මට පාපන්දු පිටි 700කට සමාන වනාන්තර ප්‍රදේශයක විනාශය මේ වසරේ මාර්තු මාසයේදී දැකගත විය. වර්ග කිලෝමීටර් 16,000කට වඩා වැඩි ඇමේසන් වනාන්තරයේ ගිනිකොණදිග පාරා ප්‍රාන්තයේ පිහිටි Triunfo do Xingu නම් මෙම පරිසර සංරක්ෂණ ප්‍රදේශය (Environmental Protection Area – EPA) ලොව විශාලතම සංරක්ෂණ ප්‍රදේශවලින් එකකි. ඊළඟට වන විනාශය සිදුවන්නේ කොතැනදැයි පුරෝකථනය කරන නව මෙවලමකට අනුව එය ඊටත් වඩා විනාශ වීමේ ඉහළම අවදානමක් ඇති පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් වේ.

PrevisIA නම් මෙම කෘතිම බුද්ධි වේදිකාව ලාභ නොලබන පාරසරික පර්යේෂක කණ්ඩායමක් වන Imazon විසින් නිර්මාණය කරන ලද්දකි. වනාන්තර විනාශ කිරීමෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ එය නිශ්චිතව වළක්වා ගැනීමට ක්‍රමයක් සෙවීමය.

PrevisIA විසින් 2023 දී වන විනාශයේ ඉහළම අවදානමක් ඇති පරිසර සංරක්ෂණ කලාපයක් ලෙස Triunfo do Xingu පෙන්වා දී ඇත. සංරක්‍ෂණ ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 271.52ක වනාන්තර වසර අවසන් වන විට අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් එහි වර්ග කිලෝමීටර 5ක් පමණ විනාශ කර ඇත.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සුදු කම්මුල් සහිත මකුළු වඳුරා, හයසින්ත් මැකෝ සහ ජගුවාර් වැනි අවදානමට ලක්විය හැකි සහ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් විශේෂවල නිවහන වන Triunfo do Xingu සංරක්ෂණ ප්‍රදේශය බොහෝ විට ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන තරම් ජෛව විවිධත්වයෙන් පොහොසත් ය. නමුත් Triunfo do Xingu බ්‍රසීලය තුළ ඉහළම වන විනාශයක් ඇති Altamira සහ São Félix do Xingu යන නගර සභා දෙකක් හරහා දිව යයි. බ්‍රසීල නීතිය යටතේ Triunfo do Xingu ආරක්ෂා කර තිබියදීත් නීති විරෝධී ක්‍රියාකාරකම් (පතල් කැණීම, දැව කැපීම, ඉඩම් කොල්ලකෑම) බහුලව සිදුවේ.

නමුත් PrevisIA සමඟ තත්ත්වය වෙනස් වීමට හැකියාවක් ඇත. Imazon දැන් කලාපය පුරා බලධාරීන් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින් සිටී. වන විනාශය ආරම්භ වීමට පෙර එය නැවැත්වීමේ අරමුණින් Imazon ක්‍රියාත්මක වේ.

ලොව විශාලතම ගිරවා වන හයසින්ත් මැකෝ, Triunfo do Xingu හි දක්නට ලැබෙන අවදානමට ලක්විය හැකි විශේෂ අතර වේ

මෙම මාර්ග ඉදිකිරීම අධීක්‍ෂණය කිරීම වන විනාශය පුරෝකථනය කිරීමට සහ අවසානයේ වැළැක්වීමට ඉතා වැදගත් වේ.

ඇමේසන් හි වන විනාශය මේ වන විට ඉහළම මට්ටමට ළඟා වෙමින් තිබේ. SAD, Imazon හි වන විනාශ කිරීමේ අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව, පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව මෙම මාර්තු මාසයේ වන විනාශය තුන් ගුණයකින් වැඩි වූ අතර 2023 පළමු කාර්තුවේදී වර්ග කිලෝමීටර් 867ක වැසි වනාන්තර විනාශ වී ඇත.

PrevisIA සඳහා වූ අදහස 2016 දී මතු වූයේ Imazon හි කණ්ඩායම SAD චන්ද්‍රිකා ඡායාරූප වලින් එකතු කරන ලද දත්ත විශ්ලේෂණය කළ විටය. දැනටමත් විශාල වනාන්තර ප්‍රමාණයක් එළි පෙහෙළි කර අවසන් වූ පසු දැනුම්දීම් ලැබීමෙන් වෙහෙසට පත් වූ ඔවුහු තමන්ගෙන්ම මෙසේ අසා ගත්හ. ‘කෙටි කාලීන වන විනාශය පිළිබඳ අනාවැකි ආකෘති ජනනය කළ හැකිද?‘

