අයිස් තට්ටු අහිමි වීම වේගවත් වීම යන්නෙන් අදහස් වන්නේ අපි ඉදිරි දශකය තුළ මුහුදු මට්ටම ඉහළ යාමේ සීග්‍ර වර්ධනයක් අපේක්ෂා කරන බවයි. පසුගිය දශකවලදී එය වසරකට මිලිමීටර් 3ක් පමණ වුණා. ඉක්මනින්, අපට වසරකට 4mm, 5mm, 6mm දැකගත හැකි වේවි. මෙය අප පුරුදු වී ඇති දේට වඩා විශාල මානසික වෙනසක් විය හැකියි

පසුගිය දශක තුනක කාලය තුළ ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ පමණක් සිදු වූ සියලුම අයිස් තට්ටු දියවීම් වලින් අයිස් කුට්ටියක් නිර්මාණය කළ හැකි නම් එය කිලෝමීටර 20ක් උස් වනු ඇතැයි පර්යේෂකයින් පිරිසක් පවසනවා. චන්ද්‍රිකා දත්ත ඇසුරින් මෙම තත්ත්වය විශ්ලේෂණය කළ ඔවුන් පවසන්නේ පෘථිවියේ අයිස් තට්ටු දියවීම තව දුරටත් සැකයක් නොවන බවයි.

ඔවුන් ගණනය කර ඇත්තේ 1992 සහ 2022 අතර කාලය තුළ උත්තර සහ දක්ෂිණ ධ්‍රැව දෙකෙන් අයිස් තට්ටු ටොන් බිලියන 7,560ක් අහිමි වී ඇති බවයි. මෙයින් නරකම වසර හතක් පසුගිය දශකය තුළ සිදුවී ඇත. ග්‍රීන්ලන්තයෙන් සහ ඇන්ටාක්ටිකාවෙන් සිදුවන මහා පාඩුව දැන් මුහුදු මට්ටම ඉහළ යාමෙන් හතරෙන් එකකට වගකිව යුතු බව ද ඔවුහු පෙන්වා දෙති. මෙම දායකත්වය මීට වසර 30කට පෙර තිබූ තත්ත්වය මෙන් පස් ගුණයක ඉහළ යාමකි.

අයිස් තට්ටු දියවීම සම්බන්ධ නවතම තක්සේරුව පැමිණෙන්නේ Ice Sheet Mass Balance Intercomparison Exercise නොහොත් Imbie වෙතින් ය. එක්සත් ජනපදයේ සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි විසින් අනුග්‍රහය දක්වන මෙම ව්‍යාපෘතිය ලෝකයේ අයිස් තට්ටුවල තත්ත්වය පිළිබඳව නිරන්තර සමාලෝචන නිකුත් කරයි. මෙය Imbie විසින් නිකුත් කළ තුන්වන වාර්තාව වන අතර පෙර අධ්‍යයනයන් මෙන් එය ලබා ගත හැකි සියලුම චන්ද්‍රිකා මිනුම් එකතු කර සමාලෝචනය කර ඇත. එයට 1992 සිට අභ්‍යවකාශ යානා මෙහෙයුම් 50ක කක්ෂීය නිරීක්ෂණ ඇතුළත් වේ. එම වර්ෂයේදී අයිස්වල උන්නතාංශය සහ ප්‍රවේගය අධ්‍යයනය කිරීමට වඩාත් සුදුසු කක්ෂගත චන්ද්‍රිකා සාමාන්‍යයෙන් ධ්‍රැව මතින් පියාසර කිරීමට පටන් ගත්තේය.

90 දශකයේ මුල් භාගයේදී  අයිස් තට්ටු දියවීම මුළු මුහුදු මට්ටම ඉහළ නැංවීමට දායක වූ කුඩා කොටසක් (5.6%) පමණක් විය. දැන් එය 25.6%කට වගකිව යුතුය. එය පස් ගුණයක වැඩිවීමකි.

අධ්‍යයන කාලය තුළ ග්‍රීන්ලන්තයෙන් සහ ඇන්ටාක්ටිකාවෙන් අහිමි වූ අයිස් ටොන් බිලියන 7,560 හේතුවෙන් මුහුදු මට්ටම මිලිමීටර් 21 කින් ඉහළ ගියේය. මෙයින් තුනෙන් දෙකක් (මි.මී. 13.5) ග්‍රීන්ලන්තයෙන් ද තුනෙන් එකක් (මි.මී. 7.4) ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීමේ ප්‍රතිඵලයකි.

