පුරාණ විල් ක්ෂුද්‍ර ජීවීන් (Ancient lake microbes) අයිස් යුගයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වූ බව තහවුරු වෙයි

ගෝලීය උණුසුම හුදු නූතන ප්‍රශ්නයක් පමණක් නොව, පෘථිවි ඉතිහාසය පුරා බොහෝ වාර ගණනක් සිදු වී ඇති අතර එවැනි එක් සිදුවීමක් වසර මිලියන 304කට පෙර පසුකාලීන පැලියෝසොයික් අයිස් යුගයේදී (Late Paleozoic Ice Age යුගය වසර මිලියන 340 සිට 290 දක්වා විහිදේ) සිදු විය. සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම, මහාද්වීපික අයිස් අඩුවීම සහ සාගර පරිසරය එකල ගොඩබිම ගංවතුරට ලක් වූ බවට අධ්‍යයනයන් මගින් සාක්ෂි සොයාගෙන ඇත.

චීනයේ නැන්ජිං විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලියුවෙන් ෂියා (Dr Liuwen Xia) ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක ක්ෂාරීය විල් (alkaline lakes – pH 9 සිට 12 දක්වා) වායුගෝලයට මීතේන් විශාල වශයෙන් මුදා හැරීම පිළිබඳව පර්යේෂණ කරන ලදී .

වායුගෝලීය මීතේන් විශාල ප්‍රමාණයක් ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු වන අතර එය ප්‍රබල හරිතාගාර වායුවක් වන බැවින් එය වසර 100ක් පුරා කාබන් ඩයොක්සයිඩ් වලට වඩා 28 ගුණයක් ඵලදායී ලෙස තාපය උදුරා ගනී. ගෝලීය මීතේන් විමෝචනයෙන් 74%ක් සඳහා මීතේන් නිපදවන ක්ෂුද්‍ර ජීවීන් වගකිව යුතු අතර, එබැවින් දේශගුණික විපර්යාස අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් ජීවත් වීමට පමණක් නොව වර්ධනය වීමට දිරිගන්වන පාරිසරික තත්ත්වයන් නිර්වචනය කිරීම වැදගත් වේ.

වයඹ දිග චීනයේ ජුන්ගාර් ද්‍රෝණියේ (The Junggar Basin) ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් වලින් ලබාගත් මීතේන් මට්ටම් තක්සේරු කිරීම මගින් විමර්ශනය කරන ලදී. ජලජ හරිත ඇල්ගී, සයනොබැක්ටීරියා (ප්‍රභාසංස්ලේෂණ ක්ෂුද්‍ර ජීවීන් – cyanobacteria /photosynthesising microorganisms) සහ halophilic archaea (අධික ලවණ සහිත පරිසරයක ජීවත් වන ආන්තික ක්ෂුද්‍ර ජීවීන්) ප්‍රභවයන් මත පදනම්ව පර්යේෂකයන් විසින් විල් පතුලෙන් මූලික සාම්පල ලබාගෙන පාෂාණයේ රසායනික විශ්ලේෂණයන් සිදු කරන ලදී.

  • Archaea යනු බැක්ටීරියා වලට සමාන නමුත් පරිණාමීයව වෙනස් වන ක්ෂුද්‍ර ජීවීන් සමූහයකි. බොහෝ ආකියා ආන්තික පරිසරවල ජීවත් වන බව සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස අධි පීඩන, ලුණු සාන්ද්‍රණය හෝ උෂ්ණත්වය සහිත පරිසර.

විලෙහි වැඩිපුර දිය වී ඇති අකාබනික කාබන් (inorganic carbon – කාබන් සහ හයිඩ්‍රජන් බන්ධන නොමැති ආකාරයක් ) අඩංගු වන විට ඇල්ගී, සයනොබැක්ටීරියා සහ Archaea බැක්ටීරියා වඩාත් සැහැල්ලු ස්වරූපය (කාබන්-12) ලබා ගනී. එනම් බරින් වැඩි කාබන්-13 වැවේ ජලයේ පවතී. එය වැව් පතුලෙන් ලබා  ගන්නා ලද පාෂාණ මිනුම්වල වෙනස් වෙනස්කම් වලට තුඩු දෙයි.

