මානව ඉතිහාසයේ කවර කාලයකටත් වඩා පෘථිවියේ ‘වැදගත් සංඥා’ නරක බව විද්‍යාඥයින් අනතුරු අඟවයි

තිරසාර අනාගතයකට වේගවත් හා සාධාරණ සංක්‍රමණයක් ඉල්ලා සිටින බැවින් ලෝකයේ ජීවය අනතුරේ පවතින බව දේශගුණ විශේෂඥයෝ පවසති.

පෘථිවියේ “අත්‍යවශ්‍ය සලකුණු” මානව ඉතිහාසයේ කවර කාලයකටවත් වඩා දරුණු බව ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් අනතුරු අඟවා ඇත. එයින් අදහස් වන්නේ පෘථිවියේ ජීවය අනතුරේ පවතින බවයි.

දේශගුණික අර්බුදය නිරීක්ෂණය කිරීමට ඔවුන් භාවිතා කරන ලෝක වැදගත් ලකුණු 35න් 20ක් වාර්තාගත අන්තයේ පවතින බව ඔවුන්ගේ වාර්තාවෙන් හෙළි විය. හරිතාගාර වායු විමෝචනය, ගෝලීය උෂ්ණත්වය සහ මුහුදු මට්ටම ඉහළ යාම මෙන්ම, දර්ශකවලට මිනිස් සහ පශු සම්පත් සංඛ්‍යාව ද ඇතුළත් වේ.

Bioscience සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම විශ්ලේෂණය, විද්‍යාඥයින් 15,000ක් විසින් අනුමත කරන ලද 2019 වාර්තාවක යාවත්කාලීන කිරීමකි.

ගෝලීය වායු උෂ්ණත්වය, සාගර උෂ්ණත්වය සහ ඇන්ටාක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය ඇතුළු බොහෝ දේශගුණ වාර්තා 2023 දී අතිවිශාල ආන්තිකවලින් බිඳී ගිය බව පර්යේෂකයෝ පවසති. මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික මතුපිට උෂ්ණත්වය පසුගිය ජූලි මාසයේදී වාර්තා වූ අතර එය වසර 100,000 තුළ පෘථිවියේ උණුසුම්ම මාසය විය.

කැනඩාවේ පෙර නොවූ විරූ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් ඇති කළ අසාමාන්‍ය ලැව්ගිනි සමයක් ද විද්‍යාඥයන් විසින් ඉස්මතු කරන ලදී. මෙම CO2 ටොන් බිලියනයක් වූ අතර එය ලොව පස්වන විශාලතම දූෂකයා වන ජපානයේ සමස්ත වාර්ෂික නිමැවුමට සමාන වේ. පුළුස්සා දැමූ විශාල ප්‍රදේශය නව ගිනි පාලන තන්ත්‍රයක් සඳහා ඉඟියක් පෙන්නුම් කළ හැකි බව ඔවුහු පැවසූහ.

පර්යේෂකයන් ඉල්ලා සිටියේ මානව යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන ගෝලීය ආර්ථිකයකට සංක්‍රමණය වන අතර ධනවතුන්ගේ අධික පරිභෝජනය සහ අධික විමෝචනය කපා හැරීමයි. 2019 දී ගෝලීය විමෝචනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ ඉහළම විමෝචකයින් 10% වන බව ඔවුහු පැවසූහ.

එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ (OSU) සහ වාර්තාවේ ප්‍රධාන කතුවරයෙකු වන ආචාර්ය ක්‍රිස්ටෝපර් වුල්ෆ් මෙසේ පැවසීය: “මනුෂ්‍ය වර්ගයා පෘථිවියෙන් ආරක්ෂිතව ලබා දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ මූලික ගැටලුවට විසඳුම් ලබා දෙන ක්‍රියාමාර්ග නොමැතිව, අපි අපේ ගමන යමින් සිටිනවා. ස්වාභාවික හා සමාජ ආර්ථික පද්ධතිවල විභව බිඳවැටීම, දරාගත නොහැකි උණුසුම සහ ආහාර සහ මිරිදිය හිඟය සහිත ලෝකයකටයි අපි මේ ගමන් කරමින් සිටින්නේ. 2100 වන විට, බිලියන 3 සිට බිලියන 6 දක්වා ජනතාවක් පෘථිවි වාසයට සුදුසු ප්‍රදේශවලින් පිටත ජීවත් විය හැකියි. එනම් ඔවුන්ට දැඩි තාපය, සීමිත ආහාර ලබා ගැනීම සහ ඉහළ මරණ අනුපාතයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි”

