ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ජෝර්ජ් මොන්බියොට්ගේ (George Monbiot) පවසන්නේ කැඩී ගිය දේශගුණය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සොබාදහම භාවිතා කළ යුතු බවයි

වනාන්තර, කඩොලාන සහ මුහුදු තණබිම් වැනි සජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම මගින් පෘථිවියේ බිඳවැටුණු දේශගුණය පිළිසකර කළ හැකි නමුත් එය නොසලකා හරින බව ග්‍රේටා තුන්බර්ග් සහ ජෝර්ජ් මොන්බියොට් අනතුරු අඟවා ඇත.

ස්වාභාවික දේශගුණික විසඳුම් මඟින් ශාක වර්ධනය වන විට වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ඉවත් කළ හැකිය. නමුත් මෙම ක්‍රමවලට ලැබෙන්නේ විමෝචනය කපා හැරීම සඳහා වැය කරන අරමුදල්වලින් 2%ක් පමණක් බව දේශගුණ ක්‍රියාකාරීන් පවසති.

ගස් ගංවතුර වැළැක්වීමට සහ කඩොලාන වෙරළ තීරයන් ආරක්ෂා කරන බැවින්, දේශගුණික අර්බුදය ගෙන එන වැඩිවන ආන්තික කාලගුණික සිදුවීම් වලින් මිනිසුන් ආරක්ෂා කිරීමට ස්වභාවධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමටද උපකාරී වේ. තවද, 1970 සිට සත්ව ගහනය 60%කින් පහත වැටීමට හේතු වූ වනජීවී සමූලඝාතනය, අහිමි වූ වාසස්ථාන ප්‍රතිනිර්මාණය කිරීම මගින් විසඳාගත හැකිය. කෙසේ වෙතත්, දේශගුණික හදිසි තත්ත්වය අවසන් කිරීමට නම් පොසිල ඉන්ධන දහනය නතර කිරීම ඉතා වැදගත් වේ.

“මේ වන විට අපි ස්වභාවික දේශගුණික විසඳුම් නොසලකා හරිනවා. අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර සඳහා ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්වලට වඩා 1,000 ගුණයකින් වැඩි මුදලක් වැය කරනවා. මේ ඔබේ මුදල්, මේ ඔබේ බදු සහ ඔබේ ඉතුරුම්” Thunberg පැවසුවාය.

ස්වභාවික දේශගුණික විසඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළ මාධ්‍යවේදියෙකු වන මොන්බියොට් පැවසුවේ “ස්වභාවධර්මය යනු අපගේ බිඳුණු දේශගුණය යථා තත්ත්වයට පත් කිරීමට අපට භාවිතා කළ හැකි මෙවලමක්. මෙම විසඳුම් දැවැන්ත වෙනසක් ඇති කළ හැකි නමුත් එය සාර්ථක වන්නේ අපි පොසිල ඉන්ධන ද පොළවේ තැබුවහොත් පමණයි”

වාර්තා චිත්‍රපටිය සඳහා අරමුදල් සැපයූ Conservation International හි Shyla Raghav පැවසුවේ: “සත්‍යය නම්, සොබාදහමෙන් තොරව දේශගුණික බිඳවැටීම් වළක්වා ගැනීමට අපට හැකියාවක් නොතිබීමයි”

ගෝලීය උණුසුමෙන් ඉහළ යාමෙන් සිදුවන බරපතළ බලපෑම් වළක්වා ගැනීම සඳහා ඉදිරි දශකය තුළ ගෝලීය කාබන් විමෝචනය අඩකින් අඩු කළ යුතු නමුත් ඒවා තවමත් ඉහළ යමින් පවතී. එබැවින් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමට සිදුවනු ඇති බව නිසැක ය්‍ CO2 භූගතව තැන්පත් කිරීම වැනි තාක්ෂණය සිය සාර්ථකත්වය පෙන්නුම් කර නොමැත.

මොන්බියොට් මෙසේ පවසයි: “වාතයෙන් කාබන් උරා බොන, ඉතා සුළු මුදලක් වැය වන සහ එයම ගොඩනඟා ගන්නා මැජික් යන්ත්‍රයක් තිබෙනවා. ඒකට කියන්නේ ගහක් කියලා.”

මෑත කාලීන විද්‍යාත්මක විශ්ලේෂණයකින් නිගමනය වූයේ ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් දහනය ද අවසන් කළ යුතු වුවද, දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා ලොව පුරා ගස් බිලියන ගණනක් වැවීම එකම විශාලතම හා ලාභම ක්‍රමය බවයි.

“අප ජීවත් වන්නේ මහා වඳවී යාමක ආරම්භයේ වන අතර අපගේ දේශගුණය බිඳ වැටෙමින් තිබෙනවා. නමුත් අපට මෙය තවමත් නිවැරදි කළ හැකියි.- ඔබට තවමත් මෙය නිවැරදි කළ හැකියි.” යනුවෙන් Thunberg පවසයි.

“එය සරලයි. අපි ආරක්ෂා කිරීමට, ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ අරමුදල් රැස් කිරීමට අවශ්‍යයි. එම අරමුදල් අවශ්‍ය වන්නේ විනාඩියකට පාපන්දු පිට්ටනි 30 බැගින් කපා දමන නිවර්තන වනාන්තර ආරක්ෂා කිරීටයි. හානියට පත් ලෝකයේ විශාල ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වභාවධර්මය විනාශ කරන දේවල් සඳහා අරමුදල් සැපයීම නැවැත්වීම සහ ඒ වෙනුවට උපකාර වන ක්‍රියාකාරකම් සඳහා ගෙවීම් කිරීමටයි’’ ඇය පැවසුවාය.

චිත්‍රපටයේ නිෂ්පාදක, ග්‍රිපිං ෆිල්ම්ස් හි ටොම් මස්ටිල් මෙසේ පැවසීය: “අපි උත්සාහ කළේ චිත්‍රපටය හැකි තරම් කුඩාම පාරිසරික බලපෑමක් ඇති කිරීමටයි. අපි ග්‍රේටා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ස්වීඩනයට දුම්රියෙන් ගියා. අපගේ දෙමුහුන් මෝටර් රථය ජෝර්ජ්ගේ නිවසට රැගෙන ගොස් ආරෝපණය කර ගත්තා. සංස්කරණයට අවශ්‍ය උකරණ ක්‍රියාත්මක කිරීමට හරිත බලශක්තිය භාවිතා කළා. නව රූගත කිරීම්වලට වඩා සංරක්ෂිත දර්ශන භාවිතා කළා’’

https://www.theguardian.com/environment/2019/sep/19/greta-thunberg-we-are-ignoring-natural-climate-solutions