ජනතාව ආණ්ඩුවලට වඩා ඉදිරියෙන් සිටිනවා

මහජනතාව නොව දේශපාලනඥයන් හරිත න්‍යාය පත්‍රයට බාධා කරන බව එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව ප්‍රධානියා පවසයි

පාරිසරික පොරොන්දු මත ආණ්ඩුව පසුබැසීම මෙහෙයවනු ලබන්නේ දේශපාලඥයින් සහ පුද්ගලික අවශ්‍යතා මිස මහජනතාව නොවන බව වැඩබලන එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව ප්‍රධානියා පවසයි. ඔහු පවසන්නේ හරිත ප්‍රතිපත්ති වලින් කෙටි කාලීනව හානිකර ප්‍රතිවිපාක අත්විඳින අයට වැඩි සහයෝගයක් ලබා දෙන ලෙසයි.

ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (convention on biological diversity – CBD) වැඩබලන විධායක ලේකම් ඩේවිඩ් කූපර් / David Cooper පැවසුවේ මහජන මනෝභාවය වැඩි පාරිසරික ආරක්ෂණයන්ට එරෙහිව ගමන් නොකරන බවත්, දේශගුණික අර්බුදය සහ ස්වභාවධර්මය අහිමි වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විරුද්ධව ඔවුන් කටයුතු කරන බවත්ය.

එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් දේශගුණික වගකීම් පිළිබඳ පසුබෑම් මාලාවක් සහ යුරෝපා සංගමයේ ගොවිතැන්, වන වගා සහ ධීවර කර්මාන්ත වලින් ස්වභාවික ප්‍රතිස්ථාපන ප්‍රතිපත්තිවලට එරෙහි දේශපාලන පසුබෑමකින් පසුව කූපර් විසින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

කූපර් පැවසුවේ සමහර දේශගුණික සහ ජෛව විවිධත්ව ඉලක්ක සපුරාලීම සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර, ඒවා දැන් සහ අනාගතයේදී වාසයට සුදුසු ලෝකයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය බවයි.

“සමස්තයක් ලෙස මහජන මනෝභාවය පරිසරයට එරෙහිව ගමන් කරන බව මම පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස මහජනතාව සහ විශේෂයෙන් තරුණයින් මෙය වඩ වඩාත් වැදගත් ලෙස දකිනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල යම් යම් පසුබෑමක් අපට පෙනෙනවා. නමුත් මෙයින් බොහොමයක් ඉදිරි මැතිවරණයකදී සුළු වාසියක් ලබා ගැනීම සඳහා ගැටලූ සෙවීමට උත්සාහ කරන දේශපාලන කණ්ඩායම්. මහජනතාවට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දුන් විට, ඔවුන් හොඳ තීරණවලට පැමිණේවි” කූපර් පැවසීය.

එක්සත් රාජධානියේ ජෛව විවිධත්වය පිළිබඳ මෑත කාලීන පුරවැසියන්ගේ රැස්වීම සහ ඇමසන් වනාන්තරයේ තෙල් හා ගෑස් ගවේෂණය දිගටම කරගෙන යාමට එරෙහිව ඉක්වදෝරයේ මහජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාව ශක්තිමත් පාරිසරික ආරක්ෂාවක් සඳහා තල්ලු වූ අවස්ථා ලෙස තමා සලකන බව ද කූපර් කීවේය.

“ඇත්තටම මිනිස්සු ආණ්ඩුවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. සමස්තයක් වශයෙන් මහජනතාව පරිසරය ආරක්ෂාව සම්බන්ධයෙන් ඍණාත්මක මතයක සිටින බව ඒත්තු ගැන්වීමට අප දේශපාලනඥයින්ට ඉඩ නොදිය යුතුයි ”ඔහු පැවසීය.

මහජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දුන් විට ඔවුන් හොඳ තීරණවලට එළැඹේයැයි කූපර් පවසයි.

කූපර් පැවසුවේ පාරිසරික ප්‍රතිපත්ති සඳහා සමහර විට කෙටිකාලීන පිරිවැයක් ඇති බව තමා පිළිගන්නා නමුත් ඉදිරි මාවතක් සෙවීමට තර්ජනයට ලක්ව ඇති ප්‍රජාවන් සමඟ රජයන් කටයුතු කළ යුතු බවයි.

“මෙම පාරිසරික ගිවිසුම්වල අරමුණු සහ ඉලක්ක අභිලාෂකාමීයි. ඒවා සාක්ෂාත් කර ගැනීම පහසු නැහැ. එය එහි වැදගත් අංගයක් වුවද, වර්ධක ක්‍රියාවෙන් පමණක් ඒවා සාක්ෂාත් කරගත නොහැකියි.  නමුත් අපට වාසයට සුදුසු ලෝකයක් අවශ්‍ය නම්, අපගේ දරුවන්ට වාසයට සුදුසු ලෝකයක් අවශ්‍ය නම් අප වඩාත් ඉදිරිගාමී විය යුතුයි.” කූපර් අවධාරණය කළේය.