OSU හි මහාචාර්ය විලියම් රිපල් මෙසේ පැවසීය: “අපේ ලෝකයේ ජීවය පැහැදිලිවම වටලෑමට ලක්ව තිබෙනවා. සංඛ්‍යානමය ප්‍රවණතා මගින් දේශගුණය ආශ්‍රිත විචල්‍යයන් සහ ව්‍යසනවල ගැඹුරින් තැතිගන්වනසුළු රටා පෙන්වනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන මානව වර්ගයා සම්බන්ධයෙන් වාර්තා කිරීමට අපට සුළු ප්‍රගතියක් ද හමුව තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ දේශගුණික කරුණු සන්නිවේදනය කිරීම සහ ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ඕනෑම පැවැත්මේ තර්ජනයක් පිළිබඳව මානව වර්ගයා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග ගැනීමේදී නායකත්වය පෙන්වීම විද්‍යාඥයින්ගේ සහ අපගේ ආයතනවල සදාචාරාත්මක යුතුකමයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආන්තික දේශගුණික තත්ත්වයන් මගින් සනිටුහන් කරන අනාගතයක් පිළිබඳව දශක කිහිපයක් තිස්සේ විද්‍යාඥයන් නිරන්තරයෙන් අනතුරු අඟවා තිබෙනවා. අවාසනාවකට කාලය ඉවරයි… අපි අපේ ලෝක පද්ධති භයානක අස්ථාවරත්වයකට තල්ලු කරනවා.”

අධ්‍යයනයේ සම කර්තෘ සහ එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටිම් ලෙන්ටන් මෙසේ පැවසීය: “මෙම වාර්තාගත අන්තයන් තමන් තුළම තැතිගන්වන සුළු වන අතර ඒවා ආපසු හැරවිය නොහැකි හානියක් කළ හැකියි. එසේම ඒ තුළ දේශගුණික විපර්යාස තවදුරටත් වේගවත් කළ හැකි ඉඟි ලකුණු අවුළුවාලීමේ අනතුරක ද තිබෙනවා. දේශගුණික බිඳ වැටීමක් වැළැක්වීම සඳහා අපගේ හොඳම බලාපොරොත්තුව වන්නේ තිරසාර අනාගතයකට වේගවත් සහ සාධාරණ සංක්‍රමණයක් සහතික කිරීම සඳහා අපගේ සමාජ සහ ආර්ථිකයන්හි ධනාත්මක ඉඟි හඳුනා ගැනීම සහ අවුළුවාලීමයි.”

විද්‍යාඥයන් පැවසුවේ, 2023 දී ඇති වූ ආන්තික කාලගුණික සිදුවීම්වල දරුණු බව නිසා තමන් කම්පනයට පත් වූ බවත්, [එමගින්] දුක් විඳීමේ ප්‍රගාඪ දුක්ඛිත දර්ශන දිග හැරීමට හේතු වූ බවයි.

චීනයේ සහ ඉන්දියාවේ දරුණු ගංවතුර, එක්සත් ජනපදයේ උෂ්ණ තරංග සහ මධ්‍යධරණී කුණාටුවක් ලිබියාවේ දහස් ගණනකගේ මරණයට හේතු වූ බව වාර්තාව අවධාරණය කරයි.

