කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා සතියකට එක් දිනක් හෝ දෙකක් නිර්මාංශ ආහාර පරිභෝජනයට මිනිසා හුරු විය යුතු බව කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ස්වාසෙනේගර් පැවසීය.

වායුගෝලයට මුදා හැරෙන මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 28%ක් පමණ සත්ව ගොවිපලවලින් විමෝචනය වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි ජනප්‍රිය හොලිවූඩ් තරුවක් වන ස්වාසෙනේගර් කියා සිටියේ.

එමගින් මිහිතලය රත් වීම සිදු වන බැවින් මාංශ පරිභෝජනය පාරිසරික ප්‍රශ්නයක් වී ඇති බව ඔහු පවසයි.

තමා හිමි කර ගෙන ඇති ආකාරයේ දේහයක් ඇති කර ගැනීමට අපේක්‍ෂා කරන තරුණයන්ට සත්ව මාංශ ආහාරයට ගැනීමකින් තොරව එය ඉටු කර ගැනීමට හැකිවේදැයි විමසු විට කාය වර්ධන ශූරයෙකු වූ ආනෝල්ඩ් ස්වාසෙනේගර් කියා සිටියේ සාර්ථක කාය වර්ධන ශූරයන් මාංශ පරිභෝජනයෙන් වැළකී ඇති බවයි.

‘ශරීරයට ප්‍රෝටීන ලබා ගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. කායවර්ධනයේ යෙදෙන නිර්මාංශ වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් මම දැකල තියෙනවා.’ ඔහු පැවසීය.