දේශගුණික විපර්යාස හේතුවෙන් ඇල්ප්ස් කඳු පන්තියේ ග්ලැසියර පෙර නොවූ විරූ වේගයකින් දියවීම නිසා යුරෝපීය ඇල්ප්ස් කඳුකරයේ ගංගාවල ජීවත් වන අපෘෂ්ඨවංශීන්ට ඔවුන්ගේ වාසස්ථාන බොහොමයක් අහිමි වීමේ අනතුරක් ඇතැයි පර්යේෂණයක් මගින් හෙළිකර ගෙන ඇත.

ඔවුන් බොහෝ විට නොසලකා හරිනු ලැබුවද, මෙම සතුන් ඇල්පයින් පරිසර පද්ධති සඳහා ඉතා වැදගත් වේ.

පර්යේෂකයන් ඇල්ප්ස් කඳුවැටිය කෙරෙහි අවධානය යොමු කළ අතර එහි ග්ලැසියර දියවන වේගය සහ එය කාලයත් සමඟ ප්‍රදේශයේ ගංගා ගලායාමට බලපාන ආකාරය පිළිබඳ වසර 30ක අධ්‍යයනයන්හි දත්ත එකතු කරන ලදී. එම ජලයේ ජීවත් වීමට විශේෂිත වූ මිඩ්ජස් / midges සහ stoneflies වැනි අපෘෂ්ඨවංශීන් විශේෂ 15ක ගහනයට අතීත වෙනස්වීම් බලපෑවේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් අවධානය යොමු කළහ.

Mayflies / මේෆ්ලයි විශේෂ සමහර විට නිල් පියාපත් සහිත ඔලිව් මැස්සන් / blue-winged olive flies ලෙස හැඳින්වේ. මිඩ්ජස් මදුරුවන් ලෙස වරදවා වටහාගෙන ඇති අතර ඔවුන් විල් මැස්සන්/ lake flies ලෙසද හැඳින්වේ. විශේෂ කිහිපයකට මෙම පරිසරය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි බැවින් මෙම ජීවීන් තරමක් අනුවර්තනය වන අතර සතුරු පරිසරයන්ට විශේෂිත වේ.

දත්ත උපයෝගි කර ගනිමින් පර්යේෂකයන් හට මෙම විශේෂවල වත්මන් තත්ත්වය සහ 2100ත් අතර කාලය තුළ මෙම විශේෂයන් කෙසේ වේදැයි අනාවැකි කීමට හැකි විය.

‘’ගෝලීය උණුසුම හේතුවෙන් ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර ආවරණයේ විශාල අඩුවීමක් ඇති කරන හෙයින්, ගංගා වියළී ගොස් ගලා යාම මන්දගාමී වන අතර සමහර විට අතුරුදහන් වනු ඇත’’ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ජලජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන ලී බ්‍රවුන් පවසයි.

ශීතල, අස්ථායී සහ ඌණ පෝෂක තත්ත්වයන්ට පරිණාමය වී ඇති අපෘෂ්ඨවංශීන්ට වාසය කිරීමට නොහැකි වන පරිදි ඇල්පයින් ගංගාවල ජලය උණුසුම් වනු ඇත. “එම විශේෂ සඳහා වාසස්ථාන වේගයෙන් හැකිලෙමින් පවතී,” බ්‍රවුන් පැවසීය.

බොහෝ විශේෂයන් ජනගහන පහත වැටීමට මුහුණ දෙනු ඇති අතර, Stonefly Rhabdiopteryx සහ මිඩ්ජස් විශේෂ තුනක් ඇල්ප්ස් කඳුකරයේ වඳවී යාමේ අවදානමකට මුහුණ දෙනු ඇත.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ මිරිදිය ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඩීන් ජේකොබ්සන් පැවසුවේ “මෙම කුඩා සතුන් අද්විතීය ජෛව විවිධත්වය සහ ජාන විවිධත්වය නියෝජනය කරයි. ඔවුන් බොහෝ විට නොසලකා හරිනු ලබන්නේ ඔවුන් කුඩා සහ විශේෂයෙන් ආකර්ෂණීය නොවන බැවිනි. නමුත් ඔවුන් ආහාර ජාල වල කොටසක් වන අතර කාබනික ද්‍රව්‍ය බිඳවැටීම සහ පරිවර්තනය වැනි වැදගත් පරිසර පද්ධති ක්‍රියාවලීන් සිදු කරයි. ඔවුන් ජලයේ සහ ගොඩබිමේ සිටින මාළු, කුරුල්ලන් සහ ක්ෂීරපායීන්ගේ සුලභ ආහාර වේ’’

Jacobsen ට අනුව, එම විශේෂය නැති වුවහොත් හෝ වෙනත් විශේෂයන් විසින් ප්‍රතිස්ථාපනය කරන්නේ නම්, පුළුල් පාරිසරික ප්‍රතිවිපාක පුරෝකථනය කිරීම දුෂ්කර ය. කාලයත් සමඟ විශේෂවල පාරිසරික අවශ්‍යතා වෙනස් විය හැකි බව ගණනය කිරීම් සැලකිල්ලට නොගන්නා අතර ඒවා නව තත්වයන්ට අනුවර්තනය විය හැකිය.

ආකෘති යෝජනා කරන්නේ සමහර විශේෂයන්ට දේශගුණය අඩු සතුරු ප්‍රදේශවල රැකවරණය ලබා ගත හැකි බවයි. “ඇල්ප්ස් කඳුකරයේ සමහර උස් ප්‍රදේශවල මෙම විශේෂයට ජීවත් විය හැකි ස්ථාන තිබිය හැකියි,” බ්‍රවුන් පැවසීය.

එහෙත් මෙම ස්ථාන බොහොමයක් සංවර්ධනය හෝ සංචාරක ව්‍යාපාරය සඳහා විභව උණුසුම් ස්ථාන වන අතර මෙම විශේෂ එහි පැමිණීමට පෙර අතුරුදහන් විය හැකිය.

තවද, මෙම අපෘෂ්ඨවංශීන්ට කෙසේ හෝ මෙම නව පරිසරවලට සංක්‍රමණය වීමේ හැකියාවක් තිබේද යන්න ද අපැහැදිලි ය. ඔවුන් එක් ගංගාවක සිට තවත් ගඟකට ගමන් කිරීමට හෝ දිගු දුරක් පියාසර කිරීමට එතරම් දක්ෂ නොවන බව මීට පෙර කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.

මෙම අපෘෂ්ඨවංශීන්ගෙන් සමහරක් එකතු කර ඔවුන් ජනගහනය ස්ථාපිත කළ හැකි ස්ථාන වෙත මාරු කළ හැකි මෙහෙයුම් පිළිබඳව දැන් සාකච්ඡාවක් පවතී.

“එය ටිකක් වැඩිපුර ප්‍රායෝගික සංරක්ෂණ කාර්යයක්. අපි කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් සඳහා එම දේ කිරීමට නැඹුරු නොවෙමු. නමුත් අපි එය කරන්නේ මාළු සඳහා වන අතර, වෘකයන් සහ බීවර් වැනි විශාල මාංශ භක්ෂකයින් සඳහා අපි එය කළෙමු. ඒ නිසා සමහර විට අපි කෘමීන් සඳහා ද එය කළ යුතුයි’’ බ්‍රවුන් පැවසීය.

theguardian