පුද්ගලික ජෙට් යානා දේශගුණයට භයානකයි –  මේ ඒවායේ පියාසර කරන ධනවතුන්ට බදු ගෙවීමට කාලයයි

පුද්ගලික ගුවන් ගමන් වාණිජ ගුවන් යානා වලට වඩා 14 ගුණයක් පරිසරය දූෂණය කරන නමුත් ඒ වෙනුවෙන් අය කරන්නේ අඩු බදු ප්‍රතිශතයකි. අපි ඒක වෙනස් කරමු – එඩ්වඩ් ජේ මාර්කි

දේශගුණික අර්බුදය අපගේ ගේට්ටුව අභියසටම පැමිණ තිබෙනවා. එය අපේ අහසේ, අපේ ජලයේ සහ අපේ භූමියේ සෑම දෙයක්ම වනසා දමමින් සිටිනවා. වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙන තාප තරංග, වඩ වඩාත් දරුණු ලැව්ගිනි, සුපිරි කුණාටු සහ සාගර ජල මට්ටම ඉහළ යාම සමග අපට අරගල කිරීමට සිදුව තිබෙනවා.

අපට ප්‍රමාද වීමට කාලයක් නැහැ. මෙම අර්බුදයට මුහුණ දීම සහ පෙරටුගාමී පාරිසරික යුක්ති ප්‍රජාවන් ආරක්ෂා කිරීමට සාමාන්‍ය මිනිසුන් වන අපට සිදුව තිබෙනවා. මේ නිසා සුපිරි ධනවතුන් දේශගුණික ගැටලුවට ඉන්ධන සැපයීම නතර ගැටලුවට තිරසර විසඳුම් සෙවීම සඳහා සහාය විය යුතුයි. ඒ නිසා තමයි මෙම ජූලි මාසයේදී මම කොන්ග්‍රස් සභික Nydia Velázquez සමඟ කාබන් ගුවන් බදු පනතක් සහිත ඉන්ධන විකල්ප ප්‍රවාහනය /Fueling Alternative Transportation with a Carbon Aviation Tax  0Fatcat)හඳුන්වා දුන්නේ.

පුද්ගලික ගුවන් ගමන් යනු වඩාත්ම බලශක්තිය වැයවන ප්‍රවාහන ක්‍රමයයි. සෑම මගියෙකු සඳහාම, පුද්ගලික ගුවන් යානා වාණිජ ගුවන් ගමන් වලට වඩා 14 ගුණයක් සහ දුම්රියට වඩා 50 ගුණයක් පරිසරය දූෂණය කරනවා. ඉහළ හරිතාගාර වායු විමෝචනයක් තිබියදීත්, පුද්ගලික ගුවන් ගමන් සඳහා වාණිජ ගුවන් ගමන්වලට වඩා සැලකිය යුතු ලෙස අඩු බද්දක් තමයි අය කරන්නේ. මගේ ව්‍යවස්ථාවෙන් ඒක වෙනස් කරනවා. මොකද අපේ පරිසරය විනාශ කරන ගමන් 1% ට නොමිලේ සවාරියක් ලැබිය යුතු නැහැ.

මේ මොහොතේ ප්‍රකෝටිපතියන් සහ සුපිරි ධනවතුන් අඩු බදු ගෙවමින්  පුද්ගලික ජෙට් යානා මගින් පියාසර කිරීම හරහා මිලියන සංඛ්‍යාත මාර්ග රියදුරන්ට වඩා පරිසර දූෂණයට දායක වෙනවා. පැයක පමණ කාලයක් පුද්ගලික ජෙට් යානයක පියාසර කිරීම විදුලි මෝටර් රථයක් වසරක් පුරා සිදුකරනවාට වඩා පරිසර හානියක් කරනවා. එය අසාධාරණ වන අතර එය පිළිගත නොහැකි යි. (මෙය ලංකාව වැනි රටවල සුපිරි මෝටර් රථ පැදවීමට සමාන කළ හැකියි – සංස්කාරක)

අපේ පරිසරය වෙනුවෙන්, අපේ ආර්ථිකයට සහ රට පුරා සිටින ප්‍රජාවන්ට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන බලශක්ති කාර්යක්ෂමතාව සහ පිරිසිදු පොදු ප්‍රවාහනය ගොඩනැගීමට අපට ආයෝජනය කළ හැකි වන පරිදි සුපිරි ධනවතුන්ට තම සාධාරණ කොටස ගෙවීමට කාලය පැමිණ තිබෙනවා. දේශගුණික අර්බුදයේ බර උසුලන අසමානුපාතික ලෙස අඩු ආදායම්ලාභී, ග්‍රාමීය, සංක්‍රමණික, කළු සහ දුඹුරු වැනි ඉදිරිපෙළ ප්‍රජාවන්ට සුපිරි ධනපතින් වෙනුවෙන් ද දේශගුණික බර දැරීමට තව දුරටත් නොහැකියි. ලොව පුරා පුද්ගලික ජෙට් යානා භාවිතා කරන ප්‍රකෝටිපතියන්ට දෙන සහනාධාරවලට වහාම තිත තැබිය යුතුයි.

