ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන් පවසන්නේ ගෝලීය උණුසුම වේගවත් වනු ඇති බවයි

පසුගිය මාස පහ තුළ විද්‍යාඥයන් මවිතයට පත් කරමින් ගෝලීය උෂ්ණත්ව වාර්තා බිඳ දමා තිබෙන අතර බොහෝ දෙනකු ප්‍රශ්න කරන්නේ එය එසේ වුණේ කුමක් නිසාද කියාය.

සුප්‍රසිද්ධ එක්සත් ජනපද දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන්ගේ /James Hansen නායකත්වයෙන් යුත්  Oxford Open Climate Change නම් නවතම අධ්‍යයනයක් යෝජනා කරන්නේ ප්‍රධාන ධාවකයෙක් නොදැනුවත්වම ගෝලීය භූ ඉංජිනේරු අත්හදා බැලීමක් වූ බවයි. ඒ ship tracks ය.

(ship tracks යනු නැව් මගින් නිශ්චල සාගර වාතයට මුදා හරින පිටාරය වටා ඇති වළාකුළු වේ. ජල අණු පිටාරයෙන් කුඩා අංශු වටා එකතු වී වළාකුළු බීජයක් සාදයි. පෙනෙන වළාකුළක් සාදනු ලබන තෙක් බීජය මත වැඩි වැඩියෙන් ජලය එකතු වේ. / උතුරු පැසිෆික් සාගරයට ඉහළින් ‘ නැව් මාර්ග ‘ මෙම රටා නිපදවනු ලබන්නේ නැව් පිටාරයෙන් ලැබෙන සියුම් අංශු තෙතමනය සහිත වායුගෝලීය ස්ථරයකට පාවෙන විටය. https://climate.nasa.gov/climate_resources/54/ship-tracks/)

වාණිජ නැව් සාගරය හරහා ගමන් කරන විට, ඒවා සල්ෆර් ඇතුළු පිටාර විමෝචනය කරයි. මෙය නැවත අභ්‍යවකාශයට තාපය විකිරණය කරන aerosols හරහා සමුද්‍ර වළාකුළු සෑදීමට දායක විය හැකිය. කෙසේ වෙතත්, 2020 දී, මෙම නැව් මගින් නිකුත් කරන හානිකර වායුගෝලීය දූෂණය මැඩපැවැත්වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (International Maritime Organization – IMO) නැව්ගත කිරීම සඳහා දැඩි රෙගුලාසි පැනවූ අතර ඉන්ධනවල සල්ෆර් අන්තර්ගතය සියයට 3.5 සිට සියයට 0.5 දක්වා අඩු කළේය.

සමුද්‍ර වලාකුළු අඩුවීම නිසා වැඩි තාපයක් සාගරවලට අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසා දී ඇති අතර, ශක්ති අසමතුලිතතාවයක් වේගවත් කරයි, එහිදී මුදා හැරීමට වඩා වැඩි තාපයක් සිර වී ඇත.

අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී හැන්සන් පැවසුවේ පෘථිවියේ බලශක්ති අසමතුලිතතාවය දශකයකට පෙර වඩා බෙහෙවින් වැඩි බවයි.

“ඒ අසමතුලිතතාවය දැන් දෙගුණයක් වෙලා. ඒ නිසා ගෝලීය උණුසුම වේගවත් වෙනවා. ගෝලීය දියවීම වේගවත් වෙන්නේ ඒ නිසයි” ඔහු පැවසීය.

පසුගිය මාස පහක කාලය තුළ අප දුටු අතිශය උණුසුම් වීමේ සාක්ෂි මෙයදැයි ඇසූ විට, හැන්සන් පිළිතුරු දුන්නේ, “ඔව්. ඒකාන්තයි.”

වායුගෝලීය දූෂණය අවම කිරීම සඳහා නිර්මාණය කරන ලද IMO රෙගුලාසි දේශගුණය මත දිගුකාලීන උණුසුම් බලපෑමක් ඇති කරන බව හැන්සන් පැවසීය. ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටම්වලට වඩා 1.5C සහ විභව උෂ්ණත්වය අපේක්ෂිත සීමාවට වඩා වේගවත් බව ද හැන්සන් පැවසීය. (ආණ්ඩු කියා සිටියේ ඔවුන් පැරිසි ගිවිසුම යටතේ රැඳී සිටින්න උත්සාහා කරන බවයි)

