The fight over the ‘loss-and-damage fund’ for climate change

දීර්ඝ හා උණුසුම් සාකච්ඡාවලින් පසුව, දේශගුණික විපර්යාස නිසා ඇති වූ “අලාභ සහ හානි / loss and damage” වලින් ජාතීන්ට ගොඩ ඒමට උපකාර කිරීම සඳහා නව එක්සත් ජාතීන්ගේ අරමුදලක් සඳහා කෙටුම්පත් රාමුවක් සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් බොහෝ දුරට එකඟ වී ඇත. පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 සමුළුවේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම අරමුදලට එකඟතාවයකට පැමිණීමෙන් ජයග්‍රහණයක් සනිටුහන් කළේය. පාඩු සහ හානි අරමුදල යනු බොහෝ දෙනෙක් දශක ගණනාවක් තිස්සේ ඉදිරියට ගෙන ගිය අදහසකි.

අප මෙම ලිපිය මගින් loss and damage අරමුදල සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුම කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ අනුව අප පහත දැක්වෙන ගැටලු පුළුල්ව සාකච්ඡා කරමු.

  • ·        අලාභ හා හානියයනු කුමක්ද සහ COP27 හි එකඟ වූයේ කුමක්ද?
  • ·        COP27 සිට අලාභ හා හානිය අරමුදලක් පිහිටුවීමේ ප්‍රගතිය කුමක්ද?
  • ·        නව අරමුදල සම්බන්ධයෙන් රටවල් බෙදී ඇත්තේ ඇයි?

o   අරමුදලෙන් මුදල් ලැබෙන්නේ කාටද?

o   අරමුදලට දායක වන්නේ කවුද?

o   අරමුදල පිහිටා ඇත්තේ කොහේද?

o   වෙනත් ගැටලු

  • අලාභ හා හානි සමඟ කටයුතු කිරීමට කොපමණ මුදලක් අවශ්‍ය ද ?
  • අලාභ හා හානි සඳහා මුදල් රැස් කිරීමට සලකා බලනු ලබන විකල්ප මොනවාද?
  • පාඩු හා හානි අරමුදලෙන් රටවල් මුදල් ඉල්ලා සිටින්නේ කෙසේද?
  • අලාභ සහ හානියනු කුමක්ද සහ COP27 හි එකඟ වූයේ කුමක්ද?

අලාභ හා හානි” යනු දේශගුණික විපර්යාස දැනටමත් බරපතල සහ බොහෝ අවස්ථාවලදී ලෝකය පුරා ආපසු හැරවිය නොහැකි බලපෑම් ඇති කරන ආකාරය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. (විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් තුළ) නිදසුනක් වශයෙන්, වඩාත් තීව්‍ර හා නිරන්තර ආන්තික කාලගුණික සිදුවීම් මිනිස් ජීවිත හා දේළල හා වගාබිම් වලට හානි කිරීමට හේතු වේ.

දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් හා සම්බන්ධ අලාභ හා හානි වැළැක්වීම, අවම කිරීම සහ ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම පාර්ශ්වයන් හඳුනා ගනී” යනුවෙන් පැරිස් ගිවිසුමේ 8 වැනි වගන්තියේ මෙම ප්‍රශ්නය පිළිගෙන ඇත. කෙසේ වෙතත්, පැරිස් පාඨය රටවල් (සංවර්ධිත හෝ වෙනත් ආකාරයකින්) අලාභ හා හානි සඳහා අරමුදල් සැපයීමට කැපවී නැත.

එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡා වලදී, දේශගුණික විපර්යාස සඳහා අවම වශයෙන් වගකිව යුතු දුප්පත් කලාපවල සිදුවන පාඩු සඳහා සංවර්ධිත, ඉහළ විමෝචනය වන ජාතීන් වගකිව යුතු බවට තර්ක කිරීමට ජාතීන් සහ සංවිධාන විසින් මෙම යෙදුම බොහෝ විට භාවිතා කරයි. (මේ නිසා, “අලාභ සහ හානිය” යන යෙදුම සමහර විට ” දේශගුණික වන්දි” / climate reparations ලෙස විස්තර කෙරේ)

පසුගිය 2022 වසරේ පැවැති COP27 දේශගුණ සමුළුවේදී සියලුම රටවල් අලාභ හා හානිය ගෙවීමට අරමුදලක් පිහිටුවීමට එකඟ විය. මෙය සිදු වූයේ කුඩා දූපත් රාජ්‍යයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මෙහෙයවන ලද එවැනි අරමුදලක් සඳහා වසර 30ක අරගලයකින් පසුවය.

සංවර්ධිත රටවල් සහ G77 සහ චීනය අතර සිදු වූ වාද විවාද ගණනාවකින් පසු (ලෝකයේ සෑම පුද්ගලයන් හත් දෙනෙකුගෙන් හය දෙනෙකු නියෝජනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන කණ්ඩායමක්) නව අලාභ සහ හානි අරමුදලක් පිහිටුවීමට තීරණය කළ සමුළුවේ අවසානයට ආසන්නව අරමුදල සම්බන්ධයෙන් දළ කෙටුම්පතක්1 සකස් කරන ලදී.

අරමුදල ප්‍රායෝගිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීමට කැප වූ සංක්‍රාන්ති කමිටුවක් / transitional committeeස්ථාපිත කළ යුතු බව මෙම පාඨය කියා සිටියේය. නව අරමුදල් විධිවිධානවලට අදාළතීරණයක් “COP28 ට වඩා පසුව නොගත යුතුබව එය වැඩිදුරටත් පැවසූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාජිකයින් 14 දෙනෙකු සහ සංවර්ධිත රටවල සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළුව සාමාජිකයින් 24 දෙනෙකුගෙන් කමිටුව සමන්විත විය යුතු බවට ද තීරණය විය.

කමිටුවේ කාර්යය වූයේ COP28 හි නායකයින් විසින් අනුමත කළ හැකි අලාභ හා හානි අරමුදල සඳහා නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමයි. අරමුදල පෝෂණය කරන්නේ කුමන මූල්‍ය ප්‍රභවයන්ද, කුමන ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා එයට සහාය විය හැකිද සහ පවතින අරමුදල් සමඟ එය ක්‍රියා කරන්නේ කෙසේද යන්න මෙයට ඇතුළත් විය. අරමුදල පිහිටා ඇත්තේ කොතැනද සහ එය ව්‍යුහගත කරන්නේ කෙසේද සහ පාලනය කරන්නේ කෙසේද යන්න ද නිර්දේශ මගින් ආවරණය විය.

