ඔබට ලෝකයට උදව් කිරීමට වීගන් වීමට අවශ්‍යය. ඔබ සිතන්නේ ගුවන් යානා වලට වඩා දුම්රිය හොඳ බවයි. ඒ සියල්ල එසේ සිදුවෙද්දී ඔබේ පියා ගිම්හාන නිවාඩුවට විදේශ රටක හෝටල් කාමරය හා ගුවන් යානා ආසන වෙන් කරයි.

යෞවනයන් ලෝකයේ බලවත්ම දේශගුණික නායකයන් වන අතර ගැටලුව විසඳීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට ඔවුනට අවශ්‍ය වේ. එය බොහෝ දේ අර්ථවත් කරයි. ඉහළ උෂ්ණත්වය සහ මුහුදු මට්ටම ඉහළ යාම වැඩිහිටි පරම්පරාවට වඩා අද ජීවත් වන ලාබාලතමයාට බලපානු ඇත. නමුත් ක්‍රියා කිරීමේ බලය බොහෝ විට දෙමාපියන් ඇතුළු වැඩිහිටි පුද්ගලයින් අතේ පවතී.

විශාල වෙනස්කම් දුෂ්කර ය, විශේෂයෙන් ඔවුන් වෙනත් පුද්ගලයින් සම්බන්ධ වන විට එය වඩාත්ම අසීරුව. ඔබ ආරම්භ කරන්නේ කොතැනින්ද? මෙම වසරේ මිහිකත දිනය වෙනුවෙන්, අපි නිවසේදී උපක්‍රමශීලී දේශගුණික කතාබස් සාර්ථකව කළ පුද්ගලයින් සමඟ කතා කළෙමු. මෙන්න ඔවුන්ගේ ඉහළම ඉඟි:

මස් වලින් තොර වීම ගැන කතා කරන්නේ කෙසේද?

අඩුවෙන් මස් අනුභව කිරීම පෘථිවියට අපගේ බලපෑම අවම කිරීමට හොඳම ක්‍රමයක් බව විද්‍යාඥයින් පවසයි. 17 හැවිරිදි ඉල්සේ ඇගේ දෙමාපියන් වන ඇන්ටෝනියා සහ සැලී සමඟ බ්‍රයිටන් හි ජීවත් වේ. ඔවුන් දිනකට දෙතුන් වතාවක් පවා මස් අනුභව කළහ. ඉල්සේට වයස අවුරුදු 13 දී ඇය දේශගුණික විපර්යාස ගැන වැඩි යමක් කිරීමට තීරණය කළ අතර මස් ආහාරයට ගැනීම නතර කිරීම හොඳ ආරම්භයක් බව කියෙව්වාය.

සැලී සහ ඇන්ටෝනියා මුලදී එම තීන්දුව ගැන සැක පහළ කළ අතර, මේ තීන්දුව හේතුවෙන් ඇයට ප්‍රමාණවත් ප්‍රෝටීන් නොලැබීම ගැන කනස්සල්ලට පත් වූහ. ඔවුන්ගේ අදහස වූයේ එම තීරණය ගැනීමට ඉල්සේ තරුණ වැඩි බවයි. පසුව ඇන්ටෝනියා පැවසුවේ මස් වලින් තොර වීමට තම දියණිය තුළ ඇති කැපවීම පවුලට ඒත්තු ගැන්වීමට ඇය ගත් උත්සාහය අභියෝගාත්මක එකක් වූ බවයි.

“මම කිව්වා, ඔයා ඉවුම් පිහුම් කරන්නේ නැහැ. ඒක අපිට ලොකු කරදරයක්,” ඇන්ටෝනියා පවසන්නේ “ලස්සන” චීන නිර්මාංශ ආහාර උයන්නේ කෙසේදැයි තමා කනස්සල්ලෙන් සිටි බවයි. සතියකට එක් දින අත්හදා බැලීමකින් පසුව ඔවුන් ඉක්මනින් දින ගණන වැඩි කළ අතර වසරකට පසුව සම්පූර්ණයෙන්ම මස්වලින් තොර විය.