Imazon හි ජ්‍යෙෂ්ඨ පර්යේෂක, PrevisIA සහ SAD හි ව්‍යාපෘති සම්බන්ධීකාරක Carlos Souza Jr පවසන්නේ, “පවතින වන විනාශය පිළිබඳ අනාවැකි ආකෘති දිගු කාලීන ඒවා වූ අතර දශක කිහිපයකින් කුමක් සිදුවේවිද යන්න එමගින් සොයා බලයි. නමුත් අපට විනාශයට වඩා ඉදිරියෙන් යා හැකි නව මෙවලමක් අවශ්‍ය විය”

Souza සහ ඔහුගේ කණ්ඩායම (පරිගණක ඉංජිනේරුවෙකු, භූ සංඛ්‍යාලේඛන පිළිබඳ උපදේශකයෙකු සහ පර්යේෂකයන් දෙදෙනෙක) වාර්ෂික අනාවැකි ජනනය කළ හැකි නව ආකෘතියක් සංවර්ධනය කිරීමට පටන් ගත්තේය. ඔවුන් ඔවුන්ගේ සොයා ගැනීම් 2017 අගෝස්තු මාසයේ Spatial Statistics සඟරාවේ පළ කළහ.

ආකෘතිය ද්වි-පාර්ශ්වීය ප්‍රවේශයක් ගනී. පළමුව එය ඇමසන් වනාන්තරයේ වන විනාශය සඳහා වාර්ෂික රජයේ නිරීක්ෂණ පද්ධතිය වන Prodes වෙතින් භූ සංඛ්‍යාලේඛන සහ ඓතිහාසික දත්ත දෙස බලමින් කලාපයේ පවතින ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරයි. සිදුවී ඇති දේ තේරුම් ගැනීම අනාවැකි වඩාත් නිවැරදි කිරීමට උපකාරී වේ. දැනටමත් වනාන්තර විනාශ කර ඇති ප්‍රදේශ මෑත කාලීන වූ විට මෙම ප්‍රදේශය තුළ කල්ලි ක්‍රියාත්මක වන බව මෙයින් ඇඟවෙනු ඇත. එබැවින් ආසන්න වනාන්තරය ඉක්මනින් අතුගා දැමීමේ වැඩි අවදානමක් ඇත.

දෙවනුව, එය වනාන්තර විනාශයට තිරිංග දමන විචල්‍යයන් දෙස බලයි. ආදිවාසී සහ කිලොම්බෝලා (කැරලිකාර වහලුන්ගෙන් පැවත එන) ප්‍රජාවන් විසින් ආරක්ෂා කරන ලද ඉඩම් සහ ජල මාර්ග සහිත ප්‍රදේශ හෝ කෘෂිකාර්මික ව්‍යාප්තිවලට ණය නොදෙන වෙනත් භූමි ප්‍රදේශ දෙස අවධානය යොමු කරයි.

නීති විරෝධී කාර්මික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා ඇමේසන් හරහා ගමන් කරන නිල නොවන මාර්ග ගැන සඳහන් කරමින් සූසා පවසන්නේ “ඒවා වනාන්තර විනාශ කිරීමේ ධමනි ලෙස සැලකිය හැකියි. මෙම මාර්ග නව වන විනාශය සඳහා කොන්දේසි නිර්මාණය කරයි” සූසා පවසයි.

වන විනාශය පුරෝකථනය කිරීමට සහ අවසානයේ වැළැක්වීමට මෙම මාර්ග ඉදිකිරීම නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. Imazon ට අනුව සමුච්චිත වන විනාශයෙන් 90%ක් සංකේන්ද්‍රණය වී ඇත්තේ මාර්ගයක සිට කිලෝමීටර් 5.5 ක් ඇතුළත ය. 90%ක් කිලෝමීටර් 3ක් තුළ සිදු වන අතර, 85%ක් ගිනි ගැනීම් කිලෝමීටර 5ක් තුළ සිදු වන අතර, දැව කැපීම ඊටත් වඩා සමීප ය.

පර්යේෂකයන් දහස් ගණනක් චන්ද්‍රිකා ඡායාරූප හරහා පීරීමට පුරුදු වී සිටියේ ජෛවගෝලය හරහා ගමන් කරන නව මාර්ග හඳුනාගත හැකිද යන්නයි. PrevisIA සමඟින් කාර්යය සිතියම්ගත කිරීම කෘත්‍රිම බුද්ධියට භාර දෙනු ලැබේ. ඉක්මන් විශ්ලේෂණයට සහ අනෙක් අතට නිරන්තර යාවත්කාලීන කිරීමට මෙමගින් ඉඩ සලසයි.

නමුත් ශක්තිමත් ගණනය කිරීමේ වේදිකාවක් සහ මාර්ග සිතියම් ඉක්මනින් යාවත්කාලීන කිරීමේ හැකියාව නොමැතිව PrevisIA ක්‍රියාවට නැංවිය නොහැකි විය. මාර්ග සිතියම්ගත කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Cloud computing බලය ලබා ගනිමින් Imazon හි කණ්ඩායම Microsoft සහ Fundo Vale සමඟ හවුල් වූයේ 2021 දීය.