  • COP27 සිට අලාභ හා හානි අරමුදලක් පිහිටුවීමේ ප්‍රගතිය කුමක්ද?

සංක්‍රාන්ති කමිටුව 2023 මාර්තු-ඔක්තෝබර් කාලය තුළ ඊජිප්තුව, ජර්මනිය, තායිලන්තය සහ ඩොමිනිකන් ජනරජයේ  නියමිත රැස්වීම් හතරක් සහ වැඩමුළු දෙකක් පැවැත්වීය. සිව්වන රැස්වීම සම්මුතියකට පැමිණීමට අසමත් වීමෙන් පසුව, එය 2023 නොවැම්බර් 3-4 දක්වා අබුඩාබි හි හදිසි පස්වන රැස්වීමක් ද පැවැත්වීය.

කමිටුවේ කාර්යය වූයේ COP28 හි නායකයින් විසින් අනුමත කළ හැකි අලාභ හා හානි අරමුදල සඳහා නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමයි. අරමුදල පෝෂණය කරන්නේ කුමන මූල්‍ය ප්‍රභවයන්ද, කුමන ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා එයට සහාය විය හැකිද සහ පවතින අරමුදල් සමඟ එය ක්‍රියා කරන්නේ කෙසේද යන්න මෙයට ඇතුළත් විය. අරමුදල පිහිටා ඇත්තේ කොතැනද සහ එය ව්‍යුහගත කරන්නේ කෙසේද සහ පාලනය කරන්නේ කෙසේද යන්න ද නිර්දේශ මගින් ආවරණය විය.

මෙම රැස්වීම් අතරතුර, රාජ්‍යයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අරමුදල සඳහා යෝජනා ඉදිරිපත් කළහ. මෙම අදහස් කමිටුව විසින් තක්සේරු කරන ලද අතර, අවසානයේදී, වැඩිදුර විමර්ශනයට සහ විවාදයට භාජනය වූ ලේඛන මාලාවකට සංග්‍රහ කරන ලදී.

සාකච්ඡා අබුඩාබියේ අමතර කාලයකට ඇතුල් වූ විට, කමිටු සම සභාපතිවරුන්ගෙන් එක් අයෙකු වන ෆින්ලන්තයේ Outi Honkatukia විසින් “එය ගන්න නැතහොත් එම පැකේජයෙන් ඉවත් වන්න / take it or leave it package” ලෙස හැඳින්වූ වාර්තාවක් සාමාජිකයින්ට ඉදිරිපත් කරන ලදී. මෙය COP28 තීරණයක පදනම සැකසිය හැකි ශක්‍ය නිර්දේශ මාලාවක් බවට තරඟකාරී අදහස් සියල්ල පෙරීමකට ලක්  කිරීමට  උත්සාහ කළේය.

මීට පෙර විරෝධය දැක්වීමට ඇති අවස්ථාවන් මග හැරීමෙන් පසු, එක්සත් ජනපද කමිටු සාමාජිකා ක්‍රිස්ටිනා චෑන්, අරමුදලට සහය වන ලෙස සංවර්ධිත රටවලට කළ භාෂාමය බල කිරීමක් ගැන අවසන් මොහොතේ කනස්සල්ලක් මතු කළාය. එය විසඳා නැති බව අඟවමින්, මෙම පාඨය වරහන් කිරීමට චෑන් ඉල්ලා සිටියාය.

සාකච්ඡා පුරාවටම, සංවර්ධිත රටවලට අරමුදලට ගෙවීමට බල කරන ඕනෑම භාෂාවකට එරෙහිව එක්සත් ජනපදය අඛණ්ඩව පෙනී සිටියේය. (බලකිරීම කිරීම / urgeයනු එක්සත් ජාතීන්ගේ නීති කෙටුම්පත් කිරීමේ ශබ්දකෝෂයේ ප්‍රබල අවසානයක් වන අතර , එය ඇත්ත වශයෙන්ම බල කිරීමක් අදහස් නොකරයි.)

(පරිවර්තක සටහන මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්ද කෝෂයට අනුව,  පොළඹවනවා, තදින් අවවාද කරනවා, උන්නදු කරවනවා, බල කරනවා, උනන්දු කොට ඉදිරියට යවනවා, මහත් උනන්දුවෙන් ඉදිරිපත් කරනවා,  කරුණු කියා සිටිනවා, අයදිනවා‘ ආදි අදහස් රාශියක් Urge යන වචනය තුළ ඇත)

විවිධ හේතූන් මත අවසාන පාඨයට සියලු සාමාජිකයින්ගේ විරෝධතා ඇති බව සම සභාපතිවරු තර්ක කළ නමුත් කමිටුව ඒ වන විටත් එකඟතාවයකට පැමිණ සිටි අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ප්‍රමාද වැඩිය. අපි වරහන් ආරම්භ කළ පසු, එය නතර නොවේ,” Honkatukia රැස්වීමට පැවසීය.

මේ අනුව, එක්සත් ජනපදය අවසන් තීරණය සම්මුතියකට එළඹීමක් ලෙස නොසලකන බව චෑන් පැවසීය. ActionAid International හි දේශගුණ යුක්තිය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන තෙරේසා ඇන්ඩර්සන් මේ සම්බන්ධයෙන් පවසන්නේ සංක්‍රාන්ති කමිටුවේ නිර්දේශවලට එක්සත් ජනපදය බලහත්කාරයෙන් විරෝධය දැක්වීමෙන් ඇඟවෙන්නේ මෙම පාඨයට COP28 හරහා සුමටව යාත්‍රා නොකළ හැකිබවයි.

සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයන් අතර දිගුකාලීන තර්ක නැවත සලකා බැලීම නිසා සංක්‍රාන්ති කමිටු රැස්වීම් පහ පුරා ආතතීන් ඉහළ ගියේය. සංවර්ධනය වෙමින් පවතින රටක කමිටු සාමාජිකයින් අලාභ හා හානි අරමුදලේ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා බොහෝ සම්මුතීන් ඇතුළත් “ෆවුස්ටියන් කේවල් කිරීමකට / Faustian bargain” ඔවුන් තල්ලු කරන බවට (විශේෂයෙන්) එක්සත් ජනපදයට චෝදනා කළ අතර තමන් කමිටුවෙන් පිටව යන බවට තර්ජනය කළ බව ද වාර්තා විය.

  • නව අරමුදල සම්බන්ධයෙන් රටවල් බෙදී ඇත්තේ ඇයි?

සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයන් අතර දිගුකාලීන තර්ක නැවත සලකා බැලීම නිසා සංක්‍රාන්ති කමිටු රැස්වීම් පහ පුරා ආතතීන් ඉහළ ගියේය. සංවර්ධනය වෙමින් පවතින රටක කමිටු සාමාජිකයින් අලාභ හා හානි අරමුදලේ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා බොහෝ සම්මුතීන් ඇතුළත්ෆවුස්ටියන් කේවල් කිරීමකට / Faustian bargain” ඔවුන් තල්ලු කරන බවට (විශේෂයෙන්) එක්සත් ජනපදයට චෝදනා කළ අතර තමන් කමිටුවෙන් පිටව යන බවට තර්ජනය කළ බව ද වාර්තා විය.

(Faustian bargain – යක්ෂයා සමඟ ගනුදෙනුවක් හෝ ” ෆවුස්ටියන් කේවල් කිරීම ” යන යෙදුම රූපක වශයෙන් භාවිතා කරනුයේ නපුරක් සමඟ සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයෙකු හෝ පුද්ගලයන් හෙළා දැකීම සඳහා ය. ෆවුස්ටියන්කේවල් කිරීම සිදු කරනු ලබන්නේ කේවල් කරන්නා දුෂ්ට හෝ සදාචාරාත්මක ලෙස හඳුනා ගන්නා බලයක් සමඟිනි. ෆවුස්ටියන් කේවල් කිරීම ස්වභාවයෙන්ම ඛේදජනක හෝ ඒවා සාදන පුද්ගලයාට ස්වයං-පරාජිත වේ. මන්ද කේවල් කරන්නා එම කාරණය අගය කළත් නැතත් යටත් වූ දෙය අවසානයේ ලබා ගන්නා දෙයට වඩා බොහෝ වටිනා බැවිනි – පරිවර්තක)

කමිටුව තුළ බෙදීම් ඇති කළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පහත දැක්වේ.

  • ·        අරමුදලෙන් මුදල් ලැබෙන්නේ කාටද?

COP27 හිදී, දේශගුණික විපර්යාසවලට සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට, විශේෂයෙන් අවදානමට ලක්විය හැකිඅයට උපකාර කිරීම සඳහා අරමුදල නිර්මාණය කිරීමට ජාතීන් එකඟ විය. කෙසේ වෙතත්, “විශේෂයෙන් අවදානමට ලක්විය හැකි / particularly vulnerable ” යන්නෙහි අර්ථ නිරූපණය මතභේදයට තුඩු දුන් කරුණක් විය. උදාහරණයක් ලෙස, යුරෝපා සංගම් කමිටු සාමාජිකයින් යෝජනා කළේ අරමුදල ‘අවම වශයෙන් සංවර්ධිත රටවල්‘ (least developed countries LDCs), කුඩා දූපත් රාජ්‍යයන් සහ “විශේෂිත සුදුසුකම් නිර්ණායක මත පදනම්ව වෙනත් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි රටවල්” සඳහා පමණක් සේවය කළ යුතු බවයි.

G77 සහ චීනයේ සාමාජිකයින් අරමුදලේ අවධානය පටු කිරීමට දරන උත්සාහයන් ලෙස ඔවුන් සැලකූ දෙයට විරුද්ධ විය. සිව්වන රැස්වීම අවසානයේ නිකුත් කරන ලද නිවේදනයක කියුබානු G77 සභාපති Pedro Pedroso Cuesta මෙසේ පැවසීය.

අරමුදලේ පරිපාලන විධිවිධාන දේශගුණික විපර්යාසවලට විශේෂයෙන් ගොදුරු විය හැකි සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලට සෘජු ප්‍රවේශයට බාධාවක් නොවන බවට අපි සහතික විය යුතුයි.”

පකිස්ථානයේ හිටපු දේශගුණ අමාත්‍ය සහ COP27 හි G77 සභාපති ෂෙරී රෙහ්මාන් මාධ්‍ය හමුවකදී පැවසුවේ අරමුදල වඩා ඇතුළත් / more inclusiveවිය යුතු බවයි. ගංවතුරෙන් පීඩාවට පත් පාකිස්තානය සහ ලිබියාව එයට ප්‍රවේශ විය නොහැකි මධ්‍යම ආදායම් ලබන රටවල් ලෙස උපුටා දක්වමින් ඔහු මේ බව පැවසීය. ඔහුට අනුව වඩාත් සීමිත නිර්ණායක අනුගමනය කළ යුතුය.

කමිටුව විසින් එකඟ වූ අවසාන පාඨයේ අරමුදල් ලැබීමට සුදුසුකම් ලබන්නේ කුමන රටවල්ද යන්න සඳහන් කර නැත. ඒ වෙනුවට, එය පවසන්නේ අරමුදලේ මණ්ඩලය පවතින සාක්ෂි මත පදනම්ව සහ LDC සහ කුඩා දූපත් සඳහා වෙන් කරන ලද අවම ප්‍රතිශතයක් සහිත සම්පත් වෙන් කිරීමේ ක්‍රමයක් / resource allocation systemසංවර්ධනය කරන බවයි.

  • ·        අරමුදලට දායක වන්නේ කවුද?

දැනට, 1992 දී මුල් එක්සත් ජාතීන්ගේ දේශගුණික ගිවිසුමට එකඟ වූ විට “සංවර්ධිත” ලෙස සලකනු ලැබූ ” ඇමුණුම II / Annex II2රටවල කුඩා කණ්ඩායමක් පමණක් දේශගුණික මූල්‍ය සැපයීමට බැඳී සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ පවතින දේශගුණික මූල්‍ය ප්‍රතිඥාවන් සපුරාලීමට මෙම පක්ෂ නිරන්තරයෙන් අසමත් වී ඇත. කෙසේ වෙතත්, 1992 දේශගුණික සම්මුතිය හෝ පැරිස් ගිවිසුම දේශගුණික විපර්යාස අලාභය සහ හානිය ගෙවීමට මුදල් දිය යුත්තේ කාටදැයි නොකියයි.