“ආරම්භයේදී එය භයානක අත්දැකීමක් වුණා. නමුත් දැන් එය ඇත්තෙන්ම හොඳයි. චීගන් ආහාර වට්ටෝරු මිලියනයක් පමණ තිබෙනවා” ඇන්ටෝනියා කියයි. ඉල්සේ දැන් ඇගේ ප්‍රියතම නිර්මාංශ ආහාරය ෆාජිටා බව පැවසුවේය. දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම චීගන් පවුලක් බවට පත්ව ඇත.

ඉල්සේගේ පියා පවසන්නේ තම දියණිය නිර්මංශ වීමේ වටිනාකම හා එමගින් පරිසරයට සිදුකළ හැකි බලපෑම ගැන වටහා ගැනීම වැදගත් කරණක් බවයි. ඇයගේ එම තෝරා ගැනීම තම පවුලට ඒත්තු ගැන්වීමට ඇය සමත් වූ බව ද ඔහු කියයි.

“ඇත්ත වශයෙන්ම ඇය මස්වල රසයට කැමති බව අප දැන සිටියා. නමුත් කරුණු අවබෝධ කරගත් පසු ඇය නිර්මාංශ වුණා. ඇය සැබවින්ම දැඩි කැප කිරීමක් කළා. ඒ දැඩි කැප කිරීම තමයි මා  ඒ ගැන අවධානය යොමු කිරීමට හේතු වුණේ.” ඔහු පැහැදිලි කරයි.

ඉල්සේ යනු පරම්පරාවන් අතර මෙම සංවාද දිරිමත් කරන ජාතික ව්‍යාපාරයක් වන Teach the Parent හි ක්‍රියාකාරිනියකි. ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාමාර්ග නොමැතිකම සහ ඔවුන්ගේ බල රහිත හැඟීම් නිසා කලකිරුණු තරුණයින් විසින් එය ආරම්භ කරන ලද බවත් මෙලනි කී පවසයි.

තම ජයග්‍රහණ ගැන අද ඉල්සේ බෙහෙවින් සතුටු වෙයි. ඇය අපට පවසන්නේ පළමු සංවාදය නරක අතට ගියත් එය දිගටම කරගෙන යන ලෙසයි.

“ජීවන රටාවේ විශාල වෙනස්කම් සඳහා කාලය ගතවේ. ඔබ එය නිතර නිතර ගෙන එන්නේ නම්, එය දිගු කාලීනව මිනිසුන්ගේ ආකල්ප හැඩගස්වයි.” ඇය තම අත්දැකීම් අනුව පැහැදිලි කරයි.

අඩුවෙන් පියාසර කිරීම ගැන කතා කරන්නේ කෙසේද?

අප ගමන් කරන ආකාරය කාබන් විමෝචනයේ ප්‍රධාන ප්‍රභවයකි. පුද්ගලික මෝටර් රථ, ගුවන් යානා ප්‍රධාන විමෝචකයින් අතරට ගැනෙන විට පොදු ප්‍රවාහන සේවා හා දුම්රිය වඩාත් තිරසර තෝරා ගැනීම වේ.

ස්ටැෆර්ඩ් හි 21 හැවිරිදි ශිෂ්‍යාවක් වන ෆොබි /  Phoebe L Hanson නිවාඩුව ගත කිරීමට විදේශගත වීම වෙනුවට කෝන්වෝල් වෙත යාමට ඇගේ පවුලට පොළඹවා ගත්තාය. මෙම කරුණු වැදගත් නමුත් පවුලේ සංචාර වලට ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු මොනවාද කියා ඇය අපට පැහැදිලි කර දෙයි.

“මම මගේ අනාගතය ගැන ඇත්තටම බයයි, මට යමක් කිරීමට අවශ්‍ය හේතු මේවායි” ඇය පැහැදිලි කරයි.