“අපට වන විනාශය පාලනය කිරීමට හැකි වී ඇත්තේ තාක්‍ෂණය සැමවිටම අපට සහාය දුන් නිසාය. PrevisIA යනු ඇමේසන් ආරක්ෂා කිරීමේ සටනේ ස්වාභාවික පරිණාමයකි. එය විශාල විභවයක් ඇති එකකි ” දේශගුණ ප්‍රතිපත්ති මුලපිරීමේ විධායක අධ්‍යක්ෂ සහ රියෝ ද ජැනයිරෝ හි පොන්ටිෆිකල් කතෝලික විශ්ව විද්‍යාලයේ (PUC-Rio) මහාචාර්ය ජුලියානෝ අසුන්සාඕ පවසයි.

බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ Humaitá හි BR-230 (Trans-Amazonian අධිවේගී මාර්ගය) දිගේ වනාන්තර විනාශ කර ඇති අයුරු

PrevisIA ක්‍රියා කිරීමට තාක්‍ෂණය ඉතා වැදගත් වන අතර එය භාවිතා කරන්නේ කවුරුන්ද යන්න ද වැදගත්ය. PrevisIA භාවිතා කිරීමෙන් ප්‍රතිලාභ ලැබිය හැකි ආයතන මොනවාද යන්න Assunção සටහන් කරයි. වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන සෑම තරාතිරමකම රාජ්‍ය ආයතන ඒ අතර ප්‍රමුඛය. නමුත් ඔහු ඇමේසන් නිරීක්ෂණයට සෘජුවම සම්බන්ධ නොවන ආයතන, (බැංකු, ආයෝජකයින් සහ කලාපයෙන් නිෂ්පාදන මිලදී ගන්නා) ද එය විසින් උපුටා දක්වයි.

ආර්ථික සහ පාරිසරික දෘෂ්ටි කෝණයෙන් වඩා හොඳ තීරණ ගැනීමට තොරතුරු භාවිතා කළ හැකිය.  Imazon වෙත කලාපයේ රාජ්‍ය අභිචෝදක කාර්යාල අතලොස්සක් සමඟ නිල හවුල්කාරිත්වයන් ඇත. ඔවුන් PrevisIA භාවිතා කිරීම අඩු දඬුවම් සහ වැඩි වැළැක්වීමට හේතු වනු ඇතැයි බලාපොරොත්තු වේ.

” හානිය සිදුවී අවසන් වූ පසු දිගටම පැමිණීමට අපට අවශ්‍ය නැහැ. අපි සෑම විටම මෙම පාරිසරික අපරාධ සහ අක්‍රමිකතා සඳහා දඬුවම් කිරීමට කටයුතු කරනවා. නමුත් පරිසර පැත්තෙන් ගත්තොත් හානිය දැනටමත් සිදුවෙලා ඉවරයි. අපට අවශ්‍ය වන්නේ එම තර්කය ආපසු හැරවීමටයි. අපට අවශ්‍ය වන්නේ එය කිසි විටෙකත් සිදු නොවීමට ක්‍රමයක් සොයා ගැනීමටයි’’ Pará හි රජයේ අභිචෝදකයෙකු සහ පාරිසරික මෙහෙයුම් ආධාරක මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකයෙකු වන José Godofredo Pires dos Santos පවසයි.

PrevisIA හි සියලුම වන විනාශ අනතුරු ඇඟවීම් වලින් 85% ක් පුරෝකථනය කළ ස්ථානයේ සිට 4km ඇතුළත සිදුව ඇත

Pires dos Santos ගේ කණ්ඩායම Imazon සමඟ සතිපතා රැස්වීම් පවත්වමින් සිට PrevisIA වඩාත් හොඳින් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කරයි. 2023 දෙවන භාගයේදී ඔවුන් පද්ධතිය භාවිතා කිරීමට පටන් ගනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

බටහිර බ්‍රසීලයේ Acre ප්‍රදේශයේ  රාජ්‍ය අභිචෝදක කාර්යාලය බලාපොරොත්තු වන්නේ එයයි. “සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප දැනුවත් බව ඔවුන් දැන ගනු දැකීමට අපට අවශ්‍යයි. එම වන විනාශය තවමත් සිදු වුවහොත් ඔවුන්ට දඩුවම් ලැබෙනු ඇති එය මෙවැනි වැරදිවලට යොමු වීමට සූදානමින් සිටින අන් අයට ආදර්ශයක් වනු ඇත.” Santos පවසයි.

PrevisIA හි නිරවද්‍යතාවය “අතිවිශිෂ්ට” බව ඔහු පවසයි. එහි සියලුම වන විනාශය පිළිබඳ අනතුරු ඇඟවීම් වලින් 85%ක් පුරෝකථනය කළ ස්ථානයේ සිට කිලෝමීටර 4ක් ඇතුළත සිදුව ඇත. අනතුරු ඇඟවීම්වලින් 49%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ හෝ ඉතා ඉහළ අවදානම් ලෙස වර්ගීකරණය කර ඇති ප්‍රදේශවලින් වාර්තා වේ. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ ආකෘතිය වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.

theguardian.com