එක්සත් ජනපදය සහ යුරෝපීය ජාතීන් ධනවත් නැගී එන ආර්ථිකයන් සමඟ බර බෙදා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. (චීනය සහ විශේෂයෙන් සෞදි අරාබිය වැනි ගල්ෆ් රාජ්‍යයන් වෙන්කර හඳුනා ගනිමින්) එක්සත් රාජධානියේ දේශගුණ ඇමති ග්‍රැහැම් ස්ටුවර්ට් සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙසේ පැවසීය.

දශක ගණනාවකට පෙර සිට යල් පැන ගිය කාණ්ඩවල සිරවී සිටියහොත් අවශ්‍ය දේ ලබා දීමට සරලවම නොහැකි වනු ඇති අතර COP28 හි ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අපි මෙයින් මිදිය යුතුයි”

සංවර්ධිත රටවල් ද පවසන්නේ අරමුදල ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම යනු පුද්ගලික අංශය සහ මානුෂීය කණ්ඩායම් ඇතුළු රාජ්‍ය නොවන මූලාශ්‍රවල දායකත්වය සඳහා එය විවෘත කිරීමයි. (බලන්න: අලාභය සහ හානි සඳහා මුදල් රැස් කිරීම සඳහා සලකා බලනු ලබන විකල්ප මොනවාද? )

සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම පොදු අරමුදල් ප්‍රභවයන්ගෙන් මුදල් ලබා ගැනීමට මුළුමනින්ම විරුද්ධ නොවේ. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවල කමිටු සාමාජිකයින් විසින් එක් ඒකාබද්ධ ඉදිරිපත් කිරීමක් ලෙස ප්‍රකාශ කරන පරිදි, සංවර්ධිත රටවලින් ලැබෙන ප්‍රදාන පදනම් කරගත් මූල්‍ය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ.

දේශගුණික මූල්‍යකරණය වඩාත් පුළුල් ලෙස සඳහන් කරමින්, සෞදි අරාබි රජය අබුඩාබි හි පැවති පූර්ව COP උත්සවයේ දී සිය අපේක්ෂාවන් මෙසේ පැහැදිලි කළේය. පැහැදිලි වගකීම් ඇති අය තමන් සතු කර ගැනීමට සහ ක්‍රියාවලියෙන් පිටත වෙනත් රටවලට හෝ ආයතනවලට යෂ්ටිය ලබා දීමට උත්සාහ නොකළ යුතුයි“

G77 සහ බ්‍රසීලියානු රාජ්‍ය තාන්ත්‍රික Matheus Bastos, UNFCCC සහ පැරිස් ගිවිසුමේ “මූලධර්ම සහ විධිවිධාන” පිළිබිඹු කරන භාෂාවක් ඉල්ලා සිටියේය.

සංවර්ධිත රටවල් දේශගුණික මූල්‍ය සැපයීමට බැඳී සිටින බව එම ගිවිසුම් මගින් පැහැදිලි කිරීම මෙහි කාර්යය වනු ඇතැයි ඔහු පැවසීය. G77 හි දැක්ම අනුව, මෙය අවම කිරීම සහ අනුවර්තනය වීම පමණක් නොව පාඩුව හා හානි ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල සම්පූර්ණ පිරිවැයදක්වා විහිදේ. නමුත් එක්සත් ජනපදය මෙම පාඨය පිළිගන්නේ නැත.

අවසාන වශයෙන්, අවසාන නිර්දේශ සංවර්ධිත රටවල් අරමුදලට ගෙවීමට බැඳී නොසිටිනු ඇත. ඔවුන් “පුළුල් ආකාරයේ අරමුදල් මූලාශ්‍ර” ගැන ද සඳහන් කරයි. සංවර්ධිත රටවල් අලාභ හා හානි සහන වෙනුවට අරමුදල සඳහා ආරම්භක මූල්‍ය සැපයීම සඳහා “ආරම්භක පියවර” ගන්නා ලෙස ඉල්ලා සිටී.

ඊට අමතරව, නිර්දේශිත පාඨය “ බලකිරීම / urge[s] සංවර්ධිත රටවලට “අඛණ්ඩව සහය ලබා දෙන ලෙස”, අනෙකුත් රටවල් “ස්වේච්ඡා පදනමින්” එයම කරන ලෙස “දිරිමත් කිරීම / enourag[ing]” දුර්වල අවවාදයකට යටත් වනු ඇත. (රැස්වීම අවසන් වන විට එක්සත් ජනපදය අවසන් මොහොතේ විරෝධය මතු කළ අංගය මෙයයි.)

  • ·        අරමුදල පිහිටා ඇත්තේ කොහේද?

ප්‍රගතිය අවහිර කරන එක් ප්‍රධාන ගැටලුවක් වූයේ පාඩු හා හානි අරමුදලේ පිහිටීමයි. එක්සත් ජනපදය පදනම් කරගත් ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද අරමුදලක් දැකීමට එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට අවශ්‍ය වූ අතර, එය G77 සහ චීනයේ සාමාජිකයින් දැඩි ලෙස විරුද්ධ වූ යෝජනාවක් විය.

ඔවුන් තර්ක කළේ ලෝක බැංකු මූල්‍ය පදනම් වී ඇත්තේ ප්‍රදාන මත නොව ණය මත වන අතර එය ගෝලීය දකුණේ ණය බරින් පෙළෙන රටවලට යෝග්‍ය නොවන බවයි. දේශගුණික විපත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය ආකාරයේ වේගවත්, සෘජු ප්‍රවේශයක් ලබා දීම සඳහා බැංකුව පිහිටුවා නොමැති බව ද ඔවුහු පැවසූහ.

ඊට අමතරව, එක්සත් ජනපදය (එහි විශාලතම කොටස් හිමියා) සහ තීරණ ගැනීමේදී අනෙකුත් ප්‍රධාන පරිත්‍යාගශීලීන්ගේ ආධිපත්‍යය හේතුවෙන් එය සියලු පාර්ශ්වයන්ට වග නොකියන බව ඔවුහු පැවසූහ.