පර්යේෂකයන් විසින් සොයා ගත් එක් විශේෂිත වර්ගයක් වන ඇල්කලෝෆිලික් මෙතනොජනික් ආකේරියා බැක්ටීරියා, (alkalophilic methanogenic archaea) විලෙහි අඩු සල්ෆේට් ඇනොක්සික් පාරිසරික තත්ත්වයන් තුළ තරඟකාරී වාසියක් ලබා ගත් අතර පාෂාණයේ ඇති බරම කාබන්-13 අගයන් ආරක්ෂා කරයි. විල් ජලයේ මීතේන් විශාල ප්‍රමාණයක් නිපදවීමෙන් වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමෙන් මෙම විශේෂය සමෘද්ධිමත් වූ අතර පසුව එය වායුගෝලයට මුදා හරින ලදී. ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් වලින් පමණක් මීතේන් විමෝචනය ගිගාටොන් 2.1ක් දක්වා සිදු වූ බවට යෝජනා කෙරේ.

ගිනිකඳු ක්‍රියාකාරකම් සහ විලට ගලා ආ ජල තාප ක්‍රියාවලීන්ගෙන් ලබාගත් කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට් (bicarbonate) සහ කාබනේට් (විසර්ජන අකාබනික කාබන් ආකාර) බවට පරිවර්තනය කරන ලද අතර එමඟින් විලෙහි ක්ෂාරීය බව වැඩි කරන අතර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන බැවින් මීතේන් සෑදීම වැඩි දියුණු කරන බව සටහන් වේ. විසුරුවා හරින ලද අකාබනික කාබන් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලීන් සඳහා ඇල්ගී, සයනොබැක්ටීරියා සහ ආකේරියා සඳහා අසීමිත කාබන් සැපයුමක් සපයයි.

එබැවින් මීට වසර මිලියන 304 කට පෙර වායුගෝලීය මීතේන් හි උච්චතම අගයක් ගත් පසුකාලීන පැලියෝසොයික් අයිස් යුගයට (Late Paleozoic Ice Age) මෙම වැඩි වූ සහ ස්ථාවර මීතේන් සැපයුම සම්බන්ධ කිරීම, ගෝලීය වශයෙන් ක්ෂාරීය විල් ගණනාවක ඒකාබද්ධ දායකත්වය ගෝලීය හරිතාගාර වායුව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව යෝජනා කළ හැකිය. පර්යේෂකයන් යෝජනා කරන්නේ, වයඹදිග චීනයේ විල් පමණක් ගත් විට මීතේන් විමෝචනය ගිගා ටොන් 109ක් දක්වා ළඟා විය හැකි බවත්, එය හරිතාගාර බලකිරීමේ බලයට (greenhouse forcing power) කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් 7521ක් දක්වා සමාන වන බවත්ය.

පැහැදිලිවම මෙය අපගේ දේශගුණයට බලපාන මීතේන් වල ප්‍රබලත්වය ඉස්මතු කරන අතර විශේෂයෙන් ක්ෂාරීය විල් ගෝලීය වශයෙන් ඒවායේ වත්මන් විමෝචනය නිරීක්ෂණය කිරීමට සහ ඒවායේ ක්‍රියාකාරකම් වලට එරෙහිව සටන් කිරීමට විසඳුම් සෙවීමට ඇති වැදගත්කම ඉස්මතු කරයි. විල්වල pH අගය අඩු කිරීම, ඒවා වඩාත් ආම්ලික වීම, ඇතැම් මැටි වර්ග එකතු කිරීම හෝ වැව පතුල හෑරීම පවා මෙයට ඇතුළත් විය හැකිය. නමුත් මෙම විසඳුම් සියල්ලම ස්වභාවිකවම පරිසරයට තමන්ගේම බලපෑම් රාශියක් හඳුන්වා දෙයි. එනිසා, විල්වලින් මීතේන් විමෝචනය අවම කිරීම සහ ඒවායේ ගෝලීය උණුසුම ඉහළ යාමේ හැකියාව අවම කිරීම සඳහා තවමත් පැහැදිලි විසඳුමක් නොතිබිය හැකිය.

https://phys.org/news/2023-08-ancient-lake-microbes-global-ice.html