ඉවතලන කෝමාරිකා පොතු වලට ප්‍රධාන ආහාර බෝග පළිබෝධකයන්ට එරෙහිව සටන් කළ හැකි බව නවතම අධ්‍යයනයක් මගින් තහවුරු වෙයි

ඉවතලන කෝමාරිකා පොතු (peels of aloe vera) ස්වභාවික පළිබෝධනාශකයක් (natural pesticide) ලෙස භාවිතා කළ හැකි අතර, හානිකර කෘමීන්ගෙන් ප්‍රධාන ආහාර බෝග ආරක්ෂා කිරීමට ගොවීන්ට උපකාරී වන බව පර්යේෂණවලින් හෙළිකර ගෙන ඇත.

CABI (SciDev.Net හි මව් සංවිධානය) ට අනුව ගෝලීය වශයෙන් බෝග අස්වැන්නෙන් 20%ත් 40% ත් අතර ප්‍රමාණයක් පළිබෝධ හානිවලට ලක්වීම හේතුවෙන් විනාශයට පත්වේ.

කෝමාරිකා යනු ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව සහ එක්සත් ජනපදය යන රටවල බහුලව වගා කරන කඳන් රහිත, පතොක් වැනි ශාකයකි. එහි ජෙල් වැනි ද්‍රව්‍යය තුවාල, තට්ටය පෑදීම වැළැක්වීමට, හිරු එළියට පිළිස්සුම් සමනයට සහ සමේ රෝග සුව කිරීමට භාවිතා කරයි.

කෙසේ වෙතත් කෝමාරිකා ලෙලි හෝ පොත්ත වැදගැම්මකට නැති ඒවා ලෙස සලකනු ලබන අතර සාමාන්‍යයෙන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලැබේ.

“සෑම වසරකම කෝමාරිකා ලෙලි ටොන් මිලියන ගණනක් ගෝලීය වශයෙන් බැහැර කරනවා” යැයි එක්සත් ජනපදයේ ටෙක්සාස් රියෝ ග්‍රෑන්ඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක දෙබාසිෂ් බන්ඩියෝපාධ්‍යායි / Debasish Bandyopadhyay පවසයි.

පසුගිය අගෝස්තු 17 වැනිදා ඇමරිකානු රසායනික සංගමයේ රැස්වීමකදී, Bandyopadhyay සහ ඔහුගේ සගයන්, බඩඉරිඟු  සහ මෙනේරි වැනි බෝග වලින් කෘමීන් දුරු කරමින් කෝමාරිකා ලෙලි ස්වභාවික කෘමිනාශකයක් ලෙස ක්‍රියා කළ හැකි ආකාරය පෙන්වීය.

“කෝමාරිකා පොතු වලින් නිස්සාරණය කළ ස්වභාවික පළිබෝධනාශක කෘෂිකාර්මික පළිබෝධකයන් විනාශ කරන බවත් අපි ඔප්පු කළා” Bandyopadhyay පවසයි.

කෝමාරිකා පොතු වල විෂ සහිත ෆයිටොකෙමිකල් / phytochemicals (ශාක මගින් නිපදවන රසායනික ද්‍රව්‍ය) අඩංගු බැවින් කෘමීන් ඒවාට කැමති නැති බව ඔහු පැහැදිලි කරයි

“කෝමාරිකා පොතු වල අඩංගු ස්වභාවික ද්‍රව්‍ය නිසා කෘමීන්ට හානියක් හෝ මරණයක් සිදුවිය හැකියි. මෙම සංයෝගවලට නිරාවරණය වීමෙන් කෘමියෙකුට ගමන් කිරීමට, ආහාර ගැනීමට සහ ප්‍රජනනය කිරීමට ඇති හැකියාව තුළ අපහසුතාවයක්, රෝගාබාධ හෝ බාධා ඇති විය හැකි” ඔහු වැඩි දුරටත් පැහැදිලි කරයි.