දේශගුණික අර්බුදය සීමා කිරීම සඳහා ලෝකයේ දිගුකාලීන ඉලක්කය වන පූර්ව කාර්මික මට්ටමට වඩා  සෙල්සියස් අංශක1.5C ට වඩා වැඩි ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයක් සමඟ සැප්තැම්බර් මැද වන විට දින 38ක් පැවති බව වාර්තාව පවසයි. මේ වසර වන තුරු එවැනි දින දුර්ලභ වූ බව පර්යේෂකයෝ පවසති.

විද්‍යාඥයින් විසින් නිර්දේශ කරන ලද අනෙකුත් ප්‍රතිපත්ති අතරට ෆොසිල ඉන්ධන සහනාධාර ඉවත් කිරීම, වන සංරක්ෂණය ඉහළ නැංවීම, ධනවත් රටවල ශාක පදනම් වූ ආහාර වෙත මාරුවීම සහ නව ගල් අඟුරු ව්‍යාපෘති අවසන් කිරීම සහ තෙල් හා ගෑස් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම් අනුගමනය කිරීම ඇතුළත් විය.

“ස්වේච්ඡා පවුල් සැලසුම්කරණය තුළින් සහ සශ්‍රීකත්ව අනුපාතය අඩු කරන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය සහ අයිතිවාසිකම්වලට සහාය දීමෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමඟින් මානව ජනගහනය ස්ථාවර කිරීමට හා ක්‍රමයෙන් අඩු කිරීමට අපි ඉල්ලා සිටිනවා” යැයි ඔවුහු පැවසූහ.

“විශාල ගැටලුවලට විශාල විසඳුම් අවශ්‍යයි. එබැවින්, දේශගුණික හදිසි අවස්ථා පිළිබඳ අපගේ ඉදිරි දර්ශනය හුදෙක් හුදකලා පාරිසරික ගැටලුවක් වීමේ සිට පද්ධතිමය, පැවැත්මේ තර්ජනයකට මාරු කළ යුතුයි. ගෝලීය උණුසුම විනාශකාරී වුවද, එය නියෝජනය කරන්නේ අප මුහුණ දෙන උත්සන්න වන සහ අන්තර් සම්බන්ධිත පාරිසරික අර්බුදයේ එක් පැතිකඩක් පමණයි. උදාහරණයක් ලෙස ජෛව විවිධත්වය නැතිවීම, මිරිදිය හිඟය සහ වසංගත ගත හැකියි’’ වාර්තාව වැඩි දුරටත් පැවසීය.

ගෝලීය කාබන් ව්‍යාපෘතියේ ආචාර්ය ග්ලෙන් පීටර්ස් මෑතකදී පැවසුවේ 2023 දී ගෝලීය CO2 විමෝචනය සඳහා වන මූලික ඇස්තමේන්තුව තවත් වාර්තාවක් දක්වා 1%කින් ඉහළ යාමක් බවයිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට අඩුවෙන් සිටීමට හොඳ අවස්ථාවක් ලබා ගැනීමට ගෝලීය විමෝචනය 45% කින් පහත වැටිය යුතුය.

සැප්තැම්බරයේ දී, ලෝක මායිම් නවයක් භාවිතා කරමින් පෘථිවි පද්ධතිය පිළිබඳ වෙනස් විශ්ලේෂණයක් නිගමනය කළේ මෙම ලෝකයේ ජීව ආධාරක පද්ධති කෙතරම් හානි වී ඇත්ද යත් පෘථිවිය “මනුෂ්‍යත්වය සඳහා ආරක්ෂිත මෙහෙයුම් අවකාශයෙන් පිටත” ඇති බවයි.

ලෝක මායිම් / planetary boundaries යනු දේශගුණය, ජලය සහ වනජීවී විවිධත්වය වැනි ප්‍රධාන ගෝලීය පද්ධතිවල සීමාවන් වන අතර ඉන් ඔබ්බට සෞඛ්‍ය සම්පන්න ලෝකයක් පවත්වා ගැනීමට ඔවුන්ට ඇති හැකියාව අසාර්ථක වීමේ අවදානමක් ඇත.

https://www.theguardian.com/environment/2023/oct/24/earth-vital-signs-human-history-scientists-sustainable-future