කුඩා දූපත් රාජ්‍යයන්ගේ සන්ධානය (Alliance of Small Island States AOSIS) නියෝජනය කරන කමිටු සාමාජිකයෙකු වන ඩයෑන් බ්ලැක්-ලේන් පැවසුවේ ලෝක බැංකුව විසින් සත්කාරක ගාස්තුව 17%ක් අය කරන බවයි. එය ඇය විස්තර කළේ මහා මාර්ග මංකොල්ලය…පිරිසිදු මැර කල්ලි හැසිරීම / highway robbery…pure gangster behaviourලෙසිනි.

එයින් අදහස් වන්නේ මෙම අරමුදලේ විශාලතම ප්‍රතිලාභියා ලෝක බැංකුව වනු ඇති බවයි. ලෝක බැංකුවේ සේවකයින් 10,000කට AOSIS රටවල ජනගහනයෙන් මිලියන 63කට වඩා වැඩි මුදලක් මෙම අරමුදලෙන් ලැබෙනු ඇති බව සහතිකයි“ඩයෑන් බ්ලැක්-ලේන් පැවසුවේය.

(මෙම මුදල, 24%ක් ලෙස තබා ඇත. එය අරමුදලේ ලේකම් කාර්යාලයෙන් ගනු ලබන පරිපාලන වියදම් සඳහා වන අතර (එබැවින්) එය අරමුදලට ගලා එන මුළු මුදලින් කොටසක් නොවේ. අලාභ හා හානි සහයෝගීතාවයට අනුව එය මුළු අරමුදල්වලින් 1-2%.කි)

එක්සත් ජනපද රාජ්‍ය නොවන සංවිධාන 70කට ආසන්න සන්ධානයක් එක්සත් ජනපද සාකච්ඡා කණ්ඩායමට විවෘත ලිපියක් ලියමින් මෙසේ පැවසුවේය. “ගෝලීය දකුණේ ප්‍රජාවන්ට පරිත්‍යාගශීලීන් විසින් මෙහෙයවනු ලබන සහ වගකිය නොහැකි ජාත්‍යන්තර මූල්‍ය සඳහා තවත් නාලිකාවක් ලෝකයට අවශ්‍ය නැත“

ලෝක බැංකුව එවැනි විවේචනවලට එරෙහිව ප්‍රකාශයක්  නිකුත් කළ අතර, පාඩු හා හානි අරමුදල් වෙත ප්‍රවේශ වීමට රටවලට ඉඩ දෙන ආකාරය සම්බන්ධයෙන් තමන්ට නම්‍යශීලී විය හැකි බව අවධාරණය කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ දේශගුණ සම්මුතියේම මූල්‍ය යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක වන නව ස්වාධීන ආයතනයක් සඳහා තර්ක කළහ. මෙය හරිත දේශගුණ අරමුදලට (Green Climate Fund GCF) සමාන වනු ඇත. එය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයින් සමාන සංඛ්‍යාවක් ඇතුළත් (නියෝජිතයින් 24ක්) මණ්ඩලයක් විසින් අධීක්ෂණය කරනු ලැබේ.

මෙම ආරවුල සිවුවැනි කමිටු රැස්වීමේදී එකඟතාව වැළැක්වූ පසු, සංවර්ධනය වෙමින් පවතින රටවල් අවසාන රැස්වීමට පැමිණියේ අන්තර්කාලීන පදනමක් / interim” basis “ මත ලෝක බැංකුව සත්කාරකත්වය දරන බව ප්‍රකාශ කරමිනි. කමිටු සාමාජිකයින් අවධාරණය කළේ ඔවුන් එසේ කිරීමෙන් “විශාල සහනයක්” ලබා දෙන බවයි.

සමහර සංවර්ධිත රටවල සාමාජිකයින් ද කියා සිටියේ වසර දෙකක් ඇතුළත ලෝක බැංකුවෙන් අරමුදල ඉවත් කිරීමට පැහැදිලි මාර්ගයක් දැකීමට අවශ්‍ය බවයි.ො අවසානයේදී, කමිටුව වසර හතරක් සඳහා අරමුදලේ අන්තර්කාලීන සත්කාරක සමාගමක් ලෙස ලෝක බැංකුව ස්ථාපිත කරන පාඨයකට එකඟ විය. ප්‍රජාවන්ට කුඩා ප්‍රදාන සඳහා ප්‍රවේශ වීමට ඉඩ දීම සහ ලෝක බැංකු සාමාජිකයන් නොවන රටවලට ප්‍රවේශය ලබා දීම වැනි කොන්දේසි එයට ඇතුළත් විය.

Germanwatch  හි දේශගුණික අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන ලෝරා ෂාෆර් පවසන්නේ මෙම මූලද්‍රව්‍ය පොරොන්දු වන අතරම ඒවා පාඩු හා හානි අරමුදලක් සඳහා මූලික කොන්දේසි / basic conditionsවිය යුතු බවයි.

ලෝක බැංකුව අරමුදලේ ස්ථීර නිවහන බවට පත්වනු ඇතැයි යන කනස්සල්ල තවමත් පවතින බවත්, තාවකාලිකව එහි තැන්පත් කිරීමට අදහස් කළ  වෙනත් අරමුදල්වලට මුහුණ දී ඇති ගැටලුවක් බවත් ඇය පවසයි.

පෙළෙහි පිටවීමේ උපාය මාර්ගයක් නිර්වචනය කර නැහැ. මෙයින් මූලික වශයෙන් අදහස් වන්නේ ලෝක බැංකුව හොඳින් ක්‍රියා කරන්නේ නම් සහ නියම කර ඇති සියලුම කොන්දේසි සපුරාලන්නේ නම්, එය වසර හතරකට පසුව පවා සත්කාරක සමාගම වනු ඇති බවයි” ලෝරා පවසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වූයේ, අලාභ හා හානි අරමුදල පදනම් වී අවසන් වූ ඕනෑම තැනක, එය UNFCCC යටතේ ස්වාධීන ආයතනයක තත්ත්වය හිමිකර ගැනීමයි. කෙසේ වෙතත්, සිවිල් සමාජ කණ්ඩායම් පැවසුවේ පාඨයේ මේ පිළිබඳ අවසන් භාෂාව අපැහැදිලි බවයි.

