සමස්ත ප්‍රවණතාවයට බලපාන එක් වැදගත් රටක් වන්නේ චීනයයි. ගෝලීය සුළං බලයෙන් 50%ක් පමණ චීනයෙන් පැමිණි අතර ලෝකයේ නව සූර්ය බලශක්තියෙන් 40%ක් පමණ පැමිණියේ ලොව විශාලතම ගල් අඟුරු බලය භාවිතා කරන එරටෙනි.

ලෝකයට හිතකර බලශක්තිය සඳහා හැරවුම් ලක්ෂයක් ලෙස මේ වසරේ විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන භාවිතා අඩු කරනු ඇතැයි නව වාර්තාවක් පවසයි. ගෝලීය ආර්ථික අවපාතයකින් හෝ වසංගතයකින් පිටත විදුලිය උත්පාදනය කිරීම සඳහා ගල් අඟුරු, තෙල් සහ ගෑස් භාවිතයේ පළමු වාර්ෂික පහත වැටීම එය වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බලශක්ති නිෂ්පාදනයේදී හරිතාගාර වායු විමෝචනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

ප්‍රධාන වශයෙන් චීනය තුළ සිදු වූ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ වර්ධනයන් මෙම වෙනසට හේතු වී ඇතැයි එම වාර්තාව පවසයි.

සුළං සහ සූර්ය බලශක්තිය දැන් ගෝලීය විදුලියෙන් 12% ක් නිෂ්පාදනය කරන අතර, 2022 දී එක්සත් රාජධානියේ සමස්ත විදුලි බල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් සුළං ටර්බයින එකතු කර ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ තනි විශාලතම දායකයා ෆෙසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීමයි. එබැවින් මෙම අංශයේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් ඉවත් කිරීම භයානක කාලගුණික විපර්යාසයන් වළක්වා ගැනීමට ලෝකයට උපකාර කිරීම සඳහා තීරණාත්මක කරුණක් ලෙස සැලකේ.

මෙම නව අධ්‍යයනය ගෝලීය විදුලි ඉල්ලුමෙන් 93% නියෝජනය කරන රටවල දත්ත දෙස බලයි. චීනය පසුගිය වසරේ ලෝකයේ නව සූර්ය පැනල වලින් 40% ක් පමණ එකතු කරන ලද අතර නිවාස සහ කර්මාන්තශාලා වල වහළය මත දැවැන්ත සූර්ය පැනල ස්ථානගත කර ඇත.

2022 දී න්‍යෂ්ටික සහ ජල විදුලිය පිළිබඳ ගැටලු ඇති විය. යුරෝපයේ ගංගා ආශ්‍රිත ජල විදුලි උත්පාදනය සඳහා නව අවස්ථාවන් ද ඉතා අඩුය. කෙසේ වෙතත් වාර්තාව පවසන්නේ 2023 දී සුළං සහ සූර්ය බලශක්තියේ වර්ධනය ඉල්ලුම වැඩිවීමට වඩා වැඩි වනු ඇති බවයි.

“ඔබේ විදුලිය නිපදවීම සඳහා ඔබ තවත් පොසිල ඉන්ධන එකතු කිරීම නැවැත්වූ විට ඔබ විමෝචනයේ පහත වැටීමක් දැකීමට පටන් ගනී” යනුවෙන් වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන Malgorzata Wiatros-Motyka පැවසීය.

“මෙය වැඩිවන විද්‍යුත්කරණයේ සන්දර්භය තුළ අතිශයින් වැදගත් වේ. අපට වැඩි විද්‍යුත් වාහන, වැඩි තාප පොම්ප ඇති බැවින් බලශක්ති අංශය පිරිසිදු කිරීම අනෙකුත් අංශවල ද විමෝචනය අඩු කරයි.”

මේ වසරේ ෆොසිල ඉන්ධන විමෝචනය පහත වැටීම කුඩා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 0.3%ක් පමණ වනු ඇත. කතුවරුන් විශ්වාස කරන්නේ මෙම පහත වැටීම දිගටම පවතිනු ඇති අතර ඊළඟ වසරවල වේගවත් වනු ඇති බවයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ පසුගිය වසරේ වාර්තාවට අනුව සුළු වශයෙන් පහත වැටුණු ගෑස් භාවිතයයි. බ්‍රසීලය වැනි සමහර රටවල ජල විදුලියේ වැඩිවීම සමග 2022 දී ගෑස් භාවිතය 46% කින් අඩු විය.

‘’ෆොසිල ඉන්ධන බලශක්ති අංශයේ විමෝචනය පහත වැටීමේ මීළඟ සන්ධිස්ථානයට අපි දැන් ළඟා වී සිටිමු. සුළඟ සහ සූර්ය බලශක්තිය පිළිතුර බව අපි දනිමු. ඒවා ඉක්මනින් ගොඩනැගීම සඳහා මාර්ග සිතියමක් සමඟ අප ඉදිරියට යා යුතුය ” වාර්තාවේ කතුවරයෙකු වන Ember හි ඩේව් ජෝන්ස් පැවසීය.

සමස්ත ප්‍රවණතාවයට බලපාන එක් වැදගත් රටක් වන්නේ චීනයයි. ගෝලීය සුළං බලයෙන් 50% ක් පමණ චීනයෙන් පැමිණි අතර ලෝකයේ නව සූර්ය බලශක්තියෙන් 40% ක් පමණ පැමිණියේ ලොව විශාලතම ගල් අඟුරු බලය භාවිතා කරන එරටෙනි.

“චීනය සුළං සහ සූර්ය බලශක්තිය සහ සියලු වර්ගවල පිරිසිදු ජනනය ගොඩනඟන වේගය අනුව ඔවුන් 2025 ට පෙර ගල් අඟුරු නිෂ්පාදනයේ එම උච්චතම අවස්ථාව ළඟා කර ගැනීමට අවස්ථාවක් තිබේ. එය සැලකිය යුතු ජයග්‍රහණයක් වනු ඇත,” ජෝන්ස් මහතා පැවසීය.

බලශක්ති ප්‍රවීණයන් පවසන්නේ බලශක්ති උත්පාදනයේදී ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම ” හැරවුම් ලක්ෂයක්” විය හැකි නමුත් තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව ඇති බවයි.

“ගල් අඟුරු බලශක්ති උත්පාදනයේ මුල්ම උච්චතම අවස්ථාව 1979 දී එක්සත් රාජධානියේ සිදු විය”, අධ්‍යයනයට සම්බන්ධ නොවූ ස්වීඩනයේ චාමර්ස් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෙසිකා ජුවෙල් පැවසුවාය.

“කෙසේ වෙතත්, ගල් අඟුරු බලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට දශක ගණනාවක් ගත විය. නිදසුනක් වශයෙන් එක්සත් රාජධානිය 2022 දී ගල් අඟුරු ස්වල්පයක් භාවිතා කළේය. වසර 43 ක උච්චතම අවස්ථාව පසු කර ඇත. පිරිසිදු බලශක්ති ඉලක්ක කරා ළඟා වීමට අපට වසර 40 ක් හෝ 30 ක් වත් නැත. අපි ඉතා කෙටි කාලයක් තුළ විදුලිය සම්පූර්ණයෙන්ම නිර් කාබන්ඩයොක්සයිඩ්කරණය කළ යුතුයි.”

බී.බී.සී