ඇගේ අම්මා ට්‍රේසි පැහැදිලි කරන්නේ ෆෝබේ වයසින් වැඩෙත්ම ඔවුන්ගේ සම්බන්ධය ට්‍රේසිට කරුණු පැහැදිලි කිරීමේ සිට දැනුම බෙදා ගැනීමට ජනමාධ්‍ය තෝරා ගැනීම දක්වා වෙනස් වූ බවයි. Phoebe දේශගුණික විපර්යාස ගැන ඇගේ පවුලේ අය සමඟ කතා කළාය

‘ගැටලුවක් පමණක් නොව විසඳුමක් ඉදිරිපත් කරන්න. විනෝදජනක හෝ උද්යෝගිමත් දෙයක් සඳහා ඔවුන්ට විකල්ප ලබා දෙන්න.” Phoebe පැහැදිලි කරයි

“ඒ වෙනුවට අපි මේ දේ කරමු” යැයි පැවසීම සන්නිවේදනය කිරීමට හොඳ ක්‍රමයක්” ඇය යෝජනා කරයි.

මුදල් පිළිබඳ කනස්සල්ලට එක් පිළිතුරක් වන්නේ දරුවන්ට උරුම වීමට අවශ්‍ය ලෝකය දෙමාපියන් දකින්නේ කුමන ආකාරයේ දැයි සාකච්ඡා කිරීමයි.

“දුම්රිය කොතරම් මිල අධිකද යන්න ගැන මිනිසුන් කතා කරනවා. නමුත් ගුවන් යානයක ගමන් කිරීමෙන් කාබන් විමෝචනය අපට දිගු කාලීනව සිදුකරන බලපෑම ගැන ඔවුන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන විමසන්න” ඇය පවසයි.

ආහාර අපද්‍රව්‍ය වලින් තොර වීම ගැන කතා කරන්නේ කෙසේද?

අප මිලදී ගන්නා සහ ඉවතලන දේ රැඩිකල් ලෙස අඩු කිරීම අපගේ කාබන් පියසටහන වැඩිදියුණු කළ හැකි නමුත් එය කාලය ගතවන සහ අපහසු විය දෙයක් හැකිය.

20 හැවිරිදි  Becky Little ආහාර නාස්තිය අවම කිරීමට සහ ඔවුන් මිලදී ගන්නා දේ ගැන වඩාත් හොඳින් සිතා බැලීමට ඇගේ දෙමාපියන් වන Rob සහ Ellen පොළඹවා ගත්තාය. දේශගුණික විපර්යාස ගැන ඇගේ පියා රොබ් සමඟ කතා කරන විට කුඩා වෙනස්කම් කිරීමට ඇය අවධානය යොමු කළ බව බෙකී පැවසීය

දේශගුණික විපර්යාස ගැන ඇගේ පියා රොබ් සමඟ කතා කරන විට කුඩා වෙනස්කම් කිරීමට ඇය අවධානය යොමු කළ බව බෙකී පැවසුවාය‍

“ඔබේ පවුල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබට අවශ්‍ය දේවල් ගැන හොඳින් දැනුවත් වන්න, එවිට ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වන අතර යම් පර්යේෂණයක් කර ඇති බව ඔවුන්ට දැකගත හැකියි” ඇය පවසයි.

ඇගේ දෙමාපියන් පහසුව ගැන සැලකිලිමත් වූ නමුත් ඇය ධනාත්මක බලපෑම් කෙරෙහි අවධානය යොමු කළාය. “එවිට ඔවුන්ගේ ජීවිත පහසු හෝ ලාභදායී වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න” ඇය යෝජනා කරයි.

“ඔවුන් සැලකිලිමත් වන දේවල් සමඟ සම්බන්ධතා ඇති කර ගන්න” ඇය උපදෙස් දෙයි. ඇගේ පවුලේ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමතියි. එබැවින් ඔවුන් තම ප්‍රදේශයේ ප්‍රජාවට පරිත්‍යාග කිරීම සඳහා ඉතිරි වූ ආහාර භාවිතා කළහ.

“ඔවුන්ගේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් එයට නොයා සිටීම වැදගත්ය. කුඩා දේවලට වෙනසක් කළ හැකියි” ඇය පැහැදිලි කරයි.

Ilse, Phoebe සහ Becky යන සියලුදෙනාම පවසන්නේ සංවාද සමහර අවස්ථාවලදී අභියෝගාත්මක විය හැකි නමුත් එය වටින බවයි.

“පුද්ගලයෙකු ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් වන්නේ මගේ අනාගතය පාලනය කිරීමට මට තවත් බොහෝ දේ දැනෙන්නට හැකි වී ඇති බවයි,” ෆෝබ් පැහැදිලි කරයි.

bbc