දේශගුණික විපර්යාස පිළිබඳ 1988 කොන්ග්‍රසයේ සාක්ෂිය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අනතුරු ඇඟවීමට උපකාර කළ හැන්සන් පැවසුවේ “අංශක 1.5 සීමාව දොර ඇණයකට වඩා මාරාන්තික යි. අංශක දෙකක සීමාව ගලවා ගත හැක්කේ, අරමුණු සහිත ක්‍රියාවන්ගේ උපකාරයෙන් පමණයි”

විද්‍යාඥයින් පවසන්නේ භූ ඉංජිනේරු විද්‍යාව හෝ හිතාමතාම පෘථිවි පරාවර්තනය වැඩි කිරීම හෝ සූර්යයා අවහිර කිරීම වැනි දේ දේශගුණික විපර්යාස මන්දගාමී කිරීම සඳහා “ඇත්ත වශයෙන්ම විශාල ගනුදෙනුවක්” බවයි.

නැව්වල සල්ෆර් අඩු කිරීමට පෙර, බලපෑම් ගණනය කිරීමට ඇති එකම ක්‍රමය ආකෘති නිර්මාණය කිරීම බව දේශගුණ විද්‍යාඥයෙකු ලියොන් සයිමන්ස් කියයි. ඔහු ප්‍රශ්න කරන්නේ “විද්‍යාඥයන් සීඝ්‍ර උණුසුම් වීමක් නොදැක්කේ මන්ද ?” කියාය.

නමුත් නැව්ගත කිරීමේදී සල්ෆර් අඩු වීම නිසා, එහි ප්‍රතිඵල තත්‍ය කාලීනව ක්‍රියාත්මක වන බව අපි දකිමු.

“සාගර හරහා විමෝචනය සියයට 80කින් අඩු කිරීමේ අත්හදා බැලීම අපි මීට පෙර කවදාවත් සිදු කර නැහැ. ඉතින් දැන් අපි සාක්ෂි ලබා ගැනීමට පටන් ගෙන තිබෙනවා. නැව්ගත කිරීමෙන් සිදුවන සල්ෆර් විමෝචනය සියයට 80කින් අඩු කළහොත් සාගරවලට සිදු වන දේ පිළිබඳ වසර තුනහමාරක් පමණ සාක්ෂි අප සතුව තිබෙනවා”

නමුත් හැමෝම එකඟ වෙන්නේ නැහැ.

එක්සත් ජනපද දේශගුණ විද්‍යාඥ  මයිකල් මෑන් විසින් මෙම පත්‍රිකාවේ සොයාගැනීම් ගැන බ්ලොග් සටහනක් ලිවීය, “[හැන්සන්] සහ ඔහුගේ සම කතුවරුන් ඔක්ස්ෆර්ඩ් විවෘත දේශගුණික විපර්යාස සඟරාවේ අලුතින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාව සමඟ ප්‍රධාන ධාරාවෙන් බොහෝ දුරස් වී තිබෙනවා. එය හොඳයි, එය සෞඛ්‍ය සම්පන්න  සංශයවාදයක්, විද්‍යාවේ වටිනා දෙයක්. නමුත් ඔබ පවතින විද්‍යාත්මක අවබෝධයට අභියෝග කරන විට ප්‍රමිතිය ඉහළයි. මම හිතන්නේ ඔවුන් එම ප්‍රමිතිය දිගුකාලීනව සපුරා නැති බවයි”

සයිමන්ස් සඳහන් කළේ මෑන් “මෙය කිසිසේත්ම අධ්‍යයනය කර නොමැති” බවයි.

“ඔහු වඩාත් වැදගත් විද්‍යාත්මක දත්ත ආමන්ත්‍රණය කරන්නේ නැහැ, එනම් නාසා චන්ද්‍රිකා දත්ත” සයිමන්ස් පැවසීය.

  • දිගු කාලීන උනුසුම් බලපෑම

අධ්‍යයනයට සම්බන්ධ නොවූ ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පෘථිවි, සාගර සහ වායුගෝලීය විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය මයිකල් ඩයමන්ඩ් පැවසුවේ IMO රෙගුලාසි පෘථිවි දේශගුණය කෙරෙහි දිගු කාලීන උණුසුම් බලපෑමක් ඇති කරන බවත්, අනෙකුත් අඩු කිරීම් ද ඇති කරන බවත්ය. (වායු දූෂණය තුළ, 2013 සිට චීනය පුරා අප දැක ඇති විශාල වායු ගුණාත්මක වැඩිදියුණු කිරීම් වැනි)

ඩයමන්ඩ් පැවසුවේ එයරොසෝල් සිසිලනය හරිතාගාර වායූන්ගෙන් උණුසුම් වීමෙන් දළ වශයෙන් තුනෙන් එකක් ආවරණය කර ඇති බවයි.