නව අරමුදල සඳහා ආදර්ශයක් ලෙස ඇතැමුන් දකින GCF පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මුතියේ මූල්‍ය යාන්ත්‍රණය යටතේ මෙහෙයුම් ආයතනයක්ලෙස නම් කර ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, ලෝක බැංකුව පදනම් කරගත් අලාභ හා හානි අරමුදල සඳහා යෝජිත පාඨය එය විස්තර කරන්නේ එය “මූල්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය භාරව ඇත” ලෙස පමණි.

මෙම තරමක් අඳුරු භාෂාව COP28 ට ඉදිරි සතිවලදී නීතිමය පරීක්ෂාවට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිව්වන රැස්වීමේදී නිකුත් කරන ලද පූර්ව කෙටුම්පත් පාඨයේ, සංවර්ධනය වෙමින් පවතින රටක කමිටු සාමාජිකයින් අරමුදලට “වගකීම් හෝ වන්දි ගෙවීමක් ඇතුළත් නොවේ” යන රේඛාවක් මතභේදයට ලක් විය. මෙය දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයට මූලික ප්‍රශ්නයක් වී ඇත. මන්ද එහි ඉහළ ඓතිහාසික විමෝචනය සඳහා නීත්‍යානුකූලව වගවීම අවශ්‍ය නොවන බැවිනි.

·        වෙනත් ගැටළු

සිව්වන රැස්වීමේදී නිකුත් කරන ලද පූර්ව කෙටුම්පත් පාඨයේ, සංවර්ධනය වෙමින් පවතින රටක කමිටු සාමාජිකයින් අරමුදලට “වගකීම් හෝ වන්දි ගෙවීමක් ඇතුළත් නොවේ” යන රේඛාවක් මතභේදයට ලක් විය. මෙය දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයට මූලික ප්‍රශ්නයක් වී ඇත. මන්ද එහි ඉහළ ඓතිහාසික විමෝචනය සඳහා නීත්‍යානුකූලව වගවීම අවශ්‍ය නොවන බැවිනි.

එක්සත් ජනපද කමිටු සාමාජික චෑන් අනෙකුත් සාමාජිකයින්ට පැවසුවේ මෙය “විවාදාත්මක කරුණක්” ලෙස සැලකීම “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බවයි.

මෙය කෝප් 27හි මෙම න්‍යාය පත්‍ර අයිතමය සඳහා ගිවිසුමට තුඩු දුන් අවබෝධයේ ප්‍රධාන කොටසක්.” ඇය පෙන්වා දුන්නාය.

මෙම පාඨය ඉවත් කළහොත්, සමස්තයක් ලෙස අරමුදලේ ප්‍රතිඵලයක් සඳහා මාර්ගයක් අපට නොපෙනේයැයි ඇය පැවසුවාය. මෙම භාෂාව අවසාන නිර්දේශවල පැවතුනි.

අවසාන නිර්දේශවලින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට කැපවන භාෂාව ඉවත් කිරීම පිළිබඳව  සිවිල් සමාජ කණ්ඩායම් ද කනස්සල්ල පළ කළහ.

  • අලාභ හා හානි සමඟ කටයුතු කිරීමට කොපමණ මුදලක් අවශ්‍ය ද ?

සංවර්ධනය වෙමින් පවතින රටක සංක්‍රාන්ති කමිටු සාමාජිකයින් සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමක් කරමින් 2030 වන විට “අවම වශයෙන්” වසරකට ඩොලර් බිලියන 100ක පාඩු-හානි අරමුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

එක්සත් ජාතීන් විසින් පත් කරන ලද දේශගුණ මූල්‍ය පිළිබඳ ස්වාධීන ඉහළ මට්ටමේ විශේෂඥ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඔවුන් උපුටා දැක්වූ අතර, එහි පවසන්නේ “මෑත සිදුවීම්වලින් ඇඟවෙන්නේ 2030 වන විට ක්ෂණික බලපෑම්වලට මුහුණ දීමට සහ පසුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පිරිවැය ඩොලර් බිලියන 150-300 දක්වා ඉහළ යා හැකි” බවයි.

විශේෂඥ වාර්තාව මෙම සංඛ්‍යාවල අවිනිශ්චිතභාවය ද අවධාරණය කරන අතර, දේශගුණ ආකෘතීන් සංවර්ධනය වෙමින් පවතින රටවල පාඩු හා හානි වියදම් අඩු තක්සේරුකරයි.

ඇත්ත වශයෙන්ම, විශේෂඥ කණ්ඩායමේ සංඛ්‍යා සේවය කරන්නේ දැනට පවතින ඇස්තමේන්තුවල පහළ අන්තයට ය. 2030 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂිකව ඩොලර් බිලියන 290-580ක් තරම් – දේශගුණික උවදුරුවලින් “අවශේෂ හානි” සඳහා වන පිරිවැය බෙහෙවින් වැඩි වන බව ඔවුන්ගේ වාර්තාව වෙනත් අධ්‍යයනයන් උපුටා දක්වමින් පෙන්නා දී ඇත.

මෙය මනසේ තබාගෙන, සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයින් අවධාරණය කළේ ඩොලර් බිලියන 100ක ඉලක්කය”උපරිමය ලෙස නොව, අවම කැපවීමක් ලෙස සලකන” බවයි. ඊට වෙනස්ව, එක්සත් ජනපද සහ යුරෝපා සංගම් ඉදිරිපත් කිරීම් නිශ්චිත ඉලක්කයකට පිටුබලය දුන්නේ නැත.

ඔක්තොම්බර් මස පැවති සිව්වන රැස්වීමේදී නිකුත් කරන ලද අවසාන ප්‍රතිඵලයේ කෙටුම්පතක, “පරිමාණය / scale ” යන මාතෘකාව යටතේ, සංවර්ධනය වෙමින් පවතින රටවල යෝජනාව වර්ග වරහන් තුළ ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපද කමිටු සාමාජික චෑන් කියා සිටියේ ලේඛනයේ එවැනි චරිතයක් තමන් පිළිගන්නේ නැති බවයි. “මෙය අපගේ වරමෙහි කොටසක් නොවෙයි. එය කෝප් 27 තීරණයේ ඇති දේවල කොටසක් නොවෙයිඇය පැවසුවාය.