මා විසින් ඉදිරිපත් කර ඇති නව නීති කෙටුම්පත මගින් පුද්ගලික ජෙට් ගමන් සඳහා ඉන්ධන බදු වත්මන් ඩොලර් 0.22 සිට ගැලුමකට ආසන්න වශයෙන් ඩොලර් 2 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. පුද්ගලික ජෙට් යානයක CO2 විමෝචනය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 200 කට සමානයි.

Fatcat පනත මගින් උපයන ආදායම ගුවන් තොටුපළ සහ ගුවන් මාර්ග භාර අරමුදලට සහ පාරිසරික යුක්ති ප්‍රජාවන් සඳහා ගුවන් නිරීක්ෂණ සහ රට පුරා පිරිසිදු, දැරිය හැකි පොදු ප්‍රවාහනය සඳහා දිගුකාලීන ආයෝජන සඳහා සහාය වීම සඳහා අලුතින් නිර්මාණය කරන ලද Federal Clean Communities Trust Fund වෙත මාරු කිරීමට මා යෝජනා කර තිබෙනවා.

දේශගුණික අර්බුදය සම්පූර්ණයෙන් විසඳීම සඳහා ඊට සැලකිය යුතු ලෙස වගකිව යුතු සුපිරි ධනපතීන් විසඳුම සඳහා දායක වන බව සහතික කළ යුතුයි. ඇත්ත වශයෙන්ම අපගේ බදු සංග්‍රහයට අදාළ විය යුතු, නමුත් කනගාටුවට කරුණක් නොවන එකම තර්කය එයයි.

Jeff Bezos, Elon Musk, Mark Zuckerberg වැනි ප්‍රකෝටිපතියන්ට සහ සුපිරි ධනපතිියන්ට පුද්ගලික ජෙට් යානා වලින් පියාසර කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ට කළ හැකි අවම දෙය වන්නේ අපගේ පරිසරයට වන හානිය සහ අපගේ යටිතල ව්‍යූහයට සිදුවන හානියට වන්දි ගෙවීම සඳහා ඔවුන්ගේ සාධාරණ කොටස  බදු ලෙස ගෙවීමයි. ඇස්තමේන්තුගත වසර 125,000ක කාලය තුළ ඇමරිකානුවන් උණුසුම්ම දිනවලින් පීඩා විඳිද්දී අපගේ පරිසරය දූෂණය කිරීම සඳහා ඩොලරයට සතයක් ගෙවීමට ඔවුන්ට දිගටම ඉඩ දීම හෘද සාක්ෂියට එකඟ නැහැ. සාමාන්‍ය ඇමරිකානුවන්ට ප්‍රකෝටිපතියන්ගේ අතිරික්තය සඳහා ගෙවීමට සිදු නොවිය යුතුය

අපි පැහැදිලිව කියනවා: මෙය ආර්ථික හා පාරිසරික යුක්තිය පිළිබඳ ගැටලුවක්. ගෝලීය වශයෙන් ධනවත්ම 1% කාබන් ඩයොක්සයිඩ් දූෂණයට වගකිව යුතු වන්නේ පහළම 50% මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් බව පර්යේෂකයින් කියනවා. නමුත් එම දූෂණයේ අධිකම බර පැටවෙන්නේ දැනටමත් අරගල කරන මිනිසුන් වෙතයි.

පුද්ගලික ජෙට් යානයකින් අහසට නගින කෝටිපතියෙකුට ඉහල විදුලි බිලක් ගෙවීමේ අපහසුව දැනෙන්නේ නැහැ. තමන්ගේම ජෙට් යානා හිමි සුපිරි ධනවතුන්ට අපිරිසිදු වාතය ආශ්වාස කිරීමේ අපහසුව දැනෙන්නේ නැහැ.

දේශගුණික අර්බුදයට එරෙහි සටනේ භයානක සන්ධිස්ථානයකට අපි ළඟා වෙමින් සිටිනවා. මෙම ගිම්හානයේ කුරිරු කාලගුණය ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ පෙරදසුනක් පමණයි. මේ අර්බුදයට මුහුණ දීම සඳහා අපි සියලු දෙනාම අපේ කාර්යභාරය ඉටු කිරීමට පියවර ගත යුතුයි. විශේෂයෙන්ම පුද්ගලික ජෙට් යානා මගින් ලෝකය පුරා සවාරි යන ප්‍රකෝටිපතියන් සහ සුපිරි ධනවතුන් මෙහි පෙරමුණේම සිටිය යුතුයි.

Edward J Markey යනු මැසචුසෙට්ස් ජනපදයේ සෙනෙට් සභිකයෙකි

The Gardian