“කෙසේ වෙතත්, අපි මීතේන් වැනි කෙටිකාලීන හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රණය ද අඩු කළහොත්, (වායු දූෂණය පිරිසිදු කරන විට) එම ‘වෙස් ආවරණය’ උණුසුම් වීම අත්විඳීමට අපට ඉරණමක් නොමැති බව අවධාරණය කිරීම වැදගත්”

මෙම ශීඝ්‍ර උණුසුම් වීම නැවැත්වීමට උත්සාහ කිරීමට ඇත්තේ ක්‍රම තුනක් පමණක් බව අධ්‍යයනයේ කතුවරුන් යෝජනා කරති:

  1. කාබන් බදු ඇතුළත් වන හරිතාගාර වායු විමෝචනය මත ගෝලීය වැඩිවන මිලක්.
  2. “සංවර්ධනය වෙමින් පවතින ලෝක අවශ්‍යතාවලට අනුගත වන ආකාරයෙන්.”
  3. නැඟෙනහිර සහ බටහිර රටවල් අතර සංවර්ධනය වෙමින් පවතින ලෝක අවශ්‍යතාවලට අනුගත වන ආකාරයෙන් සහයෝගීතාව ගොඩනැගීම.
  4. යම් ආකාරයක භූ ඉංජිනේරු විද්‍යාව ඇතුළත් විය හැකි පෘථිවි විකිරණ අසමතුලිතතාවය අඩු කිරීමට දරන ප්‍රයත්න.

භූ ඉංජිනේරු ප්‍රයත්නවලට සූර්ය විකිරණ කළමනාකරණය ඇතුළත් විය හැකිය. (රුවල් බෝට්ටු වලින් ලුණු සහිත ජල බිඳිති වාතයට ඉසීම වැනි) සූර්ය කිරණ නැවත අභ්‍යවකාශයට තල්ලු කළ හැකි අතර  එමඟින් සිසිලනය ඇති වේ. නමුත් අනපේක්ෂිත ප්‍රතිවිපාක නොමැති බව සහතික කිරීම සඳහා දැඩි පර්යේෂණ අවශ්‍ය බව කතුවරුන් සඳහන් කළහ.

පෘථිවි වායුගෝලයට ඇතුළු වන සූර්ය විකිරණ සහ වළාකුළු හෝ අභ්‍යවකාශ පාදක ක්‍රමයක් භාවිතයෙන් එය අභ්‍යවකාශයට විකිරණය කිරීමේ විවිධ ක්‍රම නිදර්ශනයකින් දැක්වේ.

මෙම රූපය භූ ඉංජිනේරු විද්‍යාවේ ආකාරයක් වන සූර්ය විකිරණ කළමනාකරණයේ විවිධ ආකාරයන් නිරූපණය කරයි. (Wikimedia Commons/NOAA)

“එය කිරීමට ක්‍රම තිබෙනවා. ආන්තික ගෝලයට වායුසෝල දැමීම පමණක් නොවේ. එම ප්‍රයත්නයන් ‘තර්ජනාත්මක’ භූ ඉංජිනේරු විද්‍යාව ලෙස විස්තර කරනවාට වඩා, අපි දැන් පෘථිවියේ භූ ඉංජිනේරුකරණය කරන බව හඳුනා ගත යුතුයි” හැන්සන් පැවසීය.

චන්ද්‍රිකා නිරීක්ෂණ ඇතුළු තවත් පර්යේෂණ අවශ්‍ය බවත්, මෙතරම් දැවැන්ත බලශක්ති අසමතුලිතතාවයක ඇති විය හැකි ප්‍රතිවිපාක සහ ලොව පුරා සිටින මිනිසුන්ට ඇති තර්ජනය අවම කිරීම සඳහා කුමන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුද යන්න සන්නිවේදනය කිරීමට අවශ්‍ය බවත් අධ්‍යයනයේ කතුවරු සඳහන් කළහ.

“අවිනිශ්චිතතාවයක් තිබුණත් … [නෞකා මාර්ග අඩු වල බලපෑම] ඊටත් වඩා බැරෑරුම් ලෙස ගැනීමට එය හේතුවක් වේ,” සයිමන්ස් පැවසීය. “මොකද අවිනිශ්චිතතාවයක් තිබේ නම්, අපි සිදුවන්නේ කුමක්ද යන්න අවතක්සේරු කරනවා විය හැකිය.”

https://www.cbc.ca/news/science/marine-clouds-climate-change-1.7016498