර උපායමාර්ගය “සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට” සහ 2027 ජුනි වන විට කොරල්පරය ගිල්නෙට් මසුන් ඇල්ලීමෙන් තොර බවට වග බලා ගැනීමටත් පොරොන්දු විය.

ෆෙඩරල් පරිසර අමාත්‍ය Tanya Plibersek මෙසේ පැවසුවාය: “යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කෙටුම්පත් කර ඇති වාර්තාව ඕස්ට්‍රේලියානු රජය විසින් පිළිගන්නවා. කම්කරු පක්ෂය රජය නැවත වරක් කොරල්පරය ආරක්ෂා කිරීමට සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන බැරෑරුම් ලෙස කටයුතු කරනවා. අපේ මහා බාධක පරය ලෝකයේ ඇති විශිෂ්ටතම ස්වභාවික ආශ්චර්යයන්ගෙන් එකක්. අපගේ සුන්දර කොරල්පරය නැරඹීමට පැමිණෙන ලෙස මම ලෝකයෙන් ඉල්ලා සිටිනවා. අපි ඔබව සාදරයෙන් පිළිගන්න සූදානම්’’

කොරල්පර විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටින්නේ එල් නිනෝ දේශගුණ පද්ධතියක් හේතුවෙන් මෙම ග්‍රීෂ්මයේදී මහා බාධක පරය තවත් මහා විරංජන සිදුවීමක් අත්විඳීමේ අවදානම ඉහළ නංවනු ඇති බවයි.

සෙනෙට් සභික පීටර් විෂ්-විල්සන් පැවසුවේ කොරල් පරවල වාසනාව දෙස ලෝකය බලා සිටිනු ඇති බවයි.

‘’රජය ඊළඟ වතාවේ වෙනත් ෆොසිල ඉන්ධන ව්‍යාපෘතියක් අනුමත කිරීමට බලාපොරොත්තු වන විට මෙය මතක තබා ගත යුතුයි”

දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ගොවිපළවල් වලින් සිදුවන දූෂණය හේතුවෙන් කොරල්පරය “අනතුරුදායක” ලැයිස්තුවට යා යුතු බවට යුනෙස්කෝව නිර්දේශ කිරීමෙන් පසුව 2021 දී ඕස්ට්‍රේලියානු රජය කමිටුවේ සාමාජිකයින්ට දැඩි බලපෑම් කිරීමේ උත්සාහයක් ගත්තේය.

මේ හේතුවෙන් කමිටුව විද්‍යාත්මක උපදෙස් ප්‍රතික්ෂේප කළ අතර කොරල් පරය අනතුරුදායක ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට එකඟ විය.

ඕස්ට්‍රේලියාවේ සාගර ප්‍රධානී Richard Leck පැවසුවේ යුනෙස්කෝව “ඕස්ට්‍රේලියානු සහ ක්වීන්ස්ලන්ත ආණ්ඩු පරිවාස භාරයේ තබා ඇති” බවයි.

ඔහු මෙසේ පැවසීය: “එළඹෙන වසරේ ලෝක උරුම කමිටුවට ප්‍රගති වාර්තාවක් සැපයීමට පෙර ඕස්ට්‍රේලියාවට තම ක්‍රීඩාවෙන් ඉවත් වීමට අවස්ථාවක් තිබෙනවා”

ඕස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමයේ කොරල්පර ප්‍රචාරක ආචාර්ය ලිසා ෂින්ඩ්ලර් පැවසුවේ යුනෙස්කෝගේ නිර්දේශය “විශ්වාසයේ ඡන්දයක්” බවත්, මේ ගිම්හානයේදී කොරල්පර විරංජනය වීමේ අවදානමට මුහුණ දෙන කොරල්පර සමඟ රජය යුනේස්කෝවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්ය.

https://www.theguardian.com/environment/2023/aug/01/climate-crisis-great-barrier-reef-unesco-australia