කෝමාරිකා පොතු කෘමිනාශකයක් ලෙස භාවිතා කිරීම පිළිබඳව පර්යේෂකයන් උනන්දු වූයේ වෙනත් ශාකවල පත්‍රවලට පහර දෙන විට කෘමීන් කෝමාරිකා කොළ වලට කිසිම හානියක් සිදුකර නොමැති ස්ථානයකට ගිය පසුය. එහිදී ඔවුන් උපකල්පනය කළේ කෝමාරිකා පොතු වල නිශ්චිත ආරක්ෂක රසායනික ද්‍රව්‍ය ඇති බවයි.

විමර්ශනය කිරීම සඳහා, ඔවුන් පොතු එකතු කර වියළා ගත් අතර පසුව ඩයික්ලෝරෝමෙතේන් (dichloromethane (DCM) හෙක්සේන් (hexane) සහ මෙතනෝල් (methanol) වැනි ද්‍රව්‍ය සමඟ පොතු වලින් සාරය නිපදවා ඇත.

ඔවුන්ගේ අත්හදා බැලීම්වලින් පෙනී ගියේ කෝමාරිකා ලෙලිවල ඇති DCM සාරය ගොවිපල පළිබෝධකයන්ට එරෙහිව සැලකිය යුතු කෘමි නාශක ගුණ ඇති බවත්, ලෙලිවල වෙනත් සංයෝග හයක් ඇති බවත්ය.

සැලකිය යුතු කරුණක් නම් සංයෝගවල විෂ සහිත ගුණ නොපෙන්වීමය. කෝමාරිකා-ලෙලි මත පදනම් වූ කෘමිනාශක වලින් මිනිසුන්ට සැලකිය යුතු ආරක්ෂාවක් නොමැති බව පර්යේෂකයින් යෝජනා කරයි.

“දැනට ඉවත දමා ඇති ඉතිරි කෝමාරිකා ලෙලි නැවත සකස් කිරීමෙන්, කෝමාරිකා නිෂ්පාදනය වඩාත් තිරසාර කර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට දායක විය හැකි” Bandyopadhyay පවසයි.

ආර්ථික හැකියාව

ඉන්දියාවේ කොල්කටා හි ඇඩමස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා හා ජෛව තාක්‍ෂණ පාසලේ මහාචාර්ය චිරන්ජිබ් චක්‍රබෝර්ති විශ්වාස කරන්නේ මෙම සොයාගැනීම්වල  විශාල ආර්ථික විභවයක් ඇති බවත් කාබනික ගොවිතැන සහ සාම්ප්‍රදායික ශාක ඖෂධ ප්‍රවර්ධනය කිරීමට උපකාරී විය හැකි බවත්ය.

“ලෝකය දැන් කාබනික ගොවිතැන දෙස බලමින් සිටිනවා ” ඔහු පවසයි.

සහල්, තිරිඟු, බඩ ඉරිඟු සහ මෙනේරි සඳහා වෙන් කර ඇති මිලියන ගණනක ගොවිපළවල වඩාත් තිරසාර ගොවිතැනකට සහ රසායනික පදනම් කරගත් භාවිතයන් ඉවත් කිරීමට පර්යේෂණ සොයාගැනීම් සහාය විය හැකි බව ඔහු විශ්වාස කරයි.

Molecules සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2021 සමාලෝචනයකට අනුව, කෘත්‍රීම පළිබෝධනාශක නොසැලකිලිමත් ලෙස සහ දීර්ඝ කාලීනව භාවිතා කිරීම මිනිස් සෞඛ්‍ය ගැටලු, ජලය, වාතය සහ පස දූෂණය වීම සහ පළිබෝධ ප්‍රතිරෝධය ඇති කරයි.

ලාභ සහ පරිසර හිතකාමී වන ශාක ව්‍යුත්පන්න පළිබෝධනාශක (Plant-derived pesticides) යනු කෘතිම පළිබෝධනාශක සඳහා වැදගත් විකල්පයකි. පරිසරය සහ මිනිස් සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමට ඒවා දායක වේ.

චක්‍රබෝර්ති විශ්වාස කරන්නේ මෙම අධ්‍යයනය මගින් වෙනත් සාම්ප්‍රදායික ඖෂධීය ශාක පිළිබඳ පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් ගුණාංග පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීමට මංපෙත් විවර කරන බවයි.

https://phys.org/news/2023-09-aloe-vera-staple-food-crop.html