අවසානයේදී, අරමුදල් පරිමාණය පිළිබඳ ඕනෑම සඳහනක් අවසාන නිර්දේශවලින් ඉවත් කරන ලදී.

  • අලාභ හා හානි සඳහා මුදල් රැස් කිරීමට සලකා බලනු ලබන විකල්ප මොනවාද?

සංක්‍රාන්ති කමිටුවේ එක් ඉලක්කයක් වූයේ අලාභ හා හානිවලට ප්‍රතිචාර දැක්වීමට අදාළ ආයතනවල භූ දර්ශනය සහ විසඳුම් සැලකිල්ලට ගැනීමය.

COP27 වෙතින් මතු වූ ගනුදෙනුවේ කොටසක් ලෙස, පවතින අලාභ හා හානි අරමුදල් සමාලෝචනය කිරීමට සහ “භූ දර්ශනය තුළ පවතින හිඩැස්” හඳුනා ගැනීමට රටවල් UNFCCC ලේකම් කාර්යාලයට පත් කරන ලදී. ලේකම් කාර්යාලය විසින් 2023 මැයි මාසයේදී එහි සොයාගැනීම් සාරාංශ කරමින් සංශ්ලේෂණ වාර්තාවක් නිකුත් කරන ලද අතර එය කමිටුව විසින් ගන්නා ලද තීරණවලට ඇතුළත් විය. එය අනුවර්තන අරමුදල් සහ රක්ෂණ පහසුකම් ඇතුළුව අලාභ හා හානි විසඳීම සඳහා අදාළ වන විවිධ පවතින මූලාශ්‍ර හඳුනා ගනී.

මේ අතර, විද්‍යාඥයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් පොසිල ඉන්ධන මත බදු  හෝ / සහ ගෝලීය නැව්ගත කිරීම් මත බදු වැනි පාඩු හා හානි අරමුදල් සඳහා විකල්ප මූලාශ්‍ර යෝජනා කර ඇත. උදාහරණයක් ලෙස Saudi Aramco සහ ExxonMobil වැනි පොසිල ඉන්ධන ප්‍රධානීන්ට දේශගුණික වන්දිගාස්තු වශයෙන් ඩොලර් බිලියන සිය ගණනක් වෙන් කිරීමට එක් පත්‍රිකාවක් යෝජනා කරයි.

සංක්‍රාන්ති කමිටුවේ නිර්දේශවල පෙර අනුවාදයන් නැවතත් වර්ග වරහන් තුළ විවිධ විභව මූලාශ්‍ර පිළිබිඹු කරයි. මේවාට ස්වේච්ඡා කාබන් වෙළඳපොළ හෝ ජාත්‍යන්තර මිලකරණ යාන්ත්‍රණ” ද ඇතුළත් විය. කෙසේ වෙතත්, අරමුදල් මූලාශ්‍ර පිළිබඳ ප්‍රශ්නය විවාදාත්මක ය. පුළුල් ලෙස කථා කරන විට, සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවලින් ලැබෙන ප්‍රදාන පදනම් වූ මූල්‍ය කෙරෙහි අවධාරණය තබා ගැනීමට උත්සාහ කර ඇත.

මේ අතර, සංවර්ධිත රටවල් පවසන්නේ ප්‍රමාණවත් පරිමාණයෙන් මුදල් රැස් කිරීම සඳහා නවෝත්පාදනනව මූලාශ්‍ර ගවේෂණය කළ යුතු බවයි.

G77 සහ චීනය සඳහා වූ සිව්වන කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් බ්‍රසීලියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Bastos සෙසු කමිටු සාමාජිකයින්ට පැවසුවේ ස්වේච්ඡා කාබන් වෙළඳපොළෙන් සහ අනෙකුත් මිලකරණ යාන්ත්‍රණවලින් අරමුදල සඳහා මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් භාෂාව “නැවත නැවතත් මකාදැමීමට” ඉල්ලා සිටි බවයි‍ෙ

අවසාන නිර්දේශ පාඨයේ අරමුදල් වර්ග පිළිබඳ වැඩි විස්තර ඇතුළත් නොව. නමුත් “පුළුල් විවිධ ප්‍රභවයන්” ගැන සඳහන් කරයි. එසේම එය පොදු, පුද්ගලික සහ “නවෝත්පාදන” දායකත්වයන් සඳහා විවෘත වනු ඇත. එය පරිත්‍යාගශීලී පදනම්වලින් අරමුදල් ලැබීමට විවෘත විය යුතු බව ද සඳහන් කරයි.

එය පවසන්නේ අරමුදලේ මණ්ඩලය සියලු අරමුදල් ප්‍රභවයන්ගෙන් නව, අතිරේක, පුරෝකථනය කළ හැකි සහ ප්‍රමාණවත් මූල්‍ය සම්පත් බලමුළු ගැන්වීමටඋපාය මාර්ගයක් සකස් කරනු ඇති බවයි.

  • පාඩු හා හානි අරමුදලෙන් රටවල් මුදල් ඉල්ලා සිටින්නේ කෙසේද?

අරමුදලේ බොහෝ අංශ මෙන්ම, අලාභ හා හානිය අත්විඳීමෙන් පසු රටවල් ඇත්ත වශයෙන්ම මුදල් ඉල්ලා සිටින්නේ කෙසේද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරු දිය නොහැකි ය. සාම්ප්‍රදායිකව, සාමාන්‍යයෙන් වසර කිහිපයක් ගතවන ක්‍රියාවලියක දී දිගු ව්‍යාපෘති යෝජනා ගොනු කිරීමෙන් රටවල් එක්සත් ජාතීන්ගේ දේශගුණික අරමුදල් වෙත ප්‍රවේශ වේ.

අලාභ හා හානි අරමුදල සඳහා, සමහර රටවල් ආන්තික කාලගුණික සිදුවීම් ඉක්බිතිව වහාම අරමුදල් ඉල්ලා සිටීමට ඉඩ දීම සඳහා ප්‍රේරක පාදක යාන්ත්‍රණයක් / trigger-based mechanismඉල්ලා සිටින බව, අලාභ හා හානි පිළිබඳ කටයුතු කරන ස්ටොක්හෝම් පරිසර ආයතනයේ (SEI) විද්‍යාඥ Zoha Shawoo පැහැදිලි කරයි.

