ගිනිකඳු සහ ලැව්ගිනි වසර අටක් පුරා ගෝලීය උණුසුමෙන් 20% ක් සමනය කරයි

ගිනිකඳු පිපිරීම් (Explosive volcanic) සහ ලැව්ගිනි (wildfires) පසුගිය වසර අට තුළ ගෝලීය උණුසුම 20%කින් අඩු කර ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. විශේෂයෙන්ම 2015 දී දකුණු චිලියේ Calbuco ගිනිකන්ද පුපුරා යාම සහ 2019-20 ඕස්ට්‍රේලියානු ලැව්ගිනි, ඉහළ වායුගෝලයට විශාල දුමාරයක් සහ වායුවක් එක් කළ අතර එය පෘථිවියෙන් පිටවන තාපය අවශෝෂණය කර සූර්යාලෝකය නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කිරීමෙන් ලෝකය සිසිල් කිරීමට උපකාරී වූ බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

චීනයේ ජිනන් විශ්ව විද්‍යාලයේ පෙන්ග්ෆෙයි යූ (Pengfei Yu) සහ ඔහුගේ සගයන් ටිබෙට් සානුව සහ එක්සත් ජනපදය හරහා ඉහළ උන්නතාංශ බැලූන මගින් රැස් කරන ලද දත්ත ආන්තික ගෝලයේ ගිනිකඳු පිපිරීම් (ඉහළ වායුගෝලයට අළු එක් කරන) සහ ලැව්ගිනි වල සිසිලන බලපෑම ආදර්ශනය කිරීමට භාවිතා කළහ.

ඔවුන්ගේ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ මෑත වසරවලදී මෙම සිදුවීම් සාමාන්‍ය සිසිලන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවා ඇති බවයි. මෙයට හේතුව වන්නේ ඉහළ මට්ටමේ සුළං මගින් ලොව පුරා දුම සහ වායුව ඉක්මනින් ප්‍රවාහනය කරන අඩු අක්ෂාංශ සිදුවීම් වැඩි වීම සහ ධ්‍රැවවලට ආසන්න සිදුවීම්වලට වඩා වැඩි කාලයක් අත්හිටුවා තිබීමයි.

කෙසේ වෙතත් අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ලැව්ගිනි සහ ගිනිකඳු පිපිරීම් වලින් ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය වීම (අඩුවීම) කිසිසේත් ධනාත්මක කරුණක් නොවන බවයි.

එය කිසිසේත් දේශගුණික අර්බුදයට විසඳුමක් නොවන බව අධ්‍යයනය වැඩි දුරටත් පෙන්වා දෙයි.