වසර 30කට වැඩි කාලයක් තුළ ඉහළම මට්ටමේ ‘කඩිනම් සහ ඵලදායී’ සහන යෝජනා ක්‍රමයක් අවශ්‍ය ප්‍රචාරකයින් පවසයි

කොරොන වයිරස් වසංගතය ආරම්භයේ සිට දේශගුණික අර්බුදයෙන් වඩාත් බැටකන රටවල් 50ක ණය ගෙවීම් දෙගුණ වී ඇති අතර දැන් දශක තුනකට වැඩි කාලයක් තුළ ඔවුන්ගේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

Debt Justice charity පැවසුවේ ගෝලීය උණුසුමෙන් පීඩාවට පත්වීමේ ඉහළම අවදානමක් ඇති රටවල් රජයේ ආදායමෙන් 15.5%ක් බාහිර ණය හිමියන්ට ගෙවන බවයි. එම ප්‍රමාණය Covid-19 ට පෙර 8% ට වඩා අඩු වූ අතර 2010 වන විට 4%ක් විය.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දත්ත භාවිතා කරමින් Debt Justice charity පැවසුවේ, දේශගුණික අර්බුදයට මුහුණ දීමේ ක්‍රියාමාර්ග සඳහා දුප්පත් රටවලට ආයෝජනය කළ හැකි වන පරිදි පුළුල් ණය සහනවල හදිසි අවශ්‍යතාවය සිය නව වාර්තාවෙන් පෙන්නුම් කරන බවයි.

“වාර්තාගත ණය මට්ටම් දේශගුණික හදිසි අවස්ථා විසඳීමට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවලට ඇති හැකියාව තලා දමනවා. තිරසාර මට්ටමකට ණය අවලංගු කිරීම සඳහා අපට වේගවත් හා ඵලදායී ණය සහන යෝජනා ක්‍රමයක් අවශ්‍යයි. පුද්ගලික ණය දෙන්නන් ජාත්‍යන්තර ණය සහන ගිවිසුම්වලට සහභාගී වීම සහතික කිරීම සඳහා නීති සම්පාදනය කිරීමෙන් එක්සත් රාජධානියට එහි කාර්යභාරය ඉටු කළ හැකිය‘ Debt Justice charity හි විධායක අධ්‍යක්ෂ හයිඩි චව් පැවසීය.

වාර්තාවේ ආවරණය වන රටවල් 50 සඳහා, ඔවුන්ගේ බාහිර පොලී ගෙවීම්වලින් 38%ක් පුද්ගලික ණය දෙන්නන්ට, 35%ක් බහුපාර්ශ්වික ආයතනවලට, 14%ක් චීනයට සහ 13%ක් වෙනත් රජයන්ට වේ.

1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මැද භාගයේ විස්තීර්ණ ණය සහන වට දෙකක ප්‍රතිඵලයක් ලෙස දුප්පත් රටවල ණය බරෙහි තියුණු පහත වැටීමක් සිදු වූ නමුත් 2020 සිට ඉහළ යාමට පෙර 2010 ගණන්වල ආපසු ගෙවීම ක්‍රමයෙන් ඉහළ ගියේය.

Debt Justice charity  වාර්තාව නව ණය අර්බුදය සඳහා හේතු කිහිපයක් සඳහන් කළේය. එකක් නම්, වසංගතය ආරම්භයේදී ණයහිමියන් එකඟ වූ ණය අත්හිටුවීමේ යෝජනා ක්‍රමය අවසන් වී ඇති අතර, අත්හිටවූ ණය දැන් ගෙවීමට නියමිතය.

2010 ගණන්වල පහළ මට්ටමේ සිට ගෝලීය පොලී අනුපාත ඉහළ යාමෙන් ණය ගැතියන් ද පීඩාවට පත්ව ඇත. එසේම, එක්සත් ජනපද ඩොලරයේ ශක්තිමත් අගය බාහිර ණය ගෙවීම්වල සාපේක්ෂ ප්‍රමාණය (ප්‍රධාන වශයෙන් ඩොලර් වලින් ගෙවිය යුතු) වැඩි කර ඇ

දේශගුණික මූල්‍ය සහ තිරසාර නොවන ණය මට්ටම් ඇතුළුව දේශගුණික ක්‍රියාමාර්ග සඳහා රටවලට මුදල් සැපයීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරන දින 10ක සමුළුවක් පසුගිය 03 වැනිදා බොන්හිදී ආරම්භ වූ අතර Debt Justice charity පැවසුවේ නියඟයෙන් පීඩාවට පත් සැම්බියාවේ උදාහරණය ක්‍රියාමාර්ගයේ අවශ්‍යතාවය අවධාරණය කරන බවයි.

වසර තුනහමාරක සාකච්ඡා වලින් පසු, සැම්බියානු රජය මෑතකදී එහි පුද්ගලික ණය දෙන්නන් කිහිප දෙනෙකු සමඟ (නමුත් සියල්ලන්ම නොවේ) ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක් අත්හිටුවා ඇත.

සැම්බියාවේ ණය ගනුදෙනුව ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා හොඳ නම් ණය ගෙවීම් විශාල වශයෙන් වැඩි කිරීමට ඉඩ සලසයි. නමුත් නියඟයක් වැනි කම්පනයකදී ගෙවීම් අඩු කිරීමට සමාන වගන්තියක් නොමැත. ණය ගනුදෙනුවේ නියමයන් යටතේ, සැම්බියාවට මේ වසරේ බැඳුම්කර හිමියන්ට ඩොලර් මිලියන 450ක් ගෙවීමට සිදුවේ.

Debt Justice හි ප්‍රතිපත්ති ප්‍රධානී Tim Jones මෙසේ පැවසීය: “සැම්බියාවේ ණයහිමියන් ගනුදෙනුවක් ඉල්ලා සිටීම කෝපයට කරුණක්. දේවල් හොඳින් සිදුවුවහොත් ඔවුන්ට ණය ගෙවීමේ විශාල වැඩිවීමක් ලැබෙනු ඇති නමුත් සැම්බියාව නියඟය වැනි ව්‍යසනයන්ට ගොදුරු වුවහොත් පාඩුවක් සිදුවේ. මේ වසරේ බැඳුම්කර හිමියන්ට ගෙවීම සඳහා ඩොලර් මිලියන 450ක් ලෙස පිටට ගලා යන්නේ ජාතික ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමට භාවිතා කළ හැකි මුදල් ය.

“ණය අවලංගු කිරීම මෙන්ම, ධනවත් රටවල් ප්‍රදාන පදනම් වූ, ප්‍රමාණවත් දේශගුණික මූල්‍ය ලබා දීමෙන් ඔවුන්ගේ දේශගුණික ණය කඩිනමින් ගෙවිය යුතු” බව Debt Justice charity වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

https://www.theguardian.com/world/article/2024/jun/03/debt-payments-by-countries-most-vulnerable-to-climate-crisis-soar