යෞවනයන් කෙරෙහි කායික හා මානසික බලපෑම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය බව ආචාර්ය කැමිලා කිංඩන් පවසයි

දේශගුණික අර්බුදය සියලු දරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට “පැවැත්මේ අවදානමක්” ඇති කරන අතර එය විසඳීමට වහාම පියවර ගත යුතු බව බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨතම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

ළමා රෝග හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය විද්‍යාලයේ (RCPCH) සභාපති ආචාර්ය කැමිලා කිංඩන් පැවසුවේ දේශගුණික අර්බුදයේ කායික හා මානසික බලපෑම් වලින් සෑම නව යොවුන් වියේ දරුවෙක්ම දැඩි අවදානමකට ලක්ව සිටින බවයි. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දැනටමත් එහි බලපෑම මුලින්ම දකින බව ඇය පැවසුවාය.

වායු දූෂණය, ආන්තික කාලගුණය සහ පෙර නොවූ විරූ බලශක්ති පිරිවැය මිලියන ගණනක් ළමයින්ට ඉතා සැබෑ හා හානිකර බලපෑමක් ඇති කරන බව ඇය පැවසුවාය. දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාම කළලයන්, ළදරුවන් සහ ළමුන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

විද්‍යාඥයන් විසින් දේශගුණික හදිසි තත්ත්වය ඇති කරන බව තීරණය කර ඇත. අනෙකුත් අහිතකර ප්‍රතිඵල අතර, නොමේරූ උපත් සහ කුඩා දරුවන්ගේ රෝහල්ගත වීමේ අවදානම මෙන්ම ළදරුවන්ගේ බර වැඩිවීමේ අවදානම ද වැඩි වේ. පරිසර දූෂණය නිසා දරුවන්ගේ පෙනහළු වර්ධනය අඩාල වන අතර ඇදුම රෝගය ඇති විය හැකි අතර රුධිර පීඩනය, සංජානන හැකියාවන් සහ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

“දේශගුණික විපර්යාස තවදුරටත් හෙට දවසේ ප්‍රශ්නය නොවේ, එය අද අපි මුහුණ දෙමින් සිටින ප්‍රශ්නයක්. ලොව පුරා සිටින සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දැනටමත් එහි බලපෑම මුලින්ම දකිනවා” ඇය වැඩි දුරටත් පැවසුවාය.

මහජන සෞඛ්‍යයට ඇති විශාලතම පාරිසරික අවදානම වායු දූෂණය බව ඇය වැඩිදුරටත් පැවසුවාය. “ළමයින් වේගයෙන් හුස්ම ගන්නවා. ඒ නිසා ඔවුන් එකම වායු දූෂණයට නිරාවරණය වන වැඩිහිටියන්ට වඩා ඔවුන්ගේ බරට සමානුපාතිකව වාතයෙන් පිටවන විෂ ද්‍රව්‍ය ආශ්වාස කරනවා. එනිසා ඔවුන් විශේෂයෙන් වායු දූෂණයට ගොදුරු වන අතර එය ළමා කාලයේ ඇදුම රෝගයට සහ ජීවිත කාලය පුරාම සෞඛ්‍ය ගැටලුවලට තුඩු දිය හැකියි’’

දේශගුණික අර්බුදයෙන් දරුවන්ට සිදු වූ හානිය ශාරීරික සෞඛ්‍යයට පමණක් සීමා වූවක් නොවන බව ආචාර්ය කිංඩන් පැවසුවාය “දරුවන්ට දේශගුණික විපර්යාස නිසා ඇතිවන මානසික සෞඛ්‍ය බලපෑම් සැලකිය යුතු වන අතර එය දිගු කල් පවතින ඒවා විය හැකියි. ළමුන් දේශගුණික විපර්යාස පිළිබඳ ඉහළ මට්ටමේ සැලකිල්ලක් දක්වන අතර පශ්චාත් කම්පන ආතති ආබාධ, මානසික අවපීඩනය, කාංසාව, භීතිකාව, නින්ද ආබාධ සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ඇතුළු මානසික සෞඛ්‍ය ප්‍රතිවිපාක ඉගෙනීම, හැසිරීම් සහ අධ්‍යයන කාර්ය සාධනය පිළිබඳ ගැටළු වලට තුඩු දිය හැකියි”

කිංග්ඩන් පැවසුවේ සෞඛ්‍ය අසමානතාවයේ ප්‍රතිඵලයක් ලෙස සමහර ළමයින් බොහෝ දෙනෙකුට වඩා නරක ප්‍රතිවිපාකවලට ගොදුරු වන බවයි. “දේශගුණික විපර්යාස සියලු දරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට පැවැත්මේ අවදානමක් මතු කරනවා. කෙසේ වෙතත් දේශගුණික විපර්යාසවල වර්තමාන බලපෑම් සමානව අත්විඳිය නොහැකියි’’.

අඩු ආදායම්ලාභී කුටුම්භයන්ට ඔවුන් ජීවත් වන ස්ථානය තෝරා ගැනීමට ඇති හැකියාව අඩු බවත්, ඔවුන් ආන්තික ප්‍රදේශවල ජීවත් වීමට වැඩි ඉඩක් ඇති බවත්, එබැවින් ඔවුන් ආන්තික කාලගුණික තත්ත්වයන්ට සහ දුර්වල වාතයේ ගුණාත්මක භාවයට වැඩි වශයෙන් නිරාවරණය වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ආචාර්ය කිංඩන් මෙසේ ද පැවසුවාය, “අපේ වෙනස්වන දේශගුණයේ බලපෑම්වල සෑම දරුවෙකුටම දැඩි අවදානමක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ට වඩාත් අවදානමට පාත්‍ර වෙනවා. අයහපත් කාලගුණික තත්ත්වයන්, අපිරිසිදු වාතයෙන් උග්‍රවන ශ්වසන රෝග සහ පිළිකා, දියවැඩියාව සහ තරබාරුකම වැනි රෝගවලින් පවා මෙම දරුවන් වැඩි මරණ අවදානමකට මුහුණ දී සිටිනවා. සංවිධානයක් ලෙස, දේශගුණික විපර්යාසවල අසමාන බලපෑම අවධාරණය කරන අතරම දිළිඳුකම සහ සෞඛ්‍ය අසමානතා පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි දේශපාලන නායකයින්ගෙන් දිගටම ඉල්ලා සිටිනවා”

https://www.theguardian.com