“මේ සියල්ල ලොව පුරා වෙරළබඩ ප්‍රජාවන්ට ගැඹුරු අනතුරු ඇඟවුම් කර ඇති අතර ගංවතුරට හා වෙරළ ඛාදනයට නිරාවරණය වීමේ අවදානමක් ඔවුන්ට තිබෙනවා” නවතම තක්සේරුවට නායකත්වය දුන් එක්සත් රාජධානියේ ධ්‍රැව නිරීක්ෂණ සහ ආකෘති නිර්මාණ මධ්‍යස්ථානයේ (Centre for Polar Observation and Modelling – POM) ආචාර්ය ඉනෙස් ඔටෝසාකා පැවසීය.

“අයිස් තට්ටුවලින් මුහුදු මට්ටම ඉහළ යාම සඳහා අනාගත දායකත්වය සඳහා ශක්තිමත් ඇස්තමේන්තු තිබීම ඇත්තෙන්ම වැදගත් වෙනවා. එවිට අපට මෙම ප්‍රජාවන් වෙත ගොස්, ‘ඔව්, සිදුවන්නේ කුමක්ද යන්න අපට වැටහෙනවා. අපට දැන් අවදානම අවම කිරීම් සැලසුම් කිරීමට පටන් ගත හැකි යැයි පැවසිය හැකියි ” ඇය පැවසුවාය.

නරකම වසර

අයිස් තට්ටු ටොන් බිලියන 612ක එකතුවක් අහිමි වූ 2019  අයිස් දියවීමේ කතාවේ නරකම වසර විය. මෙයින් වැඩි ප්‍රමාණයක් (ටොන් බිලියන 444)  ආක්ටික් ප්‍රදේශයේ ග්‍රීෂ්ම ඍතුවේ දී ඇති වූ සුවිශේෂී තාප තරංගයක ප්‍රතිඵලයක් ලෙස අහිමි විය.

ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ එහි අර්ධද්වීපයේ (දකුණු ඇමරිකාව දෙසට විහිදෙන ගොඩබිම් තීරුවේ)  සහ මහාද්වීපයේ බටහිර දෙසිනි. බටහිර අයිස් මායිම සාපේක්ෂව උණුසුම් සාගර ජලයෙන් පහළින් ඉවතට ඛාදනය කරනු ලැබේ.

මුහුදු මට්ටම ඉහළ යාම ජලයේ තාප ප්‍රසාරණය ඇතුළු සාධක ගණනාවක් මගින් මෙහෙයවනු ලැබේ. අයිස් තට්ටුවලින් පිටත ග්ලැසියරවලින් දියවන ජලය ගලා යාම සහ මහාද්වීපවල රඳවා ඇති ජල ප්‍රමාණයෙහි වෙනස්කම් ඒ අතර වේ.

90 දශකයේ මුල් භාගයේදී  අයිස් තට්ටු දියවීම මුළු මුහුදු මට්ටම ඉහළ නැංවීමට දායක වූ කුඩා කොටසක් (5.6%) පමණක් විය. දැන් එය 25.6%කට වගකිව යුතුය. එය පස් ගුණයක වැඩිවීමකි.

“අයිස් තට්ටු අහිමි වීම වේගවත් වීම යන්නෙන් අදහස් වන්නේ අපි ඉදිරි දශකය තුළ මුහුදු මට්ටම ඉහළ යාමේ සීග්‍ර වර්ධනයක් අපේක්ෂා කරන බවයි. පසුගිය දශකවලදී එය වසරකට මිලිමීටර් 3ක් පමණ වුණා. ඉක්මනින්, අපට වසරකට 4mm, 5mm, 6mm දැකගත හැකි වේවි. මෙය අප පුරුදු වී ඇති දේට වඩා විශාල මානසික වෙනසක් විය හැකියි” නෝර්තුම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ සහ Imbie හි නිර්මාතෘ මහාචාර්ය Andrew Shepherd පැවසීය.

නවතම Imbie තක්සේරුව Earth System Science Data සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.