ක්ෂණික සුවයක් සහ සහන කවුළුවක් තිබේ නම් එවැනි දෙයක් ක්‍රියාත්මක විය හැකියි. නමුත් එය බොහෝ දුරට මානුෂීය ආධාර මගින් ආවරණය වන බව සංවර්ධිත රටවල් පවසා ඇති බව අපි දන්නවා. එබැවින් අරමුදල මධ්‍යම හා දිගු කාලීන ප්‍රකෘතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි“

රටවල්වලට හිමිකම් පෑමට හැකි වන්නේ කුමන ආකාරයේ අලාභ හා හානි පිළිබඳවද තවමත් ප්‍රශ්නාර්ථ ලකුණු තිබේ. වඩාත් තීව්‍ර හා නිරන්තර ආන්තික කාලගුණික සිදුවීම් මෙන්ම මුහුදු මට්ටම ඉහළ යාම සහ ග්ලැසියර පසුබැසීම වැනි කාලයත් සමඟ ක්‍රමයෙන් නරක අතට හැරෙන බලපෑම් වැනි ක්ෂණික දේශගුණික බලපෑම් නිසා පාඩු හා හානි සිදුවිය හැකිය.

දේශගුණික විපර්යාස ආන්තික කාලගුණික සිදුවීම්වල සම්භාවිතාව සහ බරපතලකම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයනය “ආරෝපණ විද්‍යාව“ / attribution science ලෙස හැඳින්වේ.

දේශගුණික අධිකරණ නඩු වලදී වගකීම් ඔප්පු කිරීමේදී ආරෝපණය වැඩි වැඩියෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිදසුනක් වශයෙන්, මොන්ටානා හි තරුණ දේශගුණ ක්‍රියාකාරීන් විසින් ජයග්‍රහණය කරන ලද මෑත කාලීන වැදගත් අධිකරණ නඩුවක් ආරෝපණ විද්‍යාව මත දැඩි ලෙස රඳා පැවතුනි.

අලාභ හා හානි අරමුදලින් හිමිකම් පෑමට රටවලට උපකාර කිරීමේදී ආරෝපණය භූමිකාවක් ඉටු කළ හැකිද යන්න ප්‍රශ්න කිරීමට මෙය සමහරුන් පොළඹවා ඇත. කෙසේ වෙතත්, Shawoo සඳහන් කරන්නේ සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් අලාභ හා හානි අරමුදල් වෙත ප්‍රවේශ විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී ආරෝපණ විද්‍යාව භාවිතා කිරීම වඩාත් සුදුසු නොවන බවයි.

පළමුව, සංවර්ධිත රටවල් විශේෂිත පාඩු සඳහා වගකිව යුතු නැහැ. නමුත් යම් සිදුවීමක් දේශගුණික විපර්යාස නිසා සිදු වූ බව ඔප්පු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට බරක් විය හැකි යැයි මම සිතනවා. ඒ නිසා දෙපාර්ශ්වයටම එහෙම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රකාශයන් සඳහා සාක්ෂි සැපයීමට උපකාර කිරීමේදී ආරෝපණ විද්‍යාවට තවමත් කාර්යභාරයක් තිබිය හැකි බව ඇය වැඩිදුරටත් පවසයි.

වේගවත් ආරෝපණ අධ්‍යයනයන් මඟින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ හිමිකම් උපස්ථ කිරීමට සහ අරමුදල් ලබා ගැනීමට භාවිතා කළ හැකි බවට අමතර සාක්ෂි සැපයිය හැකියි. නමුත් එය විධිමත් අවශ්‍යතාවයක් නොව, ඔවුන්ට අමතර උත්තේජනයක් ලබා දීමට යමක් පමණයි“

අලාභ හා හානි අරමුදල ක්‍රියාත්මක කිරීම සඳහා ආරෝපණ විද්‍යාඥයින් සහ එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියට සම්බන්ධ වූවන් අතර මෙතෙක් සිදුවී ඇත්තේ එතරම් හරස් සංවාදයක් නොවන බව ලෝක කාලගුණ ආරෝපණ මුලපිරීමේ /World Weather Attribution  විද්‍යාඥ ආචාර්ය ඉසිඩින් පින්ටෝ පවසයි.

මේ වන විට අපි වෙන්ව සිටින්නේ අලාභ හා හානි අරමුදල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කිසිවෙකු නොදන්නා නිසයි”

පාඩු හා හානි අරමුදලෙන් රටවල් කොපමණ මුදලක් ඉල්ලා සිටිය යුතුද යන්න තීරණය කිරීමේදී ආරෝපණයට සීමිත කාර්යභාරයක් ඉටු කිරීමට පමණක් හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

ආරෝපණ අධ්‍යයනය යනු කාසියේ එක් පැත්තක් පමණයි. ආරෝපණය පවසන්නේ කාලගුණික විපර්යාස නිසා වර්ෂාපතනය හෝ තාපය වැඩි විය හැකි බවයි. නමුත් අවදානම යනු කාසියේ අනෙක් පැත්තයි. මන්ද එම වර්ෂාපතනය A කලාපයේ නිවසක් විනාශ කළ හැකි නමුත් B කලාපයේ එසේ සිදු නොවිය හැකියි. එබැවින් අවදානම් සහ නිරාවරණය දෙස නොබලා ආරෝපණය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ඉතා උපක්‍රමශීලී යි“

carbonbrief.org වෙබ් අඩවියේ, Q&A: The fight over the ‘loss-and-damage fund’ for climate change නම් ශීර්ෂ පාඨය යටතේ 2023 /11/07 වැනි දින පළ වූ මෙම ලිපිය සම්පූර්ණයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.  https://www.carbonbrief.org/qa-the-fight-over-the-loss-and-damage-fund-for-climate-change/

ලිපියට අදාළ අතිරේක යොමු.

1.     https://unfccc.int/sites/default/files/resource/cp2022_L18_cma2022_L20_adv.pdf

2.     https://unfccc.int/parties-observers